යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා - &#

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    යුද පිටියේ සතුරන් බියට පත් කළ ඩ්‍රෝන යානා - &#

    ඩ්‍රෝන යානා, එසේත් නැත්නම් UAV (Unmanned Ariel Vehicles)/RPAS (Remotely Piloted Aerial System) ලෙස හදුන්වන ඉතාමත් ගුවන් නියමුවන් රහිත ගුවන් යානා විශේෂය මෑත කාලීන යුදබිමේ නැතුවම බැරි අංගයක් වූ බව ගුවන් යානා පිළිබදව යම් දැනුමක් ඇති අය දන්නා කරුණක්. විශේෂයෙන් මීට වසර පහකට පෙර අවසන් වූ ලංකාවේ යුද වාතාවරණය තුලද මෙවන් යානා ඔත්තු බැලීම සදහා යොදා ගත් බව නොරහසක්. අප රටේදී මෙම යානා විශේෂයන් ඔත්තු බැලීම සදහා පමණක් යොදා ගත්තද ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානයට හා ඉරාකයට එරෙහිව දියත් කළ සංග්‍රාම වලදී ඩ්‍රෝන යානා සතුරන් නැසීමේ මෙවමක් ලෙසද භාවිතා කරනු ලැබුවා.


    හැබැයි මෙම UAV ඉතිහාසය අද ඊයෙක එකක් නොවෙයි. 1916 දී තමයි මුලින්ම නියමුවන් රහිත ගුවන් යානායක් ගුවන් ගත කරන්න බ්‍රිතාන්‍ය ජාතික කීර්තිමත් විද්‍යාඥයකු වූ Archibald Montgomery Low විසින් උත්සහ දරලා තිබෙන්නේ. එහෙත් එම වෑයම සාර්ථක වෙලා නම් නැහැ.
    http://en.wikipedia.org/wiki/Archibald_Low


    කෙසේවෙතත් එයින් වසර 35 කට පමණ පසුව ජෙට් තාක්‍ෂනයෙන්ද යුතු නියමුවන් රහිත යානා නිපදවීමට Ryan Aeronautical සමාගම සමත් වූවා. ඔවුන්ගේ එම සාර්ථක නිපැයුම Ryan Firebee ලෙස හැදින්වූ අතර එය එක් නිපැයුමක් නොව විවිද අංගවලින් දියුණු කරන ලද නිපැයුම් පෙලක් ලෙස හැදුන්වනු ලබනවා.
    http://en.wikipedia.org/wiki/Ryan_Aeronautical_Company
    http://en.wikipedia.org/wiki/Ryan_Firebee


    1973 දී ඊශ්‍රායලයේ Tadiran Electronic Industries විසින් නිපවනු ලැබූ Tadiran Mastiff නම් වූ නියමුවන් රහිත යානය අද භාවිතා කරන යානාවල ආකෘතියේ මූලාරම්භකයා කියුවත් වරදක් නැහැ. මුලින්ම Data-link එකක් යොදාගත් යානා විශේෂය මෙය වූවා. ඒ නිසා real-time video streaming පහසුකම ලබාදීමේ හැකියාවද මේ යානාවල යුතු වූ නිසා ඔත්තු බැලීමේ කාර්යයටද ඉතාමත් යෝග්‍ය වූවා.
    http://en.wikipedia.org/wiki/Tadiran_Mastiff


    UAV යානා ‍ ක්‍ෂෙත්‍රයේ තවත් පියවරක් ඉදිරියට තබමින් 1994 දී General Motors ආයතනය විසින් නිපදවනු ලැබූ General Atomics MQ-1 Predator යානා විශේෂයට AGM-114 Hellfire මිසයිල දෙකක් රැගෙන යාමට පමණක් නොව ඒවා අදාල ඉලක්කය වෙත නිවැරදිව එල්ල කරමින් විනාශයටද ලක් කිරීමේ හැකියාවද ලබාදී තිබූ අතර මෙම මිසයිල දෙකට අමතරව වෙනත් ගිනිඅවිද සවිකර තිබූ නිසා ඇමරිකාවේ උදහසට ලක්වූ සතුරන්ට භීතියක් ගෙන දුන්නාට සැකයක් නැහැ. එසේම මෙහි කැමරා උපාංග සහ සංවේදක උපකරණද පෙර තිබූ යානාවට එම උපකරණ වලට වඩා තවත් දියුණු තත්ත්වයට පත් ඇති බවත් පැවසෙනවා. මෙම යානා ඇමරිකානු ආරක්‍ෂක විසින් පමණක් භාවිතා කරනු ලබන අතර 1995 සිට ඔවුන් සටන් වැදුන සෝමාලියා, බොස්නියා හා සර්බියා, ඇෆ්ගනිස්ථාන, ඉරාක, යේමනය හා ලිබියාව තුලත් පකිස්ථානයේ තලෙයිබාන් හා අල්කයිඩා සාමාජිකයන් සොයා සිදු‍කළ මෙහෙයුම් සදහාත් භාවිතා කළ බව පැවසේ.
    http://en.wikipedia.org/wiki/General_Atomics_MQ-1_Predator
    http://en.wikipedia.org/wiki/AGM-114_Hellfire



    එයිනුදු නොනැවතී මේ වන විටත් භාවිතා කෙරෙන F-16 ප්‍රහාරක ජෙට් යානාද නියමුවන් රහිත භූමියේ සිට දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන යානාබවට පරිවර්ථනය කරන්නට ඇමරිකානු ගුවන් යානා විශේෂඥයන් කටයුතු යොදමින් සිටින බව ඇමරිකානු සතුරන්ගේ සිත් නොගන්නවා අැති.


    මුලින් සාග්‍රාමික කටයුතු පමණක් ඉලක්ක කර තැනුන මෙම නියමුවන් රහිත යානා අදවන විට කුඩාවට මෙන්ම බහුවිද කටයුතු සදහාද භාවිතා කිරීමට හැකි සේ නිරායුද කොට නිපදවා තිබීමත් සතුටින් පැවසිය හැකිය.


    භූමිකම්පා වැනි ස්වභාවික උපද්‍රව සිදුවූ අවස්ථාවල මිනිසුන්ට පිවිසිය නොහැකි ස්ථාන හා ගලවා ගැනීමට යන පිරිස් වලද ජීවිත වලටද තර්ජනයක් විය හැකි අවස්ථාවල නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කරන අතරම හරිකේන් වැනි අවස්ථාද ආසන්නයේ සිට නිරීක්‍ෂනයටද යොදා ගනී. ගිනිකදු විදාරනය හා වෙනත් විද්‍යාතමත තොරතුරු ගවේෂන කාර්යයන් හිදී මනුෂ්‍ය ජීවිත අවධානමේ යොදනවාට වඩා මෙවන් යානා යොදා ගෙන එම අවස්ථා නිරීක්‍ෂනයටද අදවනවිට විද්‍යාඥයන් පෙළඹී තිබේ. එසේම වදවී යන වන ජීවින් පිළිබදව නිරතුරු නිරීක්‍ෂනයටද මෙම යානා දකුණු අප්‍රිකාව, මැලේසියාව වැනි රටවල් යොදා ගන්න බව දැනුවත් වීම වැදගත්ය.



    මාධ්‍යවේදීන් සිය මාධ්‍යකරණයේදී ගුවන් මගින් එය නිරීක්‍ෂනයට සහ ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබා ගැනීමටද නියමුවන් රහිත යානා යොදා ගන්නා අතර ක්‍රීඩා තරඟ වැනි අවස්ථාවලදීද වර්ථමානයේ මෙම යානා මහෝපකාරීවන බව පැවසේ.


    ඩ්‍රෝන යානා විවිදාකාර ප්‍රමාණ‍යන්ගෙන් යුතු වන අතර ද්‍රව හයිඩ්‍රජන් මෙන්ම සූර්ය බලයද බලශක්තිය ලෙස යොදා ගනිමින් පැය 24 කට වඩා වැඩි කාලයක් (ඇතැම් ඒවා දින කිහිපයක් වුවත්) නැවත භූමියට නොපැමිණ ඉහල අහසේ රැදෙමින් සිය කාර්යය සිදු කිරීමට හැකි අයුරින් නිපදවා තිබේ.




    මේ වාසිය සංග්‍රාමික අවස්ථාවල සතුරන්ගේ ඔත්තු බැලීමට සේවා සිවිල් කටයුතු වලදීද ‍යොදා ගැනීමට ගූගල් හා ෆේස්බුක් වැනි සමාගම් දැන් සිටම ක්‍රියාකරගෙන යයි. ඒ මීටර් 20,000 තරම් ඉහල අහසේ දීර්ඝ කාලයක් රඳවා තබමින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපහසු භූවිද්‍යාත්මක ප්‍රදේශයන් හිදී සහ තවමත් අන්තර්ජාල පහසුකම් ලබාදී නොමැති සහ ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් යොදවා යටිතල පහසුකම් සැකසිය යුතු ප්‍රදේශයටන්ට අන්තර්ජාලය ව්‍යාප්ත කිරීම තුලින් සිය සේවාවන් සදහා පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමට ඔවුන් සැරසේ. එම අරමුණ සාක්‍ෂාත් කරගැනීම උදෙසා ලොව මේ වන විට නිපදවා ඇති සූර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විශාල ප්‍රමාණයේ ඩ්‍රෝන යානා තමන් වෙත නතු කර ගැනීමටද උක්ත සමාගම් විසින් කටයුතු යොදා අවසන්ය.

    උපුටා ගැනීම..http://sathsamudura.blogspot.com/
     
    Last edited:
    • Like
    Reactions: virajintel

    Similar threads