සම්බුද්ධ පරිනිර්වානය සහ බුද්ධ ශරිරය ආදනය

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    සම්බුද්ධ පරිනිර්වානය සහ බුද්ධ ශරිරය ආදනය

    01 සම්බුද්ධ පරිනිර්වණය

    දෙව් මිනිසුන් සහිත ලෝකයා ගේ අසහාය ශාස්තෘවරයා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අවසන් සමය ලගා විය. අසූ වැනි වියට එළැඹි බුදුරදුන් බේළුව නම් වූ ගමෙහි වස් සමාදන් වූ සේක. එහි දී උන් වහන්සේට 'ලෝහිතපක්ඛන්දිකා' නම් වූ දරුණු රෝගය හට ගත්තේය. සමාපත්ති බලයෙන් තාවකාලිකව රෝගය යටපත් කර ගත් උන් වහන්සේ වස් පවාරණය කොට සැවත් නුවර දෙවුරම් විහාරයට වැඩම කල සේක. වැඩම කොට භික්ෂු සංඝයා රැස් කරවා තව නොබෝ දිනකින් තමන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදුවන බව දන්වා විශාලා මහ නුවරට වැඩම කර චාපාල නම් වූ චෛත්‍යස්ථානයේ දී ආයු සංස්කාර අතහැර භික්ෂු සංඝයාට දහම් දෙසා මෙයින් තුන් මසක් ගිය පසුව් තමන් වහන්සේ ගේ පරිනිර්වාණය සිදු වන බව දැනුම් දුන් සේක.

    පසුව බුදුරදුන් විශාලා මහ නුවරින් නික්ම පිලිවෙළින් භණ්ඩ ග්‍රාම, හස්ති ග්‍රාම, අම්බ ග්‍රාම, ජම්බු ග්‍රාම, භෝග ග්‍රාම යන ගම් වලට වඩම කර ජනයාට දහම් දෙසා පාවා නුවරට වැඩම කල සේක. එහිදී චුන්ද කර්මාර පුත්‍රයා ගේ දානය වැළදූ උන් වහන්සේ දැඩි සේ රෝගතුර වූහ. මාස කිහිපයක් යටපත් වී තිබූ ලෝහිතපක්ඛන්දිකා රෝගය යලි මතු විය.
    තමන් වහන්සේ ගේ පරිනිර්වාණය ඉතා ආසන්න වී ඇති බව දැන ගත් බුදුරදුන් භික්ෂු සංඝයා ද සමගින් කුසිනාරා නුවර මල්ල රජ දරුවන් ගේ උපවත්තන සල් වනය බලා වැඩම කලහ. සල්වනයට වැඩි බුදුරදුන් අනද තෙරුන් ලවා සල් ගස් දෙකක් අතර උතුරට හිස දමා ඇදක් පිළියෙල කරවා ගෙන යලිත් නොනැගිටින අදහසින් යුතුව සිංහ සෙයියාවෙන් සැතපුන සේක. නොයෙක් සක්වළින් අප්‍රමාණ දේවතාවෝ අවසන් වතාවට ත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා කිරීමට දිවමල්, දිවගද ගෙන උපවත්තන සල්වනයට පැමිණියහ. දේවතාවෝ දිවමලින්, දිවගදින් බුදුරදුන් පිදූහ.
    භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රියේ පෙරයම මල්ල රජදරුවන් ප්‍රධාන රැස්ව සිටි මහ පිරිසට දහම් දෙසා රාත්‍රියේ මැදියම සුභද්‍ර නම් වූ පරිබ්‍රාජකයා දමනය කොට ''හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි. වො වයධම්මා සංඛාරා. අප්පමාදෙන සම්පාදෙථ.'' ''මහණෙනි, දැන් මම ඔබ සැම අමතමි. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එබැවින් අප්‍රමාදීව කටයුතු කරන්නැ'' යි වදාළ සේක. මේ බුදුරදුන් ගේ අවසාන අවවාදය යි.
    ඉක්බිති භාග්‍යවත් බුදුරදුන් පිළිවළින් ධ්‍යානයන්ට සමවැදී ඉන් නැගී සිට අලුයම් කාලයේ දී සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය භාවය ප්‍රකට කරමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. බුදුරදුන් පිරිනිවන් පෑ කල්හි මහත් වූ භූමි කම්පාවක් ඇති විය. අහසේ හෙණ හඩ පැතිරී ගියේය. අකල් වැස්සක් ද වැස්සේය.

    02 ආදාහන පූජාව

    ශ්‍රී ස්ර්වඥ දේහය ආදානය කල තැන ඉදිකල ආදාහන ස්ථූපය
    එකල්හි මල්ල රජදරුවෝ ශ්‍රී ශරීරයට පුරා දින සතක් මුලුල්ලේ මහත් පූජා පවත්වා සත්වැනි දින බුදු සිරුර මකුටබන්ධන නම් වූ චෛත්‍යස්ථනයේ තැම්පත් කලහ තැන්පත් කොට අනද මහ තෙරුන් ගේ උපදෙස් පරිදි පලමුව බුදු සිරුර අලුත් වස්ත්‍රයකින් වෙලූහ අලුත් වස්ත්ර්‍යකින් වෙළා මැනවින් පෙළන ලද අලුත් කපු පුළුන් පටලයකින් වෙළූහ මනවින් පෙළෙන ලද කපු පුළුන් පටලයකින් වෙළා නැවතත් අලුත් වස්ත්‍රයකින් වෙළූහ
    මෙසේ වස්ත්‍ර යුගල් පන්සියයකින්ද කපු පුළුන් පටල පන්සියයකින්ද බුදුසිරුර වෙළා රනින් කරණ ලද රන් දෙණක තන්පත් කර එවැනිම තවත් රන් දෙණකින් වසා නොයෙක් වර්ගයේ සුවද දර වලින් කරණ ලද චිතකයෙහි රන්දෙන තන්පත් කළහ


    කොතරම් උත්සහ කලද චිතකයට ගිනි නොඇවිලයි !

    පසුව මල්ල රජ දරුවෝ සතර දෙනෙක් හිස සෝද නා පිරිසිදු වී සුදු වස්ත්‍ර හැද පොරොවා ගෙණ චිතකයට ගිනි දැල්විමට සූදානම් වූහ කොපමණ උත්සාහ ගත්ත ද ඔවුන්ට ගිනි දැල්වීමට නොහැකිවිය
    පසුව මල්ල රජ දරුවෝ අට දෙනෙක් දහසය දෙනෙක් තිස්දෙදෙනෙක් පිළිවෙළින් බුදුරදුන්ගේ චිතකයට ගිනි දැල්වීමට පැමිණිය ද දැල්වීමට නොහැකි විය මෙයින් මහත් පුදුමයට පැමිණි මල්ල රජ දරුවෝ දිවැස්ලාභී භික්ෂූන් අතරින් අගතැන්පත් අනුරුද්ධ මහ තෙරුන් වෙත එළැබ ස්වාමිනී චිතකය නොඇවිලෙන්නේ කුමක් නිසාවෙන් දැ ඇසූහ.
    රජදරුවනි, දේවතාවන් ගේ අදහස වෙනත් එකකි. තෙරහු කීහ. ස්වාමිනි, දේවතාවන් ගේ අදහස කුමක්දැ යි මල්ල රජ දරුවෝ අසූහ. රජ දරුවනි මහා කශ්‍යප මහ තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ද සමගින් පාවා නුවරින් නික්ම අවසන් වතාවට ත් බුදු සිරිපා වන්දනා කිරීමට කුසිනාරා නුවර බලා වැඩම කරමින් සිටිති. රජ දරුවනි මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ බුදු සිරිපා නොවදිනා තුරු භග්‍යවතුන් වහසේගේ මේ චිතකයට ගිනි නොඇවිලේවා යනු දෙවියන්ගේ අදහසයි යනුවෙන් අනුරුද්ධ තෙරහු කීහ මෙය ඇසූ මල්ල රජ දරුවෝ ස්වාමිනි දේවතවන්ගේ අදහස එය නම් එය එසේම වේවා යි කියා නිහඩ වූහ
    පසුව මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ද සමගින් කුසිනාරා නුවර මල්ලරජ දරුවන්ගේ මකුට බන්ධන නම් වූ චෛත්‍යස්ථානය යම් තැනක ද භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනක ද එතැනට එළැබියහ එළැබ මහා පාංශකූල සිවුර ඒකංස කොට පොරවා ගෙණ දොහොත් මුදුන් තබා වැද ගෙන තුන් වරක් චිතකය වටා යමින් මේ තැන භග්‍යවතුන් වහන්සේගේ හිස ය මේ තැන භග්‍යවතුන් වහසේගේ සිරිපා යුවල ය යයි සලකමින් බුදු සිරිපා පිහිටි ස්ථානයෙහි වැඩ සිටිමින් අභිඤ්ඤා පාදක චතුර්ථ ධ්‍යානයට සමවැදී ඉන් නැගී සිට
    දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයන් ගෙන් ශෝභ්න වූ මාගේ ශාස්තෘන් වහන්සේ ගේ උතුම් සිරිපා යුවල තථාගත ශ්‍රී දේහය ඔතා ඇති කපු පුලුන් පටල පන්සියය ද වස්ත්‍ර යුගල් පන්සියයද රන්දෙණ ද සුවද සදුන් දර සෑය ද යන මේ සියල්ල දෙබෑ කර ගෙණ මාගේ හිස මත්තහි පිහිටන සේක් වා යි කියා අදිටන් කළ සේක

    බුදුරදුන් ගේ ශ්‍රී දේහය පෙලහර දක්වයි

    එකල්හි ම ශ්‍රී දේහය ඔතා තිබූ ඒ කපු පුළුන් පටල පන්සියයද වස්ත්‍ර යුගල් පන්සියයද රන් දෙණද සුවද සදුන් දරයෑය යන මේ සියල්ල දෙබෑ කර ගෙණ වලාකුළු අතරින් නික්මෙන පුන්සද මෙන් බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරිපා යුගල නික්මුණි
    එකල්හි මහා කශ්‍යප මහ තෙරණුවෝ දොහොත් මුදුන් තබා වැද රත්පියුම් පෙත් දෙකක් බදු වූ තමන් වහන්සේගේ දෝතින් ත්ථාගතයන් වහන්සේ ගේ රන්වන් සිරිපා යුවල අල්ලා ගෙණ තමන් වහන්සේ ගේ හිස මුදුනෙහි තබා ගත් සේක මේ අසිරිය දුටු රැස්ව සිටි මහ පිරිස මහ හඩින් සාධුකාර දෙමින් සුවද මල් චිතකයට ඉසිමින් වන්දනා කලහ
    ඉක්බිති මහා කශ්‍යප තෙරුන් වහන්සේ සමගින් වැඩි පන්සියයක් භික්ෂු සංඝයා ද බුදු සිරිපා වන්දනා කල කල්හි මහා කශ්‍යප තෙරුන් ගේ දෝතින් මිදී චිතකයෙහි සදුන් දර ආදී කිසිවක් නොසොල්වා පෙර තිබූ ස්ථානයෙහිම පිහිටි සේක ඒ ත් සමගින් ම දේවතානුභාවයෙන් චිතකය ගිනි ගත්තේය
    දැවෙන්නා වූ බුදුරදුන් ගේ ශ්‍රී ශරීරයේ සිවිය ද සම් ද මස් ද නහර ද යන මේ සියල්ල කිසිවක් ඉතිරි නොවී දැවී ගියේය ඒවායේ අළු වත් දැලි වත් ඉතිරි නොවීය ශාරීරික ධාතූන් පමනක්ම ඉතිරිවිය බුදු සිරුර වෙළා තිබු ඒ පන්සියයක් වස්ත්‍ර අතරින් යම් වස්ත්‍රයක් සියල්ලට යටින් වූවාද යම් වස්ත්‍රයක් සියල්ලට පිටින් වූවා ද ඒ වස්ත්‍ර දෙකම නොදැවුනි ඉතිරි සියලු වස්ත්‍ර කපු පුළුන් පටලද සමගින් දැවී ගියේය බුදු සිරුර තැන්පත් කර තිබූ රන් දෙන ද එලෙසම ඉතිරි විය
    දීර්ඝායුෂ ඇති බුදුවරුන් ගේ ශරීර ආදාහනය කළ කල්හි ධතු නොවිසිරී රන් කදක් මෙන් එකඝන ව පවතී අප බුදුන් අල්ප වූ ආයු ඇති බැවින් පිරිනිවන් පෑමට පෙර මාගේ ශාසනය තවමත් සෑම තැනම පැතිරී නැත බොහෝ සත්වයින් මා පිරිනිවන් පෑ පසුව් මාගේ ශාරීරික ධතූන් ගෙන තම තමන් වාසය කරන්නාවූ ස්ථානයන් හි ස්තූප කරවා වන්දනා කර මරනින් මතු සුගතිගාමී වන්නේය යි සිතා ධාතූන් විසිරීමට අදිටන් කල සේක කුමන ධතු නොවිසිරුනා ද කුමන ධතු විසිරුනා ද ?
    ලලාට ධාතුව ය අකු ධාතු දෙනමය සතර දළදාවන් ය යන මේ ධාතු සත කොටස් වලට නොකැඩී නොබිදී නොවිසිරී එලෙසින්ම ඉතිරිවිය අනෙක් සියලු අස්ති ධාතු කුඩා කුඩා කැබලි වලට බෙදී වෙන්වී ගියේය


    අහසේ මැවුනු ජල ධාරා චිතකය නිවා දමයි

    භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය දැවී ගිය කල්හි අහසින් ජල දහරා පහළ වී චිතකය නිවා දැමුවේය චිතකය වටා තිබූ සල් ගස් වල අතුවලින්ද ජල දහරා මතු වී චිතකය නිවා දමුවේය කුසිනාරා නුවර මල්ල රජ දරුවෝ ද සියලු වර්ගයේ සුවද කුඩු දැමූ පවිත්‍ර ජලය ඉස බුදුරදුන් ගේ චිතකය නිවා දැමූහ
    ඉක්බිති මල්ල රජ දරුවෝ ධාතු සහිත රන් දෙණ මැනවින් සරසන ලද ඇතෙකු ගේ පිට මත තබා මහත් වූ පෙරහැරකින් ඇතුළු නුවරට වැඩම කරවා මැනවින් සරසන ලද මණ්ඩපයක රන්දෙණ තැන්පත් කර දැඩි සේ ආරක්ෂාව සලස්වා නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මෙන්ම මල් ගද සුවදින් ද පුරා දින සතක් මුළුල්ලේ මහත් වූ පුද පූජා පැවැත් වූහ