ග්‍රහ අපල වලට ආයුර්වේද ඔසු.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ග්‍රහ අපල වලට ආයුර්වේද ඔසු.


    මීට පෙර වතාවක මා පලකල ලිපියක ආයුර්වේදය හා ජ්‍යොතිෂ යනු නිවුන් සොහොයුරන් දෙදෙනෙකු බව පැවැසුවා ඔබට මතකයැයි සිතමි. ආයුර්වේදයේදී නම් නිතරම වාගේ ප්‍රථිකාර ආරම්භයට, විස කලාව සෙවීමට හා බෙහෙත් ඇඟට අල්ලන්නේ නැති විට ඒ සඳහා පිලියම් කිරීමට ජ්‍යොතිෂය භාවිතා වන බව බොහෝදෙනා දන්නා කාරනයකි. ජ්‍යොතිෂ ගැන දැනුමක් නැති වෙදාට වෙදා කීමට වඩා ගොනායැයි කීම උචිත බව වකුගඩු සම්භන්ධ විශේෂඥ්‍ය ආයුර්වේද වෛද්‍ය හෙන්දිරික්ද සිල්වා හෙට්ටිහොඩ (සිද්ධාලේප ආයතනයේ වත්මන් හිමිකරුගේ පියා) මැතිතුමා වරක් ප්‍රකාෂ කලේ ඒ නිසාය.. එය එසේ නමුත් ජ්‍යොතිෂයේදී අපල දුරු කිරීමට ආයුර්වේදය භාවිතා වන බව දන්නේ සුලු පිරිසකි. අද මා කියා දෙන්නට යන්නේ ඒ පිලිබඳවය.

    BL8VdVf.jpg

    නොයෙකුත් ග්‍රහයන්ගේ අපල කාල වලදී පරිසරයේ ඇති එම කිරන වලින් ආරක්ෂා වීමට හැකි ඔසු විශේෂ පැරනි සෘෂි වරුන් ඔවුන්ගේ සෘෂි නුවනින් දැක අවබෝධ කර ගත්හ. කළුවර අඳුන සෑදීමේදීද ඔවුන් භාවිතා කලේ මේ මූල ධර්මයමය. එනම් යම් ඔසු වර්ග කීපයක් සංයෝග කර ශරීරයේ තවරා හැනීමෙන් ආලෝකය වර්ථනය කර හැරීමයි. මෙහිදීද සිද්ධාන්ථය මෙයමය, අදාල කිරන ශරීරය සමග නොගැටිම සඳහා ආරක්ෂක ස්ථරයක් සකස් කිරීම මෙහිදී සිදුවේ.

    මෙහිදී සිදුවන්නේ ඒ ඒ ග්‍රහයාගේ කිරන වලට අදාල ප්‍රථිචාර දක්වන ඔසු තම්බා ස්නානයයි. එහිදී මේ ඔසු ශරීරයේ තැම්පත් වී ආරක්ෂක ස්ථරයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ ඔසු මොනවා දැයි දැනගැනීම වැදගත් වේ යැයි සිතමි.

    රවිගේ අපල වලට
    මනෝසීල, එනසාල්, දේවදාර, කුංකුමප්පු, සපුමල්, සැවැන්දරා වැල්මී, නෙලුම් රේනු, මයිල මල් තැම්බූ වතුර ස්නානය

    සඳුගේ අපලවලට
    කිරි, දීකිරි, ගිතෙල්,ඇත්දත් සක්බෙල්ලන්,පිළීඟු,කුමුදු තැම්බූ වතුර ස්නානය. (මෙයට ගෝමුත්‍ර සවල්පයක්ද එක් කරගන්නා ලෙස පවසා ඇතත් එසෙකිරීමට සියාල්ලන් පාහේ අකමැති බැවින් එය නැතිව වුවද කම් නැත. නමුත් බොහෝ ආයුර්වේද බෙහෙත් වල කුකුල් බෙටි එලුමුත්‍ර ගෝමුත්‍ර පමනක් නොව නර මුත්‍ර පවා බෙහෙතට ගත් බව මතක් කරනු කැමැත්තෙමි. )

    කුජගේ අපලයට
    බෙලි, සුදුහඳුන්, බැවිල, කනේරුමල්, පෙරුංකායං, රුක්මල්,මූන මල්, ජටාමංස තැම්බූ වතුර ස්නානය

    බුධගේ අපලයට
    යව ඇට, ගොරෝචන, මීපැණි ස්වල්පයක්, ගල්පෙඳ, රන්, තැම්බූ වතුර ස්නානය.

    ගුරුගේ අපලයට
    සමන්පිච්ච මල්, සුදු අබ, ඉද්ද කොල, වැල්මී තැම්බූ වතුර ස්නානය.

    සිකුරුගේ අපල වලට
    එනසාල්, මනෝසීල,ගෙඩි මල් සහිත කුංකුම තැම්බූ වතුර ස්නානය.

    ශනිගේ අපලයට
    කලුතල, අංජන කැට, ලොත් සුඹුලු, බැවිල, වීපොරි, සතකුප්ප තැම්බූ වතුර ස්නානය.

    රාහුගේ අපල වලට
    ඊතන, තල, කොලොං කොල, කලාඳුරු අල, ඇත් දත්, කස්තුරි, එලකිරි, තැම්බූ වතුර ස්නානය.

    කේතුගේ අපලයට
    ඊතන, තල, කොලොං කොල, කලාඳුරු අල, කස්තුරි, එළු කිරි, ගෝ මුත්‍ර තැම්බූ වතුර ස්නානය.(මෙහිදීද ගෝ මුත්‍ර එක් කිරීමට අපුලක් දැනේ නම් එක් නොකලාට වරදක් නැත.)

    තවත් මෙවැනි ලිපියක් සමග හමුවෙමු.
    http://tharaka-eli.blogspot.com/2014/05/blog-post_29.html
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16718497 said:
    මට තියෙන්නේ මොන අපලේද කියල හොයාගත්තේ නැ තාම:nerd:
    බැදල නම් බිරිද තමා ඉතිං......:dull:
    ඒ අපලෙ නම් පුටේ ඉතිං ඔය එක එක දේවල් නෑව කියල ගෙවෙන්නේ නෑ.....
    නෑවෙනව නේ කොහොමත්.............:dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බැදල නම් බිරිද තමා ඉතිං......:dull:
    ඒ අපලෙ නම් පුටේ ඉතිං ඔය එක එක දේවල් නෑව කියල ගෙවෙන්නේ නෑ.....
    නෑවෙනව නේ කොහොමත්.............:dull:

    :dull::dull: මේ මම කියන්නමයි ඕයි හිටියේ, උබ කියන හරුප වලින් 80% මට තේරෙන්නේ නැ ඕයි :dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16718513 said:
    :dull::dull: මේ මම කියන්නමයි ඕයි හිටියේ, උබ කියන හරුප වලින් 80% මට තේරෙන්නේ නැ ඕයි :dull::dull:
    ලැජ්ජ වෙයං......
    සිංහල උඹෙයි මගෙයි මව් බාසාව නේද?:dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16718497 said:
    මට තියෙන්නේ මොන අපලේද කියල හොයාගත්තේ නැ තාම:nerd:

    බැදල නම් බිරිද තමා ඉතිං......:dull:
    ඒ අපලෙ නම් පුටේ ඉතිං ඔය එක එක දේවල් නෑව කියල ගෙවෙන්නේ නෑ.....
    නෑවෙනව නේ කොහොමත්.............:dull:

    :lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16718522 said:
    :dull::dull: උබේ සිංහල බරපතල වැඩියි :dull::dull:
    සිංහල ඉගෙන ගනින්.......ඒ අපේ මව් බාසාව........
    ඕනම කාරණයක් ඉතාම නිරවුල්ව, පැහැදිළි ව සහ ලස්සනට කියන්න පුළුවන් බාසාව......
    මම නෙවෙයි කියන්නේ, සිංහල ත්‍රිපිටක සහ අටුවා පාළි බාසාවට පෙරළපු ඉන්දියානුවෙක් වෙච්ච බුද්ධඝෝෂ හාමුදුරුවො.....
    “සීහල භාසං - මනෝරමං භාසං“
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සිංහල ඉගෙන ගනින්.......ඒ අපේ මව් බාසාව........
    ඕනම කාරණයක් ඉතාම නිරවුල්ව, පැහැදිළි ව සහ ලස්සනට කියන්න පුළුවන් බාසාව......
    මම නෙවෙයි කියන්නේ, සිංහල ත්‍රිපිටක සහ අටුවා පාළි බාසාවට පෙරළපු ඉන්දියානුවෙක් වෙච්ච බුද්ධඝෝෂ හාමුදුරුවො.....
    “සීහල භාසං - මනෝරමං භාසං“

    හා :dull::dull: :dull::dull:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පට්ට ත්‍රෙඩ් එක .... :D මම ඒත් බැලුව මේවට ප්‍රතිකර්ම එක එක්කෙනාට වෙනස් වෙනව ද අපලෙ හැටියට වෙනස් වෙනව ද කියල:P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16718608 said:
    පට්ට ත්‍රෙඩ් එක .... :D මම ඒත් බැලුව මේවට ප්‍රතිකර්ම එක එක්කෙනාට වෙනස් වෙනව ද අපලෙ හැටියට වෙනස් වෙනව ද කියල:P

    අපලේ හැටියටයි ප්‍රථි කර්ම තීරනේ වෙන්නේ එවයින් මොන මොන ඒවද කරන්නේ කියලා තීරනේ වෙන්නේ අපලේ බරපතල් කම අනුව. උදා හරනයක් කියනවනම් නීල මන්ඩලය, ශනි මෘතුන්ජය හා විෂ්නු අඝෝරය කියන යන්තර තුනම සෙනසුරු අපලෙට දාන්නේ නමුත් දාන්න ඕන මොකක්ද කියලා තීරනය වෙන්නේ අපලේ තත්වය අනුව.