කෘත‍්‍රිම අතක් නිෂ්පාදනය කෙරේ

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කෘත‍්‍රිම අතක් නිෂ්පාදනය කෙරේ

    ස්ටාර් වෝර්ස් චිත්‍රපටයේ දැක්වෙන ආකාරයේ කෘත‍්‍රිම අතක් නිෂ්පාදනය කෙරේ







    ස්ටාර් වෝර්ස් චිත‍්‍රපට මාලාවේ ද එම්පයර් ස්ට‍්‍රයික්ස් බැක් සිනමාපටයේදී ඩාත් වේඩර් සමග සටනකින් අතක් නැතිවූ ලූක් ස්කයිවෝකර්ට ලබාදෙන කෘතිම අතට සමාන රොබෝ හස්තයක් නිර්මාණය කිරීමට අමෙරිකානු සමාගමක් සමත්වී ඇත.ස්වභාවික අතකට ඉතා ආසන්න මෙම කෘත්‍රිම අත වෙළඳපොළ නිෂ්පාදනය සඳහා අවසර දීමට ඇමරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන මණ්ඩලය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ.
    මෙම කෘත‍්‍රිම හස්තයට ලූක් ලෙස නම් තබා තිබෙන්නේ ස්ටාර්-වෝස් චිත්‍රපටයේ මෙම හොඳ හා නරක අතර වීරාඛ්‍යාන සටන සිහිවීම සඳහා බව පැවසේ.









    මෙහි එක් නිර්මාණකරුවෙකු වන ඞීන් කැමෙන් පවසන්නේ නව කෘත‍්‍රිම අත විසින් ආබාධිත පුද්ගලයන්ගේ ජීවිතය වෙනස් කිරීමට සමත් වනු ඇති බවයි. DEKA Arm System මෙය අමෙරිකාවේ DEKA Research and Development සමාගමේ නිර්මාණයකි.

    ඇමරිකානු හමුදා විශ‍්‍රාමිකයන්ගේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ පර්යේෂණ 4කදී මෙම 36 ඩෙකා හස්ත පද්ධතිය පරීක්ෂා කර බලා ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ මිදි ගෙඩියක් අහුලා ගැනීම, දොර යතුරු භාවිතා කිරීම, ලියුම් කවරයක් විවෘත කිරීම, බිත්තරයක් නොකඩා අහුලා ගැනීම, ධාන්‍ය ආහාරයට ගැනීම සහ චීන චොප්ස්ටික්ස් කූරු භාවිතා කිරීම ආදී සාමාන්‍ය ජීවිතයේ හැසිරීම් මෙම කෘත‍්‍රිම අත සමග කළ හැකි බවයි.



    මේ බව ආහාර සහ ඖෂධ පරිපාලන මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනයකද දක්වා තිබේ. පර්යේෂණයට සහභාගී වූවන්ගෙන් 90%ක් පවසා ඇත්තේ මින් පෙර සිදුකළ නොහැකි හැසිරීම් ලූක් භාවිතා කර සිදුකළ හැකිවූ බවයි.



    ඉලෙක්ට්‍රෝඩ මගින් නිකුත් කරන විද්‍යුත් සංඥා චලන හැසිරීම් 10කට පරිවර්තනය කරන මෙම කෘත‍්‍රිම හස්තය උරහිස, ඉහළ හෝ පහළ බාහු ප‍්‍රදේශයන්ට බද්ධ කළ හැකි නමුත් වැළමිට හෝ මැණික්කටුව යන ස්ථාන වලට සවි කළ නොහැකි බව පැවසේ.


     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    patta nirmanaya ban.sadarana ganata dunnoth abaditha minissunta sahena sahanayak wei.