මත්තල මැයි මාසයේ ආදායම රුපියල් 16,185

monson

Well-known member
  • May 7, 2007
    25,603
    28,565
    113
    මත්තල මැයි මාසයේ ආදායම රුපියල් 16,185

    කිරි කඩයකින් මත්තලට වැඩි ආදායමක් ගත හැකියි - හර්ෂද සිල්වා


    හම්බන්තොට මී කිරි විකුණන කෙනෙක් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් ලබන මාසික ආදායමට වඩා ආදායමක් ලබා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සදහන් කළේය


    ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අවස්ථාවේදීය. හර්ෂද සිල්වා මහතා විමසූවේ මත්තල ගුවන් තො‍ටුපොලේ මැයි මාසයේ ආදායම් කොපමණද යන්නය. සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා සදහන් කර සිටියේ මත්තල ගුවන්තොටුපොලේ මැයි මාසයේ ආදායම රුපියල් 16,185 ක් බවයි.


    මේ සදහා අදහස් දැක්වූ හර්ෂද සිල්වා පවසා සිටියේ ගුවන් යානා විශාල වශයෙන් ගොඩබාන බවත් රටවල් ගණනාවක ගුවන් සමාගම් සමග ගිවිසුම් අත්සන් කොට ඇති බවට ආණ්ඩුව කරුණු පැහැදිලි කළත් ඉකුත් මාසයේ මත්තල ගුවන් තොටුපොලින් කිසිදු ආදායමක උපයා නොමැති බවද පැහැදිලි කළේය.


    :rofl::rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,565
    113
    මත්තලින් වැඩක් නැති බව ආණ්ඩුව පිළිගනී

    මත්තල ගුවන්තොටුපළ භූමිය සිංගප්පූරු සමාගමකට ගුවන් නියමු පුහුණු පාසලක් ආරම්භ කිරීම සඳහා පවරා දීමට සූදානම් වන බව වාර්තා වේ. මේබව හෙළිවූයේ පසුගිය දා සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා සිදුකළ ප්‍රකාශයකින්ය. ඇමතිවරයා ප්‍රකාශකර ඇත්තේ, සිංගප්පුරු රාජ්‍යයේ එරෝ ස්පේස් ආයතනය සහ ලංකාවේ සිනෙට් (CINET)ආයතනය එක්ව මේ පුහුණු පාසල ආරම්භ කිරීමට නියමිතය බවය. මේ සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකම සිදු කළ සියලු සාකච්ඡා අවසන් බවත් මත්තල ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමට මේ සඳහා ඉඩම් වෙන් කිරීමට තමා දැනුම් දුන් බව ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

    මෙයින් පැහැදිලි වන්නේ මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානා නොපැමිණෙන බවය. ගුවන් යානා පුහුණු පාසලක් ජාත්‍යන්තර ගුවන් තොටුපළක පවත්වාගෙන යන්නේ නැති අතර ගුවන් යානා මුක්ත කලාපයක පිහිටි ගුවන් පථයක් සහිත වෙනම ගුවන් තොටුපළක් පුහුණු කටයුතු සඳහා යොදා ගනී. මත්තල ගුවන්තොටුපළට ගුවන්යානා නොපැමිණෙන තත්වයක් තුළ ගුවන් පුහුණු පාසලක් ඉදිකරීමට සූදානම් වන බව මෙයින් හෙළි වේ.

    ආසියාවේ ගුවන් කේන්ද්‍රය යැයි පවසමින්, රටේ ජනතාව ණය කාරයන් කර ඉදිකෙරුණු මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ අසාර්ථක ව්‍යාපෘතියක් බව මේ වන විට තහවුරු වී තිබේ. ඉදිරි ජනාධිපතිවරණයේදී මෙම ගුවන් තොටුපළ සම්බන්ධයෙන් එල්ල විය හැකි විපක්ෂයේ චෝදනා වලින් ගැලවීම සඳහා මෙම උපක්‍රමය භාවිතා වන බව පැහැදිළිය.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔහොම ගිහිල්ලා මේක හදන්න වෙච්ච ණය කන්දරාව කවදා ගෙවන්නද?
    ඔලමොට්ටල වැඩ..
    මහරජාව පුම්බන්න කරපු බූරු වැඩ..

     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපිට එ ගැන හිතනකොටත් දැනෙන්නෙ ලොකු ආඩම්බරයක් :cool:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    anduwa , lokata panne karana dawalin minissu thamai naya karayo wenne .
    Tawath mokak hari wijjawak araianduwa maththala hit karanne
     
    Jul 18, 2014
    155
    31
    0
    හර්ෂද සිල්වා මනා හුට්ටෙක් ද බන්. අපිනම් එක පඩේකට ගණන් ගන්නේ නැහැ
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගොටුකොළ;16928467 said:
    හර්ෂද සිල්වා මනා හුට්ටෙක් ද බන්. අපිනම් එක පඩේකට ගණන් ගන්නේ නැහැ

    ඉලක්කම් කියවන්න බැරි උන්ව මොන්ට්සොරි පොඩි එකෙක් වත් ගනන් ගන් නැ
     

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    Kollaneeeeeeee

    :yes: :yes: :yes: :yes:
     

    Attachments

    • 10550890_656701794418501_8002417765873975628_n.jpg
      10550890_656701794418501_8002417765873975628_n.jpg
      41.7 KB · Views: 117

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    විපක්ෂයේ චෝදනා පුස්සක්. අධිවේගයේ ආදායම කෝටි 4500ක්
    දක්ෂිණ අධිවේගයෙන් දැනට කෝටි 3300ක වාර්තාගත ආදායමක්
    ගිය වසරේ ඇරැඹූ කටුනායකින් මේ වනවිට ‍කෝටි 1200ක්
    කොළඹ-රත්නපුර අධිවේගයේ ඉදිකිරීම් මාස තුනකින් ඇරැඹේ
    මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල හෙළි කරයි



    විපක්ෂයේ සියලු චෝදනා පුස්සක් බවට පත් කරමින් දක්ෂිණ සහ කටුනායක අධිවේගි මාර්ග විවෘත කළ දා සිට මේ වන තෙක් රුපියල් කෝටි 4500ක වාර්තාගත ආදායමක් උපයා තිබේ.

    දක්ෂිණ අධිවේගි මාර්ගය විවෘත කළ 2011නොවැම්බර් 27දින සිට ක්‍රමක්‍රමයෙන්ආදායම ඉහළ ගිය බවද මේ වන විට රුපියල් කෝටි 3300ක වාර්තාගත ආදායමක් උපයා ඇතැයිද මහාමාර්ග වරාය හා නාවික කටයුතු ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කරයි.

    දක්ෂිණ අධිවේගි මාර්ගය මසකට රුපියල් කෝටි 15 ක පමණ ආදායමක් උපයන බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

    කටුනායක අධිවේගි මාර්ගය විවෘත කළ 2013 ඔක්තෝම්බර් 27 දා සිට මේ දක්වා රුපියල් කෝටි 1200ක එහි ආදායම උපයා ඇතැයිද එහි ආදායම දිනෙන් දින ඉහළ ගිය බවකී ඇමැතිවරයා මේ වනවිට එහි ආදායම රුපියල් කෝටි 14 ක් පමණ වන බවද සඳහන් කරයි.

    ජනතාවගේ අධිවේගි මාර්ග භාවිතය මේ වනවිට වැඩි වීම ඊට හේතු වි ඇතැයි කියන ඇමැතිවරයා සති අන්තයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ආදායම වඩාත් ඉහළ යන බවත් සති අන්තයේ එහි ආදායම රුපියල් මිලියන හත ඉක්මවන බවත් කියයි.

    සති අන්තයේ ගම් බිම් බලා යන වාහන 20000ක් පමණ දක්ෂිණ අධිවේගයේ ධාවනය කෙරෙන බව කී ඇමැතිවරයා මෙය ආශ්චර්යක් බව පවසයි. රත්නපුර-කොළඹ අධිවේගි මාර්ගයේ මෙන්ම පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට උපදෙස් දි ඇතැයි කී ඇමැතිවරයා මේ වසර අවසන් වීමට පෙර එම අධිවේගි මාර්ග දෙකේම වැඩ අරඹන බව කියයි. කොළඹ-රත්නපුර මාර්ගයේ තදබදය අවම කිරීම සඳහා තෙමසක් ඇතුළත නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අරඹන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට උපදෙස් දි ඇතැයිද හෙතෙම පවසයි.

    ඒ අනුව කොළඹ සිට රත්නපුරය දක්වා කිලෝ මීටර් 71.8ක දුරකින් නව අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් තෙමසක් ඇතුළත ජනාධිපතිවරයාගේ සුරතින් අරඹන බව ඇමැති කොතලාවල මහතා ප්‍රකාශ කරයි .

    කොළඹ සිට රත්නපුර දක්වා විනාඩි 45කින් ගමන් කළ හැකි අයුරින් නව ‍අධිවේගී මාර්ගය ඉදි කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇතැයිද හෙතෙම පවසයි. ශ්‍රී ලංකාවේ තෙවන අධිවේගී මාර්ගය ලෙස ඉදිවන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට හොරණ ඉංගිරිය රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි එමඟින්කොළඹ සිට රත්නපුර දක්වා මෙතෙක් ගමන් කිරීමට ගත වූ පැය තුනක කාලයක් ඉතිරි කර ගත හැකි බවත් එහෙයින් මේ මාර්ගය ඉදිකිරීමට සැලසුම් කළ බවත් ඇමැතිවරයා කීය‍.



    මේ මාර්ගය ප්‍රවේශ මාර්ග 14කින් සමන්විත වන බවද කහතුඩුව, ගැලනිගම, හොරණ , හඳපාන්ගොඩ, ඉංගිරිය, මුණසිංහපුර, කිරිඇල්ල, ඔටුවාගල, ඇහැළියගොඩ, කිතුල්පේ , දොඩම්පේ, කොස්ගොඩ, කුරුවිට, රත්නපුර හරහා පැල්මඩුල්ල ඊට අයත් වෙන බවද ‍ඒ මහතා සඳහන් කළේය.

    එසේම පිටත වටරවුම් මාර්ගය අතුරුගිරියේ සිට කඩුවෙල, කඩවත හරහා කෙරවළපිටිය දක්වා ඉදි කරන බවත් එහි ඉදිකිරීම්ද සිදු වෙමින් පවතින බව වැඩි දුරටත් පැවැසීය.