මැදමුලාන චිකාගෝවක් වෙලා-මංගල සමරවීර

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මැදමුලාන චිකාගෝවක් වෙලා-මංගල සමරවීර

images
Eka_Adipathi_pos_LeN_08.09.10_1.jpg

LikeClose

Lankaenews
3 hours ago
තංගල්ල චිකාගෝවක් වෙලා: මිනීමැරුම් පිටුපස 'God Father' 'God Son' හෝ 'God Uncle' සිටිනවා -මංගල----
සනත් ජයසූරිය මැරයෙක් වී ඇති නිසා ක්‍රීඩාංගනයෙන් ඔහුගේ නම ඉවත් කරන්න-

(ලංකා ඊ නිව්ස් -2014.ජුනි.05, ප.ව.5.30) වර්තමානයේ සිදුවන මිනීමැරුම් පිටුපස 'God Father' මෙන්ම 'God Son' සහ 'God Uncle' ද සිටින බව එජාප නායකත්ව මණ්ඩල සමාජික පා.ම. මංගල සමරවීර පවසයි. ලෝකයේ අලූත්ම චිකාගෝ නගරය බවට තංගල්ල නගරය පත්ව ඇතැයිද රජයේ ප්‍රධානීන්ට විරුද්ධව කතා කරන සහ ක්‍රියා කරන අයව ඒ නගරයේදී පොලිසිය සහ මහජනතාව බලා සිටියදී මහ දවල් ඝාතනය කරන බවද මංගල සමරවීර වැඩි දුරටත් පවසයි. ඔහු මෙසේ කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය. එහිදී මංගල සමරවීර මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

'' ප්‍රභාත් චන්දන නම් පෞද්ගලික බස් කොන්දොස්තර මහතා ඊයේ 04 වෙනිදා මහ දවල් ඔලූවට වෙඩි තබා ඝාතනය කෙරුනේ රටේ ජනාධිපතිවරයාගේ නිවසට මායිම්ව අධි ආරක්ෂිත කලාපයේ පිහිටා තිඛෙන තංගල්ල බස් නැවතුම් පොලේ දී. ජනාධිපතිවරයාගේ නිවස මේ ස්ථානයේ පිහිටා තිඛෙන නිසා අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිඛෙන මේ කලාපයේ පොලිසිය හමුදාව සහ රහස් ඔත්තුසේවා නිලධාරීන් විශාල පිරිසක් සිටියදී ඝාතකයන් මේ ඝාතනය සිදුකර නිරුපද්‍රිව පලා ගියේ කෙසේ ද?

නිල් බලකායෙන් කැඩී ගොස් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විවේචනයට ලක් කළ අමිල රාජපක්ෂ මහතා තංගල්ල අධිකරණයේ නඩුවකට පැමිණි අවස්ථාවේදී ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමට ඝාතකයන් පිරිසක් උත්සාහ කළත් ඒ උත්සාහය ව්‍යර්ථ වූ බව අප කවුරුත් දන්නවා.

මේ අමිල රාජපක්ෂ නමැත්තා සිටින ස්ථානය දන්නවා දැයි ඝාතකයන් ප්‍රභාත් චන්දන නමැති කොන්දොස්තරවරයාගෙන් විමසා ඇති අතර ඔහු සිටින ස්ථානය නොදන්නා බව කියා සිටිනවාත් සමගම 'ඌ උඹේ හොඳම යාලූවා නේදැයි' ප්‍රශ්න කරමින් ඝාතකයන් කොන්දොස්තරවරයාගේ ඔලූවට වෙඩි තබා පළා ගිය බව සිද්ධිය ඇසින් දුටු අය කියා සිටියා.

මේ ඝාතන මෙහෙයැවූයේ පල්ලිකුඩාවේ උක්කුවා හෙවත් උක්කුං මල්ලී සහ මූර්ති කොඩිතුවක්කු බව අප වගකීමකින් යුතුව කියන අතර මේ ඝාතන සැලසුම ගැන තංගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා දන්නා බවද කිව යුතුයි. එමෙන්ම පල්ලිකුඩාවේ උක්කුවා හෙවත් උක්කුං මල්ලී කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සමීපතම ගෝලයෙකු බව අප වගකීමෙන් කියනවා.

එ.ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 2012 වාර්තා අනුව අවුරුද්දකට අපේ රටේ සිදුවන්නේ මිනීමැරුම් 720 ක් නමුත් මේ කියන මිනීමැරුම් වාර්තා නොවන මිනීමැරුම් සහ සුදු වෑන් පැහැර ගැනීම් ද අනුව මේ වන විට අවුරුද්දකට මිනීමැරුම් 2000 ඉක්මවා සිදුවන බව පැහැදිලියි.

මේ මිනීමැරුම් පිටුපස සිටින 'God Father' කවුද කියා ජනතාව ප්‍රශ්න කරන අතර සමහරුන් ප්‍රශ්න කරන්නේ මේ මිනීමැරුම් පිටුපස 'God Son' සිටිනවාද කියායි. තවත් සමහරුන් අසන්නේ මේ මිනීමැරුම් පිටුපස 'God Uncle' සිටිනවා ද කියායි. බොහෝ අය කියා සිටින්නේ මේ සියළු ඝාතන පිටුපස 'ගෝඩ් ෆාදර්', 'ගෝඩ් සන්' සහ 'ගෝඩ් අන්කල්' සිටින බවයි.

ශ්‍රී ලංකාව ලෝකයේ මිනීමැරුම් රාජධානිය බවට පත් කර තිඛෙනවා. ඒකාධිපති රෙජීමය යටතේ ආණ්ඩුවේ ඉහලට යන්න මැර බලය යොදා ගැනීම සහ පාවිච්චි කිරීම හොඳ සහතිකයක් බවට පත් කර තිඛෙනවා. සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට නියෝජ්‍ය ඇමැතිවරයෙක් වීමටත්, නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ඇමැතිවරයෙකු වීමටත් අවශ්‍ය නම් තමා හොඳ මැරයෙකු බව ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඔප්පු කළ යුතු තත්ත්වයක් උදා වෙලා.

හේමාල් ගුණසේකර නියෝජ්‍ය ඇමැතිවරයා දකුණු අධිවේගී මාර්ගයේදී රාජකාරිය නිසිලෙස ඉටු කළ පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කර තිඛෙන අතර ඊට පසුව ඔහු ගමන් ගත් කාරය ගිනි තබා විනාශ කර ඔහුට පහරදුන්නා. ඒ කාලයේ මා දැනගෙන සිටි හේමාල් ගුණසේකර නම් මෙවැනි මැර දේශපාලකයෙකු නොවෙයි. සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුව සිට බොහෝම අමාරුවෙන් නියෝජ්‍ය ඇමැතිකමක් ලබා ගත් ඔහුට ඇමැතිධූරයකට උසස් වීම සඳහා සුදුසුකම් පෙන්වීමට මේ මැර කි්‍රයා කිරීමට සිදුව තිඛෙනවා විය හැකි
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry:
     
    මොන කුනුහරුපයක්ද මේ.සිංහලේන් කියපන්කො:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry:

    පරම සත්‍යයකි...පරම සත්‍යයකි....මෙවැනි නීච උගුඩුවන්ට හෙලුවෙන්වත් වැනීමට නොහැක්කේ උන්ගේ ඇති අඳබාල කමට බව පෙනේ... මෙවැනි කණහිලුන්ට සාධු චර්යා කිය‍ාදෙනවාට වඩා ගෙම්බන්ට දත් ගැලවීම ඉගැන්වීම යහපති :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    චිකාගෝ වූකලි එක්සත්ජනපදයේ ප්‍රධානතම නගර වලින් එකකි. මංගල මයා ලංකාවේ ගමෙහ් නගරයක් වූ තන්.ගල්ල චිකාගොවට සමාන කිරීමෙන් පෙනියනුයේ තන්.ගල්ලේ අද ලබා ඇති දියුණුව නොවෙද. කාසිනෝ ආ විට එතුමා කොළඹ ලාස් වෙගාස් වලට සමාන කොට පෙන්වනු ඇත.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තංගල්ල පාතාල භීතියට
    ආමි අමිලගේ සගයා බිලි
    මහ දවල් 12 ට නගරය යුද පිටියක්‌ වෙයි

    හේමන්ත රන්දුණු සහ පද්මසිරි ගාර්දියවසම්

    තංගල්ල නගරයට ඊයේ (4 වැනිදා) දහවල් 12 ට කඩා වැදුණු ස්‌වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු පාතාල ප්‍රබලයකු වන ආමි අමිල නමැත්තාගේ සමීපතමයකු බව කියනා තරුණයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදීම පලාගොස්‌ ඇත.තංගල්ල ප්‍රදේශයේ පාතාල ප්‍රබලයකු වූ ආමි අමිල නමැත්තාටද මීට දින කීපයකට උඩදී තංගල්ල අධිකරණය ඉදිරිපිටදී නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකු වෙඩි තැබූ අතර ඔහු බරපතළ තුවාල ලබා දිවි ගලවා ගත්තේය. ආමි අමිල රෝහල්ගතව සිටියදී දින ගණනක්‌ තිස්‌සේ ඔහුගේ සාත්තුවට සිට ඇත්තේ ඊයේ ඝාතනයට ලක්‌වූ මෙම තරුණයාය.

    පාතාල කණ්‌ඩායම් දෙකක්‌ අතර කලක පටන් පවතින ආරවුලක්‌ මෙම වෙඩි තැබීම්වලට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

    ඊයේ දහවල් 12.00 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්‌වූයේ 34 හැවිරිදි ප්‍රභාත් චන්දන නමැති අයෙකි. බස්‌ රථ කොන්දොස්‌තරවයකු වූ මොහු දෙදරු පියෙකු බව පොලිසිය පවසයි.

    තංගල්ල ප්‍රදේශය භීතියට පත්කර ගෙන සිටි ආමි අමිල නමැත්තාගේ සමීපතමයකු බව කියන ප්‍රභාත් චන්දන වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ බස්‌ රථයකට මගීන් ගොඩ කරමින් සිටියදීය.

    ආමි අමිල නමැති පාතාල ප්‍රබලයා මීට සති කීපයකට උඩදී තංගගල්ල අධිකරණය ඉදිරිපිටදී නාඳුනන සන්නද්ධ පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්‌වූයේ නඩුවකට ඉදිරිපත් වී ආපසු යමින් සිටියදීය.

    එහිදී බපරතළ තුවාල ලැබූ ආමි අමිල දිවි ගලවා ගත්තේ දින ගණනාවක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමෙනි. ආමි අමිලගේ කල්ලියට විරුද්ධ පාතාල කණ්‌ඩායමක්‌ විසින් මෙම ඝාතන සිදුකරන බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

    එහෙත් මෙම වෙඩි තැබීම්වලට සම්බන්ධ සන්නද්ධ පුද්ගලයන් කිසිවකු මේවන තුරු අත්අඩංගුවට ගෙන නොමැත.

    ඝාතනයට ලක්‌වූ ප්‍රභාත් චන්දන ඊයේ දහවල් 12.00 ට පමණ තංගල්ල බස්‌ නැවතුම් පළ අසල බස්‌ රථයකට මගීන් ගොඩ කරමින් සිට ඇත.

    ඒ අවස්‌ථාවේ මුහුණු ආවරණය කරගත් හිස්‌ වැසුම් පැළඳ යතුරපැදියක පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්‌ එක්‌වරම ප්‍රභාත් චන්දනගේ හිසට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්‌වූ ප්‍රභාත් චන්දන සිද්ධිය වූ ස්‌ථානයේම මිය ගියේය. මෙම සිද්ධිය වන අවස්‌ථාවේ තංගල්ල බස්‌ නැවතුම් පළේ විශාල පිරිසක්‌ සිට ඇති අතර ඔවුන් භීතියට පත්ව හිස්‌ලූලූ අත දිවගොස්‌ තිබේ.

    තංගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry:

    උඹ මොකක් හරි නිවුස් පේපර් එකකද ජොබ් එකක් කරන්නේ