භවනා කිරීමට කැමත්තක් ඇති වන්නේ කලාතුරකින් කෙනෙකුටය. කැමැත්තක් ඇති වුවද භාවනා කිරීමට ඉඩ ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය,භාවනා කලද ප්‍රතිපල ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය.එහෙයින් පෙර පුරුදු වාසනා බලයෙන් හෝ කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් හෝ දෙකෙන්ම හෝ දුක සංවේගය ආදී දෙයක් මුල්ව හෝ භාවනා කිරීමට සිතක් පහල උනොත් නුවණැත්තන් විසින් වහාම ආරම්භ කලයුතුය.
භාවනා පුහුණුවක අරමුණ
භාවනාව යනු අප තුළ තිබෙන ආධ්‍යාත්මික කුසලතාවයන් සහ ගුණ ධර්ම හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගැනීමයි. ඒ ආධ්‍යාත්මික හැකියාවන් සහ ගුණධර්ම උදවුවෙනවා අපට නිවී සැනසිල්ලේ සතුටින් නිදහසේ ජීවත් වෙන්නත් අනිත් අයට නිවී සැනසිල්ලේ නිදහසේ මෙන්ම සතුටින් ජීවත් වෙන්න මඟ පෙන්වන්න උදව් කරන්නත්. ඒ සඳහා අප පුහුණුවක් ලැබිය යුතුයි. භාවනාව කියන දේ නිරුත්සාහකව සිදු වෙන්නේ නැහැ. උත්සාහයෙන් පුහුණු වෙන්නට ඕන. මේ සඳහා පියවරවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දැනගැනීම කියන එක. අප කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද කියන කාරණා දැනගත යුතුයි. 'පජානාති' කියා පාලියෙන් කියන්නේ. භාවනාව සම්බන්ධයෙන් තියෙන, හැමෝම වගේ අත් පොතක් විදියට පාවිච්චි කරන සූත්‍ර දේශනාවනේ සතිපට්ඨාන සූත්‍රය. එහි තිබෙන පිළිවෙල තමයි මෙය. එහි පළවෙනි පියවර විදියට කියන්නේ 'පජානාති' දැනගන්න කියන එක. අප කළ යුත්තේ කුමක්ද කියා දැනගන්නට ඕන. එතකොට භාවනා පුහුණු පන්තියකින් හරි සතියක දෙකක පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙලා හරි එහි දී කෙරෙන මුල්ම කාරිය තමයි මොකද්ද භාවනාව කියන්නේ? ඇයි අප භාවනා කරන්නට ඕන? කොහොමද කරන්නේ? කියන එක දැනගන්න එක. දැනගැනීම කියන්නේ අප ලබාගන්නා දැනුමක්. එය පොතකින් හෝ ගුරුවරයෙකුගෙන් විය හැකියි. ඒ මූලික දැනුම නොමැතිව, ඒ පසුබිම නැතිව භාවනාව කියන සමස්ථ කාර්යය කෙරෙන්නේ නැහැ කා අතින්වත්. කරන්නත් බැහැ. පුංචි භාවනා ක්‍රමයක් පුහුණු කරගෙන යන්න පුළුවන් කොහෙන් හරි අල්ලගෙන නමුත් බෞද්ධ භාවනාවෙන් බලාපොරොත්තු වෙන පළල් වෙනස, පරිවර්ථනය සිද්ධ වෙන්නේ නැහැ.
අපි භාවනා වර්ග ගැන කතා කරමු මේ සම්බන්ධව මම දන්නෙ පොත්පත් වලින් කියවපු දේවල්,භාවනා ගැන අත්දැකීමක් තිබ්බත් ඒ දැනුම මදි වෙන කෙනෙක්ට උපදෙසක් දෙන්න ඒක නිසා දැනුම තියෙන අය බෙදා ගන්න..
එළකිරි යාළුව බින්ගො සහ KPZ තමා මේ ගැන අදහස දුන්නෙ මට.