ආනන්ද හාමුදුරුවන් සෝවාන් වූ හැටි.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආනන්ද හාමුදුරුවන් සෝවාන් වූ හැටි.

    ආනන්ද හාමුදුරුවන් සෝවාන් වූ හැටි

    දිනක් ආනන්ද හාමුදුරුවෝ මෙසේ කී හ:
    මන්තානි පුත් පුණ්ණ හාමුදුරුවෝ යොවුන් වියේ සිට මට බොහෝ උපකාරී වුණා. උන් වහන්සේ මට මෙසේ අවවාද කළා.

    “ඇවැත්නි ආනන්ද, තණ්හාවෙන්, මමය මගේය යන හැඟීමෙන් දැඩිව අල්ලාගැනීම නිසා ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙනවා. දැඩිව අල්ලා නොගැනීමෙන් එය ඇති වන්නේ නැහැ.

    “කුමක් අල්ලා ගැනීමෙන් ද එය සිදු වන්නේ? කුමක් අල්ලා නොගැනීමෙන් ද එය සිදු නොවන්නේ?

    “රූපය දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. රූපය දැඩිව අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.

    “වේදනාව දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. වේදනාව දැඩිච අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.

    “සංඥාව දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. සංඥාව දැඩිව අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.

    “සංස්කාර දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. සංස්කාර දැඩිව අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.

    “විඥානය දැඩිව අල්ලාගැනීමෙන් ආත්මයක් ඇත යන හැඟීම ඇති වෙයි. විඥානය දැඩිව අල්ලා නොගැනීමෙන් එය සිදු නො වෙයි.

    “ඇවැත්නි ආනන්ද, රූපය නිත්‍ය ද? අනිත්‍ය ද?”
    “ඇවැත්නි, රූපය අනිත්‍ය යි.”

    “යමක් අනිත්‍ය නම් එය සැපයක් ද? දුකක් ද?”
    “ඇවැත්නි, එය දුකක්.”

    “යමක් අනිත්‍ය නම්, යමක් දුක නම්, යමක් වෙනස් වීමකට ලක් වෙනවා නම් එවැන්නක් මගේය කිව හැකි ද? එය මම වෙමියි කිව හැකි ද? මගේ ආත්මයයයි කිව හැකි ද?”
    “නොහැකියි, ඇවැත්නි.”

    “ඇවැත්නි ආනන්ද, ඒ ආකාරයට අතීත වූ ද අනාගත වූ ද, වර්තමාන වූ ද, ඇතුළත වූ ද, බාහිර වූ ද, ඕදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද ළං වූ ද දුර වූ ද යම් රූපයක් වේ ද යම් වේදනාවක් වේ ද යම් සංස්කාරයක් වේ ද යම් විඥානයක් වේ ද ඒ කිසිවක් මගේය, මම වෙමියි, මගේ ආත්මයයි නොසැලකිය යුතුයි.

    “ඇවැත්නි ආනන්ද, මෙසේ අවබෝධ කොටගත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපයෙහි කලකිරෙයි, වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයෙහි කලකිරෙයි. විඥානයෙහි කලකිරෙයි. ඇලීමෙන් මිදෙයි. මිදීම නිසා ප්‍රඥාව පහළ වෙයි. ඒ ආර්ය ශ්‍රාවකයා බඹසර පුරා අවසන් ය. කළ යුතු සියලු දෑ කොට අවසන් ය. යළි ඉපදීමක් නැත.”

    මන්තානිපුත්ත පුණ්ණ හිමියෝ මෙසේ මට අවවාද දුන්නා.
    පුණ්ණ හිමියෝ නවකයකු වූ මට බොහෝ උපකාරී වුණා. මට අවවාද කළා. ඒ අවවාදවලට, ඒ ධර්ම දේශනාවට සිත් යොමු කළ මට ධර්ම අවබෝධය ලැබුණා. සෝවාන් බව ලැබුණා.

    සංයුක්ත නිකායේ ඛන්ධ සංයුක්තයෙනි
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    bump..
    You must spread some Reputation around before giving it to KPZ again.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,108
    365
    83

    godak watinwa bn niymai thwa mwage dewal danna