හිතට ලොකු සතුටක් දැනෙයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිතට ලොකු සතුටක් දැනෙයි

    10419559_839849506043148_6297726351911471905_n.jpg


    ගෙදර හිටිය කාලේනම් කුරුල්ලොන්ට ලේනුන්ට කන්න දාන්න වෙනමම තැනක් හදල තිබුනා.:):) හැමදාම අහක්කරන බුද්ධ පූජාව කන්න ලේන්නු, ගිරව්, මයිනෝ, දෙමලිච්චෝ, කොහාලා, කොබෙයියෝ, කොට්ටෝරුවෝ වත්ත පුරා පදින්චිවෙලා හිටියා.:love::love: ඒවගේම ගහක පලතුරක් හැදුනත් ලෝබ නැතිව පොඩ්ඩක් හරි ගහේම ඉතුරුකළා සත්තුන්ටත් කන්න. පුලුවන්නම් ඔයාලත් කරන්න. ඒ සත්තු ආසාවෙන් බඩපුරෝගන්නකොට හිතට ලොකු සතුටක් දැනෙයි.:)
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උදේම මෙ වගෙ දෙයක් කියවන්න ලැබුනම දවසම හොදයි ,just sayn :) ela :)
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර අපේ තාත්තලා නම් වෙලේ හොටහක් අයින් කරනවා "කුරුලු පාලුව" කියලා, දැන් නම් එහෙම කරනවද මන්දා. උනුත් කන්න බොන්න ඔනනේ. ගිය පාර ගමේ ගිය වෙලේ තාත්තා කිව්වා, ඉඩොරෙට සැහෙන්න මයිනො එහෙම මැරුනලු වතුර නැතුව, අම්මා උන්ට නාන්න කියල කොරහක වතුර තියලා තියනවා හැමදාම පිලිකන්නේ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සන්තෝසේ ලඟින් තියන්න බෑ......

    ඉස්සර අපේ තාත්තලා නම් වෙලේ හොටහක් අයින් කරනවා "කුරුලු පාලුව" කියලා, දැන් නම් එහෙම කරනවද මන්දා. උනුත් කන්න බොන්න ඔනනේ. ගිය පාර ගමේ ගිය වෙලේ තාත්තා කිව්වා, ඉඩොරෙට සැහෙන්න මයිනො එහෙම මැරුනලු වතුර නැතුව, අම්මා උන්ට නාන්න කියල කොරහක වතුර තියලා තියනවා හැමදාම පිලිකන්නේ..

    ඉතින් උබ දැන් කොහෙද ඉන්නේ... ඔය ඉන්න දිහැවේ කරන්න බැරිද?
    කුරුලු පාලුව ගොවිතැන් කරන පරන මිනිස්සු තාමත් කරනව මචන්. දැන් ඉන්න උන්ට මොන කුරුලුපාලුද.:dull: මේ රටවල් ආසියා රටවල් වගේ නෙමෙයි බං සත්තුත් එකයි මිනිස්සුත්:angry::angry: එකයි ඔක්කෝම මෙලෝ රහක් නෑ.:angry::angry: පාං, බත් කන කුරුල්ලෙක් ඇහැකට දකින්න නෑ. ඊයේ උදේ ඉතිරිවුන ෆ්‍රෙන් බ්‍රෙඩ් එකක් විසික්කරන්න දුකට ගහක ගහල ගියා, අදටත් මෙලෝ යකෙක් කාලනෑ.:angry::angry: වෙන එකක් තියා මෙහේ ඉන්න බල්ලෙක්ට පූසෙක්ට කරවල කෑල්ලක් මාලු කෑල්ලක් දුන්නත් ඉවකරලා අහකබලාගන්නව. ඔක්කෝම කන්නේ කැට් ෆුඩ් ඩෝග් ෆුඩ් විතරයි. සත්තු ඉඳලා වෙනස්වෙලා.:(

    පලතුරු ඉඳලා ඔහේ ඉදිලා කුනුවෙලා යනවා, එකෙක් කටේ තියන් නැතිව, ඒකට ලංකාවේ, හොඳ පලතුරුගෙඩියක් උදේට අහම්බෙන් හරි මිස්වුනොත් අඩුගානේ රෑට වවුලෙක් හරි අන්ත්‍රස්දාන කරල දානව :)

    මං මේවෙනකන් පාං කන කුරුල්ලෙක්ට දැකලතියෙන්නේ තාරාවෝ හන්සයෝ පරවියෝ වගේ ටිකදෙනයි. ගොඩක් උන්ට මම දෙන්නේ බර්ඩ් සීඩ්ස්. ඒකනං ටිකක් කනව ඒත් බත් කැටයක් අතට අරං ලෑටිගාන ලේනෙක්, ගිරවෙක් දකිනකොට එන සන්තෝසේ ලඟින් තියන්න බෑ......:(

    පුලුවන් ඔක්කෝටම +5 ගානේ දුන්නා. අනික් අ‍යට දෙන්න බෑලු.:dull:
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කුරුල්ලෝ නං කොහෙන් හරි කෑම හොයාගෙන කනවා.එකනේ උන් වැඩිය මිනිස්සුත් එක්ක රැඳෙන්නේ නැත්තේ.උන් ස්වාධීනයි.ඒත් බල්ලොන්ට එහෙම මිනිස්සු තමයි කන්න දෙන්න ඕනේ.උන් කන දේවල් දෙන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි.ඒකනේ මිනිස්සුන්ට ආදරේ කර කර පස්සෙන් එන්නේ.ඔය පාරේ ඉන්න බල්ලොන්ට කන්න දෙන එක නං ලොකු පිනක්:)