තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...
දෙව්රංගි@එළකිරි.කොම්
06.14.14
හඳ අරගෙන එන්න
යන්න ගිය අප්පච්චි
පපුවෙ රිදුමක් ඇවිත්
මගදිම නැවතිච්චි...
හඳ ඔච්චමට අපිට
ඈතින් හිනැහෙද්දි
අහස පොළවත් එක්ක
රවුමේ කැරකිච්චි...
කඳුල ඉන්නට බැරුව
සරමට පැනගද්දී
ලොකු හුස්මක් අරන්
නැගිට්ටා අප්පච්චි...
නින්දා අපහාස
ණය බරින් මිරිකෙද්දි
ඔලුවත් නවාගෙන
ඇවිද්දා අප්පච්චි...
බත් දුන්න මහ කුඹුර
උගස්කරයක් වෙද්දි
පිල් කඩ උඩ බලන්
උන්නා අප්පච්චි...
නුඹේ දුක පෙත්තකට
උහුලන්න බැරි වෙද්දි
තනියෙන්ම යන්නට
හිතුවාද අප්පච්චි...
දළදා හිමියන්ට
අපිව දී පර වෙච්චි
මහා වැහි මැද්දේම
ගියෙ ඇයිද අප්පච්චි....
යන්න ගිය අප්පච්චි
පපුවෙ රිදුමක් ඇවිත්
මගදිම නැවතිච්චි...
හඳ ඔච්චමට අපිට
ඈතින් හිනැහෙද්දි
අහස පොළවත් එක්ක
රවුමේ කැරකිච්චි...
කඳුල ඉන්නට බැරුව
සරමට පැනගද්දී
ලොකු හුස්මක් අරන්
නැගිට්ටා අප්පච්චි...
නින්දා අපහාස
ණය බරින් මිරිකෙද්දි
ඔලුවත් නවාගෙන
ඇවිද්දා අප්පච්චි...
බත් දුන්න මහ කුඹුර
උගස්කරයක් වෙද්දි
පිල් කඩ උඩ බලන්
උන්නා අප්පච්චි...
නුඹේ දුක පෙත්තකට
උහුලන්න බැරි වෙද්දි
තනියෙන්ම යන්නට
හිතුවාද අප්පච්චි...
දළදා හිමියන්ට
අපිව දී පර වෙච්චි
මහා වැහි මැද්දේම
ගියෙ ඇයිද අප්පච්චි....
දෙව්රංගි@එළකිරි.කොම්
06.14.14
Last edited:





කොහොම උනත් ඔබගෙන් කාලෙකට පස්සේ නිර්මානයක් දැක්කේ. කොහොම උනත් හොඳ නිර්මණයක්.රසවින්දා මම. වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා.