මහානුභාව සම්පන්න ගාථා (ජීවිතය ජය ගැනීමට)

DonnieBrasco

Member
May 7, 2012
480
135
0
Austria
මහානුභාව සම්පන්න ගාථා (ජීවිතය ජය ගැනීමට)

ජීවිතය ජය ගැනීමට භාවිත කළ හැකි බොහෝ දිව්‍යමය බුද්ධ මන්ත්‍ර පිරිත් පාඨ අතර ප්‍රබල ගාථා රත්නයක් වන්නේ “ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ” ගාථාවයි. එම ගාථාව සමග භාවිත කළ හැකි ජය පිරිතේ එන ගාථාවකි.

මෙම මහානුභාව සම්පන්න ගාථා දෙක උදේ සවස මල් පහන් පුදා දෙවියන්ට පින් දී මෙම පාඨ කීමෙන් විපුල ඵල නෙළා ගත හැකිය.

1.
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං බ්‍රහ්මගනා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේවගනා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං නාගදනා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මය්හං

තේරුම : මුනීන්ද්‍රයාණන් වහන්සේට බෝධි මූලයේ දී ජයක් ම විය. මාරයාට පරාජයක් ම අත්විය. ඒ දුටු දෙවියෝ ප්‍රසාදයට පත් වී සාධු නාද පවත්වා ඝෝෂා ඇති කළා. ඒ සත්‍යානුභාව බලයෙන් ඔබට ජයක් ම වේවා!.

K25-2-1366x768.jpg


2.
ජය සිද්ධී ධනං ලාභං
සොත්ථි භාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණෝච
භෝගං වුද්ධීච යසවා
සත වස්සාච ආයුච
ජීව සිද්ධි භවන්තු “මේ”



තමන් විසින් තමන්ට සෙත් පතා ගැනීමේ දී මෙම ගාථා දෙක මෙම ආකාරයටම ද, අනුන්ට සෙත් පැතීමේ දී පළමු ගාථාවේ අවසන් පේළියේ සඳහන් “මය්හං” යන වචනය වෙනුවට “තුය්හං” යනුවෙන්ද, දෙවන ගාථාවේ අවසන් පේළියේ “මේ” යන වචනය වෙනුවට “තේ” යනුවෙන් ද භාවිත කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි !!