‘මුල්ම හැඟීම’ ඇති කරවන්නේ කොහොමද?

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ‘මුල්ම හැඟීම’ ඇති කරවන්නේ කොහොමද?


    හා හා පුරා කියා කෙනෙකු හමුවූ විට ඔහුගේ බාහිර පෙනුමින්ද, කතාබහෙන්ද, හැසිරීමෙන්ද ඒ තැනැත්තා ගැන සියුම් නිගමනයක් ගන්නට අපේ සිත පෙළඹේ. ඇතැම් විට අපේ නිගමනය සම්පූර්ණයෙන්ම වරදින්නට ඉඩ තිබේ. එහෙත් ඒ නිගමනයට ව්‍යාපාර ලෝකයේ ලොකු ඉඩක් වෙන්වේ. First Impression යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන පළමු හැඟීම සමාජ සබඳතා සඳහාත්, ව්‍යාපාරික සබඳතා සඳහාත්, අලෙවිකරණය සඳහාත් බොහෝ වැදගත් වේ.​

    first-impression-1cpq5uj.png

    බඳතාවක් ඇති කරගනිද්දී සුළු වේලාවක් තුළ කෙනෙකු ගැන හැඟීමක් ඇති කරගන්නේ බුද්ධියට ඉඩ දෙමින් නොවේ. පෙම් සබඳතාවක් දිගටම පවත්වාගෙන යාමට, පළමු හමුවීමේදී දෙදෙනා කතාබහ කරන, හැසිරෙන, එකිනෙකාට සුවපහසුව සලසන්නට වෙහෙසෙන ආකාරය බලපායි. මේ හැසිරීම් සියල්ල සිතාමතා, සැලසුම් සහගතව අනෙකා ඉදිරියේ රඟ දක්වන්නට පිළිවන. ව්‍යාපාර ලෝකයේද සබඳතා ඇති කරගැනීමට සිතාමතා, සැලසුම් සහගතව හැසිරීමේ හැකියාව පුද්ගලයන් තුළ තිබිය යුතුය.

    A5201AE5-C2D2-42A0-A0A3-5945DAB5351A.jpg

    පළමු (උපස්ථිතිය) නමැති ‍පොත ලියූ ඈන් ඩෙමරිස් පෙන්වා දෙන්නේ මුල්ම හැඟීම කෙනෙකු තුළ ඇති කිරීම ඉතා සරල කාර්යක් බවය. එහෙත් ඒ සරල දෙය තුළ උපක්‍රමශීලී බවක් ගැබ්ව තිබිය යුතුය.
    රැකියා අපේක්ෂකයකු හාපුරා කියා සම්මුඛපරීක්ෂණයකට මුහුණ දෙන්නට රැකියා ආයතනයකට ඇතුළු වෙයි. ඔහු හොඳින් හිස පීරා පිරිසිදු වී, තැනට සුදුසු ඇඳුමක් ස්ත්‍රික් කර ඇඳගෙන සිටියි. ඔහුගේ සහතික දමා තිබෙන්නේ නැවුම් ෆයිල් කවරයකය. ඒවා සංවිධානාත්මකය. ඔහු ආයතනයේ පරීක්ෂකයන් සමග කතාබහ කරන්නේ විනීතවය. ආචාරශීලීවය. ඉවසිලිවන්තවය. රැකියා අපේක්ෂකයා හැමවිටම තමාගේ තිබෙන උපරිම හොඳ මුහුණ පෙන්වන්නට උත්සාහ කරයි. එහෙත් ඔහු කලින් සේවය කළ ආයතනයේ සිටි මාරකම පුද්ගලයා වන්නට ඉඩ තිබේ. තම හැඟීම් පාලනය කරගෙන ඔහු ඉවසීමෙන් යුතුව හැසිරෙන්නේ අන් අය තුළ යහපත් හැඟීමක් ඇති කිරීම සඳහාය. නැතහොත් මිනිසුන්ගේ හැඟීම්වල දුර්වල තැනකින් ප්‍රයෝජන ගැනීම සඳහාය. පළමු හැඟීම යනු උපක්‍රමශීලීව ඇති කළ හැකි දෙයකි.

    ඔබ ඉතා වේගයෙන් කතා කරන, කුතුහලයෙන් ප්‍රශ්න අසන පුද්ගලයකු කියා සිතන්න. තැන්පත්ව සමෛන් කතා කරන සේවාලාභියකු සමග සබඳතාවක් ගොඩනගා ගැනීමේදී ඔබේ ප්‍රකෘති හැසිරීම් රටාව පසෙක ලන්නට සිදුවේ. අනෙක් තැනැත්තාගේ කථන වේගයට සහ ඔහු සිතන රටාවට අනුකූලව වෙනස් පුද්ගලයකු ලෙස නොහැසිරුණහොත්, සමහර විට ඔබේ ව්‍යාපාරික අරමුණ ඉටු නොවන්නට ඉඩ තිබේ. එනම් ඔබේ සේවාලාභියා ඔබෙන් සමුගන්නේ බිඳුණු මනසකිනි.

    110930020200-first-impression-rs-story-top.jpg

    ඔබ අනෙක් පුද්ගලයා තුළ සුවිශේෂී හැඟීමක් ඇති කරමින්, අනෙක් පුද්ගලයාට සුවපහසුව සලසන්නට සමතෙක් නම්, ඔබ ‘මුල්ම හැඟීම’ ජ්ඪපඵබ ථනපඥඵඵඪධද තහවුරු කරන්නට සමතෙකි. පුද්ගලාන්තර සබඳතාවලටත්, පාරිභෝගික සබඳතාවලටත්, ව්‍යාපාරික සබඳතාවලටත් එම හැකියාව වැදගත්ය. සබඳතාවක පළමු තත්පර තිහ තුළ අවධානය යොමු කළ යුතු ඉසව් කිහිපයක් ගැන First Impression කෘතිය මෙසේ පෙන්වා දෙයි.

    නෙත් සබඳතා
    කතා කරන වේලාවෙන් අඩකට වඩා ඔබ, නෙත් සබඳතා පවත්වා ගන්න. කතා කරන වේලාවෙන් තුනෙන් දෙකක් පමණ නෙත් සබඳතා පවත්වා ගන්නේ නම් සංවාදය සාර්ථකය. එය මතකයේ රැඳෙන සුළුය.

    Interview-Eye-Contact.jpg

    කායික භාෂාව
    ඔබ පවසන අදහස් සමග ඔබේ කයෙන් මතුවන ඉරියව් ගැළපේ දැයි සැලකිලිමත් වෙන්න. ඔබ අනෙක් තැනැත්තාට ඇහුම්කන් දෙන බව ඇඟවෙන්නේ ඔබ ඔහු වෙතට මඳක් නැඹුරු වන විටය. ඔබ පස්සට වී අසුනට හේත්තු වුවහොත් අනෙක් තැනැත්තා තේරුම් ගන්නේ සංවාදය නිමා කරන්නට ඔබ බලා‍පොරොත්තු වන බවය.

    145.jpg
    home-page-photo.jpg

    සිනහව
    ඔබ සමාජ ඇසුරට නිර්ලෝභී බව පෙන්වන්නේ ඔබේ සිනහවයි. ව්‍යාපාරික සබඳතාවලදී අනෙක් තැනැත්තා තුළ යහපත් මනෝභාවයක් ඇති කරවීම සඳහා ඔබට සිනාසෙන්නට සිදුවේ. එහිදී ඔබ සිටින මනෝභාවය ගැන නොතකා සිටින්නට ඔබට සිදුවේ. මිනිසුන් දත් පෙන්වා සිනහසෙන්නේ තමන් හොඳින් සිටින බව අඟවන්නටය.

    grad-school-interview-questions-1.jpg
    429959-1586-5.jpg

    පෞද්ගලික තොරතුරු
    දෙදෙනකු පෞද්ගලික තොරතුරු හුවමාරු කරගන්නා විට දෙදෙනා අතර බැඳීමක් වර්ධනය වේ. එහෙත් ව්‍යාපාරික අරමුණක් සඳහා තොරතුරු හුවමාරු කරගනිද්දී සුබවාදී දේ තෝරා ගැනීමට ප්‍රවේශම් වන්න.

    Interview%20success.jpg

    මාතෘකාවක්
    දෙදෙනාට ‍පොදුවේ කතා කළ හැකි මාතෘකා මොනවා දැයි කල්තියා සැලසුම් කරගන්න. කතාව අතරතුරේදී අනෙක් තැනැත්තාට හොඳින් ඇහුම්කන් දෙන්න.

    happy-appraisal-conversation-resized.jpg

    වර්ණනාවන්
    චාටුබස්වලින් අනෙක් තැනැත්තා තුළ අප්‍රසාදයක් වර්ධනය විය හැකිය. එහෙත් කෙනෙකුගේ ප්‍රශංසා කළ හැකි දෙයක් සොයාගෙන ඒ ගැන සිහිපත් කිරීමෙන් ඒ තැනැත්තාට ඔබ කෙරෙහි ආකර්ෂණයක් ඇති වේ.

    500x300xBLOG-11.18.13.jpg.pagespeed.ic.jX0Jg5KrRp.jpg

    නම කීම
    කතාවක් අතරතුර අනෙක් තැනැත්තාගේ නම කියන විට සබඳතාව දැඩි වෙයි. එහෙත් දෙතුන් වතාවකට වඩා නම පාවිච්චි නොකළ යුතුය. වැඩිපුර නම කියන විට අනෙක් තැනැත්තාට හැඟෙන්නේ තමනට අනවශ්‍ය අවධානයක් යොමුකර බලපෑමකට යටත් කරන්නට සැරසෙන බවකි.

    Happy-businessperson-BusinessWorldPress.jpg


    මෙම ලිපිය සම්බන්දයෙන් සියලු ගෞරව දමින්ද ජීවාන් රණසිංහ (මානව හැකියා සංවර්ධන පුහුණුකරු) හට හිමි විය යුතුය.

    උපුටා ගැනීම : http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=36525:2014-05-06-08-42-22&catid=52:samudura&Itemid=76


    වටිනව කියල මට හිතෙන නිසයි දැම්මේ. ඔයාලටත් වටිනව කියල හිතෙනව නම් බම්ප් එකක් වත් දාන්න අනිත් අයටත් බලන්න.
    300px-Robin_Hood_logo.svg.png
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Elazzzzzzzzz broooooo Keep it up


    You must spread some Reputation around before giving it to Robin*Hood again. lu :D