ලිංගයට, ගුදට, ඇස් වලට, කොච්චි කොටීමහා අලුත්&#3

May 5, 2014
42
5
0
ලිංගයට, ගුදට, ඇස් වලට, කොච්චි කොටීමහා අලුත්&#3

ලිංගයට, ගුදට, ඇස් වලට, කොච්චි කොටීමහා අලුත්ගම පොලිස් නාඩගම

Posted by admin on July 15th, 2014
Nuwan-Kumara-Special-Unit-K-300x162.jpg


කළුතර කටුකුරුන්ද පොලිස් අධිකාරි කාර්යාලයේ පවත්වාගෙන විශේෂ බලකායේ වධකාගාරය තුල දි මෙසේ වධහිංසාවට ලක්ව ඇත්තේ, කාලවිල පදිංචි නුවන් කුමාර නම් 20 හැවරිදි තරණයෙකි.
පසුගිය ජුනි 15 දින ඇතිවු අලුත්ගම සිංහල – මුස්ලිම් කෝළහාලයට සම්බන්ධයයි යන චෝදනා කරමින් 20 දින බේරුවල පොලීසියේ ධම්මික හා අලූත්ගම පොලීසියේ අපරාධ අංශයේ ලක්ෂිත යන නිලධාරින් දෙන්නා විසින් නිවසේදි අත් අඩංගුවට ගන්නා ලදි.


පසු දින මොහුව අලුත්ගම පොලීසිය, කළුතර කටුකුරුන්ද පොලිස් අධිකාරි කාර්යාලයේ පවත්වාගෙන විශේෂ බලකායට බාර දී ඇත්තේ වධදී සිංහල – මුස්ලිම් කොළහාලයට සම්බන්ධ බවට පිළිගැන්වීමට ය.


ඇස් බැඳ කළුතර කටුකුරුන්ද පොලිස් අධිකාරි කාර්යාලයේ පවත්වාගෙන විශේෂ බලකායේ වධකාගාරයට ගෙන යෑමෙන් පසුව නිරුවත් කර අත් පිටු පසට තබා මාංචු දමා දස වධ දීම ආරම්භ කර ඇත.


තමාට වධ දුන්න ආකාරය නුවන් කුමාර විස්තර කරන්නේ මෙසේය.

“මාව කාමරයකට ගෙන ගියා. එහිදී මාව නිරුවත් කරලා, අත් පිටුපසට කර මාංචු දමා, උඩුබැලි අතට බිම නිදි කෙරෙව්වා.

එයින් පසුව හය දෙනෙක් විතර වට කරගෙන, පෙලූ වලින් අතින් පයින් පහර දුන්නා. මගේ කලවා උඩ නැගලා කකුල් උඩට නැව්වා. ඇලපත් වලට පයින් පහර දුන්නා.
ඊට පස්සෙ කොච්චි මිරිස් කොටපු පොට්ටනියක් අරන් ඇවිත්, ඇස් වලට මිරිස් ඉස්ම මිරිකුවා. පොල්ලකින් පුරුෂ ලිංගයේ සම පස්සට කර එතැනට කොච්චි මිරිස් වක් කළා.
ඉන් පසු මුනින් අතට පෙරලා ගුද මාර්ගයට මිරිස් ඉස්ම වත් කළා.


මේ සියල්ලම කරන විට පොලිස් නිලධාරීන් තුන් හතර දෙනෙක් මගේ ඇඟ උඩ නැගලා හිටියේ.
එහෙම කරලා ඉවර වෙලා, මාව ටැප් එක ළඟට නිරුවතින්ම අරන් ගිහිල්ලා, මාංචු ගලවා හෝදා ගනින් කිව්වා.


ඉන්පසු, මාව නැවත එම කාමරයට ගෙන ආවා.
එහි තට්ටු දෙකේ ඇඳක්, ටී.වී. එකක් තිබුණා. බිත්තියට, බිමට ආසන්නව යකඩ පයිප්පයක් අල්ලා තිබුණා.


මාව උඩබැලි අතට, නිරුවතින් බිම හිඳුවා, බිත්තියට හේත්තු කර, අත් දෙක ඇද පයිප්පයට තබා මාංචු දැම්මා…..


….. උදේ හිටපු බොහෝ නිලධාරින් යන්න ගියා. දෙදෙනෙක් ඉතුරුවු නා.
එක් අයෙක් නාලා තුවාය පිටින් මා ලඟට ඇවිත් ඇත්ත කියපන් කියමින් කුණු හරප කියමින් මට බැණ වැදුනා.


ඔහු ලී පොල්ලකින් මාංචු දාමා තිබු අති යකඩ බටය තබා ඇඟිල් තැලූවා. අත් දෙකේම ඇඟිල් තැලූවා.


හොඳටම රැ වුනාට පස්සේ මට කලිසම ඇඳගන්න දුන්නා.
එදින මුළු රාත‍්‍රියම නිදාගන්න නොදි ඒ ආකාරයටම මට ඉන්න සිද්ධ කළා.”

පසු දින අධිකරණයට ඉදිරිපත් කර, ජූලි 02 වන දින දක්වා නුවන් කුමාරව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ජූලි 02 වන දින, අධිකරණයට ඉදිරිපත් කර නැවත ජූලි 09 වන දින දක්වා, රක්ෂිත බන්ධනාගාර ගත කරවනු ලැබීය.

ජූලි 09 වන දින, නුවන් කුමාරව පෙරෙට්ටුවකට ඉදිරිපත් කළද හඳුනා ගැනීමට පොලීසිය ඉදිරිපත් කරන ලද මුස්ලිම් ස්ත‍්‍රිය කියා ඇත්තෙ ඔහුව හඳුනන්නේ නැති බවයි. තවද ඇය නිවසේ නොසිටි බවද පවසා ඇත. නුවන් කුමාරට විරුද්ධව නඩු 09 ක් දාමා තිබුන අතර ඉන් 07 කින් එදිනම මුදාහැරිය ඇතර නඩු දෙකට මා ශරීර ඇප ලබා දි මුදාහරිනු ලැබීය.


මෙසේ නීති විරෝධිව අත්අඩංගුවට ගෙන තමාට දරුණු ලෙස වධ දී බොරු නඩු දැමිමට අත්අඩංගුවට ගෑනිමට එකම හේතුව වශයෙන් ඔහු පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.



“මෙසේ මාව අත්අඩංගුවට ගැනීමට එකම හේතුව :- 2014.06.15 දින රාත‍්‍රි 8.30 ට පමණ මා, මාගේ මව, පියා, මල්ලිලා තුන්දෙනා සමග පාපැදි වලින් බේරුවල පොසොන් තොරණ බලන්න යන අතර අධිකාරීගොඩ මුස්ලිම් පල්ලිය අසල විශාල පිරිසක් රැුස්ව කෝලාහල කරමින් සිටියා. එම පිරිස් වලට අප මැදි වුණා. අප මැදි වූ තැන පරණ යකඩ බෝතල් එකතු කරන ස්ථානයක් තිබුණා. එය ලොකු වත්තක්. ඒ වත්ත ඇතුළේ බේරුවල පොලීසියේ ධම්මික කොස්තාපල්වරයා හිටියා.
කෝලාහල කළ පිරිස එම වත්තට ඇතුලූ වන්නට උත්සාහ කළා. ගේට්ටුව වහලා තිබුණ නිසා ඔවුන් ධම්මික කොස්තාපල් ගෙන් ඉල්ලා සිටියා ගේට්ටුව අරින ලෙස. ධම්මික කොස්තාපල් ගැමුණුගේ පුතා කියලා මට කතා කළා. මම ගේට්ටුව අසල සිටි පිරිසට කිව්වා මේ ඉන්නෙ බේරුවල පොලීසියේ ධම්මික කොස්තාපල් බව. ඔහු සිටියේ සිවිල් පිට. රැුස්ව සිටි පිරිස ධම්මික කොස්තාපල් ට කිව්වා ගේට්ටුව කඩන්න අපට ඕන නෑ. බෝතල් යකඩ අරන් දෙන්න කියලා. ධම්මික කොස්තාපල් බෝතල් හා යකඩ පයිප්ප පොහොර බෑගයකට දමා ගේට්ටුවට උඩින් එ් පිරිසට දුන්නා.



එතැන විශාල පිරිසක් හිටියා. අපට කරන්න දෙයක් නැතිව හිටියේ. අම්මාගේ අතේ අවුරුදු එකයි මාස තුනක් වන පොඩි මල්ලිත් හිටියා.

ටික වේලාවකින් කඳුඵ ගෑස් ගැහැව්වා. පිරිස ඒ මේ අත දුවන අතර අපිද ගෙදර ආවා.
පසුදින එනම් 17 දා, මට ධම්මික කොස්තාපල් දුරකතනයෙන් කතා කරලා කිව්වා “කොල්ලෝ එදා හිටපු අය කියපන් උඹව පාවා දෙන්නේ නෑ, උඹ දන්නවනේ මගේ හැටි” කිව්වා.
ඔහු තවදුරටත් ”මම තැනක් කියන්නම් එතැනට වරෙන්” කිව්වා.
මම ඔහුට කිව්වා මම එතන හිටිය කිසිවෙකු අඳුනන්නේ නැති බව. එ් අපේ ගම නෙවෙයිනෙ කියලා කිව්වා.


එයින් පසු දින 3 කට පසුව තමයි (20 දා) මාව අත්අඩංගුවට ගත්තෙ.
මෙයින් පැහැදිළි වන්නේ මෙම කොල්ලයට සම්බන්ධ වූ බේරුවල පොලීසියේ ධම්ම්ක යන කොස්තාපල්වරයා විසින් තමන් හෙළිදරව් වීම වැලැක්වීමට මා යොදා ගත් බවයි. ”



මෙම කොලහාලයෙන් පසුව ආණ්ඩුවේ උවමනාවට අපරාධකරුවන් වෙනුවට අසරණයි අල්ලා වධදි බොරු නඩු දමා ජනයා රැුවටීමට ගත් උත්සහය මොනවට පැහැදිලි වේ.


ජන සංසදය
 
  • Like
Reactions: Shadow.Walker

Chandika.iddamalgoda

Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    mun police karayoda ponna haththa sinhala kollanta wada denne hambayanta kade yana kari ballo mata police karoyo penna ba manawa himikam giyanam hai
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මේ කරුණු ටික මානව හිමිකම් එකට කියලා කේස් එකක් ෆයිල් කරානම් උබට ඇමරිකාවට පනින්න පුළුවන් ගේමක් නැතුව.. එහාට ගිහිල්ලා මුට හොඳට ජීවත් වෙන්න පුළුවන්..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ කරුණු ටික මානව හිමිකම් එකට කියලා කේස් එකක් ෆයිල් කරානම් උබට ඇමරිකාවට පනින්න පුළුවන් ගේමක් නැතුව.. එහාට ගිහිල්ලා මුට හොඳට ජීවත් වෙන්න පුළුවන්..

    :yes:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ලංකාවේ පොලිසිය අපේ ලංකාවේ පොලිසිය අඩමබරකාර තාත්තට හරි ආඩම්බරයක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Owa thamai 1983 indan tamil ayata kare. 87-89 sinhala kollanta kare. Oka thamai lankawe army police karayange hati. Samahara eeye pereda ipaduna babbunta mewa magic. Umbala puka didi support karanne munta thamai