දෙළුම්_වල_ගුණ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    pomegranate-1000.jpg



    කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවක් සොබා දහමින් මවා තිබෙනවා. ඒ ‘ දෙළුම්’ ඇපල් එක් වරක් වෛද්‍ය වරයකු වෙත යාම පමා කරන්නේ නම් දෙළුම් ඔබට වෛද්‍යවරයකු කරා යාමේ ඉඩ නැත්තටම නැති කරාවි. එය එපමණටම ගුණ ඖෂධයකි. පලතුරකි. ලතින් බසින් දෙළුම් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි.ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනපි‍්‍රය පලතුරකි. අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙනි. දෙළුම් යුෂ, පලතුරු අතර ජනපි‍්‍රයම පානයකි. අයිස් කී‍්‍රම්, යෝගට් වැනි ආහාර දෙළුම් ඇට එක්කර කෑ ගැනීමෙන් රස වාගේම ගුණය ද වැඩිවෙයි.

    දිගු කලක් ගබඩා කළ හැකියි. දෙළුම් ඇටවලට වඩා මුල්වලින් බෝ කර ගැනීම පහසුය. ඇපල් වගේම දෙළුම් ද බොහෝ කලක් තබා ගත හැකියි.දෙළුම් ගබඩා කිරීමට සුදුසුම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 - 42 ක උෂ්ණත්වයයි. මෙම උෂ්ණත්වය යටතේ මාස ගණනක් දෙළුම් සුරැකිව තබා ගත හැකියි.

    හොඳින් කල් තබා ගත් විට දෙළුම් ගෙඩිය කඩන විටදීටත් වඩා රසයෙන් වැඩිවේ. සිසිල් අඳුරු පෙදෙසක මාසයක් පමණ ද ශීතකරණයේ මාස 2 ක් පමණ ද ගබඩා කර තැබීමට පුළුවන්. දෙළුම් මිලදී ගන්නා විට තෝරා ගත යුත්තේ ප‍්‍රමාණයේ හැටියට වඩාත් බර ගෙඩියයි. පොත්ත ඉරි තැලී පැලී නොතිබිය යුතුයි. පොත්තෙහි තද ගතියක්, දිලිසීමක්, තුනී ගතියක් ඇති දෙළුම් තෝරා ගන්න.
    සොබා දහමේ ප‍්‍රබලම විස නාශකයන් දෙළුම් යුෂ සොබා දහම විසින් අපට ලබා දී ඇති ප‍්‍රබලම විස නාශකයකි. හදවත් රෝග, අකලට මහලු වීම, අධික රුධිර පීඩනය, ඇල්ෂයිමර් රෝග, පිළිකා ආදියට හේතුවන අහිතකර ද්‍රව්‍යයන්ගෙන් අපව මුදවා ගන්නේ දෙළුම්වල අඩංගු විස නාශකයි. අර්ශස් රෝගීන්ටද දෙළුම් මගින් සහනයක් ලැබීමට පුළුවන්.වෛද්‍ය ලෝකයෙහි නැතිවම බැරි ඖෂධයක් බවට දෙළුම් පත්ව තිබේ මෙහි ඇති ඖෂධීය ගුණය විවිධාකාරයෙන් මිනිසාට ප‍්‍රයෝජනවත් වෙන අන්දම ගැන නිරන්තරවම පර්යේෂණ කරමින් පවතී.පුරස්ථ ග‍්‍රන්ථියේ පිළිකා ඇතිවීම වැළැක්වීමටත් , පියයුරු පිළිකා සෛලවලට පහර දීමටත් දෙළුම්වල අඩංගු විස නාශකවලට හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. පුරස්ථ ග‍්‍රන්ථයේ පිළිකාවට ගොදුරු වී ඇති විට දිනකට දෙළුම් යුෂ අවුන්ස අටක් බීමෙන් පවා රෝගයෙන් සහනයක් ලැබිය හැකියි. හෘද රෝගීන් දෙළුම් අනිවාර්යයෙන්ම පානය කළ යුතුය. විස නාශකවලට අමතරව පොටෑසියම්හා විටමින් ‘සී’ ද විශාල වශයෙන් මෙහි අඩංගුය. එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියකුගේ දෛනික විටමින් ‘සී’ අවශ්‍යතාවයෙන් 40% ක්ම සපුරා ගත හැකියි.
    දෙළුම් ගෙඩියක ඇති පෝෂකකැලරි 63 - 78 (ග‍්‍රෑම් සියයක)තෙතමනයප්‍රෝටීන මේදය කාබෝහයිඩ්‍රේට්ස්කෙදිකැල්සියම් පොස්පරස්යකඩ සෝඩියම්පොටෑසියම්විටමින් බී කාණ්ඩවිටමින් සී සිටි‍්‍රක් අම්ලයබෝරික් අම්ලය

    දෙළුම් ගෙඩිය වගේම දෙළුම් ශාකයම ඖෂධීය ගුණයෙන් ඉහළයි.දෙළුම් ගෙඩියේ ලෙල්ල Diarrhea රෝගයට හොඳ ප‍්‍රතිකාරයකි. දෙළුම් ගෙඩියේ ලෙලලේ ග‍්‍රෑම් 20 ක් කරාබු නැටි හෝ කුරුදු ග‍්‍රෑම් 3 ක් ජලය මිලි ලීටර් 250 තම්බන්න. නිවුණු පසු මෙම මිශ‍්‍රණය දිනකට තුන් වරක්, දින කිහිපයක් යන තුරු බෝන්න. උගුර බැරැන්ඩිවී ඇති විට වතුර මිලි ලීටර් 250 ක දෙළුම් ලෙලි ග‍්‍රෑම් 20 ක් තම්බන්න. එම මිශ‍්‍රණයන් උගුර සෝදන්න. දත් හා විදුරු මස් රෝග ඇති විට - දෙළුම් ලෙලි වේලා කුඩු කර දත් හා විදුරු මස්, දත් බෙහෙතකින් මදිනවාක් මෙන් හොඳින් මදින්න.ගි‍්‍රක පුරා වෘත්තයන්ට අනුව දෙළුම් ආදරයේ හා සුන්දරත්වයේ දෙවඟනග් සංකේතයයි. අරාබි ජාතිකයන්ගේ විශ්වාසයන්ට අනුව දෙළුම් ගසට යක්ෂයා මර්දනය කළ හැකි බලයක් තිබේ. දෙළුම් ගසක් යටදී බියක් නැතිව, ආරක්ෂිතව නිදා ගන්නට හැකියයි යන්න ඔවුන් තුළ ඇති තවත් මතයකි. අද විද්‍යාත්මකවද ඔප්පුවී ඇත්තේ දෙළුම් පලතුරු අතර බලවන්තයෙක් බවයි. මේ බලවන්තයා මිලෙන් ඉහළ වුණත් මිනිස් වර්ගයා අතර සෑමදාම ආදරණීය පලතුරකි.

    ඔබේ ගෙමිදුලේත් මේ ඖෂධීය ශෘකය සිටුවා ගැනීමට අමතක නොකරන්න.




    චම්පිකා දීපානි රණසිංහ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මැරෙන්න හදන මනුස්සයෙක්ට දෙළුම් දුන්නොත් තව විනාඩි 10 වත් ජීවත් වෙනවා කියල කියන්නේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    1. මැරෙන්න හදන මනුස්සයෙක්ට දෙළුම් දුන්නොත් තව විනාඩි 10 වත් ජීවත් වෙනවා කියල කියන්නේ

    :yes::)ඔය ලංකාවේ තියෙන පරණ ඇපල් වලට වඩා ගොඩක් ගුණයි.
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    මාත් මචන් සතියට දෙලුම් ගෙඩි 3ක් වත් ගන්නවා. වැඩේ තියෙන්නේ අපට ලේසියෙන් ම හොයාගන්න තියෙන්නේ මැලේසියන් එක නේ,එත් අහල තියන විධියට ගොඩක් ගුණ මෙහේ දෙලුම් නේද.දන්න විධියට දෙලුම් වලට වස විස ගහන්නේ නැ නේද.ඇත්තට අපේ දෙලුම් ගන්න තැනක් කියපන්කො
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මාත් මචන් සතියට දෙලුම් ගෙඩි 3ක් වත් ගන්නවා. වැඩේ තියෙන්නේ අපට ලේසියෙන් ම හොයාගන්න තියෙන්නේ මැලේසියන් එක නේ,එත් අහල තියන විධියට ගොඩක් ගුණ මෙහේ දෙලුම් නේද.දන්න විධියට දෙලුම් වලට වස විස ගහන්නේ නැ නේද.ඇත්තට අපේ දෙලුම් ගන්න තැනක් කියපන්කො

    එහෙම එකක් නැහැ බන්.දෙළුම් ඔය කොයිකත් එකයි..හැබැයි ගොඩාක් ලොකු ගෙඩි නම් හොද නැහැ.මම චීනේ ගිය දවස් වල දැක්ක පොල් ගෙඩි සයිස් දෙළුම්.ඒවා එහෙම ලොකු වෙලා තියෙන්නේ fertilizer දාලා..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    delum godak watina gahak.delum kola pawa besth walata gannawa.as leda hadunama ahema.palayak hitawaganna eka watinawa.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ආස පළතුරක්. ඒත් ඉතින් හැමදාම ඔව්ව කන්න තරම් සල්ලි නෑ අපිට :(. ගෙඩියක් 300ක් විතරනෙ :angry:
     
    එහෙම එකක් නැහැ බන්.දෙළුම් ඔය කොයිකත් එකයි..හැබැයි ගොඩාක් ලොකු ගෙඩි නම් හොද නැහැ.මම චීනේ ගිය දවස් වල දැක්ක පොල් ගෙඩි සයිස් දෙළුම්.ඒවා එහෙම ලොකු වෙලා තියෙන්නේ fertilizer දාලා..

    අන්න දෙළුම්. අනික එහෙ දූරියන් වල සයිස් එක කොහොමද? මම මෙහෙ කිව්වහම කවුරුවත් පිළිගන්නෙත් නෑ :lol:මම ෆොටෝ එකකුත් ගහගෙන ආව.:lol: