අක්කර 50,000ක් වස විස නැතිව වවන්න බිත්තර වී නොමš
ඉදිරි කන්නයේදී මෙරට කුඹුරු අක්කර 50,000ක් වසවිසෙන් තොරව වගා කිරීම සඳහා බිත්තර වී ගොවි ජනතාවට නොමිලේ ලබාදෙන බව වකුගඩු රෝග නිවාරණ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ මහතා සඳහන් කරන්නේ අක්කර 50,000ක් වගා කිරීමට අවශ්‍ය බිත්තර වී ලබා ගැනීම සදහා මෙම කන්නයේ අක්කර 2000ක වගාකර තිබෙන බවත්, ඒ සදහා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිත නොකල බවත්ය.
මෙම අක්කර 2000ක ප‍්‍රමාණය තම කණ්ඩායම නිරතුරුවම පරීක්ෂා කිරීම් සිදුකරන බවත්, අස්වැන්න ලබාගත් පසු ගොවීන්ට සෑම වී කිලෝවකටම රුපියල් 60ක් ලබාදෙන බවත් ජයසුමන මහතා සදහන් කළේය.
එසේ ලබාගන්නා බිත්තර වී ගොවි ජනතාවට කන්න කිහිපයක් යනතුරු නොමිලේ ලබාදෙමින් රටපුරා වසවිසෙන් තොර වී ගොවිතැන ව්‍යාප්ත කරන බවත්, වසර කිහිපයක් යනතුරු බිත්තර වී ලබාදුන් ගොවීන්ද නිරීක්ෂණය කරමින් වසවිසෙන් තොර වගාවක් සදහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් ඔහු පවසා සිටියේය.
C NEWS