සිංහලයින් ගැන කියැවෙන ගී

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහලයින් ගැන කියැවෙන ගී

    මිට කාලෙකට කලින් අපේ රටේ සිංහලයින්ගේ අභිමානය ගැන වගේම සිංහලයින් ගැන කියැවුනු ගීත ගොඩක් ලියවිලා තියනවා. සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී, සනත් නන්දසිරි, වික්ටරත්නායක, දයාරත්න රණතුංග වගේ අය විතරක් නෙවෙයි මොහිදින් බෙග් පවා සිංහල ජාතියේ අභිමානය ගැන ගිත ගායනා කරලා තියනවා. අද ඒ වගේ ගීත වැඩිය ඇහෙන්නේ නැති එක කණගාටුවක්. මේ නූල පටන්ගත්තේ ඒ වගේ ගීත ෂෙයා කරන්න.

    ඔයාලටත් මතක් වෙන ඒ වගේ ගිත තියනවනම් පුලුවන් නම් පද මාලා එක්කම ෂෙයා කරන්න. නැත්තං ඕඩියෝ එක විතරක් වුනත් කමක්නෑ

    :):):):):):):):):):):):)
    :):):):):):):):):)
    :):):):):):)
    :):):)
    :)
     
    Last edited:
    • Like
    Reactions: asylum

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්


    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදුදේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District



    www.youtube.com/watch?v=Kjrbp7m6Iig



    මේ සිංහල අපගෙ රටයි !- නන්දා මාලනී
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
    හොබවමු ඔබ ලංකා දිවි දීයේ - සුරකිමු ඔබ ලංකා
    බලි තරු රාවන ගැමුනු විජයබා - නිරිඳුන් ලද ලංකා
    පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු - පඬුවන් ලද ලංකා
    විදු සක්විති මහ පැරකුම් කිවිසුරු - කිවියන් ලද ලංකා
    ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට - සීත ගඟුලි ලංකා

    ඔබ හට අත පොවනට උන් මුන් හට - ඉඩ නොතබමු ලංකා
    අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු - මුහුද හොවමු ලංකා
    ගොඩදිය අහසේ හැම තැන ඔබගේ - නම කියවමු ලංකා
    අවසන ඔබ හට පොහොරට මේ කය - මෙහිම හොවමු ලංකා

    ගායනය/සංගීතය සුනිල් ශාන්ත ගී පද අරිසෙන් අහුබුදු


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජය සිරි මහ බෝධි
    රන් වැලි සෑ ආදි
    මිහින්තලය ඉසුරුමුණිය
    අව්කණ සිරිපා ඉමේ
    රන් රන් ගිරි දඹුලු ගලේ
    සරණයි නිදහසට හෙලේ

    අනුරපුරය පොළොන්නරුව
    තිස්සමහාරාම නුවර
    රුහුණු පිහිටි මායා රට
    පවසයි නිදහස් උදාව

    මහවැලි කළු කැළණි නදී
    ව‍ළවේ ගිං සිසිල දිදී
    නිවහල් නව ගීත ගයයි
    නවෝදයට අසිරි පතයි

    හැම ගහකම මල් පිපෙන්න
    හැම තුරු වැල් පල දරන්න
    තෙරුවන් සරණේ බලයෙන්
    අප සිරි ලක රැක දේවා
    අප සිරි ලක රැක දේවා


     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සිංහබාහු පරපුරේ සිංහලයෙක් නම් ... - ගුණදාස කපුගේ- සුනිල් ආරියරත්න ලියූවක්


    සිංදුව මා ගාව නම් තියෙනව නෙට් එකේ හොයන්න නෑ බන් ... ඕන නම් මේල් කරන්නම්

    https://dl.dropboxusercontent.com/u...nil Ariyarathna - Somapala Rathnayaka .mp3
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහබාහු පරපුරේ සිංහලයෙක් නම් ... - ගුණදාස කපුගේ- සුනිල් ආරියරත්න ලියූවක්


    සිංදුව මා ගාව නම් තියෙනව නෙට් එකේ හොයන්න නෑ බන් ... ඕන නම් මේල් කරන්නම්

    සහෝ ඒක මම අහල නෑ. පුලුවන් නම් මේල් කරන්න. අපි ඒක ෂෙයා කරමු
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි
    මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
    ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
    ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
    ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
    සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
    පද්ම රේණුයෙන් සුගන්ධ වී
    රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
    එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
    ගංගා තරංග රාව දී රිදී වනින්
    මල් පිපී කුලින් කුලේ හැපී
    ගායනා කරන්නේ ආකාශයේ නැගී
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63


    සහජීවනේ ගෙන කියවන ඔබ මෙය බැලිය යුතුමය...
    සම්බුද්ධ ශාසනයට සහ සින්හල ජාතිය පිලිබද හැගීමක් තිබේනම් ඔබත් අනිවාර්‍යෙන් බැලිය යුතුමය....
    මෙවෙනි දේ මුස්ලිම්වරුන් ඉවත් කරන නිසා මෙය බාගත කරගෙන අන් හෙමටම බෙදාහරින්න....


    taken from
    http://www.elakiri.com/forum/showthread.php?t=1621356
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්

    ගේය පද - සුනිල් ආරියරත්න, සංගීතය - රෝහණ වීරසිංහ, ගායනය - නන්දා මාලිනී.


     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    සිංහබාහු පරපුරේ සිංහලයෙක් නම් ... - ගුණදාස කපුගේ- සුනිල් ආරියරත්න ලියූවක්


    සිංදුව මා ගාව නම් තියෙනව නෙට් එකේ හොයන්න නෑ බන් ... ඕන නම් මේල් කරන්නම්

    https://dl.dropboxusercontent.com/u...nil Ariyarathna - Somapala Rathnayaka .mp3
    Matath Diyanko