hacker T ගේ හෙළුව මෙන්න
යටගිය දවස ජම්බූද්වීපයේ ශ්‍රී නරේන්ද්‍ර මෝධි නම් වූ ඉමහත් බල පරාක්‍රමයන්ගෙන් හෙබි රජකෙනෙකුන් කෙක්කෙන් හා කොක්කෙන් රාජ්‍ය විචාරණ සමයෙහි එහි අසලම පෝක් සමුද්‍ර සන්ධිය නම්වූ සමුද්‍රවංකයෙන් වෙන්වී ගිය ශ්‍රී ලඬකාව නැමැති කුඩා දුපතක් පිහිටියේය. ජම්බුද්වීපාධිපති හා නොදෙවෙනි වූද සක්විති රජකමට පවා සුදුසු වුද පර්සි මහේන්ද්‍ර නම් වූ නිරිඳානන් එහි පාලනය කරන්නාහුය. එම දුපත පුරා පැතිරුණු අන්තර් ජංජාලය තුල ජීටී උතුමාණන් නම් වූ සිටු පුත්‍රයෙකු එලකිරි ඩොට් කොම් නමින් දැලක් කරවා ඇත. මායා බලයන්ගෙන් හා විවිධාකාර වූ හාස්කම් රැසකින් සපිරුණු එය දැනුම ,විනෝදය, වලි, සූසැටක් ජල්තර, දෙසැටක් ආගම් දර්ශනවාද මතු නොව, ත්‍රිබල්, ලෙස්බියන් කොලු සැප යනාදී සකලවිධ සම්පත්තීන්ගෙන් ආඩ්‍යවූ සර්වව්‍යාපී දැලකි. මෙහි පැටලී සිටිනා ජනයා දැහැමෙන් සෙමෙන් එකිනෙකාට ජිල්බරි දමමින් වාසය කරන්නාහුය.
ඒ වෙසෙන්නාවූ මානවකයන්, මානවිකාවන් අතර හැකර් ටි නම් වූ මනා ආරෝහ සම්පත්තියෙන් තොර වූ සුකුමාල මානවයෙක් විය. හෙතෙම කාකයාගේ පැහැයට පැහැයට පවා නිගා දෙන අන්දමින් සශෝභන වූ කාල වර්ණයෙන් යුතුය. මේරූ පීත වර්ණ රම්බා පැහැය පරදන පැහැයෙන් යුතු දන්ත සම්පත්තියෙන් යුතුය. නියඟයට හසුවූ පරඬලා මෙන් ගංජා ගැසීමෙන් කේඩෑරි වූ අත පයෙන් යුක්තය. උදේට මර හඬ දෙන සංකඩ වූ සැවුල් නද පරදන ඉමිහිරි කටහඬින් යුක්තය. නිතර ශොට දැමීමෙන් සහ පොලිස් කූඩුවේ නිදිමැරීමෙන් රත් පැහැ ගැන්වූ දෙනෙතින් යුතුය. සියල්ල එකට ගත් කල, මිස්ටර් ඉතියෝපියා වීමටද සුදුසුය. එනමුදු මේ මිනි කිංකිණි නද හේතුවෙන් බොහෝ මානවිකාවන් ඒ හඬ අසා “නිසැකවම හැකරයා වනාහි මනා ආරෝහ පරිනාහ සම්පත්තිතා, ජව සම්පත්තිතාවන්ගෙන් හෙබි පුරුෂයෙක් ය. වහ වහා ඔහු මාගේ වල්ලභයා කරගැනීම සුදුසු යැයි” සිතන්නාහුය.
දිනක් මේ හැකරයා උදෑසනම මල පහ කිරීමටද මත්තෙන්,කුණු කෙල වගුරුවමින්, කබ කැබලි කඩමින් එලකිරි පිළිකඩ තුලට ලොග් වී හුයෙන් හුය විචාරය කරමින් මෙසේ සිතීය "එලකිරි මානවක මානවිකාවෝ අමුණා ඇති විවිධාකර සංතන්ත්‍රියන් දිනින් දින නැගගෙන යති. ඔවුනට විචාරකයෝ හුරේ දමති. රහසින් රේප් කරති. මම් වැනි මහා පුරුශයෙකු දන්නා පුඟුලන් ඉතා සුවල්පයකි. වෙනතක යන ගස් ගෝනුන් රේප් වී මට ද ඔජ වඩති. මෙසේ ගං කබරයන්ගෙන් නිගා වීම මම වන් මහා පුරුශයෙක්ට තරම් නොවේ" යැයි සිතා තම සහචර ඇම්බට්ට, සට්ටම් රාල සෙටාර් එක බණවා මෙසේ සිංහ නාද කළේය. "එම්බල පවිටු මිතුරනි !! මෙසේ එලකිරියේ චාටර් වීම අපහට තරම් නොවේ. අපද සැමදා සිංහ බියර තොල ගානා බැවින් සිංහ වංශයේ වෙම්හු. අපිද අපගේ වැඩ එලකිරි වාසීනට පෙන්විය යුතුයැ " එබස් ඇසූ යාලුවා, හූනෝමි, ලුසිෆාර්, බින්දුවා, කලු ටියුලිපා, ගසා විමලේ, වොලී, ඉරේශ් ආදී එකී මෙකී නොකී ඇම්බැට්ට වාසීහුද "එසේය හැකරයාණන් වහන්ස. අපගේ වැඩ කිඩ ලොවට පෙන්වීමට කාලය මනායැ" කංපට ගසමින්, නකුට සොලවමින් එක පැහැර ඝෝශා කලහ.
එකල්හි අප මහා ජීටී උතුමාණෝ සක්වල ගල සිසාරා වේරම්භ වාතය සේ හමා ආ ඒ ඝෝශාවෙන් තම මෝනිං නැපයෙන් අවදිව මේ හිමිදිරි උදාසැන මාගේ නින්ද කැඩූයේ කුමන වෛශ්‍යපුත්‍රයාදැයි පරීක්ශා කර බලනුයේ තම දිවැසට හැකරයා අසුවී ස්පෑම් චෙකා නම් තම රථාචාර්‍ය බණවා " එම්බා ස්පෑම් චෙකාණෙනි, හැකරයා නම් වෛශ්‍ය පුත්‍රයෙක් මෙම පිළිකඩෙහි සාමයට, සහජීවනයට අරියාදු කරන බව මට සැලව ඇත. ඌ සහ උගේ සගයන් මා දහඩිය මහන්සියෙන් ගොඩ නැගූ පිළිකඩෙහි සර්වර් ලෝඩ් එක අනුභව කර තොපටද, මටද හොම්බෙන් යාමට සිදුකිරීමට පෙර වහා ගොස් අවම බලය යොදවව" යැයි පැවසීය. ස්පෑම් චෙකාද නව හයි වේ ප්‍රොපෝසලයක් ලද බැසිලාණන් මෙන් පස්වනක් ප්‍රීතියෙන් පිණා ගොස් අද මුගේ අඬු කඩමි යැයි ගර්ජනා කොට වහා හැකරයාගේ වාස භවනය වන "කවුද මේ වෙලාවේ ඔන්ලයින් ඉන්නේ" නම් හුය බලා නික්මුණාහුය.
හුයට බට චෙකාණෝද සරම කැස පට ගසා, අමුඩය කඩා දමා අසල වැටකින් ගිනිසීරියා මුගුරක් ද ගෙන තම ගුච්ඡය ද සතර අත වනා, අඩි පොලවේ ගසා " එම්බා හැකරය තා ඇරගත්තේ වැරදි පුරුශයා සමගය. චැට් සංතන්ත්‍රියන් දැමීමෙන් සර්වර් ලෝඩ් එකට කෙල වන බව තෝ නොදන්නෙහිද? එබැවින් මා ලවා තාගේ කුට්ටම තලා නොගෙන වහා නවතුව. එසේ නොකලහොත් අවම බලය යොදවා මේ ගිනිසීරියා මුගුර තාගේ පස්චාත් භාගය තුල පිහිටුවමි" යැයි පැවසීය. එබස් ඇසූ හැකර අනුගාමී බෙරවා ජනතාව එජාපය අත හැර සන්ධානයට පනින්නාවූ මැති ඇමතිවරුන් මෙන් හැකරයා හැරදමා දිව ගියහුය. හැකරයාණෝද මහත් ජන සන්නිපාතයක් මධ්‍යයෙහි තම වස්ත්‍ර උනාදැමුවාක් වැනි අධික ලජ්ජාවට පත්ව දොහොත් මුදුන් දී නැවත එසේ නොකරන බවට පොරොන්දු වීය. හෙතම තම සියලු කාර්‍යයන් පසෙකලා කල්පනා කරනුයේ " මෙසේ ජීටී උතුමාණන්ගේ පයිණ්ඩකාර ගොබිලන්ගෙන් මස්තබාල්දු වීම මාගේ ශ්‍රී නාමයට කැළලකි. උතුමාණන්ගේ දෘශ්‍ය පථයෙන් මිදී මාගේ බලපරාක්‍රමය වර්ධනය කිරීම සඳහා අත්‍යන්ත වූ අල්ටිමේට් ගේමක් ගැසීම මැනවි"යි සිතීය.
එතැන් පටන් හැකරයාණෝ දිවා රෑ නොබලා, විවිධාකාර බ්ලොග් අඩවි තුලින් වටිනා පෝස්ටු උස්සා තම නමින් එලකිරියේ පලකරන්නාහුය ( කොපි පේස්ට් කරන්නාහුය ). එලකිරි මානවකයන්, සහ මානවිකාවෝද හැකරතුමා අත කඩාගෙන ටයිප් කල දැනුම් සම්බාරයක මහිමැයි සිතා අත්පොලසන් දෙන්නාහුය. රේප් කරන්නාහුය. තවද උතුමාණන්ගේ දෘශ්‍ය පථයට අසු නොවන සේ "යාලු සෝන්" , "මෙඩි සෝන්" ආදී වශයෙන් චැට් සංතන්ත්‍රියන් අමුණා, ක්‍රේසි අසා වැනි රාත්‍රියේ මෝල කරවී එලකිරි එන අනාතයන්ට, ලුසිෆරා, ඉරේශ් වැනි ගෑල්ලමයින් නැති අනාතයන්ට චැට දමන්නට ස්තාන සකසා දෙන්නෙහුය. රිදිලා වැනි ෆේක් සොන්නයින් පසුපස හඹා යන හොර පොල් නෙලන චෞරයන්ට පොලිසියට අසු නොවන සේ පොල් වතු ඉන්ෆෝ ශෙයාර් කරගැනීමට, පොල් වතුවල ගූගල් මැප් කෝර්ඩිනේට්ස් බලාගැනීමට ඉඩ සලස්වා දෙන්නාහුය. ටියුලිපා වැනි බෙබා සෙටාර් එකට, කරටි කැඩෙන්න ගැසූ පසු, භාර්‍යාවට වාත නොවී තම සිතුවිලි අකුරු කිරීමට ඉස්තානයක් ලබා දෙන්නාහුය. යාලුවා වැනි කොලු කාර ජනතාවට තම සිතැඟි වලට ගැලපෙන ආයත්තකයන් සොයාගැනීමට මං සලසා දෙන්නාහුය
මෙසේ තම සමාජ සේවයෙන් එලකිරි ජනතාව උද්දාමයට සහ අමන්දානන්දයට පත් කළ හැකරයාණෝ නොබෝදිනකින් එලකිරියේ පරසිඳු මැම්බරයෙක් බවට පත් වීය. හෙතෙම මාස ගණනක් පෙරුම් පුරා අද දින තම එලකිරි දිවිමගේ නවදහස් (9000) වන පෝස්ටුව දමනා ලදීය. එතුමාගේ එලකිරි දිවියේ මේ වැදගත් මයිල් ඉස්ටෝන් (ඇඟේ මයිල් නොව දුර මනින මයිල්) එක සඳහා සුභාශිංෂන ගෙන ඒමට එක්වන ලෙස එතුමන්ගේ වීරත්වයෙන් නෙත් අඳ වි සිටින වන්දිභට්ට රැල වන "යාලු සෝන්" හා "මෙඩි සෝන්" සාමාජික අප සැම, එළකිරියේ ඔබ සියලු දෙනාහටම සාදරයෙන් ආදරයෙන් ආරාධනා කර සිටිමු.
~කතා වස්තුව නිර්මාණයෙන් සහය දුන් බින්දුවා හට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය~
hacker T කතා වස්තුව

Last edited:

සුබ පැතුම් අරුට