අලිගැට පේර කෑම ...
හැඳින්වීම
ලෝරේසි ශාක කුලයට අයත් අලිගැට පේර ගස සම්භවය වී ඇත්තේ දකුණු දිග මෙක්සිකෝවේ යයි විශ්වාස කරනු ලැබේ. ඉන්පසු එය ලෝකයේ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශ කරා වි‍්‍යාප්ත වී තිබේ.
ශ්‍රි ලංකාව වෙත මෙම බෝගය හදුන්වා දුන් වකවානුව කුමක්ද යන්න නිශ්ච්තව පැවසිය නොහැකි වුවත් අලිගැට පේර මෙරටට හදුන්වා දීමේ අවස්ථාවක් පිළිබදව පළමුවරට වාර්තා කර ඇත්තේ 1927 වසරේදීය. කෙසේ වුවද වසර 200කට වඩා පෙර ලන්දේසීන් සමග මෙරටට අලිගැට පේර පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ලොව පුරා ඉතා ජනප්‍රිය පලතුරක් වන මෙය නොයෙක් අන්දමෙ ආහාරයට ගත හැකිය. වැඩිම අලිගැට පේර වපසරියක් ඇති රට වන්නේ මෙක්සිකෝව සහ ඉන්දුනීසියාවයි. ඇමෙරිකාව, ඊශ්‍රාලය, දකුණු ඇමෙරිකාව මෙම පළතුර ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල්ය.
මහනුවර,මාතලේ, නුවරළිය, බදුල්ල හා කෑගල්ල වැනි දිස්ත්‍රික්කයන්හි මෙය දැනට වැඩි වශයෙන් වගා කෙරේ. මෙයට අමතරව ගම්පහ,කොළඹ,කුරුණෑගල වැනි දිස්ත්‍රික්යන්හි මේ වගාව ව්‍යාප්ත කල හැක. දැනට අප රටේ පවතින අලිගැට පේර වපසරිය අක්කර 1,500 පමණ වන අතර වාර්ෂික නිෂ්පාදනය මෙට්‍ර්ක්ටොන් 15,000 පමණ වේ.
අලිගැට පේරවල ඇති විශේෂත්වයක් වන්නේ එහි අඩංගු අධික මේද ප්‍රමාණයයි. මේදයෙහි අඩංගු අසංතෘප්ත මේද අම්ල ප්‍රමාණය අධිකය. මෙම මේදය පහසුවෙන් දිරවන සුළුය. ඒ නිසා අලිගැට පේර ආහාරයට ගැනීම නිසා ලේවල කොලෙස්ටරෝල් මට්ටමෙහි වැඩිවීමක් සිදු නොවේ යයි විශ්වාස කෙරේ.
අලිගැට පේර මදයෙන් නිස්සාරනය කර ගත හැකි තෙල් සෘජුවම ආහාරයට ගත හැකි අතර ශරීරයේ ගැල්වීම සදහාත් උසස් ගුණාත්මයේ සබන් හා ක්‍රීම් වර්ග නිෂ්පාදනයේදීත් භාවිතා වේ.
පෝෂණ අගය
අලිගැට පේර මදය 100g ක
පෝෂක ප්‍රමාණය
තෙතමනය 33.6 ග්‍රෑම්
ශක්තිය 215 කි.කැ.
ප්‍රෝටීන් 1.7 ග්‍රෑම්
මේදය 0.1 ග්‍රෑම්
කාබෝහයිට්‍රේට් 7.2 ග්‍රෑම්
කැල්සියම් 17 මිලි ග්‍රෑම්
පොස්ෆරස් 13 මිලි ග්‍රෑම්
යකඩ 0.5 මිලි ග්‍රෑම්
කැරොටීන් 666 මයික්‍රො ග්‍රෑම්
තියසින් 40 මයික්‍රො ග්‍රෑම්
රයිබොෆ්ලේවින් 250 මයික්‍රො ග්‍රෑම්
නියසින් 0.2 මිලි ග්‍රෑම්
විටමින් 57 මිලි ග්‍රෑම්
පොලොක්
Avocado_polok බටහිර ඉන්දියානු කාන්දයට අයත් ප්‍රභේදයකි. ගෙඩිය ඉදෙන අවස්ථාවේදීත් එහි කොල පැහැය නොවෙනස්ව පවතී. ප්‍රමාණයෙන් විශාල ගෙඩි හටගනී. සාමන්‍ය බර ග්‍රෑම් 600 කි. හැඩය ඕවලාකාරය. පිට පොත්ත සිනිදුය. මදයේ අඩංගු මේද ප්‍රමාණය 3-8% වැනි අඩු ප්‍රමාණයකි.
ග්‍රොට්ෆරිස්
මෙක්සිකෝව හා බටහිර ඉන්දීය කාණ්ඩවල දෙමුහුමකි. විශාල ගෙඩි හටගනී. ගෙඩියක සාමන්‍ය බර ග්‍රෑම් 600පමණ වෙයි. මදයේ අඩංගු මේද ප්‍රමාණය 5-10% පමණවේ. ගෙඩියේ හැඩය ඕවලාකාර වන අතර එහි පැහැදිලිව වෙන් වූ පළලින් අඩු ප්‍රදේශයක් ඇත. ගෙඩි ඉදෙන විට පිට පොත්ත දම් පැහැයට හැරේ.
පේරාදෙණිය දම් පැහැ දෙමුහුම්
ස්වභාවිකව හටගත් මව් ගසකින් බිහිවූ පරපුරකි. මෙම ප්‍රභේදය දැන් අප රටේ එතරම් පහසුවෙන් සොයා ගත නොහැක. රවුම් හැඩති මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි ඉදෙන විට දම් පැහැයට හැරේ. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 300-350 පමණ වේ.
ෆර්ටේ
Avocado_Ferte
මෙක්සිකානු හා ගෝතමාලානු කාණ්ඩ අතර දෙමුහුමකි. කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් ඇති ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 225-350 පමණ වේ. තුනී පිට පොත්ත රළුය, එහි කුඩා කහපාට තිත් විහිදී තිබේ. මදයේ අඩංගු මේද ප්‍රමාණය 18%-26% පමණ වේ.
සිමන්ඩ්ස්
Avocado_semandis
බටහිර ඉන්දියානු කාන්ඩයට අයත් ප්‍රභේදයකි. තරමක් විශාල ගෙඩි ඕවලාකාරය. ග්‍රෑම් 450 පමණ බරය. පිට පොත්ත සිනිදුය. දිලිසෙන සුළුය. ගෙඩි ඉදෙන විට පිට පොත්ත කහ පැහැති කොළ පැහැයට හැරේ.
ටවර් -02
Avocado_tawar
ගෙඩියේ හැඩය රවුම් දිගටි වන අතර සාමාන්‍ය බර 375 ග්‍රෑම් පමණ වේ. ගෙඩිය ඉදෙන අවස්ථාවේදී පිට පොත්තේ කොළ පැහැය නොවෙනස්ව පවතී.
බූත් - 07
Avocado_buth
ගෝතමාලානු හා බටහිර ඉන්දීය කාණ්ඩ දෙක අතර දෙමුහුමකි. අධික අස්වැන්නක් ලබා දේ. ඉදෙන අවස්ථාවේදී පිට පොත්ත කොල පැහැතිය.
Avacado Milk Shake
Ingredients
1 avocado (young, fairly firm, with no brown spots in the flesh)
1 cup milk shopping list
3 tablespoons honey, unrefined cane sugar, or other sweetener shopping list
1/4 teaspoon vanilla extract (optional) shopping list
6 ice cubes shopping list
Additional milk as needed
Method
Put 1 cup milk in blender. Cut avocado in half and remove seed. Scoop flesh out of rind and put into blender.
Add sweetener and vanilla extract, if desired. Blend until smooth.
Add ice cubes and continue to blend until smooth and creamy, pouring in additional milk as needed to make the thickness you desire.
Wade hondai nam salakala yanna .. math 5k gahanm...
Source : http://www.agridept.gov.lk/index.php/si/crop-recommendations/1096

Last edited: