හැමදා නියං එකදා වැහි වළාවේ !! (3 කොටස)
1. http://www.elakiri.com/forum/showthread.php?p=16731709#post16731709
2. http://www.elakiri.com/forum/showthread.php?p=16735119#post16735119
[FONT="]ඊයේ රෑ මම වේලපහින්ම කෑම කා ඇඳට වැටුනෙමි.සිතේ ඇත්තේ ඈ ගැන සිතිවිලිය.අද දින ඈ එනතුරු බලාසිටින්නට වන්නේ මට පමණක් නොවේ.එළකිරියේ ගොඩක් උන්ගේ බලපොරොත්තුවද එයමය.එක අතකින් මගේ දවසක දෙකක සිදුවීමක්, උන්ට කියන්න ගියේ මෝඩකමයැයි මට සිතේ.එහෙත් කුම්ඹලා මාලු කෑවානම් විඳවිය යුතුය.මට සිදුවූ දේ අතින්ද දමා, හැඩ කරවා එහි දැමීමි.සිදුවූයේ මෙගා නාට්ටියක් පටන්ගත්තාක් වැනි වැඩකි.දැන්මට ඈ හමුවූවත්, නොවූවත්, මට කුමක් උවත් උන් අද දවසේ කොටස බලා සිටිනු ඇත.මෙය නොදැම්මොත් මා ඉවර කරන්නෙමියි එකෙක් තර්ජනය කොට ඇත.උන්ගේ බලාපොරොත්තු බිඳලිය යුතු නැත.නපුරු හීන නොපෙනෙන්නට පන්සිල් ගෙන නිදන්න යැයි එකෙක් කියා ඇත.මම පන්සිල්ද ගෙන නිදා ගතිමි.එහෙත් දෛවය නපුරුය.මට නින්ද අහලකටවත් නො ඒ.සිහිවන්නේම ඒ රුවමය.මට නින්දයනවිට සමහරවිට දෙක තුන වත් වන්නට ඇත.
අදත් වැස්සය.ඊයේ රෑ මට නින්දයනතුරුම වැස්ස බවක් මට මතක නැත.හොඳට සිටි මා පිස්සෙකු කලේ මේ වැස්සය.කොහෙවත් යන එකෙකුගේ කෙල්ලෙක් ඔලුවට ආවේ මේ වැස්ස නිසාය.අනික් අතින් මට ලියන්නට හුරු කලේ මේ වැස්සය.මා තුල යමක් ඇති බව මට පසක් කලේ මේ වැස්සය.එහෙයින් මේ වැස්සට වෛර කරනවාද, ප්‍රේම කරනවාදැයි මම නොදනිමි.ඊයේ මෙන් පාන්දරම යන්නට සිත් නොදේ.එහෙත් මා අදනම් යා යුතුමය.කම්මැලි කම කඩා, ඉක්මනින් නැඟිට මුහුණ සෝදා ගැනීමට ගියෙමි.කුස්සියේ ඔරලෝසුවේ වෙලාව මා ඇස ගැටුනේ අහම්බෙනි.වේලාව හයයි හතලිස් පහකි.ඔලුවට පොල්ලකින් ගැසුවාක් මෙනි.කුස්සියේ ඔරලෝසුව ශුවර් නැත.සාලයට විත් බැලුවෙමි.වෙලාව හරිය.මට වැරදී ඇත.දඩ බඩ ගා හැඳ ගන්නට වීමි.මල කෙලියකි.මුහුණ සෝදන්නේ හැඳගෙනද ?වහා කලිසම ගලවා දමා, සරමට බැස ගතිමි.ඉක්මනින් මුහුණ සෝදා ගතිමි.ඊට විනාඩි පහක්වත් ගතවන්නට නැත.ඉක්මනින් ඇඳුම් ඇඳ ගැනීමේ ගිනස් වාර්තාව මීට මොහොතකට පෙර මා සතුවන්නට ඇත.විනාඩි දෙකක්වත් ඊට වැය නොවීය.ඊයේ මෙන් කෑම කන්නට අදත් සිදුවේ.නැත්නම් මෙච්චර ඉක්මනට යන්නේ මොකක් හෝ හොරයක් ඇතැයි ඔවුන් සිතනු ඇත.යන්තම් හතයි පහට ගෙදරින් පැනගතිමි.අද බුදුන් වැන්දේත් නැත.එක දවසින් ඔක්කොම ඉවරය.අනුන්ගේ කෙල්ලෙක් නිසා මා කන කට්ටක තරම.[/FONT]

Last edited:
දැන් ඉතින් දිගටම උදෙන්ම නැගිටිනවා හොඳයි ... 

රිජෙක්ට් වන බව අනිවා දන්නා නිසා කෙල්ලන් පසුපස නොයමි 