෴ පෙම්බර උම්මියා..෴
යෞවන වයස ගෙවනා තරුනෙකි කාලේ...
මංගල රුදාවයි තිබුනේ සිට බාලේ...
ඇන්දම හිර ඩෙනිම් වී කිරි කිරි බෝලේ...
ආවේ ඔබ සොයා දෙනවද මට ආලේ...
කන්කළු හඩින් පවසන්නම් මා ඔබට...
මගෙ ආදරය නැත අඩු වැඩියක් එයට...
කිංකිනි හඩින් ඔබ පානා හිනාවට...
සත්තයි ආදරේ හිතුනා ඔබට මට...
වැඩ පොල කෙදින වත් නැති මිහිරිය දෙන්නේ...
කරනා දෙයක් නෑ මට වෙහෙසක් දෙන්නේ...
බොස් මා ලගින් ගියමුත් නැත ඇඹරෙන්නේ...
දුවගේ රුව තමයි මගෙ මතකෙට එන්නේ...
මතකයි මුලින් දුටු දින මගෙ සුදු නෝනේ...
ගස්සං ගියා මතකයි හිත බිදුනානේ...
එනමුදු නොපසුබට ට්‍රයි එක දැමුවානේ...
එහෙමයි මහේෂියෙ මම පෙම පිදුවානේ...
කෙතරම් ගනං ඉස්සූවත් මා ඔබට...
සැර වැර දමා වැසුවත් දොර මුහුන පිට...
ඉකියෙන් පටන් ගන්නා කදුලක බරට...
රිදුනා මගේ හිත හොදටම එවේලෙට...
ආදරෙ දැනුනා දින දින ඉත සිතින් පිදූ...
සීලය බිදුනා සේ ඉන්නම් හිතින් හැදූ...
බොන සේ ආල රස පානය හොවා මදූ...
එනවද හෙටත් මා දැකුමට මගේ සුදූ...
බොස්ගෙන් පවා නැත කොක්කක් පැටලෙන්නේ...
කෙස් ගහ ගානෙ ඔබගෙයි මට සිහි වෙන්නේ...
තිස්සෙම ඒ නිසා මං සතුටින් ඉන්නේ...
සක්විති රජ වගෙයි රෑටත් නිදියන්නේ...
එන්නම් ඔබ සොයා නිදනා කුටිය වෙත...
සදු නැති වුවත් අදුරක් නෑ කුටිය මත...
සුසිනිදු සුවැති යහනේ ඔබ නිදන සිත...
කළඹයි මගේ සිතුවිලි ගංගා දසත...
පෙම්බර මහේෂියෙ මා පෙම්බර දේවී...
ඔබගේ නාමයෙන් මා දිවි කැප වේවී...
බොස්ගේ කැමැත්තක් ඒ විදිහට වේවී...
පැනලා යන්ද අදවත් එයි රෑ බෝවී...
මොනවා කියන්නද තව නැත තේරෙන්නේ...
ඔබමයි මගේ ලොව නිති දින වැජඹෙන්නේ...
කවි ගී ලියා එයමයි ඔප් නංවන්නේ...
කවදද අපිත් එක වහලක තනි වෙන්නේ...
සුදු මුදු සේල ඉග දවටා සිනා සලා...
මල් කලඹක්ද දෑතින් ගෙන ගමන් කලා...
ඉන්නම් මමත් ලස්සන කුල කුමරු වෙලා...
යන්නම් දිනෙක ඒ සුන්දර ලොව සොයලා...!
යෞවන වයස ගෙවනා තරුනෙකි කාලේ...
මංගල රුදාවයි තිබුනේ සිට බාලේ...
ඇන්දම හිර ඩෙනිම් වී කිරි කිරි බෝලේ...
ආවේ ඔබ සොයා දෙනවද මට ආලේ...
කන්කළු හඩින් පවසන්නම් මා ඔබට...
මගෙ ආදරය නැත අඩු වැඩියක් එයට...
කිංකිනි හඩින් ඔබ පානා හිනාවට...
සත්තයි ආදරේ හිතුනා ඔබට මට...
වැඩ පොල කෙදින වත් නැති මිහිරිය දෙන්නේ...
කරනා දෙයක් නෑ මට වෙහෙසක් දෙන්නේ...
බොස් මා ලගින් ගියමුත් නැත ඇඹරෙන්නේ...
දුවගේ රුව තමයි මගෙ මතකෙට එන්නේ...
මතකයි මුලින් දුටු දින මගෙ සුදු නෝනේ...
ගස්සං ගියා මතකයි හිත බිදුනානේ...
එනමුදු නොපසුබට ට්‍රයි එක දැමුවානේ...
එහෙමයි මහේෂියෙ මම පෙම පිදුවානේ...
කෙතරම් ගනං ඉස්සූවත් මා ඔබට...
සැර වැර දමා වැසුවත් දොර මුහුන පිට...
ඉකියෙන් පටන් ගන්නා කදුලක බරට...
රිදුනා මගේ හිත හොදටම එවේලෙට...
ආදරෙ දැනුනා දින දින ඉත සිතින් පිදූ...
සීලය බිදුනා සේ ඉන්නම් හිතින් හැදූ...
බොන සේ ආල රස පානය හොවා මදූ...
එනවද හෙටත් මා දැකුමට මගේ සුදූ...
බොස්ගෙන් පවා නැත කොක්කක් පැටලෙන්නේ...
කෙස් ගහ ගානෙ ඔබගෙයි මට සිහි වෙන්නේ...
තිස්සෙම ඒ නිසා මං සතුටින් ඉන්නේ...
සක්විති රජ වගෙයි රෑටත් නිදියන්නේ...
එන්නම් ඔබ සොයා නිදනා කුටිය වෙත...
සදු නැති වුවත් අදුරක් නෑ කුටිය මත...
සුසිනිදු සුවැති යහනේ ඔබ නිදන සිත...
කළඹයි මගේ සිතුවිලි ගංගා දසත...
පෙම්බර මහේෂියෙ මා පෙම්බර දේවී...
ඔබගේ නාමයෙන් මා දිවි කැප වේවී...
බොස්ගේ කැමැත්තක් ඒ විදිහට වේවී...
පැනලා යන්ද අදවත් එයි රෑ බෝවී...
මොනවා කියන්නද තව නැත තේරෙන්නේ...
ඔබමයි මගේ ලොව නිති දින වැජඹෙන්නේ...
කවි ගී ලියා එයමයි ඔප් නංවන්නේ...
කවදද අපිත් එක වහලක තනි වෙන්නේ...
සුදු මුදු සේල ඉග දවටා සිනා සලා...
මල් කලඹක්ද දෑතින් ගෙන ගමන් කලා...
ඉන්නම් මමත් ලස්සන කුල කුමරු වෙලා...
යන්නම් දිනෙක ඒ සුන්දර ලොව සොයලා...!
Last edited:








