ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් නඟී
ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් නඟී
රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කරගෙන මහා භාණ්ඩාගාරය ශක්තිමත් කරමින් මේ රජය වේගවත් සංවර්ධන ගමනකට රට යොමුකර ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සිළුමිණට පැවැසීය.
රටේත් ජනතාවගේත් දුප්පත්කම අඩු කරගනිමින් රැකියා බලාපොරොත්තු වන සියයට අනුහයකම රැකියා ලබාදීමට රටේ ආර්ථිකය ශක්තිමත් කැර ඇති බව ද විරැකියාව සියයට 4 ක් වැනි සුළු මට්ටමකට අද වන විට ගෙනැවිත් ඇති බව ද ඇමැතිවරයා කීය.
ඒක පුද්ගල ණය ප්‍රතිශතය රජය වේගයෙන් පහළට ගෙනැවිත් තිබෙන බවත් පසුගිය එජාප රජයන් සමයේ ඒක පුද්ගල ණය ප්‍රතිශතය සියය ඉක්මවා ගිය බවත් පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සියලු ආර්ථික දර්ශක ධනාත්මක පැත්තට ගෙන ඒමට අද හැකියාව ලැබී ඇත්තේ රට තුළ පවතින යහපත් ආර්ථික කළමනාකරණය නිසා බව ද කීය.
උද්ධමනය ඉතිහාසයේ අඩුම මට්ටමට ගෙනැවිත් ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩි කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හේතු වී ඇතැයි ද ආර්ථික සංවර්ධන ඇමැතිවරයා කීය.
මේ රටේ සංවර්ධනයේ බර මොනම විදිහකින් හෝ ජනතාව පිට නොපැටවෙන පරිදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කටයුතු කර ඇති බවත් ජනතාවගේ මෙන්ම රටේත් වත්කම් වර්ධනය වන මේ සංවර්ධන ගමන කිසිවකුට නවතාලිය නොහැකි බව ද ඇමැතිවරයා කීය.

කියන තැනකට වදින්නම්..ඇති ප්ලීස්..ඇත්තටම දැන්නම් අපිට හොදටම රිදිල චූත් ගිහින් බොකත් ගිහින් තියෙන්නෙ