තනියම Logos Design කරගමුද?

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    තනියම Logos Design කරගමුද?

    එළකිරි යාලුවන්ට මැතක ඇති නේද මම කලින් දුන්නු Photography Learning Tutorial සෙට් එක. ඒ වගේම එකක් තමයි අද දෙන්න යන්නේ. මම එළකිරියේ කැරකෙද්දී දැකපු දෙයක් තමයි ශත දශම ගණන් වලට ක‍ටු කාගෙන ඇඩ් ක්ලික් කරලා කීයක් හරි හොයා ගන්න දඟලන කොල්ලෝ ගොඩක් මේකේ ඉන්නවා. මොනා උනත් තමුන්ගෙම කියලා කීයක් හරි හොයා ගන්ට දරණ ඒ උත්සාහයට ගරු කෙරුවත් ඒ මඟින් තමුන්ට වැය කරන කාලෙට සාපේක්ෂව වටිනා ඵලදායී මුදලක් ලබා ගන්න බැහැ නේද? එහෙනම් එහෙම ඵලදායීතාවයක් ලබා ගන්ට නම් freelancer, fiver, Odex වගේ සයිට් එකක බැහැලා වැඩ කරන්න ඕනේ. ඒත් එහෙම තැනක වැඩක් කරගන්නවත් තමුන්ගේ ග්‍රැ‍ෆික් පැත්තේ දැනුම ප්‍රමාණවත් නැත්නම් ඒ වැඩෙත් හරි යන්නේ නැහැ. නමුත් ආර්ථික ගැටලු තිබෙන පවුල් වල අය ඉන්නවනම් ඔය පාඨමාලා හදාරන්න දහස් ගණනින් මුදල් වැය කරන්ටත් නැත්නම් අර ඇඩ් ක්ලික් කර කරා තඹ දොයිතුවක් හොයාගෙන දුක සේ ඉන්න වෙන්නේ.එහෙමත් නැත්නම් තමුන්ගේ රස්සාවත් එක්ක, අධික කාර්‍යය බහුලතාව එක්ක ඔහොම දෙයක් ඉගෙන ගන්න පන්තියකට යන්න කාලය නැති නමුත් ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනෙක්ට උනත් මේක ප්‍රයෝජනවත්. පැය ගණන් සොච්චමකට වැඩ කරලා වෙන ආයතන පොහොසත් කලා ඇති. අදම ඒ වැඩේට තිත තියන්නයි මේ අව්‍යයාජ උත්සාහයක් මම ගනු ලබන්නේ. අදත් දෙන්න යන්නේ Adobe Illustrator CC One-on-One කියන ඉගැන්වීම් පාඨමාලාව. Adobe Illustrator ගැන කියනවනම් ගොඩක් Logos designs කරන්න පුලුවන් ඉදිරියෙන්ම සිටින මෘදුකාංගය තමයි මේක. හරියට ඉගෙනගෙන පුරුදු පුහුණු වෙලා තමුන්ටම පුලුවන් නම් Fiver, Odex, Freelancer වගේ වෙබ් අඩවියක මදක් වටිනා කමක් ඇති මුදලකට තමුන්ගේ මහන්සිය අලෙවි කරගන්ට කොච්චර හොඳද කියා ඔබට සිතේවි. එහෙනම් අද දෙන්නෙත් කලින් දුන්නා වගේම පණ දාගෙන ඇස් කණ කරගෙන කියවන්න වෙන කම්මැලි PDF eBook එකක් එහෙම නෙමෙයි. Lynda.com කියන වෙබ් අඩවිය මඟින් මුදල් ගෙවලා ලබා ගතයුතු Deke McClelland කියන පුද්ගලයා විසින් පියවරෙන් පියවර උගන්වනු ලබන Video tutorials set එකක්. Lynda ගේ වැඩ ගැන දන්නවනේ. ඉතින් සුපිරිම තමයි. මේ ටියුටෝරියල් සෙට් එක Fundamentals, Intermediate, Advanced සහ Mastery කියලා ක්‍රමාණුකූල පියවර 4 කින් සමන්විත පාඩම් මාලා 43 කින් සමන්විතයි. මුලු ප්‍රමාණය 9 GB විතර වෙනවා ප්‍රමාණය නම්.


    2a850y1.jpg



    119ulwj.jpg



    ඉතින් මොකක්ද මේකේ තියෙන විශේෂත්වය. ටොරන්ට්ස් වලින් මේ 9 GB ප්‍රමාණයක් බාගන්න ගියොත් දවස් කීයක් යාවිද ඉතාම අඩු seeds ගණනාවක් යටතේ තියෙද්දි. ඒ නිසා අද දෙන්නේ මම විසින් Firedrive වලට Upload කරලා මේ සියලු කොටස් හතරම Direct Links ලෙස Download කර ගැනීමට අවස්ථාවක්. එහෙනම් තවත් බලාගෙන ඉන්න එපා. Dialog Time based 50 package එකවත් දාගෙන සීමිත දත්ත ප්‍රමාණ සම්ම්නග අන්තර්ජාල පහසුකම් ඇති උන් කැමති නම් Download කරගෙන ප්‍රයෝජනයක් ගනිල්ලා. මෙන්න කොටස් හතර ලින්ක් එක උඩ ක්ලික් කරලා IDM එකෙන්ම සට සට ගාලා බා ගනිල්ලා.

    එහෙනම් වැඩක් ගනියි කියලා හිතනවා. මචංලා මේක Firedrive Upload කරලා තියෙන නිසා ඕනේ වෙලේක Pause කරලා ආයේ එතන ඉඳන් Download කරගන්න පුලුවන්. හදිස්සියෙවත් Direct Download කරගනිද්දි මොකක් හරි ගැටලුවක් ආවොත් මගදි බාගෙට Download වෙලා තියෙද්දි ආයේ මුල ඉඳන් Download කරන්න ඩේටා නාස්ති කරන්න එපා. දන්නේ නැති අය JK Pererage මෙන්න මේ ත්‍රෙඩ් එක කියවලා නැවතුනු තැන ඉඳන් resume කරන හැටි දැනගන්න. එහෙනම් වැදගත් වෙනවනම් වෙන කාට හරිත් බලාගන්න බම්ප් එක දාගෙන යන්න. ජය වේවා....!!!!!

    කලින් එක වගේම මේ ත්රෙඩ් එකත් ටයිප් කරල දාන්න කියල දුන්නෙ අපේ "Ridila™" සහෝදරය, ඒ හින්ද මේ ත්රෙඩ් එකේ කතෘ අයිතිය සම්පුර්ණයෙන්ම එයාට යන්න ඕනෙ!! මම කලේ ටොරන්ට් එක ඩිරෙක්ට් කරල දුන්න එක විතරයි.

     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හොද වැඩක් මචන් rep ++ :):):)

    කාට හරි වටිනවනම් , ලොගො ඩිසයින්/ග්‍රැපික් ඩිසයිනින්ග් කරල ඩිසයින් ක්‍රවුඩ් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල මම කලින් දාපු ත්‍රේඩ් එකක් තියනව

    logo හදල සල්ලි හම්බ කරමුද ? #designcrowd
     
    Last edited:
    • Like
    Reactions: DIGPRIYANKARA

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළ මචං නියමයි වැඩේ. මේකේ උන් මේකේන් ප්‍රයෝජනයක් ගනීවී කියලා හිතනවා. උඹ මේ කරන වැඩේට ගොඩක් පින්. ඒකමයි කොච්චර මම කාර්‍යය බහුල උනත් තකහනියක් ත්‍රෙඩ් එකක් එහෙම්පිටින්ම ටයිප් කරලා එව්වේ ඒ ගෞරවය, කීර්තිනාමය සියල උඹට පමණක් හිමිවෙන්න ඕනේ නිසා. ජය වේවා....!!!!
     
    • Like
    Reactions: FoXm3D!A

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    niyamai machan.uba danne kenketa deyak ganna puluwan watina post.ape data paackage walin banna amarui ban okkoma.owa dvd walata gahala ganna karamayk nadda :).pay karnnam
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    niyamai machan.uba danne kenketa deyak ganna puluwan watina post.ape data paackage walin banna amarui ban okkoma.owa dvd walata gahala ganna karamayk nadda :).pay karnnam

    download karapu kaawahari allagaththanam bariwena ekak na machan :) mama torrent eka down karala direct kalaata mage PC ekata down kale na.