දසබලධාරී ගෞතම බුදුරජාණන් වහන්සේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,884
    99,138
    113
    දසබලධාරී ගෞතම බුදුරජාණන් වහන්සේ

    බොහෝ දෙනෙක් සිතා ගෙන සිටින්නේ අලුත් ම අලුත් විද්‍යාත්මක යුගයකට අප පිවිසෙමින් සිටින බවයි. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ බිහි කළ සැබෑ ම විද්‍යාත්මක යුගය අබිභවා යන්නට තවම කිසිවෙකුට හෝ පුළුවන් වුයේ නැත. තවම මේ ගතවෙන්නේ එක ම යුගයකි. එනම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය යි. එම යුගය තවම නටඹුන් වී නැත. එම යුගය තවමත් ජීවමාන යි.
    මේ කරුණ ගැන හොඳින් සිතා බලන්න. මේ වන විට ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත ජනකායක් රාමායනය අදහමින් සිටිති. රාමා – සීතා දෙවියන් අදහමින් සිටිති. නමුත් එබඳු දෙවියන් මේ මිහිපිට සිටි බවට කිසිදු ඓතිහාසික සාධකයක්, කිසිදු පුරා විද්‍යාත්මක තහවුරු කිරීමක්, තවමත් කරගන්නට ඔවුන් තවමත් සමත් වී නැත. එමෙන් ම කෝටි සංඛ්‍යාත ජනකායක් භගවත් ගීතාව තුළින් කෘෂ්ණ දෙවියන් අදහමින් සිටිති. එම දෙවියන් ද මේ මිහිපිට සිටි බවට කිසිදු පුරාවිද්‍යාත්මක සලකුණක් නැත. රාමායනයෙන් කියවෙන්නේ ‘ත්‍රෙත යුගය’ නමින් වූ යුගයක් ගැනයි. භගවත් ගීතාවේ සඳහන් වන්නේ ‘ද්වාපර’ නම් වූ යුගයක් ගැනයි. සමහර විට අතීතයේ මෙවැනි යුග තියෙන්නත් ඇති. නමුත් මේ වන විට ඒ ගැන අල්ප මාත්‍ර වූ හෝ සාධකයක් වත් ඉතිරි වී නැත. එම සියලු යුග අනිත්‍යයේ ප්‍රහාරයෙන් අතුරුදන් වී ගොස් ය. දැන් මේ අප ගතකරමින් සිටින්නේ කලි යුගය යි. මෙම කලි යුගය අර්ථවත් කරන ලද්දේ අන් කවරකු විසින් හෝ නොව ගෞතම බුදුරජාණන් වහන්සේ විසිනි.
    මේ වන විට බටහිර උගත්තු ජේසුතුමාගේ ජීවන චරිතය පවා බරපතල වාද විවාදයන්ට භාජනය කරමින් සිටිති. මෑතකදී ලොව පුරා ප්‍රචලිත වූ ඩාවින්චි කෝඩ් නවකථාව හා චිත්‍රපටය තුළින් ජේසු චරිතය මහත් ආන්දෝලනයකට ලක් කරන ලදී. ජේසුතුමා බෞද්ධ භික්ෂුවක් බවත්, කලක් ඉන්දියාවේ සිටි බවත් සඳහන් කරමින් බොහෝ පොත් පත් ලියවෙමින් තිබේ. බයිබලයේ ඇති ඉගැන්වීම් පිළිබඳ විශ්වසනීයත්වය ගැන දැන් බටහිර උගතුන් අතර නොයෙක් සැක සංකා මතු කරවන ප්‍රකාශයන් පැතිර යමින් තිබේ.
    මේ අතර අන්තවාදී මුස්ලිම් සංවිධාන විසින් ලොව පුරා කරගෙන යනු ලබන මනුෂ්‍ය ඝාතන හා නොයෙකුත් ප්‍රහාර මගින් අමුතුම අවිනිශ්චිත වටපිටාවක් නිර්මාණය කරමින් තිබේ. ලෝකයේ ඇති ප්‍රධාන සහ බලවත් ම ආගම් දෙක වන කතෝලික හා ඉස්ලාම් ආගමික බැතිමතුන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය බරපතල ලෙස නැවතත් පළුදු වෙමින් තිබෙන බව කිසිවෙකුට හෝ සැඟවිය නො හැකිය.
    මෙවන් වටපිටාවක ගිනි ගත් ලොවට සිසිලස බෙදමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගය ඉතාමත් ශාන්තව, හෙමිහිට දිලිසෙන්නට පටන් ගෙන ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය ඓතිහාසික එකකි. පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් සියයට සියයක් ම තහවුරු කරන ලද එකකි. ලෝකයෙහි කිසිවෙකුට හෝ සම්බුද්ධ ජීවන චරිතය කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නට බැරි තැනකට දැන් පැමිණ තිබේ.
    ලුම්බිනී යන ග්‍රාමය අයත් වන්නේ නේපාල රජයට යි. ඉංග්‍රීසි යුගයේ දී මෙම ග්‍රාමයේ තිබී සිටවන ලද ගල් කුළුණක් හමුවිය. එම ගල්කුළුණු අශෝක රජතුමා විසින් ය සිටවා තිබෙන්නේ. එම කුළුණේ අශෝක අක්ෂර වලින් විශේෂ දෙයක් ලියා තිබුණි. එනම් “මෙතැන ශාක්‍යමුනි බුදුරජුන් උපන් ස්ථානය යි එයට ගෞරවයක් වශයෙන් මෙම ගම්මානය අයබදු වලින් නිදහස් කරනවා.” යනුවෙනි. ඒ අසල ම පැරණි විහාරයක් තිබුණි. ජපන් රජයේ මැදිහත් වීමෙන් නේපාල පුරා විද්‍යාව මගින් එම විහාරයේ කැණීම් කරන ලදී. ඉතාමත් පරෙස්සමෙන් කැණීම් කරන ලදී. අවසානයේ දී මුළුමහත් බෞද්ධ ලෝකයා ම මවිතයට හා අප්‍රමාණ ප්‍රීතියට පත්කරවමින් ‘සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිරජ උපන් තැන‘ ඉතාම නිවැරදිව මතුවූයේ ය. මෙය තිබෙන්නේ අශෝක කුළුණට බඹ දෙක තුනක් ඈතින් සංරක්ෂණය කරන ලද ගොඩනැගිල්ල තුළ ය. දැන් මෙය ලෝකයෙහි කිසිවෙකුට හෝ කිසිසේත් බිඳලිය නොහැකි ඓතිහාසික සත්‍යයකි.
    කවර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට අයත්ව ගයා නම් වූ දිස්ත්‍රික්කයක් තිබේ. එම දිස්ත්‍රික්කයේ පැරණි උරුවෙල් දනව්ව පිහිටා ඇත. එහි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ භූමිය තවමත් සුරක්ෂිතව පවතියි. මෙම භූමි භාගය හඳුන්වන්නේ ‘බුද්ධගයාව’ යනුවෙනි. අනගාරික ධර්මපාල තුමාණන් ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් මුලු ලෝකය පුරා ම මෙම භූමිය මහත් ප්‍රසිද්ධියට පත් විය. අශෝක රජුගේ පටන් විවිධ රජදරුවන් විසින් බුදුරජුන් ලොව ජයගත් වජිරාසන භූමිය වටකොට තැනූ විහාරාංග තවමත් දකින්නට පුළුවනි. මේවායේ ඇති ඓතිහාසික සත්‍යතාවය කතා කිරීමේ දී කිසිවෙකුගේ හෝ දිව නො පටලැවෙන්නේ මෙය එතරම් ම සත්‍ය නිසා ය.
    වර්තමාන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයට අයත් බරණැසට ආසන්නයේ සාරානාත් නම් වූ භූමි භාගයක් තිබේ. සාරානාත් යන්නෙහි තේරුම ‘මුලුමනින් ම පිහිට රැකවරණය ඇති තැන’ යන්න ය. එය එදා අපගේ බුදුරජුන් පළමු ධර්ම දේශනය පවත්වා වදාළ ‘බරණැස ඉසිපතන මිගදාය’ යි. මෙහි සෙල් ලිපි තුළින් දම්සක් පැවතුම් සූත්‍රය මතු විය. එම සූත්‍රය දෙසා වදාළ තැන ඉතාම නිවැරදිව පුරා විද්‍යාත්මක ගවේෂණ තුළින් සියයට සියයක් ම තහවුරු කොට තිබේ. මෙය ද ඓතිහාසික සත්‍යයකි.
    උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ ම කුසීනගර් නමින් ගමක් තිබේ. එහි ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ භූමිය වන ‘කුසිනාරාවේ පාවා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයන’ පිහිටියේ ය. මෙය ද පුරා විද්‍යාත්මක ගවේෂණ තුළින් ඉතාමත් ම නිවැරදි ලෙස තහවුරු කොට තිබේ. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අනුස්මරණීය ස්ථාන හතර ම ලොව ආගමික උන්මත්තකයින්ගේ පීඩාවන්ට මොනතරම් හසු වී ගිය ද, තවමත් ඒවා සුරක්ෂිත වී තිබීම බුදුරජුන්ගේ ම ආශ්චර්යයක් විනා අන් කුමක් ද?
    එපමණක් ද නොවේ, ඕනෑම කෙනෙකුට කිසිදු සැකයකින් තොරව සර්වඥ ධාතූන් වහන්සේලා අදත් සියැසින් දැක්ක හැකිය. නවදිල්ලි නගරයෙහි පිහිටි ඉන්දීය ජාතික කෞතුකාගාරයෙහි ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව එම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය පිණිස තබා ඇති ආකාරය ඕනෑම කෙනෙකුට දැක්ක හැකිය.
    මෙය මහා පුදුමයකි. ලෝකයේ වෙන කිසිම කෙනෙකුන් ගැන මෙතරම් ඓතිහාසික සාධක දකින්නට නැත. වෙන කිසිම කෙනෙකුගේ ඓතිහාසික තොරතුරු මෙතරම් ආරක්ෂා වී නැත. එපමණකුත් නොවේ, ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් බුදු මුවින් ම දේශනා කොට වදාරණ ලද ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන් ම අදත් ඕනෑම කෙනෙකුට කියවිය හැකිය. පාළි භාෂාවෙන් තිබෙන එම බුද්ධ දේශනා ලෝකයේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇත. විශේෂයෙන් ම තායි, බුරුම, කාම්බෝජ හා හින්දි යන භාෂාවලින් ඇති බුද්ධ දේශනා ඒ ඒ රට වාසීන් ට කියවීමේ වාසනාව ලැබී ඇත. එමෙන් ම ඉංග්‍රීසි දන්නා ඕනෑම කෙනෙකුට සියලු ම බුද්ධ දේශනාවන් හි ඉංග්‍රීසි පරිවර්තන කියවීමේ අවස්ථාව ලැබී ඇත.
    බුද්ධදාස රජු දවස සිංහලට පරිවර්තනය කරන ලද ත්‍රිපිටකයක් තිබී ඇති නමුත්, එය අභාවයට පත්ව ගොස් ඇත. සියවස් ගණනාවකට පසු බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලය මගින් කරන ලද පරිවර්තන සිංහලයෙන් කියවීමට ලැබුණත්, ඒවා තේරුම් ගැනීමට අසීරු බව කාටවත් සැඟවීමට නො හැකියි. එච්.පී. ද සොයිසා මහතාගේ ද සිංහල ත්‍රිපිටක පරිවර්තනයක් තිබුණ නමුත්, දැන් ඒවා සොයාගන්නට නැත. නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ද ත්‍රිපිටකය සරල සිංහලෙන් පරිවර්තනය කොට තිබේ. ඕනෑම කෙනෙකුට ඒවා මිලට ගෙන කියවිය හැකිය. අප විසින් කරන සිංහල ත්‍රිපිටක පරිවර්තන සැදැහැවත් බෞද්ධ ජනතාව අතර මහත් ගෞරවාදරයට පාත්‍ර විය. ඒ තුළින් ඔවුන් හට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා රාශියක් කියවා තේරුම් ගැනීමේ වාසනාව උදාවිය. එය මෙම යුගයේ ජීවත් වන මනුෂ්‍යයන් හට උදාවූ දුර්ලභ වාසනාවක් බව ඊර්ෂ්‍යාවකින් තොරව දක්නා ඕනෑම කෙනෙකුට පැහැදිලිව පෙනෙන දෙයකි.
    බුදුරජාණන් වහන්සේව හඳුනාගැනීමට නම් ධර්මය දැක්ක යුතුය. “යෝ ධම්මං පස්සති – සෝ මං පස්සති” යමෙක් ධර්මය දකී නම් ඔහු මා දකී යනුවෙන් වදාරණ ලද්දේ බුදු රජාණන් වහන්සේ විසින් ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමාන වූ සම්බුදු සිරුර දෙස බලාසිටි වක්කලී හිමියන්ගෙන් බුදුරජුන් විමසා වදාළේ “කිං තේ වක්කලි ඉමිනා පූතිකායේන දිට්ඨේන?” පින්වත් වක්කලී, මේ කුණු ශරීරය දැකීම තුළින් ඔබට ලබා ගත හැක්කේ කුමක් ද? කියා ය. ඒ බුදුරජාණන් වහන්සේගේ දස බල බුද්ධ ඤාණ, විශාරද බුද්ධ ඤාණ ආදී සියලු ඤාණයන් දැක ගත හැක්කේ උන්වහන්සේ වදාළ දෙසුමන් තුලින් පමණි. එය තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවකවරු හොඳින් දනිති.
    සුනක්ඛත්ත නම් වූ එක්තරා ලිච්ඡවී පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි විය. ඔහු පසු කලක දී සිවුරු හැරියේ ය. සිවුරු හල සුනක්ඛත්ත විසාලා මහනුවර මහසෙනඟ මැදට වැදී බුදුරජාණන් වහන්සේට ගරහා විවේචනය කරන්නට පටන් ගත්තේ ය. මෙම පවිටු පුද්ගලයාගේ විවේචන එකල සිටි අන්ධ බාල පෘථග්ජනයන් හට ඉතා රසවත් වූ බවට සැක නැත. මෙම පවිටු පුද්ගලයාගේ නිර්දය විවේචන උපුටා දක්වමින් ඒ පවිටු පෘථග්ජන පිරිස බුදුරජාණන් වහන්සේට පහර ගසන්නට කොතෙකුත් ලාමක උත්සාහයන් දරන්නට ඇත.
    ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේට ද පිඬු සිඟා වඩිද්දී මෙම පවිටු පුද්ගලයා මහජනයා මැදට වීත්, බුදුරජුන්ගේ ගුණ කෙලෙසන ආකාරය අසන්නට ලැබුනේ ය. සැරියුත් තෙරුන් වහන්සේ මෙකරුණ බුදුරජාණන් වහන්සේට සැළකළහ. එවිට බුදුරජාණෝ ක්‍රෝධ සහිත සිතින් යුතු සුනක්ඛත්ත මෝඝ පුරුෂයා ක්‍රෝධ සහිතව නින්දා කරන්නෙමි යි සිතා ගුණ කියනා අයුරු පෙන්වා දුන්හ. සුනක්ඛත්ත මෝඝ පුරුෂයා බුදු ගුණ හඳුනා නො ගත් බවත්, බුදුරජුන් තුළ පවතින උතුරු මිනිස් දහම් නො දුටු බවත්, පෙන්වා දුන්හ. ඉන්පසු සාරිපුත්ත තෙරුන් වහන්සේ හට බුදුරජාණන් වහන්සේ තුළ පවතින අභීත වූ, අසාමාන්‍ය වූ, අතුල්‍ය වූ, විශාරද වූ, ගම්භීර වූ බලයන් දහයක් ඇති බවත් ඒවා තථාගත බල බවත් පෙන්වා දුන් සේක. එම තථාගත බලයන් හි පිහිටා ලෝකයා හට සත්‍යය ප්‍රකාශ කරන විට එය සියලු සතුන්ගේ නාදය අභිබවා යන සිංහනාදයක් වැනි බවත්, සියලු දේශනා ක්‍රම අභිබවා යන බ්‍රහ්ම චක්‍රයේ ප්‍රවර්තනයක් බවත් වදාළ සේක.
    තමන් වහන්සේ තුළ පිහිටි ඒ තථාගත දසබල ඤාණ ගැන උන්වහන්සේ විසින් ම ඉතා පැහැදිලි ලෙස පෙන්වා වදාළ සේක.

    1. තථාගත බුදුරජාණන් වහන්සේ සිදු විය හැකි දෙය සිදු විය හැකි දෙයක් ලෙසත්, සිදු විය නො හැකි දෙය සිදු විය නො හැකි දෙයක් ලෙසත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින පළමු ඤාණ බලය යි.
    2. තථාගත බුදුරජාණන් වහන්සේ අතීත, අනාගත සහ වර්තමාන යන කාලයන්ට අයත් ඕනෑම කර්මයකට ලැබෙන විපාක ගැන ඒ ඒ හේතු වශයෙන් ද, තැන් වශයෙන් ද, ඉතාමත් නිවැරදි ලෙස අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින දෙවන ඤාණ බලය යි.
    3. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි ඕනෑම ආකාරයකින් ඕනෑම කෙනෙකුගේ උපතක් සිදුවන ආකාරයත්, එයට හේතු වන්නා වූ සියලු කරුණුත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින තුන්වන ඤාණ බලය යි.
    4. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා නොයෙකුත් ධාතු ස්වභාව වශයෙන් ගැලපී යන ආකාරය ගැනත්, එනම් සත්පුරුෂයන් සත්පුරුෂයන් සමඟ එකතු වීම, කෙලෙහි ගුණ නො දත් අසත්පුරුෂයන් එවැනි ම අසත්පුරුෂයන් හා එකතු වීම ආදී ධාතු ස්වභාවයන් ගැනත්, හොඳ හොඳ සමඟ එකතු වීම, නරක නරක සමඟ එකතු වීම ආදී ධාතු ස්වභාවයන් ගැනත් ලෝකයෙහි අනේක වූ ධාතු ස්වභාව ගැනත්, නා නා ධාතු ස්වභාව ගැනත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරගන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හතරවෙනි ඤාණ බලය යි.
    5. තථාගත බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයේ ජීවිතවලට මේ සත්වයා සකස් වෙවී යන ආකාරයත්, මේ සත්වයන් තුළ ඇති විවිධත්වයත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින පස්වෙනි ඤාණ බලය යි.
    6. තථාගත බුදුරජාණන් වහන්සේ ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයක බලපවත්වන කුසලතා දියුණු වන ආකාරයත්, පිරිහී යන ආකාරයත් පිළිබඳව ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හයවන ඤාණ බලය යි.
    7. තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා විසින් බණ භාවනා වශයෙන් දියුණු කරන්නා වූ ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති ආදියත්, ඒවා පිරිහීමට හේතු වන කරුණුත් එයින් අත්මිදෙන ආකාරයත්, ඒවා දියුණු කළ හැකි ආකාරයත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හත්වෙනි ඤාණ බලය යි.
    8. තථාගත බුදුරජාණන් වහන්සේ අතීත ජීවිත එකක් දෙකක් පමණක් නොව, සිය ගණන්, සිය දහස් ගණන්, ලක්ෂ කෝටි ගණන්, කල්ප ගණන් ගෙවා ඇති අයුරු ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින අටවෙනි ඤාණ බලය යි.
    9. තථාගත බුදුරජාණන් වහන්සේ කර්මානුරූපව ලෝක සත්වයා චුත වෙන ආකාරයත්, එමෙන් ම කර්මානුරූපව ම යළි උපදින ආකාරයත්, පව් කළ උදවිය එම පව් හේතුවෙන් දුගතිය කරා යන ආකාරයත්, පින් කළ උදවිය එම පින් හේතුවෙන් සුගතිය කරා යන ආකාරයත් ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින නවවන ඤාණ බලය යි.
    10. තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුළ උපදවා ගන්නා ලද අතිවිශිෂ්ඨ වූ ඤාණය මෙහෙයවීමෙන් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වී උතුම් අරහත්වයට පත් වී වදාළ බව ඒ ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින දසවෙනි ඤාණ බලය යි.

    මෙම දසබල ඤාණයෙන් සමන්විත වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දිව්‍ය, මනුෂ්‍ය, මාර, බ්‍රහ්ම ආදී සකලවිධ පිරිස් ඉදිරියේ විශාරදව ධර්ම දේශනා කළ අයුරු අපට සිතා ගැනීමට පවා නො හැකි තරම් ආශ්චර්යය ය. එපමණක් නොවේ, තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුළ බලපවත්වන අද්විතීය වූ අසාමාන්‍ය වූ විශාරද ඤාණ හතර පිළිබඳව ද පෙන්වා වදාළ සේක.

    1. “ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ කියා ප්‍රතිඥා දෙනවා. නමුත් මේ මේ ධර්මයන් අවබෝධ කර නැත” කියා ලෝකයෙහි කිසිදු ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා කරුණු සහිතව, උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයකි. එබඳු චෝදනාවකට නිමිති මාත්‍රයක් වත් උන්වහන්සේ තුළ නැත. මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ ය.
    2. “ඔබ වහන්සේ නිකෙලෙස් වූ රහතන් වහන්සේ නමක් කියා ප්‍රතිඥා දෙනවා. නමුත් මේ මේ කෙලෙසුන් ප්‍රහාණය කළේ නැත” කියා ලෝකයෙහි කිසිදු ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා කරුණු සහිතව, උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයකි. එබඳු චෝදනාවකට නිමිති මාත්‍රයක් වත් උන්වහන්සේ තුළ නැත. මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ ය.
    3. “ඔබ වහන්සේ නිවන් මඟට අනතුරු දේ වශයෙන් යම් යම් දේ පෙන්වා දී තිබෙනවා ද, ඒ දේ සේවනය කළාට කිසි අනතුරක් නැත” කියා ලෝකයෙහි කිසිදු ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා කරුණු සහිතව, උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයකි. එබඳු චෝදනාවකට නිමිති මාත්‍රයක් වත් උන්වහන්සේ තුළ නැත. මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ ය.
    4. “ඔබ වහන්සේ යම් ජීවිතාවබෝධයක් ඉලක්ක කොට ධර්මය දේශනා කරන නමුත්, එම ධර්මය පුරුදු පුහුණු කරන කෙනෙකුට දුකෙන් නිදහස් වීම කළ නො හැකිය” කියා ලෝකයෙහි කිසිදු ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි වෙන කිසිවෙක් වේවා කරුණු සහිතව, උපවාද කරන්නේ ය යන්න කිසිසේත් ම සිදු නො වන දෙයකි. එබඳු චෝදනාවකට නිමිති මාත්‍රයක් වත් උන්වහන්සේ තුළ නැත. මෙය අවබෝධයෙන් ම දන්නා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ බිය රහිත වූ, ක්ෂේම සහිත වූ, විශාරද භාවයට පැමිණීම තුළ ය.

    මොහොතක් සිතා බලන්න. මෙවැනි අනාවරණ ඤාණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පිළිබඳව අඩු ගණනේ අපගේ සිත වත් පහදවා ගත යුතුය. උන්වහන්සේ විසින් වදාරන ලද දුක ආර්ය සත්‍යයකි. එය අවබෝධ කළ යුතු දෙයකි කියා අඩු ගණනේ අපගේ සිත වත් පහදවා ගත යුතුය. උන්වහන්සේ විසින් වදාරන ලද දුක හටගන්නට හේතුවූ අවිද්‍යා, තෘෂ්ණා ආදිය දුක්ඛ සමුදය ආර්ය සත්‍යයකි. එය ප්‍රහාණය කළ යුතු දෙයකි කියා අඩු ගණනේ අපගේ සිත වත් පහදවා ගත යුතුය. උන්වහන්සේ විසින් වදාරන ලද දුක නිරුද්ධ වීම ආර්ය සත්‍යයකි. එය විද්‍යා, විමුක්ති වශයෙන් සාක්ෂාත් කළ යුතු දෙයකි කියා අඩු ගණනේ අපගේ සිත වත් පහදවා ගත යුතුය. උන්වහන්සේ විසින් වදාරන ලද දුක නිරුද්ධ වීම පිණිස පවතින ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආර්ය සත්‍යයකි. එය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දෙයකි කියා අඩු ගණනේ අපගේ සිත වත් පහදවා ගත යුතුය. ගෞතම බුදු රජාණන් වහන්සේ කෙරෙහි සාධාරණ කරුණු පදනම් කොට මෙවැනි චිත්ත ප්‍රසාදයක් වත් ඇති කර ගැනීම පිණිස අපගේ කල්පනාව නො මෙහෙයවන්නේ නම් අප ලද නුවණින් ඇති ඵලය කිම?
    - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
     
    Last edited:

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Kiyawanna podi wadi hinda onna lokuwata damma . meke himikama හෙළයෙක් sathuyi...

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවිදු අඳුරට පහන් සිල....බුදු හිමිගේ බුදු වදනයි...
    බෙදාගත්තට බොහෝම පිං..:)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,884
    99,138
    113
    අවිදු අඳුරට පහන් සිල....බුදු හිමිගේ බුදු වදනයි...
    බෙදාගත්තට බොහෝම පිං..:)

    Good article....

    බෙදාගත්තට බොහෝම පිං..:)

    තෙරුවන් සරණයි