රටක්‌_හිනැස්‌_වූ සුනිල්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    රටක්‌_හිනැස්‌_වූ සුනිල්

    රටක්‌ හිනැස්‌ වූ සුනිල් අද ලෙඩ ඇඳේ



    8189f1ddd635b762706679fa5e6def1b_L.jpg



    කුඩා කාලයේ පටන් අපිව හිනාවෙන් පිස්සු වට්ටපු මේ සුන්දර මිනිසා දැන් සිටිනා තත්ත්වය ගැන ඔයාලව දැනුවත් කරන්නයි මේක ලියන්නේ.සුනිල් අයියා දැන් ඉන්නේ දැඩි ලෙස රෝගාතුර වෙලා.ආරංචියේ හැටියට ඔහු දරුණු ලෙස රෝගී වෙලා වසර පහක් වෙනවලු.මේ අපේ සහෝදර ශිල්පියාට වැලදිලා තියෙන්නේ පාකින්සන් නම් දරුණු ස්නායු රෝගයක්.කිහිප වතාවක්ම රෝහල්ගත කරලා ප්‍රතිකාර සිදුකරලා තියෙනවා.මේ දවස්වල ඔහු ඉන්නේ මාලිගාවත්ත නිවාස සංකිර්ණයේ තියෙන ඔහුගේ නිවසේ ප්‍රතිකාර ලබමිනුයි.මේ වෙලාවේ සුනිල් අයියගේ දරුවන් හතරදෙනා තමයි ඔහුව බලාගන්නේ

    සුනිල් හෙට්ටිආරච්චිව වර්තමාන තරුණ පරම්පරාව කව්ද කියන්නට දන්නවාදැයි නොදනිමු. එහෙත් සුනිල් එඞ්මන් හෙට්ටිආරච්චි 1937දී උපත ලබා ඇත. සුනිල් හෙට්ටිආරච්චි යනු මෙරට වේදිකා ,රූපවාහිනි මෙන්ම සිනමාවේද දුර්ලභ කුශලතාවන්ගෙන් හෙබි දක්‍ෂ චරිතාංග රංගන ශිල්පියෙක් විය.

    1982 නිෂ්පාදනය වූ' කඩවුණු පොරොන්දුවේ' සේවකයෙකුගේ චරිතයට පන පොවමින් ඔහු සිනමාවට එක්වී ඇත. 'මීහරකා', 'මේ මගේ සඳයි', 'සාගර ජලය' සහ 'විරාගය' ඇතුළු චිත‍්‍රපට කිිහිපයකම ඔහු චරිත නිරූපණය කර තිබේ. එමෙන්ම ඔහු අන්තර්ජාතික චිත‍්‍රපට වූ 'මදර්තෙරේසා', 'ජංගල්බුක්' දෙවන චිත‍්‍රපටයේද චරිත නිරූපණය කර තිබේ.

    ඔහුගේ වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය ද ඔහුගේ දක්‍ෂතාවන් ප‍්‍රකට කළ අතර එක් කළෙක ඔහු ප‍්‍රහසන ටෙලි නාට්‍ය ලද අපූරු භූමිකා ඉදිරිපත් කළේය.එමෙන්ම ඔහු ටෙලි නාට්‍ය කිහිපයකම චරිතාංග නළුවෙක් ලෙසද සිය දක්‍ෂතා පෙන්වා ඇත. ඔහුගේ තට්ට හිසත් මුහන දිගට වැවුන රැවුලත් ඔහුගේ මුහුනේ දකින්නට ඇති ඔහුට ආවේනික සිනහවත් ඔහු දන්නා කිසිවෙකුට අමතක කරන්නට බැරි බව නිසැකය.ඔහුට ආවේනික දක්‍ෂතා සියල්ලන්ටම ආවේනික නැත . සුනිල් හෙට්ටිආරච්චි නම් වූ ඔහුට ඔහුටම ආවේනික රංග පෞරෂයකින් යුක්ත විය.

    මෙවන් එක්තැන් ව සිටින කලාකරුවනට අවශ්‍ය වන්නේ සිය හිතමිතුරන්ගේ සමාගමය. සුවදුක් දැකගන්නට ගොස් ඔහු හා කතාබස් කර පැමිණි විට ඔහුට තවත් කල් ජීවත්වන්නට අවශ්‍ය මානසික සුවය ලබන්නට හැකිය.ඒ අති දක්‍ෂ රංගන ශිල්පියාට නීරෝගී සුවය ප‍්‍රාර්ථනා කරන්නෙමු.




    source






     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අප්පා..:(

    ඉක්මනින්ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. සුපිරිම නලුවෙක්. දැන් ඉන්න ගොන් හරක් වගේ නෙමේ.:no:

    දුක හිතුනා මචෝ..:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(
    ඇත්තටම දුක හිතුන බං අරහෙම වත්තං කරං ඉන්නව දැක්කම.....
    අපේ ලේ සුද්ද කරපු මින්ස්සු.............

    ඉක්මනින් නිදුක් නිරෝගී වෙවා!!!!!!
     
    • Like
    Reactions: charithtg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,465
    16,185
    113
    අප්පා..:(

    ඉක්මනින්ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. සුපිරිම නලුවෙක්. දැන් ඉන්න ගොන් හරක් වගේ නෙමේ.:no:

    දුක හිතුනා මචෝ..:(

    මේවා දකින කොට තමයි හිතෙන්නේ නිරෝගිකම හැර සැපතක් නෑ කියලා :(

    :(
    ඇත්තටම දුක හිතුන බං අරහෙම වත්තං කරං ඉන්නව දැක්කම.....
    අපේ ලේ සුද්ද කරපු මින්ස්සු.............

    ඉක්මනින් නිදුක් නිරෝගී වෙවා!!!!!!

    :(
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනෙ...ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා...ගොඩක් හිත හොද අවන්ක මනුස්සයෙක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    පව් වැඩේ
    සුපිරිම නළුවෙක්
    ශික් හොඳ මිනිස්සුන්ටමනේ කෙලවෙන්නේ