අධර්මිෂ්ඨ පාලකයා විනාසයට මුලයි-UNP

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අධර්මිෂ්ඨ පාලකයා විනාසයට මුලයි-UNP

දේශපාලනඥයා සිතනුයේ ඊලග මැතිවරණය පිලිබදවය. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා සිතනුයේ ඊලග පරපුර පිලිබඳවය -කරු------

(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.05, ප.ව.2.30) 'රාජා භවතු ධම්මිකෝ' යන බුද්ධ දේශනාවේ සඳහන්ව ඇති මා හැඟි පාඨය මේ මොහොතේ රටේ මතුව ඇති තත්ත්වය දෙස කල්පනා කර බලද්දී මගේ මනසට පැමිණියේ නිරායාසයෙනි.

අකලට වැසි වසිනුයේ, ගංවතුර, දුර්භික්ෂ තර්ජන ඇති වනුයේ, පාලකයා අධාර්මික වූ බවට අදහසක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ සිදු වෙමින් තිඛෙනුයේ ද එයම නොවේ ද? එසේ පවසමින් දේශපාලන සතුටක්, වාසියක් ලැබීමේ කිසිදු අදහසක් අපට නොමැත. නමුත් මෙහි ඇති කණගාටුදායක කරුණ වනුයේ මේවාට කිසිදු සම්බන්ධයක් නොමැති අසරණ ජනතාව ඒවාහි වින්දිතයන් බවට පත්ව තිබීමය. විශේෂයෙන්ම පසුගිය දින කිහිපයේ රටේ සිදු වු ප්‍රධාන සිදුවීම් දෙස සෝදිසියෙන් අවධානය යොමු කරන විට පෙනී යන වැදගත්ම කරුණක් වනුයේ රටේ පාලකයන්ට තමන් එතැනට ගෙන ආ ජනතා බලවේගය පිලිබඳව හැඟීමක්, තැකීමක් නොමැති බව නොවේ ද?

රටේ ජනතාවට බලපාන සැබෑ ප්‍රශ්න පිළිබඳ සංවේදී වී රටේ භාරකරුවා ලෙස ඒවා විසඳීම වෙනුවට වත්මන් පාලකයින් අද කරමින් සිටිනුයේ ඒවා මුළු මනින්ම අමතක කර, කටයුතු කිරීමය. නමුත්, ජනතාව අමතක කළ පාලකයෙකු කිසිදා දිගු දුරක් ගමන් කර නොමැති බව ලෝක දේශපාලනය සාක්ෂි සපයයි. ඒ අර්ථයෙන් බලන විට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අවසානයක ආරම්භය දැන් සිදුව තිබේ.

මේ සටහන තබන මොහොත වන විට පසුගිය දින කිහිපයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් රටට අහිමි වූ ජිවිත ගණන 25 ක් පමණ වී තිබුණි. ඊට අමතරව පවුල් 7592 කට අයත් පුද්ගලයින් 33549 ක් ද රටේ දිස්ත්‍රික්ක 7 කට දැඩි බලපෑමක් ගෙන ආ මේ කාලගුණික විපර්යාසය නිසාවෙන් පීඩාවට පත්ව තිබුණි. මේ සංඛ්‍යා ලේඛණ අපට පෙන්නුම් කරනුයේ ඇතිව තිඛෙන තත්ත්වයේ බරපතලතාවයි.

ස්වාභාවික ව්‍යසන පාලනය කිරීම අතිශය දුෂ්කර රාජකාරියක් වන මුත් වගකිව යුතු බලධාරීන් නිසි ආකාරයට අදාළ දැනුවත් කිරීම් සිදු කළේ නම් මේ සා විශාල හානියක් 'ගංවතුරට' කළ නොහැකි බව අපගේ විශ්වාසයයි.

දකුණු ආසියානු කලාපයේ ස්වාභාවික විපත් අතින් තෙවනුව වැඩිම බලපෑමක් ඇති ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට වෙනමම වූ අමාත්‍යංශයක් හා ආයතනික ව්‍යහුයක් ස්ථාපිත කර ඇතිමුත් ඒවායින් සැබෑ කාර්යක්ෂම සේවාවක් සිදුවනවා ද යන සාධාරණ ප්‍රශ්නය සිදු වූ විපතේ සංකීර්ණතාව සමග ඕනෑම කෙනෙකු තුළ මතු වේ.

සරළව පැවසුවහොත් ඇති වූ 'විනාශය' පිළිබඳ අවම තරමින් අනතුරු ඇගවීමේ සංඥාවක් හෝ නිකුත් කිරීමට බලධාරීන් අසමත් වීම, කණගාටුදායකය. අනිවාර්යයෙන්ම මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් රටට අහිමි වූ ජිවිත හා සම්පත් ප්‍රමාණය මුදලට තක්සේරු කළ නොහැකිය. එසේ වුවත් මෙබඳු ස්වාභාවික ව්‍යසන නිසි ලෙස කළමනාකරණය කිරීම ආර්ථික වශයෙන් ද වැදගත් වනුයේ මෙහි ආර්ථික බලපෑමක් ද ඇති බැවිනි. 2013 වසරේ දී ආසියානු සංවර්ධන බැංකුව පවත්වන ලද වැඩමුළුවක දී අවධාරණය කර තිබුණේ ස්වාභාවික ව්‍යසන පිලිබඳ නිසි කළමනාකරණයක් නොමැති වුවහොත් 2016 වන විට මෙරට සිදු විය හැකි ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක් පමණ අහිමි වීමට එය හේතුවක් විය හැකි බව ය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට තම රට වැසියන්ගේ ජිවිත පිළිබඳ කිසිදු වගකීමක් නැති බව අප පවසනුයේ මේ තත්ත්වය තුළ ය. පසුගිය කාලයේ හදිසි ආපදා තත්ත්ව ගණනාවකටම අප මුහුණ දුන්න ද, මෙබඳු අවස්ථාවකට මුහුණදීමේ කිසිදු සැලැස්මක් රජයට නොමැති බව මෙවර ද මනාව පෙනී ගියේය. ජනතාවගේ ජීවිත පිලිබද වගකීමෙන් පිටපැනීමේ කිසිඳු සදාචාරාත්මක හැකියාවක් පාලකයෙකුට නොමැත. එය වත්මන් පාලකයන් තේරුම් ගත යුතුය.
පාලකයන් එසේ අහක බලා ගත්ත ද බුදු දහම ඇතුළු සෙසු ආගම්වලින් ලද ශික්ෂණය සහිතව තම දිවි පැවැත්ම පවත්වා ගෙන යන බහුතරයක් ලාංකිකයින් මේ දුෂ්කර අවස්ථාවේ දී විපතට පත්වූවන් ට සහාය දැක්වීමට ඉදිරිපත් වූයේ තම හෘද සාක්ෂිය ප්‍රශ්න කිරිමට ඉඩ නොතබිමිනි.

දැනුමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන රටේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ අද ඇතිව ඇති තත්ත්වය ඊටත් වඩා භයංකාරය. විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාව සේම ශිෂ්‍ය ප්‍රජාව ද මේ වන විට තම අයිතීන් වෙනුවෙන් සටන් බිමට අවතීර්ණ වී සිටිති. විශේෂයෙන්ම පසුගිය දා රුහුණු විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ඇති වූ තත්ත්වය අතිශයින්ම ඛේදනීය වූ අතර, පිටස්තර බලවේග මැදිහත්ව සරසවි සිසුන්ට කළ පහර දීම විශ්ව විද්‍යාල ස්වාධිනත්වයට මේ මොහොතේ එල්ල වී ඇති බරපතළ තර්ජනයේ ප්‍රකාශනයක් විය. දැයට කිරුළ සංදර්ශනය තම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට සුදානම් වීමට එරෙහිව සරසවි සිසුහු විරෝධය පළ කළේ සම්මත ප්‍රජාතන්ත්‍රීය ආකාරයට ය. නමුත්, ඊට වගකිවයුතු බලධාරීන් ප්‍රතික්‍රියා දැක්වුයේ ඒ ආකාරයට නොවේ. දැයට කිරුළ රුහුණු විශ්ව විද්‍යාලයේ පවත්වනවාට විරුද්ධ වූ සිසුන්ට හා දෙමව්පියන්ට හැංගෙන්න තැන් සොයා ගැනීමට සිදු වන බව රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ තර්ජනය කිරීම මේ සම්බන්ධ තීරණාත්මක පියවරක් විය. 'ඉහළින්' ලද ඒ ආශිර්වාදය සමගින් රජයට සම්බන්ධ ප්‍රාදේශිය දේශපාලනඥයන් 'කඩුව' අතට ගත්තේ ඉන් පසුවය. රුහුණු සරසවි සිසුනට රජයට සම්බන්ධ ප්‍රාදේශිය දේශපාලනඥයන් ප්‍රහාර එල්ල කළේ පොලිසිය බලා සිටිය දී වීම පෙන්නුම් කළේ මෙරට පොලිස් සේවාව අද පත්ව ඇති ඛේදජනක තත්ත්වයයි. දැයට කිරුළ වැනි එකදු රැකියාවක් හෝ රටේ ආර්ථිකයට ජනනය කර නොමැති අසාර්ථක දේශපාලන ව්‍යාපෘතියක් නිසාවෙන් විශ්ව විද්‍යාල සිසුන් මේ ආකාරයට පීඩාවට පත්වීම සැබැවින්ම ඛේදනීයය.

අවසන් වරට පැවැති දැයට කිරුළ වෙනුවෙන් වයඹ විශ්ව විද්‍යාලය සම්බන්ධ කර ගත් නිසාවෙන් මාස කිහිපයක් එම විශ්ව විද්‍යාලය වසා දැමූ අතර, එබදු 'ආනිසංසයක්' තම විශ්ව විද්‍යාලයට අත් නොවීමට වග බලා ගැනීම වෙනුවෙන් රුහුණේ සිසුන් පෙරට විත් තිබුණි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයේ තත්ත්වය ද ඊට දෙවැනි නොමැත. රටේ විශ්ව විද්‍යාල ක්‍රියාවලියේ වෙනස්කම් සිදු කරත්දී ආචාර්යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කොට ඒවා කරන බවට පොරොන්දුවක් රජය මීට පෙර ලබා දී තිබිය දී එය නොතකමින් ක්‍රියා කරන බව පවසමින් ආචාර්යවරුන්ගේ සංගමය පසුගියදා වැඩ වර්ජනයක නිරත විය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එම සාධාරණ ඉල්ලීම් පිලිබඳ නිහඩ පිළිවෙතක් බලධාරීන් අනුගමනය කිරිම සහතිකවම රටේ විශ්ව විද්‍යාල පද්ධතියේ ස්ථාරවරත්වයට කරන බලවත් තර්ජනයකි. විශාල බුද්ධි ගලනයක් සිදු වන රටක සුවපහසු ලාබදායී රැකියා අවස්ථා සදහා විදේශගත නොවී තව දුරටත් මෙරට රැදී සිටින සරසවි ආචාර්ය ආචාර්යවරුන්ගේ ගැටළු පිලිබද ධනාත්මක ප්‍රතිචාරයක් බලධාරීන් නොදක්වයි නම් එය පැහැදිලිවම අවසාන විග්‍රහයේදී රටට කරන ද්‍රෝහිකමකි. විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය 2012 වසරේ සිට නොකඩවා තම ඉල්ලීම් අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒවාට කන් දීම වෙනුවට කරන්නට සෙසු බොහෝ වැඩ තමනට ඇති බව රජය දිගින් දිගටම පෙන්වමින් සිටියි. ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන බවට පාරම්බාමින් සිටින රජයක් රටක බුද්ධිමතුන්ට සලකමින් සිටිනුයේ ඒ ආකාරයට ය.

මේ සියළු සිදුවීම්වලින් පැහැදලිවම පෙනෙන්ට ඇත්තේ රජයක් ලෙස වත්මන් පාලනයට ඇති නොහැකියාවේ තරමය. වෘත්තිමයභාවය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිලිබද ගැටළුවය. 'දේශපාලනඥයා කල්පනා කරනුයේ ඊලග මැතිවරණය පිලිබදවය. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා සිතනුයේ ඊලග පරපුර පිලිබඳව ය'. ඒ සුප්‍රකට කියමන මේ අවස්ථාවේ මට සිහි වේ. කිසිදු වෘත්තිමය භාවයක් රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් නොමැති වත්මන් රජය රටේ සාමාන්‍ය ජන ජීවිත පිලිබඳ සැලකිලිමත් වෙමින් රටේ මතු පරපුර පිලිබද අවධානය යොමු කරමින් කටයුතු නොකිරිම පිලිබද එක් අතකින් අප පුදුම නොවිය යුත්තේ එය ඔවුන්ගේ ක්‍රමය නොවන බැවිනි.

-කරු ජයසූරිය-
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතුමා දෙපැත්තට පිණුම් ගැහුවේ “රාජතාන්ත්‍රිකයා හොද කරණම් රිළවෙකි“ කියල කොහේ හරි තිබ්බ නිසා වෙන්න ඇති.......
    මේ කතාව වුණත් කීවේ කටෙන් ද නැත්තං අධෝ මාර්ගයෙන් ද දන්නේ නෑ.........
    ලොල්......
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එතුමා දෙපැත්තට පිණුම් ගැහුවේ “රාජතාන්ත්‍රිකයා හොද කරණම් රිළවෙකි“ කියල කොහේ හරි තිබ්බ නිසා වෙන්න ඇති.......
    මේ කතාව වුණත් කීවේ කටෙන් ද නැත්තං අධෝ මාර්ගයෙන් ද දන්නේ නෑ.........
    ලොල්......

    අනේ යකෝ දැන් තියෙන දුර්දාන්ත අසම්මජාති පාලනය හින්දා තමයි රටට හෙන වැදිලා තියෙන්නේ.කොටි ඉන්න කාලෙත් මීට වඩා හොඳට මිනිස්සු සන්‍තෝෂෙන් උන්නා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ යකෝ දැන් තියෙන දුර්දාන්ත අසම්මජාති පාලනය හින්දා තමයි රටට හෙන වැදිලා තියෙන්නේ.කොටි ඉන්න කාලෙත් මීට වඩා හොඳට මිනිස්සු සන්‍තෝෂෙන් උන්නා
    උඹ වගේ කොටින්ට දෙක පුන උන් නේහ්....????
    මම හිතුව හරි...අධෝ මාර්ගයෙන් තමා කතා කරන්නේ........:dull::dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ යකෝ දැන් තියෙන දුර්දාන්ත අසම්මජාති පාලනය හින්දා තමයි රටට හෙන වැදිලා තියෙන්නේ.කොටි ඉන්න කාලෙත් මීට වඩා හොඳට මිනිස්සු සන්‍තෝෂෙන් උන්නා
    :rofl::rofl::lol: thama ridenawa neh pba maruna ekata
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    UNP ආන්ඩුව කාලේ මෙ රට කොච්චර හොදද . ආන්ඩුව 1977 දී දිනපු ගමන් විරුද්ද පාක්සිකයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කෑවුම් කිරිබත් කෙසෙල්ගෙඩි කිරි තේ අරගන ඈවිත් තමයි සන්ග්‍රහ කෙරුවෙ , ඉට පස්සේ 1994 වෙනකම්ම රට කිරිපෑනියෙන් ඉතුරුවා කිසිම මනුස්සයෙක් මෑරුනේ නෑහෑ නිකරුනෙ ස්වාබවික හේතු වලට විතරයි මෑරුනේ .රටෙ කිසිම හොර මෑර කමක් සිද්දවුනේ නෑහෑ කොච්චර හොද කලයක් ද ඒ කාලේ දෑන් ඉන්න පොඩි අය ඒ ගෑන දන්නේ naehaenea
     
    Apr 8, 2014
    1,411
    35

    ඔවු බන් කිසිම මනුස්සයෙක් මැරුනෙ නැ. ස්වාබාවිකව මැරුනෙ. බෝම්බයකට අහුවෙලා වුනාට හරිම ස්වාබවික විදිහට තමයි රණසිංහ ප්‍රෙමදාසයාගේ හුස්ම ටික ගියෙ. හොස් ගාලා ගියෙ. මම දැක්කානෙ බන්. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    UNP ආන්ඩුව කාලේ මෙ රට කොච්චර හොදද . ආන්ඩුව 1977 දී දිනපු ගමන් විරුද්ද පාක්සිකයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කෑවුම් කිරිබත් කෙසෙල්ගෙඩි කිරි තේ අරගන ඈවිත් තමයි සන්ග්‍රහ කෙරුවෙ , ඉට පස්සේ 1994 වෙනකම්ම රට කිරිපෑනියෙන් ඉතුරුවා කිසිම මනුස්සයෙක් මෑරුනේ නෑහෑ නිකරුනෙ ස්වාබවික හේතු වලට විතරයි මෑරුනේ .රටෙ කිසිම හොර මෑර කමක් සිද්දවුනේ නෑහෑ කොච්චර හොද කලයක් ද ඒ කාලේ දෑන් ඉන්න පොඩි අය ඒ ගෑන දන්නේ naehaenea
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද ආණ්ඩුවේ අහිංසක මිනිස්සු සිය ගානක් මිනීමරාපු මැරයන් ඉන්නවා.අතිශයින්ම දූෂිත මිනිමරුවන් පල් හොරුන් මේ ආන්ඩුව තුල ඇමතිකම් දරමින් සිටිනවා.ඒ විතරක් නෙවෙයි සීරියල් කිලර්ස්ලා පවා ඉන්නවා. මේක මහින්දම විතරක් නෙවෙයි. තව හුඟක් මැති ඇමතියන් ඉන්නවා.මහ දවල් මිනීමරපු දුමින්දයා ඉන්නවා.කුඩු ගෙනාපු අගැමතියා ඉන්නවා.නිලියන් එක්ක නිදිවදින වෙල්ගමයා ඉන්නවා.අමුඩේ ගහගෙන ඇවිල්ලා ප්‍රකෝටිපතියන් වුන ඇමතියන් ඉන්නවා.මේ වගේ මිනීමරු දූෂිත අය තමන්ගේ රටේ නායකත්වයේ තියාගනිමින් උන්ට උදව් කරමින් සිටින ජනතවකට සහ ඒ ගැන කිසිම දෙයක් නොකරමිනි සිටින නිවට මිනිසුන්ට දෙවිවරුන් පහර දෙනවා.මොකද ලොක්කන්ගෙම වරදක් නෙවෙයි.උන්ව තියාගෙන සිටින ජනතාව තමෛ ඒකේ වගකීම දරන්න ඕන.ඒක නිසා කෝප වුන නාථ ,කැප්පටිපොල දු‍ටුගැමුනු සුමන සමන් ,ධර්මපාල වගේ බෞද්ධ දෙවිවරුන් එකතු වෙලා මේ කරන පහරදීමක් තමයි අද පේන්නේ.
     
    අම්මපා එහෙමද බන්:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් ඔව් කොහොම හරි දඟලලා UNP එවුන්ට ආයෙත් රජකම අරන් දෙමු මහින්ද කාල ඉතුරු කරපු ටිකත් කාලම දාන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ආණ්ඩුවේ අහිංසක මිනිස්සු සිය ගානක් මිනීමරාපු මැරයන් ඉන්නවා.අතිශයින්ම දූෂිත මිනිමරුවන් පල් හොරුන් මේ ආන්ඩුව තුල ඇමතිකම් දරමින් සිටිනවා.ඒ විතරක් නෙවෙයි සීරියල් කිලර්ස්ලා පවා ඉන්නවා. මේක මහින්දම විතරක් නෙවෙයි. තව හුඟක් මැති ඇමතියන් ඉන්නවා.මහ දවල් මිනීමරපු දුමින්දයා ඉන්නවා.කුඩු ගෙනාපු අගැමතියා ඉන්නවා.නිලියන් එක්ක නිදිවදින වෙල්ගමයා ඉන්නවා.අමුඩේ ගහගෙන ඇවිල්ලා ප්‍රකෝටිපතියන් වුන ඇමතියන් ඉන්නවා.මේ වගේ මිනීමරු දූෂිත අය තමන්ගේ රටේ නායකත්වයේ තියාගනිමින් උන්ට උදව් කරමින් සිටින ජනතවකට සහ ඒ ගැන කිසිම දෙයක් නොකරමිනි සිටින නිවට මිනිසුන්ට දෙවිවරුන් පහර දෙනවා.මොකද ලොක්කන්ගෙම වරදක් නෙවෙයි.උන්ව තියාගෙන සිටින ජනතාව තමෛ ඒකේ වගකීම දරන්න ඕන.ඒක නිසා කෝප වුන නාථ ,කැප්පටිපොල දු‍ටුගැමුනු සුමන සමන් ,ධර්මපාල වගේ බෞද්ධ දෙවිවරුන් එකතු වෙලා මේ කරන පහරදීමක් තමයි අද පේන්නේ.
    mata ara oriyan hutamaanan ge goo ganda enawane ban meken.....mokada ei????????:lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    UNP ආන්ඩුව කාලේ මෙ රට කොච්චර හොදද . ආන්ඩුව 1977 දී දිනපු ගමන් විරුද්ද පාක්සිකයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කෑවුම් කිරිබත් කෙසෙල්ගෙඩි කිරි තේ අරගන ඈවිත් තමයි සන්ග්‍රහ කෙරුවෙ , ඉට පස්සේ 1994 වෙනකම්ම රට කිරිපෑනියෙන් ඉතුරුවා කිසිම මනුස්සයෙක් මෑරුනේ නෑහෑ නිකරුනෙ ස්වාබවික හේතු වලට විතරයි මෑරුනේ .රටෙ කිසිම හොර මෑර කමක් සිද්දවුනේ නෑහෑ කොච්චර හොද කලයක් ද ඒ කාලේ දෑන් ඉන්න පොඩි අය ඒ ගෑන දන්නේ naehaenea

    මීට අවුරුදු විස්සකට තිහකට කලින් වුන දේවල් ගැන දැන් කතා කරලා වැඩක් නෑ සොන්නයො. දශක ගානකට කලින් වුන දේවල් ගැන දොඩවන්නේ නැතිව අනාගතය ගැන කතා කරමු.ජේ ආර් ජයවර්ධන 1977 ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගන්න උත්සහ කරේ අවංක අරමුනෙන්.ජේ ආර් තරම් බෞද්ධ ධර්මය ගැන දැනුමක් තිබුන නායකයෙක් මේ දක්වා ඉඳලා නෑ.මහින්දලා ප්‍රේමදාසලා වගේ අය මල්වට්ටියක් අරගෙන යන එකට වඩා බෞද්ධ කමක් දන්නේ නෑ.නමුත් ජේ ආර් කියන්නේ බුදු දහම ගැන පතල දැනුමක් තිබුන කෙනෙක්.ඒ විතරක් නෙවෙයි එය ලංකාව තුල ඇති කරන්න උත්සහ කරපු කෙනෙක්.නමුත් 1980 මාක්ස්වාදීන්සහ සිරිමලා වැඩ වර්ජනයක් ඇති කරලා ඒක කඩාකප්පල් කරන්න උත්සහ කරා.බැරි වුන තැන 1983 ජාතිවාදි කෝලාහලා කරලා රට අඩාල කරා.ඊට පස්සේ කොටි සහ ජේවීපි එක හරහා ජේ ආර්ට පහර දුන්නා.ඒක නිසා රට තුල එක්සත් ජාතික පක්ෂයට ලේසියන් ඇති කරන්න පුලුවන් වුන බෞද්ධ පුනරුදය සහ දියුනු සමාජ තලය ඇති කරන්න නොහැකි වුනා.
     
    Last edited: