෴ පෙම්බර උම්මියා..෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ පෙම්බර උම්මියා..෴

    adorable-love-couple-hug.jpg


    යෞවන වයස ගෙවනා තරුනෙකි කාලේ...
    මංගල රුදාවයි තිබුනේ සිට බාලේ...
    ඇන්දම හිර ඩෙනිම් වී කිරි කිරි බෝලේ...
    ආවේ ඔබ සොයා දෙනවද මට ආලේ...

    කන්කළු හඩින් පවසන්නම් මා ඔබට...
    මගෙ ආදරය නැත අඩු වැඩියක් එයට...
    කිංකිනි හඩින් ඔබ පානා හිනාවට...
    සත්තයි ආදරේ හිතුනා ඔබට මට...

    වැඩ පොල කෙදින වත් නැති මිහිරිය දෙන්නේ...
    කරනා දෙයක් නෑ මට වෙහෙසක් දෙන්නේ...
    බොස් මා ලගින් ගියමුත් නැත ඇඹරෙන්නේ...
    දුවගේ රුව තමයි මගෙ මතකෙට එන්නේ...

    මතකයි මුලින් දුටු දින මගෙ සුදු නෝනේ...
    ගස්සං ගියා මතකයි හිත බිදුනානේ...
    එනමුදු නොපසුබට ට්‍රයි එක දැමුවානේ...
    එහෙමයි මහේෂියෙ මම පෙම පිදුවානේ...

    කෙතරම් ගනං ඉස්සූවත් මා ඔබට...
    සැර වැර දමා වැසුවත් දොර මුහුන පිට...
    ඉකියෙන් පටන් ගන්නා කදුලක බරට...
    රිදුනා මගේ හිත හොදටම එවේලෙට...

    ආදරෙ දැනුනා දින දින ඉත සිතින් පිදූ...
    සීලය බිදුනා සේ ඉන්නම් හිතින් හැදූ...
    බොන සේ ආල රස පානය හොවා මදූ...
    එනවද හෙටත් මා දැකුමට මගේ සුදූ...

    බොස්ගෙන් පවා නැත කොක්කක් පැටලෙන්නේ...
    කෙස් ගහ ගානෙ ඔබගෙයි මට සිහි වෙන්නේ...
    තිස්සෙම ඒ නිසා මං සතුටින් ඉන්නේ...
    සක්විති රජ වගෙයි රෑටත් නිදියන්නේ...

    එන්නම් ඔබ සොයා නිදනා කුටිය වෙත...
    සදු නැති වුවත් අදුරක් නෑ කුටිය මත...
    සුසිනිදු සුවැති යහනේ ඔබ නිදන සිත...
    කළඹයි මගේ සිතුවිලි ගංගා දසත...

    පෙම්බර මහේෂියෙ මා පෙම්බර දේවී...
    ඔබගේ නාමයෙන් මා දිවි කැප වේවී...
    බොස්ගේ කැමැත්තක් ඒ විදිහට වේවී...
    පැනලා යන්ද අදවත් එයි රෑ බෝවී...

    මොනවා කියන්නද තව නැත තේරෙන්නේ...
    ඔබමයි මගේ ලොව නිති දින වැජඹෙන්නේ...
    කවි ගී ලියා එයමයි ඔප් නංවන්නේ...
    කවදද අපිත් එක වහලක තනි වෙන්නේ...

    සුදු මුදු සේල ඉග දවටා සිනා සලා...
    මල් කලඹක්ද දෑතින් ගෙන ගමන් කලා...
    ඉන්නම් මමත් ලස්සන කුල කුමරු වෙලා...
    යන්නම් දිනෙක ඒ සුන්දර ලොව සොයලා...!
     
    Last edited:

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL



    කෙතරම් ගනං ඉස්සූවත් මා ඔබට...
    සැර වැර දමා වැසුවත් දොර මුහුන පිට...
    ඉකියෙන් පටන් ගන්නා කදුලක බරට...
    රිදුනා මගේ හිත හොදටම එවේලෙට...


    බොස්ගෙන් පවා නැත කොක්කක් පැටලෙන්නේ...
    කෙස් ගහ ගානෙ ඔබගෙයි මට සිහි වෙන්නේ...
    තිස්සෙම ඒ නිසා මං සතුටින් ඉන්නේ...
    සක්විති රජ වගෙයි රෑටත් නිදියන්නේ...


    shaa.. niyama kawi set eka.
    mata penne boss ge duwata tama meh liyala tiyenne neda :D
    godak lassanai. tawa kawi dannako. niyamai :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝ මගේ හැකියාව කොහොමද..? :rofl:


    :love::love::love:
    ලැජ්ජයි ඕයි
    :dull:

    සිරාවටම සහෝ.. එළිවැට වත් ගලපගන්න බැරිව හිටපු ඔයා මේ කෙල්ල සෙට් උනාට පස්සෙ පට්ටම කවියෙක් වෙලා නෙහ්..:cool:
    ආඩම්බරියි සහෝ:love:
    ජය වේවා..
    දාගටම ලියමු :yes::D
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    කන්කළු හඩින් පවසන්නම් මා එබට...
    මගෙ ආදරය නැත අඩු වැඩියක් එයට...
    කිංකිනි හඩින් ඔබ පානා හිනාවට...
    සත්තයි ආදරේ හිතුනා ඔබට මට...
    maxxxx :yes::yes:.......boss ge duwa ;)
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ඔයාගෙම නිර්මාණයක් වගේ.හරිම ලස්සනයි.
    Ela machoo.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෂා....නියමයිනේ..මන් දන්නේ නැහැනේ ඔයා මෙච්චර වැඩර් කියලා මල්ලී....නියමයි...

    ලවක් කල හරියක්......එල එල දිගටම ලියන්න....රේප් නම් දෙන්න බැහැලු.....:)