ටොරන්ට් කියන්නේ මොනවාද?

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    521
    368
    63
    40
    Colombo
    ටොරන්ට් කියන්නේ මොනවාද?

    මාගේ හිතවත් එලකිරියනි,

    අන්තර්ජාලයේ සැරිසරන විට දැක්කා ලස්සන විස්තරයක් බ්ලොග් එකක. උබලත් එක්‌ක බෙදාගන්න හිතුනා.

    සියලුම හිමිකම් බ්ලොග් එකේ හිමිකරුගේ වියයුතුයි (ළහිරුගේ සිංහල BLOG අඩවිය)..... මම සමහර දේවල් එඩිට් කලා උබලගේ ලේසියට


    ටොරන්ට්

    මුලින්ම අපි බලමු මේ ටොරන්ට් කියන ඒවායේ ඉතිහාසය.

    bit_torrent.jpg


    මෙන්න මේ රූපයේ ඉන්න Bram Cohen කියන පුද්ගලයා තමයි මේ ටොරන්ට් වලට මුල්ම අඩිතාලම දමපු පුද්ගලයා. මෙයා ගැන වැඩි විස්තර දැන ගන්න http://en.wikipedia.org/wiki/Bram_Cohen කියන තැනට යන්න.

    මේ පුද්ගලයා විසින් 2001 අප්‍රේල් මාසයේදී තමයි මුල්ම ටොරන්ට් ක්ලයන්ට් එක. ඒ කියන්නේ ටොරන්ට් භාගත කිරීමට සහය වන මෘදුකාංගය නිර්මාණය කලේ. ඒ Python කියන භාෂාව භාවිතයෙන්. ඊට පස්සේ 6.0 වෙනි සංස්කරණයේ ඉදලා‍ C++ කියන භාෂාවෙන් තමා මේ BitTorrent කියන මෘදුකාංගය නිර්මාණය වෙන්නේ.

    Bittorrent-Logo1.jpg


    මෙතන ඉදලා මේ ලිපිය විස්තර කරන්න මම යොදාගන්න මෘදුකාංගය තමයි BitTorrent.
    මේ මෘදුකංගය අපිට ලැබෙන්නේ ලෝකයේ තියෙන හොදම මිලට හෙවත් නොමිලේ. හොදයි එහෙනම් මේ මෘදුකාංගය තමන්ගේ පරිගණකයේ නොමැති අය මුලින්ම මේක තමන්ගේ පරිගණකයට ඇතුල් කර ගන්න. http://www.bittorrent.com/

    මේක ඇතුල් කරන එක හරිම ලේසියි. සමාන්‍ය මෘදුකාංගයක් ඇතුල් කරනවා හා සමානයි. එහෙනම් අප බලමු කොහොමද ටොරන්ට් ක්ලයන්ට් එක භාවිතා කරලා ටොරන්ට් එක ගන්නේ කියලා.

    ඇත්තෙන්ම ටොරන්ට් ෆයිල් එකක් කියන්නේ බොහොම පොඩි ෆයිල් එකක්. මට හම්බුවෙලා තියෙන ලොකුම ටොරන්ට් ෆයිල් එකේ සයිස් එක 2MB වගේ කියලා තමයි මතක. ඒක Wii Games වගයක් තමයි තිබ්බේ. ඇයි මේ ටොරන්ට් ෆයිල් එකක් මේ තරම් පොඩි.

    ඇත්තටම ටොරන්ට් ෆයිල් එකක් කියනනේ තමන් ඩවුන්ලෝඩ් කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ. ඒකේ තියෙනවා Tracker කියන පරිගණකය ගැන විස්තරයක්. Tracker කියලා හදුන්වන්නේ සර්වර් වර්ගයේ පරිගණකයක්. ඒකෙන් තමයි මේ ටොරන්ට් එක හැසිරවීම හා ටොරන්ට් ක්ලයන්ට් අතර සම්බන්ධතා ඇති කරන්නේ. ඒ වගේම මේ ටොරන්ට් එක Tracker වර්ගයේ පරිගණකයක් නැතිව භාගත කරන්න බෑ.

    මීලඟට කියන්න තියෙන්නේ මේ ටොරන්ට් ෆයිල් එක ගත්ත පමණින් තමන් භාගත කරන්න යන් මෘදුකාංගය හරි චිත්‍රපටය හරි තමන්ට ලැබෙන්නේ නෑ.

    මොකද මම දැකලා තියෙනවා ටොරන්ට් එක විතරක් අරගෙන බැන බැන ඉන්න අය. ඒක නිසා මම කියන්නේ මේ ටොරන්ට් ෆයිල් එක කියන්නේ තමන්ට ලැබෙන ටිකට් එකක් විතරයි. කෝච්චියේ ඉතිරි දුර යන්නනම් තමන් කෝච්චියට ගොඩවෙන්න ඕනේ.

    ඒ කියන්නේ මේ ටොරන්ට් කියන ෆයිල් එක තමන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයට ලබා‍ දෙන්න වෙනවා. මම මුලින්ම කිව්වානේ මේ ටොරන්ට් කියන්නේ විස්තරයක් විතරක් අඩංගු ෆයිල් එකක් කියලා. දැන් මේ ෆයිල් එක ක්ලයන්ට් එකට දුන්නාම ටොරන්ට් ක්ලයන්ට් එක මේ ටොරන්ට් එක ගැන විස්තර දැන ගෙන Tracker වර්ගයේ පරිගණක වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හොයලා බලනවා මේ ටොරන්ට් එක දැන්ට ඩවුන්ලෝඩ් කරලා අවසන්ව තියෙන Seeders ලා ඉන්නවාද කියලා. ඊලගට හොයලා බලනවා දැනටමත් මේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන Peers ලා ඉන්නවාද කියලා.

    සාමාන්‍යයෙන් මේ ටොරන්ට් එකට අවම වශයෙන් Seedersලා 10ක්වත් ඉන්න එක හොදයි. තමන් ටොරන්ට් එකක් තොර ගනිද්දී Seeders ලා හොදට ඉන්න ටොරන්ට් එකක් ගන්න. ඒ වගේම තමන්ට තීරණය කරන්න වෙනවා මේ ටොරන්ට් එක තමන් ඩවුන්ලෝඩ් කරන්නේ මොන වේලාවේද සහ මේක වැඩියෙන්ම ජනප්‍රිය මොන වගේ රටවල්වලද කියලා.

    ඈ... මේ මොන හරුපයක්ද මේ කියන්නේ.

    ඔව්. උපරිම වේගයක් ලබා ගන්න පුළුවන් පොඩි උපායක් තමයි මේ කියන්නේ. තමන් Seeders ලා වැඩියෙන් ඉන්න ටොරන්ට් එකක් තෝර ගත්තාට වැඩක් නෑ. ඒ Seeders ලා Online ඉන්න වෙනවා උපරිම වේගයක් ගන්න නම්. සාමාන්‍යයෙන් මේ ටොරන්ට් එක ඇමරිකාවේ කෙනෙක් ගන්නවානම් අපිට Seeder ඉන්නේ වෙනස් කාල කලාපයක. ඒක නිසා සමහර විට අපි ටොරන්ට් එක ගන්න යන වේලාවට මේ Seeder ලා Online නොඉන්න පුළුවන්. කට්ටිය දැකලාත් ඇති ටොරන්ට් ක්ලයන්ට් එකේ Seeder ලා ගාන පෙන්න‍න්නේ 12(420) වගේ ක්‍රමයකට කියලා. මේ වරහන් තුලින් එලියේ තියෙන්නේ දැනට Online ඉන්න ප්‍රමාණය. එතකොට වරහන් ඇතුලේ ඉන්නේ මුළු Seeders ලා ප්‍රමාණය. මේ ක්‍රමේට පුළුවන් ආසන්න වශයෙන් තමන්ට අවශ්‍ය Seeders ලා වැඩිපුර Online ඉන්න වේලාවක් තෝරගන්න.

    එතකොට Peers ලා කියන්නේ කවුද? මේ කියන්නේ අපි දැන් මේ ටොරන්ට් එක ඩවුන් කරනවා වගේම මේ ලෝකේ තවත් තැනක ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරමින් ඉන්න පුද්ගලයෙක්. ඒ කියන්නේ අපිත් දැන් Peer කෙනෙක්. සමහර විට අපි 35% ඩවුන්ලෝඩ් කරලා තියෙද්දී තවත් Peer කෙනෙක් 98% අරන් තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් 0.8% අරගෙන තියෙන්නත් පුළුවන්.

    ඒ කියන්නේ අපි වගේම මේ ටොරන්ට් එක ගන්න කට්ටියක් තමයි Peers කියන්නේ.

    එතකොට මේ ටොරන්ට් එක තියෙන්නේ කොහෙද?

    තවත් ඔයාගෙ වගේම කොම්පියුටර් එකක. ඔව්. ටොරන්ට් සයිට් එකකින් අපි ටොරන්ට් එකක් ගන්න ගියාට එයාලා අපිට දෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක් විතරයි. ඊට පස්සේ මේ ටොරන්ට් එක ගන්නේ Seeders හා Peers නමින් හැදින්වෙන අපි වගේම පරිගණක වලින්.

    ඒ කියන්නේ ඒ කොම්පියුටර් නැති වුනොත් අපිට ටොරන්ට් එක ගන්න බෑ. එතකොට ඒ ටොරන්ට් එක Dead Torrent විදියට හැදින්වෙනවා. හැමෝම දන්නවා ඇතිනේ Spell Binders (මායා බන්ධන). ඔයා ටොරන්ට් එක මේ වෙද්දී මල ටොරන්ට් එකක්.

    "ඇයි මෙහෙම වෙන්නේ" කියන එකට වගකියන්න ඕනේ අපිම තමයි.

    තව විස්තර මම ඊලඟ page එකකින් දාන්නම්.............
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අපි ටොරන්ට් බානකොට

    :nerd::nerd:මචන් දන්න කවුරු හරි පොඩ්ඩක් කියපන් මෙ කියන විදිහට අපි ටොරන්ට් බානකොට අපෙනුත් අප්ලොඩ් එකක් වෙනවද? එ කියන්නෙ අපේ MB ටිකක් වෙනම ඒකට වැය වෙනවද?
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    521
    368
    63
    40
    Colombo
    ටොරන්ට් - 2 වන කොටස

    ටොරන්ට් - 2 වන කොටස

    මම කලින් නවත්තපු තැනින් තමා පටන් ගන්නේ. මතකනේ කලින් පෝස්ට් එකේ කිව්වා මල ටොරන්ට් ගැන.

    අපි තමයි ටොරන්ට් එකකට එහෙම ඉරණමක් අත්වීම ගැන වග කියන්න ඕනේ. ඇත්තටම ටොරන්ට් ෆයිල් එකකින් ගන්න චිත්‍රපටිය හෝ මෘදුකාංගය හෝ අදාල දේ කොහේවත් සර්වර් වර්ගයේ පරිගණකය ගබඩා වෙලා නෑ. ඒක ගබඩා වෙලා තියෙන්නේ තවත් පරිගණක ටිකක් ඇතුලේ. ඇත්තටම කියනවානම් Seeds වර්ගයේ, එහෙමත් නැත්නම් මුලින් මෙම ටොරන්ට් එක 100%ක් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුන පරිගණක වල තමා මේ ටොරන්ට් එක තියෙන්නේ.

    ඒ කියන්නේ ඒ පරිගණක නැත්නම් ටොරන්ට් ගන්න බෑ කියලාද?

    හරියටම හරි. අපිට මේ ටොරන්ට් එක ගන්න බැරි වෙනවා ඒ වගේ පරිගණක ජාලගතව තිබ්බේ නැතිනම්. ඒ වගේම අපිටත් යම් යුතුකමක් තියෙනවා මේ ටොරන්ට් එක භාගත කරලා ඉවර වුනාට පස්සේ අපේ පරිගණකයත් Seed පරිගණකයක් කරලා මේ ටොරන්ට් එක තවත් පිරිසකට ලබා දෙන්න. අපිට මහා ලොකු දෙයක් කරන්න නෑ. අපි පාවිච්චි කරපු ටොරන්ට් ක්ලයන්ට් වර්ගයේ මෘදුකාංගය සක්‍රීයව තියෙන එක තමයි කරන්න තියෙන්නේ.

    ලොකු දෙයක් නෑනේ.

    ඇත්ත අපිට තියෙන්නේ බොහොම පොඩි දෙයක් කරන්න. හැබැයි අපි මේ දන්දීමට ප්‍රතිඵලයක් ලබනවා. මේකට කියන්නේ Tit For Tat

    ඒ කියන්නේ අපි ටොරන්ට් එක අප්ලෝඩ් කිරීමේ අනුපාතම මෙම ටොරන්ට් මෘදුකාංගය මගින් ගණන් බැලෙනවා. ඊට පස්සේ ඒ අනුපාතය 1.0ට සමාන වෙන්න සමාන වෙන්න අපේ අළුත් ටොරන්ට් භාගත කිරීමේ වේගය ටොරන්ට් මෘදුකාංගය මගින් වැඩි කරවනවා. ඒවගේම අපි මේ ටොරන්ට් එක භාගත කරගෙන ටොරන්ට් මෘදුකාංගයෙන් ඉවත් වීම, එහෙමත් නැතිනම් Seed වීමට ඉඩ නොතිබීම හදුන්වන්නේ Leeching කියලා. ඒ කියන්නේ කූඩැල්ලෙක් වගේ උරාබීම වගේ අදහසක්. අනිත් අයට යමක් නොදී තමන් පමණක් ලාභ ලබා ගැනීම. මේ වගේ වැඩක් කලොත් අපිට විපාකත් හම්බුවෙනවා.

    ලීච් කිරීමට විපාකය වන්නේ අපේ ටොරන්ට් භාගත කිරීමේ වේගය අඩුවීම. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. හිතන්න අපි ටොරන්ට් ලීච් කරන කෙනෙක් කියලා. අපි යම් ටොරන්ට් එකක් භාගත කරමින් ඉන්නවා. තවත් හොද Seeder කෙනෙක් අපි භාගත කරන ටොරන්ට් එකම භාගත කරන්න පටන් ගන්නවා. එතකොට සර්වර් පරිගණක Seed කිරීමට ප්‍රති උපකාරයක් විදියට අර Seederට ප්‍රමුඛස්ථානයක් ලබා දෙනවා එම භාගත කිරීමට. අපිව ප්‍රමුඛතා මට්ටමේ පහලට ඇද දැමෙනවා.

    නමුත් Seeder කෙනෙක්ට වුනත් හැමදාම මේ ටොරන්ට් එක Seed කරන්න බෑ. තමන්ගේ පරිගණකයෙන් වෙනත් මාධ්‍යක ගබඩා කරන්න වෙනවා. එවිට මේ ෆයිල් එක ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයට සොයාගැනීමට බැරි වෙනවා. මෙහෙම ඉන්න සියළුම Seeder ලා ටොරන්ට් එක අයින් කලාට පස්සේ මේ ටොරන්ට් එක ගන්න විදියක් නැති වෙනවා. ඒ කියන්නේ ටොරන්ට් එක මැරෙනවා.

    ඒකයි මම කලින් පෝස්ට් එකේ කිව්වේ ටොරන්ට් එකක් තෝරාගනිද්දී වැඩි Seeder ලා ප්‍රමාණයක් ඉන්න ටොරන්ට් එකක් තෝරාගැනීම හොදයි කියලා කිව්වේ.

    ඒ වගේම ටොරන්ට් එක හොද ටොරන්ට් එකක්ද කියලා දැන ගන්නත් ඕනේ.

    දැන් මම හිතන්නේ ටොරන්ට් වල තාක්ෂණික පැත්ත කථා කලා ඇති කියලා. මට තවත් දේවල් මග හැරිලා ඇති. එක පාර ලියන්න මතක් වෙන්නේ නෑ. මොනවා හරි මඟ හැරිලා නම් සමාවෙන්න ඕනේ.

    දැන් මම කථා කරන්න යන්නේ ටොරන්ට් සර්ච් එන්ජින් ගැන.

    මොකක්ද මේ ටොරන්ට් සර්ච් එන්ජින් එකක් කියන්නේ.

    ටොරන්ට් සර්ච් එනිජින් එකක් කියන්නේ (TSE) කවුරුන් විසින් හෝ අන්තර්ජාලයට එක් කරලා තියෙන ටොරන්ට් එකක් ගැන විස්තර හොයලා දෙන වෙබ් අඩවියක්. සමහර විට එම වෙබ් අඩවියේම අන්තර්ගත හෝ වෙනත් ස්ථානයක අන්තර්ගත ටොරන්ට් ගැන මේකෙන් හොයලා දෙනවා වෙන්න පුළුවන්.

    අපිට මේ ටොරන්ට් එකක් භාගත කරද්දී මුහුණ පාන්න වෙන අකරතැබ්බයක් තමා ටොරන්ට් ෆයිල් එක Fake එහෙමත් නැත්නම් ව්‍යාජ එකක් වීම. මට නම් තාම එහෙම සිද්ධියකට මුහුණ පාන්න වෙලා නෑ. හැබැයි මගේ යාළුවෙක්ට තෙවරක්ම චිත්‍රපටි(700MB,1.5GB,599MB) භාගත කිරීමේදී එවැනි අත්දැකීම් වලට මුහුණ පාන්න වුනා. මොකද මේ ටොරන්ට් එකේ තියෙන චිත්‍රපටිය භාගත කරලා Play කලාම ඒ වීඩියෝ එකේ මැසේජ් එකක් වැටෙනවා "To Play the full movie you need CoralPlayer" කියලා. අපි හොයලා බැළුවා ඒ කියන ප්ලේයර් එක කොහොමද කියලා. ඇත්තටම කියනවානම් ඒක SPAM අඩවියක්. තමන්ගේ ව්‍යාජ ප්ලේයර් එක ව්‍යප්ත කර ගන්න කරන උපායක් තමයි මේ බොරු චිත්‍රපටි ටොරන්ට්.


    දැන් හිතන්න පුළුවන් මේ තත්පර ගානක පණිවුඩයක් කොහොමද 1.5GB වෙන්නේ කියලා. ඇත්තටම මටත් ඔය ප්‍රශ්නේ ආවා. ඒක නිසා තමයි මමත් ඒ වීඩියෝ එක මීඩියා ඉන්ෆෝ බැළුවේ. ඇත්තටම මට ටොරන්ට් එක උඩුගත කරපු පුද්ගලයාගේ මවු පාර්ශවය සිහියට නැගුනා ඒ වෙලාවේ. ඒ වීඩියෝ එකේ Bit Rate එක 30'000 ගානක් වගේ තමා තිබ්බේ මත මතක විදියට.

    හැබැයි දැන් නම් මගේ යාළුවාට කවදාවත් ආයේ ඔහොම වැඩ වෙන්නේ නැති වෙයි. මොකද මම කිව්වා ටොරන්ට් එකක් හරියට හොයාගන්න හැටි.

    අෆ්ෆෝ. පෝස්ට් එක උවමනාවටත් වඩා දික් වුනා වගේ. මම හිතුවේ මේ පොස්ට් එකින් ටොරන්ට් කියන්නේ මොනවාද කියන ලිපි ඉවර කරන්න. කමක් නෑ. එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් කොහොමද හොද ටොරන්ට් එකක් තෝරා ගන්නේ කියලා හා නිවරදිව භාගත කරන්නේ කියලා.