..:::පොළොව හා < ගැටුණු ග්‍රහක > :::..

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ..:::පොළොව හා < ගැටුණු ග්‍රහක > :::..

    පොළොව හා ගැටුණු ග්‍රහක​



    පෘථිවිය අසළින් ඇදී යන ග්‍රහක කැබලි කිලෝ මීටර දහස් ගණනක් ඈතින් ගියත් සමස්ථ විශ්වය සැළකූ විට එය කෙස්ගසක දුරක් ලෙස හඳුන්වයි. මේ සමීපයෙන් ඇදී යන ග්‍රහක පෘථිවියේ ගුරුත්වාකර්ශනයට හසුවී පොළොවට කඩා වැටුණහොත් එය හඳුන්වන්නේ උල්කාපාතයක් ලෙසිනි. අනාගතයේ දී පොළොව දෙසට පැමිණෙන මෙවැනි ග්‍රහක සම්බන්ධයෙන් විද්‍යාඥයෝ විමසිල්ලෙන් පසුවෙති. අතීතයේ මෙවැනි ග්‍රහක රැසක් පොළොව මතට වැටී තිබුණු බවට සාධක ඇත. ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ පෘථිවිය තවත් ග්‍රහකයක් හා ගැටීමෙන් සඳ බිහි වූ බවයි. පෘථිවිය මත සිටි දැවැන්ත ඩයිනෝසරයන් වඳ වූයේ ද එවැනි ග්‍රහකයක් පොළොව මතට කඩා වැටීමෙන් බවට මතයක් ඇත. පෘථිවිය මතට විටින් විට ග්‍රහක කඩා වැටීමෙන් සිදුවූ භූගෝලීය ලක්ෂණ සහිත ස්ථාන කිහිපයක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. එහෙත් ඒවා කඩා වැටීමෙන් සිදුවූ විපර්යාස පිළිබඳ නොදනති.
    01 වෝර්ඩෆෝට් ශිඛරය
    දකුණු අප්‍රිකාවේ පිහිටා තිබේ. ග්‍රහක වැටීමෙන් ඇතිවූ විශාලතම භූ ලක්ෂණය සහිත ස්ථානයයි. මෙහි විශ්කම්භය කිලෝ මීටර 300කි. මෙතෙක් සොයා ගත් ග්‍රාහක වැටුණු ස්ථාන අතරින් පැරණි බවෙන් දෙවැනි තැන ගන්නා ස්ථානයයි. මෙය 2005 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට නම් කරන ලදී.

    02 සඩ්බරි නිම්නය
    ලොව සිදු වූ විශාලම ග්‍රාහක ගැටුම් වලින් දෙවන ස්ථායට පත් වූ ගැටුම නිසා ඇති වූ බව කියයි. විශ්කම්භය කිලෝමීටර් 250කි. මෙහි තඹ, ප්ලැටිනම්, පැලේඩියම්, රත්‍රන් හා වෙන්ත් ලෝහ හේතුවෙන් මෙම ප්‍රදේශය පතල් කරුවන්ගේ පාරාදීසකි

    3 චික්සුලබ් ආවාටය
    පෙනිසියුලාවේ පිහිටා ඇත‍. ඩයිනසෝරයන්ගේ වඳවීයාමට හේතුවූයේ මේ උල්කාපාතය බව විද්‍යාඥයෝ විශ්වාසය කරති.

    04 වුඩ්ලෙයි ආවාටය
    ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇත. විශ්කම්භය කිලෝ මීටර 120කට අධික වේ. මෙය ග්‍රාහක ගැටිමකින් සිදු වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කළේ 2000 /04/15 වැනි දින ඕස්ට්‍රේලියා ජාතික සරසවියේ ආචාර්ය ආතර් ජේ. මෝරි විසිනි‍.

    05 කාරා ආවාටය
    වසර ලක්ෂ 22ට පෙර සිදු වූ ග්‍රහක ගැටීමකින් මේ ආවාටය සෑදෙන්නට ඇතැයි විශ්වාස කරයි. රුසියාවේ නෙනෙට්සියා ප්‍රදේශයේ පිහිටා ඇත. විශ්කම්භය කිලෝමීටර 65ක් පමණ යැයි පැවසුවත් සැබැ විශ්කම්භය කිලෝ මීටර් 120කි. පොළොව මත ඇති ආවාට අතරින් විශාලත්වයෙන් සිව්වැනි ස්ථානය ගන්නා ආවාටයයි.

    06 මැනිකෝගන් ආවාටය
    ලොව පැරණිතම ආවාටය මෙම විය හැකි බවට විශ්වාසයක් පවතී. විශ්කම්භය කිලෝමීටර 100ක් පමණ වේ. කැනඩාවේ පිහිටා ඇත‍.

    07 පොපිගයි ආවාටය
    රුසියාවේ සි‍බේරියා ප්‍රදේශයේ පිහිටා තිබේ‍. ස්ථිර වශයෙන් ම උල්කාපාතයක් වැටීමෙන් නිර්මාණය වී ඇති බවට සාක්ෂි ඇති ආවාට වලින් විශාලත්වයෙන් හත්වැනි තැන ලැබෙන්නේ පොපිගයි ආවාටය‍‍ටයි. විශ්කම්භය කිලෝමීටර් 100ක් පමණ වේ. මෙය ස්වභාවික උද්‍යානයක් ලෙස නිර්මාණය කිරීමට යුනෙස්කෝ සංවිධානය දායක වී ඇත.

    08 ඇක්‍රමන් ආවාටය
    උල්කාපාත වැටීමෙන් ඇති වූ ආවා වලින් වැඩිපුර ම විඛාදනයට ලක්වූ ආවාටයයි. ඕස්ට්‍රේලියාවේ දකුණට වන්නට පිහිටා ඇත. ක්වාට්ස් පාෂාණ බහුල මෙම ආ‍වාටය ජලයෙන් පිරී ඇති අතර තැනිනි තැන කුඩා දූපත් මෙන් පාෂාණ මතු වී ඇත. ආවාටයේ විශ්කම්භය කිලෝමීටර 58ත් 90ත් අතර වේ.

    09 චෙසපීකේ මුහුදු බොක්කේ පිහිටා ඇති ආවාටය.
    වසර මිලියන 35කට පමණ පෙර උතුරු ඇමරිකාවේ නැගෙනහිර ඉවුරට ඇද වැටුණු උල්කා වර්ෂාවකින් මෙය ඇතිවූ බව පිළිගත් මතයයි. ආවාටයේ විශ්කම්භය කිලෝමීටර 38ක් පමණ‍ වේ.

    10 පචේ-කටුන්කි ආවාටය
    විශ්කම්භයෙන් කිලෝ මීටර 80ක් පමණ වන ආවාටය අදින් වසර ලක්ෂ 30ත් වසර ලක්ෂ 167ත් අතර කාලයකදී බිහි වන්නට ඇතැයි විශ්වාසයක් පවතී. රුසියාවේ වොල්ගා දිස්ත්‍රික්කයේ පිහිටා ඇත‍.

    11මොරොක්වෙන් ආවාටය
    දකුණු අප්‍රිකාවේ කලහාරී කාන්තා‍රයේ කෙළවරක පිහිටා ඇත. කිලෝමීටර් 70ක් පමණ විශ්කම්භයකින් යුත් ආවාටය අදින් වසර ලක්ෂ 4500 ත් ලක්ෂ අටත් අතර කාලයක දී සිදුවන්නට ඇතැයි විශ්වාස කරයි. එමෙන් ම එම ගැටුණු ග්‍රාහකය එල් ක්‍රොන්ඩයිට් නමින් හඳුන්වයි.

    12 යරාබුබ්බා ආවාටය
    බටහිර ඕස්ට්‍රේලියාව මධ්‍යයේ පිහිටා ඇත.‍ග්‍රහක ගැටුමක් හේතුවෙන් නිර්මාණය වී ඇත. අවසාධිත පාෂාණවලින් සමන්විත මෙහි නෙරා ගිය කොටස ගැටුමෙන් පසු ඉතිරි වූ අවශේෂ කොටසක් බවට ද විශ්වාස කෙරේ. අවට භූමිය තවමත් සිතියම් ගත කිරීම සඳහා මිනුම් ගත කර නැත. දල වශයෙන් කිලෝමීටර් 30ත් 70ත් අතර වට ප්‍රමාණයක් පුරා පැතිර පවතී.

    13 ටායිහු විල
    මෙය ටායි විල නමින්ද හඳුන්වයි. ජලයෙන් පිරී ගිය ආවාටයේ විශ්කම්භය කිලෝමීටර 68.5ක් පමණ වන බව ගණන් බලා ඇත‍. ‍ටායි විල සංචාරක ආකර්ශනයක් දිනා ගත් ස්ථානයක් බවට පත්ව ඇත. චීනයේ ෂැන්හයි නුවරට ආසන්නයේ පිහිටා ඇත.

    14 ටූකූනූකා ආවාටය
    මෙම ආවාටය මෙසොසොයික් යුගයේ අවසාධිත පාෂණ වලින් සමන්විත වේ. ඕස්ට්‍රේලියාවේ නිරිතදිග ක්වීන්ස්ලන්තයේ පිහිටා තිබේ. කිලෝ මීටර් 55ක් දිග ආවාටයේ සැබෑ දිග කිලෝමීටර් 66ක් බව සොයා ගැනීමට හැකි වූයේ තෙල් ගවේශණයකදී ය.

    15 බීවර්හෙඩ්
    විශ්කම්භය කිලෝමීටර් 60ක් පමණ වේ. වසර ලක්ෂ 6000ට පෙර සිදු වූ විශාල ම ග්‍රහක ගැටීමකින් සිදුව ඇතැයි විශ්වාසයක් පවතී. බටහිර මොන්ටානාවේ පිහිටා ඇත. මෙය ග්‍රහකයක් ගැටීමෙන් සිදුවූවක් බව සනාථ වී ඇත්තේ 1990 වර්ෂයේ ය.

    16 චාර්ලෙවොයික්ස් ආවාටය
    කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයේ පිහිටා ඇති ආවා‍ටයේ කොටසක් ශාන්ත ලොරන්ස් ගංගාවෙන් වැසී පවතී. වසර ලක්ෂ 150ට පමණ පෙර සිදු වූ ග්‍රහක ගැටීමකින් ‍මෙය නිර්මාණය වී ඇතැයි විශ්වාස කරයි. අද වන විට ආවාටයෙන් කොටසක් මිනිසුන්ගේ වාසස්ථානයක් බවට පත්ව තිබේ.

    17 සිල්ජන් වළල්ල
    මෙම ප්‍රාග්ඓතිහාසික ආ‍වාට කිලෝමීටර 52ක් පුරාවට පැතිර පවතී. විශාල ආවාටයකින් හා කුඩා ආවාට තුනකින් සමන්විත මෙහි විශාළම ආවාටය ජලයෙන් පිරී පවතී. එය සිල්ජන් විල ලෙස හඳුන්වයි. ස්වීඩනයේ පිහිටා තිබේ‍.

    18 කරා - කුල් විල
    අතීතයේ මෙම ආවාටය වික්ටෝරියා‍ විල හා කළු විල යන නමින් හඳුන්වා තිබේ. වසර ලක්ෂ 50ත් 250ත් අතර කාලයේ දී කිලෝමීටර 52ක පමණ විශ්කම්භයකින් යුත් ග්‍රාහකයක් ගැටීමෙන් මේ ආවාටය ඇතිවූ බව තීරණය කැර ඇත. තාජික්කස්තානයේ පාමිර් කඳු ප්‍රදේශයේ තාජික් ජාතික උද්‍යානයේ මෙය පිහිටා තිබේ.

    19 මොන්ටනයිස් ආවාට‍ය
    ඉයෝසීන යුගයේ සිදු වූ උල්කා ගැටීමකින් මෙය බිහි වූ බව පිළිගත් මතයයි. කිලෝමීටර් 45ක පමණ විශ්කම්භයක් පවතී. කැනඩාවේ නෝවා ස්කෝටියා ප්‍රදේශයට දකුණින් පිහිටා තිබේ.

    20 ශාන්ත මාර්ටින් ආවාටය
    මෙම ආවාටයේ විශ්කම්භය කිලෝමීටර 40ක් පමණ වේ. අදට අවුරුදු ලක්ෂ 1980ත් 2520ත් අතර කාලයේ දී උල්කා රාශියක් එකවර ගැටීමෙන් මෙය ඇති වී බවට මතයකි. කැනඩාවේ මැනිටොබා ප්‍රදේශයේ පිහිටා තිබේ.

    21 ඇරගයින්හා ශිඛරය
    බ්‍රසීලයේ මායිමේ පිහිටා ඇති මෙම ශිඛරය වසර මිලියන 3.25ත් 244.4ත් අතර කාලයකට පෙර නිර්මාණය වී ඇත. සැතපුම් 25ක පමණ පළලකින් හා සැතපුම් 1.5ක ගැඹුරකින් යුක්ත වේ.

    22 මිජොල්නීර් ආවාටය
    නෝර්වේ වෙරළට කිලෝමීටර 40ක් පමණ ඈතින් පිහිටා ඇත.. කාල නිර්ණය අනුව මීට වසර මිලියන 2.6ත් 142ත් අතර කාලයේ දී ඇද වැටුණු උල්කාපාතයක් ගැටිමෙන් මේ ආවාටය බිහිවූ බව විශ්වාසයයි. එනම් ‍දේව කතා වල කියැවෙන තෝර්ගේ බලසම්පන්න මිටිය පෘථිවියට ඇද වැටීමෙන් ආවාටය ඇතිවූ බවට ජනකතාවක් ඇත.

    23 මැන්සන් ආවාටය
    අදින් වසර 740 ලක්ෂයකට පමණ ඉහත දී ගැටුණු ග්‍රහකයක් හේතුවෙන් ඇතිවූ ආවාටයක් යැයි මතයක් තිබේ කිලෝමීටර 38ක් පමණ විශ්කම්භයකින් යුත් මෙහි ගැටුම් පෘෂ්ඨය අඩි 66-300ත් අතර ගැඹුරකට වැළලී ඇත.

    24 කාර්ස්වෙල් ආවාටය
    කැනඩාවේ සැස්කැච්වාන් ප්‍රදේශයේ දක්නට ඇති ආවාටයකි. ආවාටයේ විශ්කම්භය කිලෝමීටර 39ක් පමණ වේ. අදින් වසර මිලියන 10ත් 115ත් අතර කාලයේ දී මේ ග්‍රහකයක් කඩා වැටීමෙන් මේ ආවාටය ඇතිවන්නට ඇතැයි මතයකි.

    25 ස්ලේට් අයිලන්ඩ්ස් (පාෂාණමය දූපත් සමූහයකි)
    මෙම දූපත් විශ්කම්භය කිලෝමීටර 32ක පමණ ප්‍රදේශයක පැතිර පවතී. මෙම දූපත් සමූහය ඇති වීමට හේතුව උල්කා වර්ෂාවක් යැයි පිළිගත් මතයයි. මෙය සුපීරියර් විලේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇත.

    උපුටා ගැනීම ලංකදිප ඔබෙත් මගෙත් දැනුම සදහා :cool:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ෆට්ටම වටින ත්‍රෙඩ් එකක් මචං
    තෑන්ක්ස්

    දැන්ම රෙප් දෙන්න බෑ කියනවා
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Good Post මචෝ..:)
    You must spread some Reputation around before giving it to hacker T again. :(



    ෆට්ටම වටින ත්‍රෙඩ් එකක් මචං
    තෑන්ක්ස්

    දැන්ම රෙප් දෙන්න බෑ කියනවා

    මරුසිරා;16815237 said:
    පට්ට මචෝ ...නියමයි රේප් +4

    TFS machan :)
    තැන්ක්ස් මචන්ලා :yes::)
    රේප් සියල්ල බැක් හොදේ;) :cool:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    great post dear,

    West_Hawk_Lake is another lake formed by meteor in Manitoba. It has a nice beach. There is a nice walking path (trail) ,where people go and see the aftereffects of impact (you can see traces of burned earth, deformed rocks ets). There parts of the original crater boundary still can be seen as series of islands.

    In old days, people identified meteor lakes by its shape (circle). Later confirmed using different geological evidences.

    http://en.wikipedia.org/wiki/West_Hawk_Lake

    11.jpg


    Odale-westhawk-02_west_hawk.jpg
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    great post dear,

    West_Hawk_Lake is another lake formed by meteor in Manitoba. It has a nice beach. There is a nice walking path (trail) ,where people go and see the aftereffects of impact (you can see traces of burned earth, deformed rocks ets). There parts of the original crater boundary still can be seen as series of islands.

    In old days, people identified meteor lakes by its shape (circle). Later confirmed using different geological evidences.

    http://en.wikipedia.org/wiki/West_Hawk_Lake

    11.jpg


    Odale-westhawk-02_west_hawk.jpg
    thanks machan
    rep back hode:yes: