බසයට ගොඩ නැගුන විගස කොන්දොස්තර මහතාට පැවසු දහම් බස් රථයේ රියදුරු ආසනය අසලම ඇති ආසන්යේ අසුන් ගත්තේය.
උදෑසන 7 පසුවි තිබුනි බැවින් පරක්කු වෙවිදෝ යන සිතුවිල්ල්ලේන් ඔහු කල්පන කරන්නට විය.
“8.30 පටන් ගන්නේ.මේක ඉක්මණට යාවි,අනික අද සෙනසුරදානේ,පාරේ වැඩිය ට්රැෆික් නැතිව ඇති”
"කල්පනා ලොව මල් වනේ,සිහින රජදහනේ....ආදරේ... ආදරේ.."
අබේවර්ධන බාලසූරිය විසින් ගායනා කරන සුමිහිරි ගීතය බස් රථයේ වාදනය වෙමින් පැවතිනි. උදෑසන කොලඹට පැමිණි බස් රථ්යේ තිබු ගොෂාකාරි ගීත,
“කිසිම තේරුමක් නැති ගයකයන්ගේ ගීත වලට වඩා කෙතරම් මිහිරක් දැනේනවාද මෙවැනි ගීත”.
දහම් තමාටම කොදුරාගත්තේය.
පිටකොටුවන් පිටත් වු බස් රථය කොටුව දුම්රිය ස්ථානයට පැමිණියේය.
දුම්රියක් පැමිණි සේයවක් තිබුනි, මන්ද යත් දුම්රිය පලේ සිට බොහො දෙනා පැමිණෙමින් සිටියෝය.
අතරින් පතර දහම් ඇස් යොමු කර බැලුවේ තමා දන්නා අය සිටීද යන්න බැලීමටය.
සෙනසුරාදා දිනයක් බැවින් අමතර උපකාරක පන්ති සදහා යන බොහො දෙනා බස් නැවතුම්පලේ සිටිනු දක්නට ලැබිනි.
අතරින් පතර දගකාර ලෙස තම යහලුවන් සමග දොඩමලු වෙන යුවතියන් දෙස දහම් බලගෙන සිටියේ ඔහුටත් හොරාය.
බස් රථයට කෙමේන් කෙමෙන් පිරි ඇතුල් වද්දි ඔහු අසල තරබාරු පුද්ගලයකු අසුන් ගත්තේය.
"අනේ මෙයා ඉක්මනට බැස්සොත් හොදය්,මාව චප්ප වෙනවනේ මේ මනුස්ස්සයා ඉන්න විදිහට"
විසිල් හඩක් ඇසුනි..
අසල සිටි පොලිස් භටයා බස් රථයට යෑමට විධාන ලබා දුනි,එසේ නොමති නම් තවත් බස් දෙකක සෙනග පිරෙනකම් රියදුරු මහතා සිටිනු නොඅනුමානය.
“මැදින් ඉස්සරහට යන්න..”
කොන්දොස්තර මහත්වරුන්ගේ අවේණික කටහඩ ඇසීමට පටන් ගැණුනි.
ලා නිල් පැහති නිය ආලේපන කල කාන්තා අතක් එක්වරම දහම් සිටි ආසනයේ ඉදිරි අසුනේ දාරය අල්ල ගත් බව දුටු දහම් එම අතැගිලි දෙස මොහොතක් බලා සිටියේය. තත්පර කිහිපයක් බලාසිටි ඔහු ක්රමයේන් අතැගිලි වල හිමිකරියගේ මුහුණ දෙස බැලුව ආයාසයකිනි. යම් කිසි හුරු පුරුදු බවක් දැනුනා මෙන් ඔහුට සිතුනත් නැවත ඇය දෙස බැලීමට ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත.