දේශීය වෛද්‍ය විද්‍යායතනය දරුණු නවක වද තිප
රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනය
තවත් දරුණු නවක වද තිප්පළක්
රෑ එළිවෙන තුරු ලිංගික අඩන්තේට්ටම් කෙළවරක් නෑ!
නිලන්ත මදුරාවල
කොළඹ විශ්වවිද්‍යාලයට අයත් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ නවක සිසුන් රාත්‍රි කාලයේ නේවාසිකාගාරයේ සිටියදී සිසුන් නිරුවත් කර නේවාසිකාගාරය වටා දුවන්නට සලස්වමින් ද ලිංගික අඩන්තේට්ටම් කරමින්ද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් දරුණු ලෙස නවක වධයට ලක් කිරීමේ සිද්ධීන් වාර්තා වේ. එමෙන්ම එක් කරාමයක් ඇති ස්ථානයකට නවක සිසුන් හතර දෙනා බැගින් දමා නෑම සඳහා ලබා දී ඇත්තේ විනාඩි දෙකක් පමණි. හරියටම විනාඩි දෙකෙන් පසු සිසුන් හතරදෙනා ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් එළියට ඇද දමා තවත් සිසුන් හතරදෙනකු නෑම සඳහා තල්ලු කරනු ලැබේ.
දිනපතාම උදේ 7 සිට 8 දක්වා ආපන ශාලාවේ තබා ගනිමින් නවක වධයට ලක් කෙරෙන සිසුන් දේශන අවසන් වීමෙන් පසුව රාත්‍රි කාලයේ සිට අලුයම දෙක තුන වන තෙක් ම අමානුෂික ලෙස නවක වධයට ලක් කරන බව එහි සිසුවෙක් 'දිවයින' ට පැවසීය. අලුයම දක්වා නවක වධයට ලක් කෙරෙන සිසුන් යළි අලුයම 5.30 ට අවදි විය යුතු යෑයි ද සඳහන් කළ එම ශිෂ්‍යයා මෙම නවක වධය දරා ගත නොහැකිව සියලුම සිසුන් නේවාසිකාගාරයෙන් ඉවත් වූ බවත් සිසුන් පස්දෙනකු පමණ පාඨමාලාව ද හැරගිය බවත් පැවසීය.
මෙලෙස නවක වධය දුන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසිපස්දෙනකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පරිපාලන අංශ පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම සිසුන්ගේ දෙමවුපියන් විශ්වවිද්‍යාලයට කැඳවීමට ද පරිපාලන අංශ තීරණය කර තිබේ.
නවක වධය වැළැක්වීම සඳහා නවක සිසුන්ගේ දෙමවුපියන් ද සමඟ එක්ව පරිපාලන අංශ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබිණි. නවක වධයෙන් තමන් ගලවා ගැනීම සඳහා ආයතනයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සෞම්‍යා කුමාරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දරන විට ඇතැම් ආචාර්යවරුන් නවක වධයට සහාය පළ කළ බව ද ඉහත කරුණු දැක්වූ ශිෂ්‍යයා කීවේය.
මෙම තත්ත්වය යටතේ පළමු වසර සිසුන්ට හැර සෙසු සියලුම වසරවල සිසුන්ට ආයතනය වසා දමා ඇත. ආයතනය වසා දැමීමට සිදු වූයේ නවක වධය නිසා නොව පරිපාලන දුර්වලතා හේතුවෙන් බව ඒත්තු ගැන්වීමට ජ්‍යෙෂ්ඨ සිසුහු උත්සාහ දරමින් සිටිති.
http://www.divaina.com/2014/06/14/news07.html
මුන්ව යවන්න තිබ්බේ උතුරේ යුද්දේ තිබ්බ කාලේ එහෙ එවුන්ට වදේ දෙන්න