ලොකු සයිස් වල මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    ලොකු සයිස් වල මූවීස් පොඩි සයිස් වලට Rip කරගමු.

    QeUM65b.jpg


    ඔන්න සහෝ අදත් තියනවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැනත් ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසයි දාන්නේ.මේක ගැන කියනවනම් මේකේ නම " HandBrake " මේක Open Source Video Transcoder සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපි ගාව තියන ලොකු ලොකු සයිස් වල DvD චිත්‍රපට හා Hard Disk එකේ තියන චිත්‍රපටි එහෙම පොඩි සයිස් එකකට Rip කරගන්න. මේකේ තියන තවත් විශේශත්වයක් තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේදි Output Container Format එක නම් mp4 , mkv වලින් එකකටතමයි තමයි ගන්න වෙන්නේ .... හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

    The top video transcoder gets a redesign to improve conversions.

    aC75DIB.png


    ඉස්සෙල්ලම HandBrake මෘදුකාංගය මෙතනින් Download කරගන්න. ( It's free! )



    Multi-Platform (Windows, Mac and Linux)

    හරි දැන් මේ විදිහට කරන්න.

    >> Handbreak මෘදුකාංගය Install කරලා Open කරගන්න.

    0emIIjC.png


    >> දැන් ඔයාලට අඩු සයිස් එකකට Rip කරගන්න ඕණ DvD Disk එක , එහෙම නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකට කොපි කරගත්තු DvD Disk එකේ " VIDEO_TS Folder එක " හරි එහෙමත් නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකේ තියන .mkv , .mp4 ලොකු සයිස් මූවී එක HandBrake Main Window එකේ " Source " ක්ලික් කරලා තෝරලා දෙන්න.

    pNsPBBi.png


    >> හරි දැන් පිලිවෙලින් " Destination " එකට ෆිල්ම් එක Rip වෙලා Save වන ස්තානයද . OutPut Setting Container එක ලෙස.mkv හෝ .mp4 Format වලින් එකක්ද තෝරන්න. ඊට පස්සෙ " Size " එක විදිහට ( Width & Height ) මූවී එකේ Origional එකහරි එහෙම නැත්නම් අපි කැමති විදිහට Custom Size එකක් දෙන්න. ( 720 Bluray Rip 1280 * 536 pixels ) ( DvD Rip 640*256 )ආසන්න ලෙසට.

    MZ6rmac.png


    EYevnfQ.png


    >> ඔයාලට ෆිල්ම් එක 500 MB සයිස් එකට වගේ හදාගන්න ඕණනම් HandBrake Main Window එකේ " Video " Tab එක ක්ලික් කරලා" Avg Bitrate ( Kbps ) එකට " 500 " වගේ අගයක් දෙන්න.

    eozxP7j.png


    >> ඊට පස්සෙ තවත් Setting එහෙම තියනවනම් ඒවත් හදාගෙන් " Start " ක්ලික් කරන්න.

    p3y0o0B.png


    මේ තියෙන්නේ 800 Mb මුවීයක් 500 Mb වලට Rip කරලා.

    lezSxVk.png


    7wvjs4J.png


    2br6m3S.png


    මේ තියෙන්නේ 900 Mb මුවීයක් 600 Mb වලට Rip කරලා.

    ZWn3zY8.png


    BY1KSIp.png


    6DMIwPq.png


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    720P / 420 Pවගේ සයිස් 1080P ට හදාගන්න සොෆ්ට්වෙයාර් එකක් නැත්ද ?