දත්_කැක්කුම_පටස්ගාලා_නැතිකරගන්න

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    දත්_කැක්කුම_පටස්ගාලා_නැතිකරගන්න

    දත් කැක්කුම පටස්ගාලා නැතිකරගන්න ස්වභාවික ප්‍රතිකර්ම 5ක්

    01. අයිස් කැට 
    ශීතකරණයක් ඇති සෑම නිවසකින්ම පහසුවෙන් අයිස් කැට කිහිපයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. දත් කැක්කුම සදහා භාවිතා කල හැකි සාර්ථකම සහ පහසුම ප්‍රතිකාරය විදියට එය හදුන්වන්න පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව  දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි.

    02. දෙහි
    මහත් වූ වේදනාවක් පවා සමනය කල හැකි (සිට්‍රික් ඇසිඩ්) සහ (විටමින් සී) දෙහි වල අන්තර්ගත වෙනවා. ඒවා ක්‍රියා කරනු ලබන්නේ  දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප්‍රතිඔක්සිකාරකයන් ලෙසයි. වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම්  මිරිකාගත් දෙහි යුෂ පුලුන් කූරක තවරා වේදනාව දැනෙන ප්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න. 

    03. ඉගුරු
    මිලාධික නොවෙන ඒවගේම  පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිබෙන නිසා ඉගුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉගුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැබෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉගුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.

    04. ලූණු
    ලූණු වල ඇති විෂබීජ නාශක ගුණය සහ ප්‍රතිජීවක ගුණය හේතුවෙන් දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා එය භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ලූණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ලුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්.  අමු ලූණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. 

    05. කරාබුනැටි
    දත් කැක්කුම් මගින් ඇති වෙන දරුණු වේදනාව සමනය කරගැනීම සදහා බොහෝ කාලයක සිට කරාබු නැටි භාවිතා කරනවා. එහි ඇති ප්‍රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. තවද වෙලදපොලෙන් මිලදී ගැනීමට හැකි කරාබුනැටි තෙල් ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් එකට මිශ්‍රකරගෙන මුව සේදීමෙන්ද වේදනාව සමනය කරගන්නට හැකියාව තිබෙනවා.
    -උපුටාගැනීමක්-

    ඔබ සියලුදෙනාට නිදුක් ණීරොගී ජීවිතයක් පතමි.
    ඔබ සැමට තෙරුවන් සරණයි!!!



     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    Mekai dath kakkuma owalin hoda wenne naha hamotama.ehema hoda wenne nathi aya menna meka aran balanna. Supiri



    figure14.jpg
     

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    සොයන්නා;16802126 said:
    වැදගත් කරුණු ටිකක් මචං.... රෙප් +++ :)

    ELA ELA MACHAN KIYALA DUNNATA +
    DUNKOLA EHEMATH THIYENAWA NEDA

    E gena nam man hariyatama kiyanna danne na saho


    Bumpiyoooooooo

    එල කිරි මචන් :yes:
    එකතු කළා..



    Thanks machanla :) :)