මතක බණ ඉවරයි නිර්මලා.......
මතක බණ ඉවරයි නිර්මලා...
අද රැයත් නුඹ හිතේ මුල්ලෙම
පහන් කරපන් ගුලිවෙලා...
මුණ ගැසී අපි කතා නොකරපු
ඇස් වලින් වරු ගණන් විඳවපු
හැම කතාවම අද කියන්නම්
අහන් ඉඳපන් නිර්මලා...
එදත් මං උන්නෙ මඟ බලා...
වලාකුළු මොර තියා හඬමින්
කියද්දිත් නපුරක් කියා...
මත් බඹර තුඩු විස වැද රිදී
මහ නුගේ ළඟ පෙති ලිහී නුඹ
තැලී පොඩිවී ගඟේ ගිය වග
නොදැනුනේ ඇයි නිර්මලා...
මගෙ මලයි නුඹ නිර්මලා...
සිද්ධ පත්තිනි මෑණියන්ටත්
නොපෙනීම නුඹ පර උනා...
හැමදාම ඇස්වල ලියාගෙන
පරිස්සම් කල කවි අහන්නට
ආයේ නාවත් මගෙ පිච්ච මල
පැහැය අඩු නෑ නිර්මලා...
ආදරෙයි මම නිර්මලා...
පුංචි ඇස් දෙක නටවලා මට
කතා කරපන් ලං වෙලා...
කවමදාවත් මෙලොව නොදැකපු
මගෙයි නුඹගෙයි පැටව් එක්කල
නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
එන්න හිතෙනව නිර්මලා...
බලන් ඉඳපන් නිර්මලා...
~දෙව්රංගි~
07.04.14
එළකිරි.කොම්
මතක බණ ඉවරයි නිර්මලා...
අද රැයත් නුඹ හිතේ මුල්ලෙම
පහන් කරපන් ගුලිවෙලා...
මුණ ගැසී අපි කතා නොකරපු
ඇස් වලින් වරු ගණන් විඳවපු
හැම කතාවම අද කියන්නම්
අහන් ඉඳපන් නිර්මලා...
එදත් මං උන්නෙ මඟ බලා...
වලාකුළු මොර තියා හඬමින්
කියද්දිත් නපුරක් කියා...
මත් බඹර තුඩු විස වැද රිදී
මහ නුගේ ළඟ පෙති ලිහී නුඹ
තැලී පොඩිවී ගඟේ ගිය වග
නොදැනුනේ ඇයි නිර්මලා...
මගෙ මලයි නුඹ නිර්මලා...
සිද්ධ පත්තිනි මෑණියන්ටත්
නොපෙනීම නුඹ පර උනා...
හැමදාම ඇස්වල ලියාගෙන
පරිස්සම් කල කවි අහන්නට
ආයේ නාවත් මගෙ පිච්ච මල
පැහැය අඩු නෑ නිර්මලා...
ආදරෙයි මම නිර්මලා...
පුංචි ඇස් දෙක නටවලා මට
කතා කරපන් ලං වෙලා...
කවමදාවත් මෙලොව නොදැකපු
මගෙයි නුඹගෙයි පැටව් එක්කල
නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
එන්න හිතෙනව නිර්මලා...
බලන් ඉඳපන් නිර්මලා...
~දෙව්රංගි~
07.04.14
එළකිරි.කොම්
Last edited:


