නිවන් දකින්න ලේසිම ක්‍රමය-part II

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    නිවන් දකින්න ලේසිම ක්‍රමය-part II

    සැම දෙනාම මගේ "නිවන් දකින්න ලේසිම ක්‍රමය" thread එක කියවන්න ඇති කියල හිතනවා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1109198
    ගොඩක් අයට ඒක ප්‍රයෝජනවත් වෙච්ච නිසා කාටත් වැදගත් වෙන ඒ කියන්නේ ඉතා
    වැදගත් වෙන නිවන් මගට කෙලින්ම යොමු වෙච්ච ධර්ම දේශනා කීපයක් ඇසුරෙන් කෙලින්ම නිවනට යොමු කරවන්න තමයි අද බලාපොරොත්තුව.

    දේශකයාණෝ: අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

    identifier.jpg

    https://archive.org/details/VenDankandeDhammaratanaThero
    මේ හාමුදුරුවො ගැන අටුවා ටීකා ඕනෙ නෑ..දන්නො දනිති. අද කාලෙ ලංකාවෙ නිවන් දුටු ගිහි පින්වතුන්ගෙන් වැඩි කොටස මීට කාලයකට ඉස්සර පවතවන ලද මේ හාමුදුරුවන්ගෙ භාවනා පාඨමාලා වලට සහභාගි වූවන් බවයි මගේ අදහස.. ඉතින් දැනට එවැනි භාවනා පංති මේ හිමියන් නොපැවැත්තුවත් එකල පටිගත කරන ලද දේශනා ඇසුරෙන් නිවන පිළිබඳ උනන්දු වෙන කොයි කාටත් පල ප්‍රයෝජන නෙලා ගන්න පුලුවන්.

    මේක මුල ඉඳලම ශුද්ධ විපස්සනා භාවනා ක්‍රමය මගින් නිවන් ලැබිය හැකි එක මගක්.

    කලින් ත්‍රෙඩ් එකේ මම දැම්මා පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ "සතිපට්ඨාන භාවනාව" පොත ගැන.

    http://ogatharana.org/bookDownCounter.php?booknumber=12
    ඒ පොත හොඳට දෙතුන් පාරක් කියවන්න..ඒකෙ තියෙන විදියට භාවනාව පුලුවන් විදියට ප්‍රගුණ කරන්න පුලුවන්නම් ඉතාම හොඳයි.. නාම-රූප ධර්ම පිලිබඳව හොඳ දැනුමක් ඇති කරගන්න. ඊට පස්සෙ මේ බණ ටික පිළිවෙලට අහල ඒ අනුව භාවනාවේ යෙදෙන්න.

    1.භාවනා ඇරඹිමට උපදෙස්
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/BhavanaArambimataUpades.mp3

    2.භාවනා පූර්වකෘති

    I.https://archive.org/download/VenDankandeDhammaratanaThero/BhavanaPurvakurthi1.mp3
    II.https://archive.org/download/VenDankandeDhammaratanaThero/BhavanaPurvakurthi2.mp3

    3.පිම්බීම් හැකිලීම් භාවනාව
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Bhavana-pimbeemHakileem.mp3

    4.ශූන්‍යතාවය
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Shunyathawaya-clear.mp3

    5.නාම-රූප ධර්ම
    I.https://archive.org/download/VenDankandeDhammaratanaThero/Nama-rupaDharma.mp3
    II.https://archive.org/download/VenDankandeDhammaratanaThero/Nama-Rupa.mp3

    6.නාම-රූප ධර්ම තුලින් අනාත්මය
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Nama-Rupa-Thulin-Anaathmaya.mp3

    7.නාම-රූප පරිච්ඡෙද ඥාණය
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Nama-rupaParichchedaGnanaya.mp3

    8.නාම-රූප දැක නිවනට***(ඉතාම වැදගත්ම වැදගත්)
    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Nama-rupaDekaNivanata.mp3

    සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
    එහෙත් එය අසීරුය.
    වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.

    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.

    සාදු!සාදු!සාදු!

    බුදු දහම ලොවෙහි බැබලේවා!

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ මොන බොරුවක්ද? බුදු හාමුදුරුවෝ මෙහෙම ලාමක කාරනාවක් නිවනයි කියලා පවසලා නැහැ. මේ හාමුදුරුවෝ තමන්වත් රැවටිලා අනිත් අයට ඒ රැවටීම ප්‍රකාශ කිරීමයි මේ බණ දේශනා වල තියෙන්නේ. ඇසූ අය ඔය කියන ලාමක කාරනය නිවනයි කියා හිතුවොත් රැවටුනාම තමයි.

    බුදු හාමුදුරුවෝ නාම/රූප වලට අමතරව වෙන දෙයක් නැහැයි කියලා පවසලා නැහැ. නාම/රූප සහ විඤ්ඤානය යන කරුණු අනුව තමයි සත්වයාගේ ක්‍රියා කාරිත්වය පවතින්නේ කියලා පවසලා තියෙනවා (උදා: මහා නිධාන සූත්‍රය සහ තවත් සූත්‍ර). නාම යන ගොඩට විඤ්ඤානය අයිතියී කියලත් නැහැ. බොහෝ සූත්‍ර වල මෙය සදහන් (නාම යනු වේදනා, සංඤා, චේතනා, ඵස්ස සහ මනසිකාර). නාම/රූප සහ විඤ්ඤානය යනු දෙකක් ලෙස ඇති පදම් සූත්‍ර වල පවසා තියෙනවා සේම ප්‍රධානතම දෙයක් වන පටිච්ච සමුප්පාදයේ මේ ගැන පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. එනම් විඤ්ඤානය හේතු කොට ගෙන නාම/රූප පවතින බවත්, නාම/රුප හේතු කොට ගෙන විඤ්ඤානය පචතින බවත්. මේ හාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාදයත් පටලවා ගෙන.

    අනික සිත් ඇතිවන්න හේතුව ලෙස නාම/රුප දක්වා තියෙනවා (සංයුක්ත නිකාය 5-1, සමුදය සූත්‍රය). මේ නිසාත් මේ හාමුරුවෝ නාම යනු සිත් ලෙසින් පවසා පැහැදිලි ලෙස පවසා ඇති බුදු දහම් පටලවනවා.

    මේ හාමුදුරොවෝ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරනවා කියා කියන්නේ බොහොම බොලද අදහසකට. ඔය ටික සමාධියක් නැතුවත් කෙනෙකුට හිතා ගන්න පුළුවන්.

    මේ හාමුදුරුවෝ නාම/රූප නිරෝදය පවසන්නේ නෑ. ආත්ම දෘෂ්ඨිය ඇතිව බුදු දහම් පටලවා ගෙන කියන නිසා නාම/රූප වල වෙනස්වෙමින් පැවතීමක් තමයි පවසන්නේ. මේ අනවබෝධය නිසා ආත්ම දෘෂ්ඨිය (පැවත්මක් ඇති බව) වෙන ආකාරයකට පැවසීමක්.

    බුදු හාමුදුවෝ ඔය ආකාරයට කතන්දරයක් පවසලා අනාත්මයැයි හිතාගන්න කියා පවසලා නැහැ. පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය පවසන්නේ වෙනස් ආකාරයකට, පැහැදිලි කරුණු ඇතිව, තමන්ට දැක ගන්න පුළුවන් අයුරකට (හුදෙක් හිතා ගන්න පුළුවන් කතන්දරයක් ලෙස නොවෙයි).

    ඉතින් මේ විදියේ ලාමක, විකාර, කිසිම හරයක් නැති, තේරුමක් නැති කතන්දරයක් අහලා ඒ ආකාරයට හිතලා නිවන් අවබෝධ කලා කියලා කෙනෙක් හිතුවානම් රැවටුනාම තමයි!
     
    • Like
    Reactions: roboman and kash123

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Skylark උඹ ඔය කරගත්තේ ආර්ය උපවාද කර්මය,, උඹ මහ ලොකු පණ්ඩිතය වගේ හෙන හෑල්ලක් ලිව්වට උඹ දන්න මගුලක් නෑ.. ඒ මදිවට දැන් ඉතින් උඹට ගොඩ ඒමක් නෑ.. ආර්ය උපවාදය කියන්නෙ බලගතු කර්මයක්...
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මේ මොන බොරුවක්ද? බුදු හාමුදුරුවෝ මෙහෙම ලාමක කාරනාවක් නිවනයි කියලා පවසලා නැහැ. මේ හාමුදුරුවෝ තමන්වත් රැවටිලා අනිත් අයට ඒ රැවටීම ප්‍රකාශ කිරීමයි මේ බණ දේශනා වල තියෙන්නේ. ඇසූ අය ඔය කියන ලාමක කාරනය නිවනයි කියා හිතුවොත් රැවටුනාම තමයි.

    බුදු හාමුදුරුවෝ නාම/රූප වලට අමතරව වෙන දෙයක් නැහැයි කියලා පවසලා නැහැ. නාම/රූප සහ විඤ්ඤානය යන කරුණු අනුව තමයි සත්වයාගේ ක්‍රියා කාරිත්වය පවතින්නේ කියලා පවසලා තියෙනවා (උදා: මහා නිධාන සූත්‍රය සහ තවත් සූත්‍ර). නාම යන ගොඩට විඤ්ඤානය අයිතියී කියලත් නැහැ. බොහෝ සූත්‍ර වල මෙය සදහන් (නාම යනු වේදනා, සංඤා, චේතනා, ඵස්ස සහ මනසිකාර). නාම/රූප සහ විඤ්ඤානය යනු දෙකක් ලෙස ඇති පදම් සූත්‍ර වල පවසා තියෙනවා සේම ප්‍රධානතම දෙයක් වන පටිච්ච සමුප්පාදයේ මේ ගැන පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. එනම් විඤ්ඤානය හේතු කොට ගෙන නාම/රූප පවතින බවත්, නාම/රුප හේතු කොට ගෙන විඤ්ඤානය පචතින බවත්. මේ හාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාදයත් පටලවා ගෙන.

    අනික සිත් ඇතිවන්න හේතුව ලෙස නාම/රුප දක්වා තියෙනවා (සංයුක්ත නිකාය 5-1, සමුදය සූත්‍රය). මේ නිසාත් මේ හාමුරුවෝ නාම යනු සිත් ලෙසින් පවසා පැහැදිලි ලෙස පවසා ඇති බුදු දහම් පටලවනවා.

    මේ හාමුදුරොවෝ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ කරනවා කියා කියන්නේ බොහොම බොලද අදහසකට. ඔය ටික සමාධියක් නැතුවත් කෙනෙකුට හිතා ගන්න පුළුවන්.

    මේ හාමුදුරුවෝ නාම/රූප නිරෝදය පවසන්නේ නෑ. ආත්ම දෘෂ්ඨිය ඇතිව බුදු දහම් පටලවා ගෙන කියන නිසා නාම/රූප වල වෙනස්වෙමින් පැවතීමක් තමයි පවසන්නේ. මේ අනවබෝධය නිසා ආත්ම දෘෂ්ඨිය (පැවත්මක් ඇති බව) වෙන ආකාරයකට පැවසීමක්.

    බුදු හාමුදුවෝ ඔය ආකාරයට කතන්දරයක් පවසලා අනාත්මයැයි හිතාගන්න කියා පවසලා නැහැ. පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය පවසන්නේ වෙනස් ආකාරයකට, පැහැදිලි කරුණු ඇතිව, තමන්ට දැක ගන්න පුළුවන් අයුරකට (හුදෙක් හිතා ගන්න පුළුවන් කතන්දරයක් ලෙස නොවෙයි).

    ඉතින් මේ විදියේ ලාමක, විකාර, කිසිම හරයක් නැති, තේරුමක් නැති කතන්දරයක් අහලා ඒ ආකාරයට හිතලා නිවන් අවබෝධ කලා කියලා කෙනෙක් හිතුවානම් රැවටුනාම තමයි!

    ලාමකයි කියල උබ අදහස් කරන්නෙ මොකක්ද බන්? හිත දකින/විදින දෙ පස්සෙ යන්නෙ නෑතුව තිය ගන්න පුලුවන් නම් ,නිවන් දකින්න ඔනමේය් කියන හෑගිම තියෙනව නම් උබ හිතන තරම් අමාරු නෑ.සොවන් උන කෙනෙක් අතින් වෙන්න බෑරි පාප කර්ම 6 ක් විතරයි.

    1. මව මෑරීම.
    2.පියා මෑරීම.
    3.රහතන් වහන්සෙ නමක් අපවත් කිරීම.
    4.බුදුන්ගෙ ශරීරයෙ ලේ සෙලවිම.
    5.සන්ඝ බේදය.
    6.නිවන් ලෑබීම සදහා බුදුන් වහන්සෙ හෑර වෙනත් කෙනෙක් අනුගමනය කිරීම.

    එවගෙම සොතාපන්න පුද්ගලයා අතින් පන්සිල් පද සියල්ලම උනත් බිදෙන්න පුලුවන්.එහෙත් එ කලේ වරදක් බව ඔහුගෙ සිතින්ම වටහගෙන නෑවත නොකරන්න උත්සහ ගන්නව

    එහෙත් සාමන්ය පුද්ගලයා කොතෙක් වාරයක් පන්සිල් කෑඩුවත් එය නිදොස් කර ගන්නට උත්සහ දරන්නෙ නෑ.

    මෝහය ජය ගෙන අති විට ප්‍ර* වේ අලොකය පහල වන්නට ඉඩක් නෑහෑ

    sourse - ''සොවන් වනු වස්''
    අමරපුර මූල වන්ශික මහා නිකයෙ නියොජ්ය ලෙඛකාධ්කරී,
    අධ්යාපන අමත්යන්ශයෙ පාලි විශය පිලිබද මාතර දිස්ත්‍රික් උපදේශක,
    මාතර ශ්‍රි විමලජොති මහා පිරිවෙනේ ගරු පරිවෙණාදිපති,
    රාජකීය පන්ඩිත,ශාස්ත්‍රපති,
    පුජ්ය කොස්ගොඩ විමලවන්ශ තිස්ස
    හිමි පානන් විසින් සම්පාදිතයි
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මෙ ධර්ම දානයෙ පිනෙන් උබට මෙ අත්මෙ දීම නිවන් අවබොද වෙවා !!!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    > පෝරිසාදයා
    > Skylark උඹ ඔය කරගත්තේ ආර්ය උපවාද කර්මය,, උඹ මහ ලොකු පණ්ඩිතය වගේ හෙන හෑල්ලක් ලිව්වට උඹ දන්න මගුලක් නෑ.. ඒ මදිවට දැන් ඉතින් උඹට ගොඩ ඒමක් නෑ.. ආර්ය උපවාදය කියන්නෙ බලගතු කර්මයක්...

    ඉතින් මම දන්නේ නැත්නම් කමක් නැහැ. ඒත් ඉතින් ත්‍රිපිටකය තවමත් තියෙනවානේ. ඒ නිසා පෝරිසාදයා මට ගර්ජනා කරන්නේ නැතුව පොඩ්ඩක් ඒක පෙරලලා බලන්නකෝ. ත්‍රිපිටකය ඩවුන්ලෝඩ් කර බලන්න ලෙහෙසි වෙයි. මහානිදාන සූත්‍රය තියෙන්නේ දීඝ නිකාය 2 පොතේ (එහි දෙවන සූත්‍රය). සමුදය සූත්‍රය තියෙන තැන කලින්ම කීවානේ (සංයුක්ත නිකාය 5-1 පොතේ). තවත් ඔය තියෙන පොත් වල එහාට මෙහාට ගිහිල්ලා හොයා බලන්නකෝ හේතු ඵල දහම (පටිච්ච සමුප්පාදය) ගැන ඇති සූත්‍ර. මදි නොකියන්න තියෙනවා.

    ආර්යය අපවාදය කියන්නේ බලගතු කර්මයක් යැයි පෝරිසාදයාත් හිතනවානම් පෝරිසාදයා පොඩ්ඩක් ඉවසීමෙන් මා කියූ දේවල් ඇත්ත දැයි පරික්ෂා කර බලා කියන දෙයක් කීවොත්, ලියන දෙයක් ලියුවොත් හොදයි කියා මා හිතනවා. ඔබේ කැමත්ත ඉතින් බුදු පියානන් මනා සේ දේශනා කර ඇති ධර්මය පැහැදිලිව පැවතියදී වෙන ධර්මයක් බුදු පියානන් පැවසූ දේ යැයි පිළිගන්න, එහෙම අන් අයට ඒත්තු ගන්වන්න මම ඉතින් මොනවා කරන්නද? පොරිසාදයාගේ කැමැත්ත බුදු පියානන් පැවසූ දේ එසේම පවසා ඇතැයි කියන අය නොපිලිගන්න නම්, එසේ නොපිළිගන්න යැයි අන් අයට ඒත්තු ගන්වන්න නම් ඒත් ඉතින් මම මොනවා කරන්නද?

    ඉතින් ඒ නිසා පොඩ්ඩක් බුදු පියානන් පවසා ඇත්තේ කුමක්දැයි බලා සිටියානම් නේද හොද?

    > kash123
    > ලාමකයි කියල උබ අදහස් කරන්නෙ මොකක්ද බන්?

    ලාමකයි කියන්නේ භාවනාව සංගීත පුටු තරගයක් මෙන් කරගැනීමට. ලාමකයි කියන්නේ දහම්හී පටලැවී සිටීමට. ලාමකයි කියන්නේ විදර්ශනාව තාර්කික වටහාගැනීමක් ලෙස සැලකීමට සහ එසේ බව අන් අයට පැවසීමට සහ එසේම කිරීමට අන් අයව යොමු කිරීමට, ලාමකයි කියන්නේ අනවබෝධයට (හිතේ ඇතිවුන කිතිකැවීමකට) නිවන් දැකීම යැයි පැවසීමට.

    > එවගෙම සොතාපන්න පුද්ගලයා අතින් පන්සිල් පද සියල්ලම උනත් බිදෙන්න පුලුවන්.

    මේ ගැන මම පැහැදිලිව දන්නේ නැහැ. සෝවාන් පුද්ගලයාගේ ඇති අංග හතරට ඇතුලත්වන හතර වන අංගය නම් නොකැඩෙන ආර්යකාන්ත ශීලය බව බුදු පියානන් පවසා තිබෙනවා. මේ කරුණත් බොහෝ සූත්‍ර වල සදහන් (උදා: සංයුක්ත නිකාය 5-2, සෝතාපත්ති සංයුක්තයට අයත් සූත්‍ර).

    > මෝහය ජය ගෙන අති විට ප්‍ර* වේ අලොකය පහල වන්නට ඉඩක් නෑහෑ

    ඒක ඇත්ත. මෝහය නම් ජය ගෙන ඇත්තේ ප්‍රඥාවේ ආලෝකය පහල වන්නට ඉඩක් නැහැ.
     
    Last edited:

    ඉතින් බන් අපි හම දේම තෙරුම් ගන්නෙ තර්කිකව නොවේද.මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුලුවන් කියල නෙ මචන්.
    අයි එහෙනම් විදර්ශනව තෙරුම් ගන්න බෑරි තර්කිකව.එක එක්කෙනගෙ තෙරුම් ගනීමේ මට්ටම අනුව එක කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්.

    එවගෙම තමයි,කොච්චර තර්කිකව බුදුදහම ගෑලපුවත් ඒ දේ ප්‍රcටිකලි කරන්නෙ නත්නම් වඩක් ඈත්තෙ නෑ නේද ?

    2cf5q15.jpg

    2gx2uq9.jpg

    1zl88y1.jpg

    2njlk6s.jpg

    මෙ රේරුකානේ චන්දවිමල මහා හමුදුරුවන්ගෙ විදර්ශනා බාවනා ක්‍රමය පොත බාගත කර ගන්න.උබ බෑලුවෙ නෑත්නම් ගොඩක් කරුනු තියෙනව.

    http://www.scribd.com/collections/2569626/Rerukane-Chandawimala-Maha-Thero-Dhamma-Books-Collection

    Name of the book - විදර්ශනා භාවනා ක්‍රමය
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    > kash123
    > ඉතින් බන් අපි හම දේම තෙරුම් ගන්නෙ තර්කිකව නොවේද.මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුලුවන් කියල නෙ මචන්

    ඇත්තටම අපි හැම දේම තේරුම් ගන්නේ තාර්කිකව නොවෙයි. සරල උදාහනයක් දෙන්නම්කෝ. ඔන්න ඇස් ඇර බලපුවාම අපි ඉස්සරහා අපේ අම්මා ඉන්නවා කියා හිතමුකෝ. අපිට ඇස් වලින් අම්මාව පේනවා. ඉතින් අපි පැහැදිලිව තේරුම් ගන්නවා ඉන්නේ අම්මා බව. ඔතන තර්කයක් නැහැනේ.

    යම් මායාකාරි දෙයක් අම්මා ලෙස ඉන්නත් පුළුවන් කියලා හිතෙනවා නම් ඒක සිදුවියි හැකිම තමයි. ඒ නිසා මේ උදාහරණයට වඩා හොද උදාහරනයක් ඕනෑ නම් බඩගින්න වගේ දෙයක් ගැන හිතන්නකෝ. තර්කයෙන්ද තේරුම් ගන්නේ බඩගිනියී කියලා?

    > අයි එහෙනම් විදර්ශනව තෙරුම් ගන්න බෑරි තර්කිකව.එක එක්කෙනගෙ තෙරුම් ගනීමේ මට්ටම අනුව එක කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්.

    ඉහත කීවා වගේ විදර්ශනාව කියන්නේ මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුළුවන් කියන කාරනාවකට නොවෙයි. දකින්න ඕනෑ දේ එකවර දැකීම. එතන කිසිම අන් අය කියන නිසා පිළිගැනීමක්, තර්කයක් (මෙහෙම උනොත් මෙහෙමයි කියා ගැලපීමක්), ඇදහිල්ලක්, ආසාවට පිළිගැනීමක්, යම් වැරදි මතයක් නිසා අළුත් අද්දැකීම හරියැයි හිතා ගැනීමක් ආදිය නැහැ.

    උදාහරනයකට ඇස් ඇර බලන විට පෙනෙන කාන්තාවක් අම්මා යැයි අනික් අය කියුවාට ඔබ පිළිගත්තොත් හරියනවාද? ඔබේ අම්මා කාමරයකට ගොස් වෙන කාන්තාවක් කාමරයෙන් පිටට පැමිණි විට ගියේ අම්මා, ඒ නිසා මේ ආවේ අම්මා යැයි තර්කයෙන් පිළිගත්තොත් හරියනවාද? එහෙම නැත්නම් හැමදාම උදේට පළමුව දකින කාන්තාව අම්මා යැයි අදහාගෙන හිටිවිට යම් දවසක උදේට දකින කාන්තාව වෙන කෙනෙක් උනොත් එවිටත් මේ අම්මා යැයි ඇදහිල්ල නිසා පිළිගත්තොත් මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් වෙන යම් ලස්සන කාන්තාවක් දැක මේ මගේ අම්මා නම් හොදයි, ඒ නිසා මම මෙයා අම්මා කියා සලකනවා යැයි පිළිගත්තොත් හරියයිද? එහෙමත් නැත්නම් ලොව සෑම කාන්තාවක්ම අම්මා කෙනෙකි යැයි කෙනක් කුමන හෝ ආකාරයකට හිතන්න ගත්තොත් වෙන කාන්තාවක් දුටු විට මේ මගේ අම්මා යැයි පිළිගත්තොත් හරියයිද?

    ඉතින් තර්කයත් අපව පටලනවා, ඒ නිසා තර්කයෙන් ඇත්ත කුමක්දැයි දකින්න බැහැ. ඇත්ත දැක්කොත් ඒ නිසා සිදුවන වෙනත් දේ නම් තර්කයෙන් වටහා ගන්න පුළුවන් වේවි. හැබැයි ඇත්ත නොදැක තර්ක කරන්න ගියොත් බොරුව මූලාශ්‍රයෙන් තර්ක කරන නිසා වැරදීමමයි සිදුවන්නේ.

    ඔබම හිතා බලන්නකෝ, බුදු පියානන් බොහෝ තැන්වල පවසා තියෙනවා තර්කයෙන් දහම් අවබෝධ වන්නේ නැති බව. ඉතින් එහෙමත් පවසා තියෙන එකේ අපි උත්සාහ කරන්න ඕනෑ අඩු තරමින් බුදු පියානන් එසේ පැවසුවේ ඇයි කියා වත් තේරුම් ගන්න. එහෙම නැතුව කල යුත්තේ විදර්ශනා ප්‍රඥාව පහල වීම තර්කයෙන් යම් කරුනක් වටහා ගැනීම යැයි තේරුම් ගන්න උත්සාහ කිරීම හෝ, එහෙම යැයි ඔප්පු කරන්න උත්සහ කිරීම නොවෙයිනේ.

    > එවගෙම තමයි,කොච්චර තර්කිකව බුදුදහම ගෑලපුවත් ඒ දේ ප්‍රcටිකලි කරන්නෙ නත්නම් වඩක් ඈත්තෙ නෑ නේද ?

    ඉතින් ඒකමනේ මමත් ඔබට පවසන්නේ. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් පවසා ඇති මේ කාරණාවන් බොහෝම නිවැරදියී. එලෙසමයි ත්‍රිපිටකයේ ඇත්තේත්. සතර සතිපට්ඨානය ඕනෑමයි. එතුලින්මයි විදර්ශනා ප්‍රඥාවක් උපදවා ගත හැක්කේ. නමුත් විදර්ශනා ප්‍රඥාව උපදවාගන්නේ මේ යැයි කියා තර්කයෙන් යම් කරුනක් පෙන්වා දුන්නොත් කුමක්ද සිද්ධවන්නේ? එය පිළිගන්නා අය විදර්ශනාව ලෙස තර්කයෙන් යම් මතයකට තමන් පැමිනියාද එය විදර්ශනා ප්‍රඥාව යැයි පිළිගන්නවා. අන්තිමට මෙසේ හිතාගත්තොත් බුදු පියානන් පැවසූ තර්කයෙන් අවබෝධ කරන්න බැහැ කී ධර්මය තමන් අවබෝධ කලා යැයි වැරදීමෙන්ම හිතා ගන්නවා. මෙහෙම උනහම තර්කයෙන් තමන් පටලවා ගත් කාරනාව නිවන් දැකීම යැයි හිතාගෙන අන් අයටත් එම ආකාරයට කරන්න යැයි පවසනවා. තර්ක කිරීම විදර්ශනා භාවනාව යැයි පවසනවා. මේ මෝඩ හිස් පිරිස් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය විනාස කරනවා. එය අපැහැදිලි කරනවා. එය අවබෝධයට ඇති මං අහුරනවා. ධර්මය යැයි වෙන දෙයක් පෙන්වා දෙනවා. අන්තිමට බුදු පියානන් පැවසූ දේ තර්කයෙන් අවබෝධ කල හැකියැයි බුදු පියානන් නොපැවසූ කාරනාවක්ම (එයට ප්‍රතිවිරුද්ධ දේම හරියැයි බුදු පියානන් පවසා තිබුනත්) සමාජ ගත කරනවා.

    ඉතින් ඔහොම සමාජගත උනහම මොකද වෙන්නේ? ඕකට කියන්නේ සද්ධර්මයේ පරිහානිය කියලා. බොහෝ පිරිස් නොමගටම යනවා. වැරැද්ද හරි යැයි සිතනවා. අන්තිමට "උඹ ආර්යය අපවාදයක් කලේ, මේ විදිහට කරපන්" යැයි පවසමින් ආර්යයන්ටම අපවාද කරනවා. නොදැනුවත්කම නිසා හෝ තමන්ව බොරුවෙන් මුලා කල අනාර්යයන්වම පසසනවා. මෙවන් අනුවන කම් කරන පිරිස් ඉතින් ආර්යය අපවාදයේ විපාකය කෙතරම්ද එයම බලාපොරොත්තු විය යුතුයි. මේ ගැන ත්‍රිපීටකයේත් සදහන්. උදාහරණයකට බුදු පියානන් හා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ අතර ඇතිවූ කතා බහ වලදී මහා කාශ්‍යප හිමියන් එකල (බුදු පියානන් බුදු වීමෙන් සෑහෙන කලක් ගිය පසු එහෙත් බුදු පියානන් ඉන්නා කාලයේ) නොහික්මුණු භික්ෂූන් ගැන "මෙකල භික්ෂූන් අවවාදයත් නුහුරට ගන්නවා" යැයි පවසා තිබෙනවා. බුදු පියානන් එය එසේම බව අනුමත කරත් තිබෙනවා. මෙකල ගැන කවර කතාද? අන්තිමට මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ කියලා ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත් හරි වැරැද්ද කෙසේ වෙතත් තියෙන්නේ එහෙමයි කියලා පිළිගන්නේත් නැති, අඩු තරමින් එහෙමද තියෙන්නේ කියලා බලන්නවත් හිතන්නේ නැති හිස් පිරිස් තමයි දැන් ඉන්නේ. ඉතින් මොන අවබෝධයක්ද?

    මෙහෙම හිස් බවින් හැසිරුනාම තමන් හරිද, වැරදිද කියලා තෝරාගන්නේ කොහොමද? බුදු පියානන් පවසා තියෙන්නේ යමෙක් සද්ධර්මය වෙනයම් ක්‍රමයකට කීවොත් හරි අරුත් ගැන්වුවොත් හරි එය එකවර පිළිගන්නත් එපා, ප්‍රතික්ශේප කරන්නත් එපා කියලා. පිළිගත්තොත් වැරදි දෙයක් පිළිගන්න පුළුවන්. ප්‍රතික්ෂේප කලොත් හරි දෙයක් ප්‍රතික්ෂේප කෙරෙන්න පුළුවන්. ඒ නිසා පවසා ඇත්තේ සූත්‍රයෙහි, විනයෙහි සසදා බලන්න කියලා. මෙච්චර සරලව මේ කාරනය කියා තියෙන එකේ (විදර්ශනා ප්‍රඥාව පැත්තක තියමුකෝ, මේක සරලව තේරුම් ගන්න පුළුවන් කරුනක්නේ) ගත් කටටම "උඹ මහ ලොකු පණ්ඩිතය වගේ හෙන හෑල්ලක් ලිව්වට උඹ දන්න මගුලක් නෑ" කියලා කෙනෙක් කිව්වොත් කුමක්ද ඒකෙන් අපට දැන ගන්න පුළුවන් වන්නේ? එසේ කියන කෙනා බුදු පියානන් පැවසූ ආකාරය නම් සසදා බලා තීරනය කරන්න යැයි කීම එක්කෝ දන්නේ නැහැ. එක්කෝ පිළිගන්නේ නැහැ. නුවනින් සසඳා බැලීමත් පැත්තකින් තියමුකෝ, අඩු තරමින් ත්‍රිපිටකයේ අකුරු, වචන තියෙන්නේ යම් ආකාරයකට කීවාම ඒකත් බලන්නේ නැතිව ප්‍රතික්ශේප කරනවා නම් නුවනින් සැසදීම ගැන මොන කතාද? එතනින්ම තමන්ගේ දහම් අවබෝධයට ඇති පාර වහගන්නවා.

    ඉතින් එහෙම අයට සූත්‍ර එකින් එක පෙන්වා දීමේදීත් ඒවායේ ඇත්තේ මොනවාදැයි බලන්නත් හිතෙන්නේ නැති තරමට කවුරුන් හෝ පටලවලා නම් (එනම් ඉහත කී අයුරින් ක්‍රියා කරන්න යැයි කී බුදු වදන් නොපිළිගන්න තැනට පත් කරලා නම්), ඒ මමද පටලවලා තියෙන්නේ? විදර්ශනාව පැත්තක තියලා මේ සරලව තේරුම් ගන්න පුළුවන් බුදු වදන් පවා නොපිළිගන්න තැනට මිනිසුන්ව මුළා කරපු හිස් මිනිසුන් ඉන්නවා නම් ඒ මමද?

    මෙආකාරයට තමන්වත් මුලා වී අන් අයවත් මුලා කර සරල තර්කයෙන් තේරුම් ගන්න පුළුවන් කරුණුත් පටලවනා අයත් ඉන්නවා නම්, ඒ තරමටම පරිහානියට පත්වූ පිරිස් මුලාව හරියැයි විමසීමෙන් තොරව ප්‍රකාශ කරන තැනකට පැමින තියෙනවාද ඔවුන්ට විදර්ශනාව තියා තර්කයවත් සරල කරුනක් තේරුම් ගන්න භාවිතා කර ගන්න බැහැ නේ? ඒ තරමටම ඔවුන් බුදු පියානන් පැවසූ දේ ප්‍රතික්ෂේප කරණ පමනට පරිහානියට පත්වෙලා. බුදුන්, දහම්, සඟුන් සරණ යනවා කියලා නාමිකව පැවසීම පමණක් කරන මේ අයට කෙසේ දහම් අවබෝධ වන්නද? එලෙස නාමිකව පවසා ඉන් නොනැවතී බුදු පියානන් කියූ දේ කනපිට හරවා ප්‍රතිවිරුද්ධ දෙයක් බුදු පියානන් කියූ දේ යැයි සමාජයට පැවසීම කෙතරම් අපරාදයක්ද?

    ඉතින් කවුද පටලවැව්වේ, කවුද පටලැවිල්ල ලිහන්න වචනයකින් හරි උදව් කරන්නේ කියලා තමන් වලේ වැටී ඉන්න ගමන් නොවැටී ගොඩ ඉන්න අයට ගොඩට ඒමක් නෑ කියලා කියන අය පොඩ්ඩක් හරි හිතුවොත් යහපතක්ම සිදුවේවි.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මෙ ධර්ම දානයෙ පිනෙන් උබට මෙ අත්මෙ දීම නිවන් අවබොද වෙවා !!!
     
    • Like
    Reactions: roboman

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Gstar,

    මේ ස්වාමීන් වහන්සේ පවසා ඇති නාම/රූප ගැන ප්‍රධාන කරුණු සද්ධර්මයේ සදහන් ආකාරයන් සමග කිසිම ගැලපීමක් නැහැ. ඔබ අසා ඇතිනේ අවිද්‍යා පච්චයා සංකාරා, සංකාර පච්චයා විඤ්ඤානං, විඤ්ඤාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං,... ආදී ලෙස හෝ නාම රූප පච්චයා විඤ්ඤානං. විඤ්ඤාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා ඵස්සෝ,... ආදී ලෙස පටිච්ච සමුප්පාදය විස්තර වෙනවා (මේ දෙආකාරයටම කියවෙනවා). මම මගේ ඉහත කමෙන්ට් වල තවත් කරුණු පැවසුවා. ඔබ පොඩ්ඩක් විමසලා බලන්න කුමක්ද බුදු පියානන් පවසා තියෙන්නේ මම දැක්වූ සූත්‍ර වලත්, තවත් සූත්‍ර වලත් කියලා.

    ඔබ අන් අයට යහපතක් කිරීමේ අදහසින් මෙම තොරතුරු අන් අයට ගෙන හැර දැක්වූ බව පැහැදිලියී. නමුත් නොදැනුවත්ව ඔබ මේ දක්වන්නේ මනා සේ දේශනා කර ඇති සද්ධර්මය අවුල් කර පැවසීමක්. ඉතින් මේවා අසන අන් අයත් මානසික වින්දනයකට නිවන කියා පටලවා ගන්නවා සේම පටිච්ච සමුප්පාදය වගේ වටිනාකම කියා නිම කරන්න බැරි දහම් වැරදියට තේරුම් ගන්නවා. අන්තිමට මෙහෙම අවුල් උන පිරිස් විඤ්ඤාන පච්චයා නාම රූපං කියා බුදු පියානන් කීවේ මොන පිස්සුවකටද කියාත් හිතන්න පුළුවන්. එහෙමත් නැත්නම් නාම/රූපත් හේතු නිසා හට ගන්නා බව අමතක කර දමා තියෙන්නේ නාම/රූප පමණයි කියා පටිච්ච සමුප්පාදයේ මුළ ඇති දේ නොසලකා හරින්න පුළුවන්. ඉතින් තියෙන්නේ නාම/රූප පමණයි කියා කීවාම කුමක්ද සිදුවන්නේ කියලා ඔබට පැහැදිලි ඇති. මොවුන්ට නාම/රූප නිරෝධයත් නොපෙනී යනවා. මොකද නාම/රූප සමුදයම මොවුන්ට තේරුම් ගන්න බැරිවන නිසා (ඒ මේ ස්වාමීන් වහන්සේ විඤ්ඤානය නාම ගොඩට දාලා අවුල් කර ඇති නිසා - ඉතින් කොහොම නාම/රූප වල සමුදය පනවන්නද?). ඉතින් නිවන් දැකීමේ මග අවුලෙන් අවුලට පත්වෙනවා. ඉතින් ඔබ කල්පනා කර බලන්න සිදුවන්නේ යහපතක්ද කියලා?

    ඔබට මේ ස්වාමීන් වහන්සේ සමග කතා බහ කරන්න හැකියාවක් තිබෙනවානම් විමසා බලන්න කිනම් කරුනක් නිසාද මේ ආකාරයට පවසන්නේ කියලා. පැහැදිලිව ඇති දහම් අවුල් කර පැවසුවාම දහම් දකින්න ඉතාම අපහසු වෙනවා නේද? ඉතින් ඔබ නිවන් දකින්න ලෙහෙසිම ක්‍රමය කියා දක්වා තිබෙන්නේ කුමක්දැයි ඔබම හිතා බලන්න ඕනෑ. මෙහෙම දහම් අවුල් කර දමාත් නිවන් දකිනවායැයි පවසනවානම් ඒ මොන නිවනක්දැයි සිතා බලන්නත් ඕනෑ. අනික මේ අවුල් කර දමන්නේ අවබෝධ කර ගත යුතුම කරුණු. එහෙම අවුල් කරපුවාම කොහොම අවබෝධ වන්නද? අන්තිමට ලාමක මානසික වින්දනයකට නිවන් කියනවා නොවන්නෙ වෙන දෙයක් නිවන් දැක්ම යැයි බුදු පියානන් පවසා ඇති බව හිතා ගන්නත් අමාරු පිරිසක් බිහිවීම තමයි සිද්ධ වෙන්නේ.

    ඔබට මේ කරුණු ගැටලු සහගත නම් මා කියූ සූත්‍ර වල කුමක් සදහන්ව ඇත්දැයි අරුතින් හෝ අඩු තරමින් වචන හෝ සසදා බලා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඊට පටහැනි දෙයක් ලෙස දැක අඩු තරමින් ඔබේ ලිපියේ පැහැදිලිව පෙනෙන තැනක මේ දහම් දේශනාවන් සූත්‍ර සමග නොගැලපීමක් ඇති බව සදහන් කරන්න. එවිට අන් අයත් පැහැදිලි කර ගැනීමට හෝ පෙලඹේවි.

    මම මේ ස්වාමීන් වහන්සේට මඩ ගහන්න කැමති නැහැ. එතුමන්ට හැකි වූ පමනින් අවබෝධ කරගෙන පැවසූ කරුණුනේ. මෙ මට හෝ වෙන කෙනෙකුට ඕනෑ විදිහට ලොව හැමෝම ඉන්න ඕනෑ, ඒ විදිහට හිතන්නන ඕනෑ කියලා මොඩ විදිහට අපි හිතන්න ඕනෑ නැහැනේ. එතුමන් කැමති දෙයක් එතුමන් තේරුම් ගත්තාවේ, එතුමන්ට කැමති දෙයක් පවසපුවාවේ, එතුමන්ට කැමති ආකාරයකට ජීවත් උනාවේ. නමුත් මෙතුමන් මේ පවසා ඇති දේ බුදු පියානන් මනා සේ දේශනා කර ඇති දහමට නොගැලපෙන බවක් මම කියන්න කැමතියී. ඒ එසේ නොකර සිටීමෙන් දහම් අවබෝධ කරගන්න උත්සාහ ගන්නා අයත් නොමග යන නිසා. එනිසා පමනයි මම මෙසේ ලියන්නේ. හැකියාවක් තිබුනානම් මම මේ ස්වාමීන් වහන්සේ සමගත් මේ ගැන කතා කර බලනවා.

    ඉතින් ඔබ දෙසත් මම එලෙසමයි බලන්නේ. ඔබ නිවන් අවබෝධය පහසු කිරීමේ අරමුනින්, අන් අයට යහපතක් කිරීමේ අරමුනින් ලිපියක් පල කලත් ඔබ ඇත්තටම කර ඇත්තේ නිවන් මඟ අපැහැදිලි කරන, එය වසා දමන්නට තුඩු දෙන දෙයක් නොදැනුවත් කම නිසා පල කිරීම. කරුණුත් සමග මා ඒ බව පැවසුවා. ඔබට තේරෙන පමනින්, ඔබේ කැමැත්තක් කරන්න. කැමතිනම් නිවැරදි කරන්න, නැත්නම් නිවැරදි නොකරන්න. වැරදිද, නිවැරදිද කියා තෝරාගන්න අපහසුනම් පැහැදිලිව තේරුම් ගැනීමේ ප්‍රතිපත්තියකට පැමින විසදා ගෙන ක්‍රියා කරන්න. වෙනත් යමක් සුදුසු ලෙස හිතුනොත් ඔබ සුදුසුයි කියා හිතන දෙයක් කරන්න.

    ඒ එක්කම මම කියන්නේ දහම් අවබෝධයට අන් අය යොමු කිරීම බොහෝම හොද, යහපත් ක්‍රියාවක්. මේ නිසා ඔබ ඔය කරන දේ ඉදිරියටත් කරගෙන යන්න. නිවැරදි දේම අන් අයට කියා දෙන්න උත්සාහ ගන්න. වැරදීමක් සිදුවුවොත්, ඒ බව කරුණු සහිතව ඔබට දැක්වුවොත් එම වැරදීම් හදාගන්න පසුබට වෙන්නත් එපා. මේ දහම් අපැහැදිලි වන කාලේ ඒ ආකාරයට පැහැදිලි කර ගැනීමේ ප්‍රතිපත්තියකට නොපැමිනියොත් හැමෝටම වෙන්නේ මේ ඉතුරු වෙලා තියෙන ටිකත් නැතිවෙලා බොහෝ පිරිස් වල පල්ලටම යන එක. ඒ නිසා නිවැරදි දේම කරන්න උත්සහ ගන්නා විට වැරදුනාට කමක් නැහැ, නමුත් වැරැද්ද වැරැද්ද ලෙස අන් අයෙක් පෙන්වා දුන්නොත් හෝ ඔබම පසු කලෙක තේරුම් ගත්තොත් නිවැරදි කර ගැනීමට පෙලඹෙන්න.

    තෙරුවන් සරණයි!
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    > kash123
    > ඉතින් බන් අපි හම දේම තෙරුම් ගන්නෙ තර්කිකව නොවේද.මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුලුවන් කියල නෙ මචන්

    ඇත්තටම අපි හැම දේම තේරුම් ගන්නේ තාර්කිකව නොවෙයි. සරල උදාහනයක් දෙන්නම්කෝ. ඔන්න ඇස් ඇර බලපුවාම අපි ඉස්සරහා අපේ අම්මා ඉන්නවා කියා හිතමුකෝ. අපිට ඇස් වලින් අම්මාව පේනවා. ඉතින් අපි පැහැදිලිව තේරුම් ගන්නවා ඉන්නේ අම්මා බව. ඔතන තර්කයක් නැහැනේ.

    යම් මායාකාරි දෙයක් අම්මා ලෙස ඉන්නත් පුළුවන් කියලා හිතෙනවා නම් ඒක සිදුවියි හැකිම තමයි. ඒ නිසා මේ උදාහරණයට වඩා හොද උදාහරනයක් ඕනෑ නම් බඩගින්න වගේ දෙයක් ගැන හිතන්නකෝ. තර්කයෙන්ද තේරුම් ගන්නේ බඩගිනියී කියලා?

    > අයි එහෙනම් විදර්ශනව තෙරුම් ගන්න බෑරි තර්කිකව.එක එක්කෙනගෙ තෙරුම් ගනීමේ මට්ටම අනුව එක කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්.

    ඉහත කීවා වගේ විදර්ශනාව කියන්නේ මෙහෙම උනොත් මෙහෙම වෙන්න පුළුවන් කියන කාරනාවකට නොවෙයි. දකින්න ඕනෑ දේ එකවර දැකීම. එතන කිසිම අන් අය කියන නිසා පිළිගැනීමක්, තර්කයක් (මෙහෙම උනොත් මෙහෙමයි කියා ගැලපීමක්), ඇදහිල්ලක්, ආසාවට පිළිගැනීමක්, යම් වැරදි මතයක් නිසා අළුත් අද්දැකීම හරියැයි හිතා ගැනීමක් ආදිය නැහැ.

    උදාහරනයකට ඇස් ඇර බලන විට පෙනෙන කාන්තාවක් අම්මා යැයි අනික් අය කියුවාට ඔබ පිළිගත්තොත් හරියනවාද? ඔබේ අම්මා කාමරයකට ගොස් වෙන කාන්තාවක් කාමරයෙන් පිටට පැමිණි විට ගියේ අම්මා, ඒ නිසා මේ ආවේ අම්මා යැයි තර්කයෙන් පිළිගත්තොත් හරියනවාද? එහෙම නැත්නම් හැමදාම උදේට පළමුව දකින කාන්තාව අම්මා යැයි අදහාගෙන හිටිවිට යම් දවසක උදේට දකින කාන්තාව වෙන කෙනෙක් උනොත් එවිටත් මේ අම්මා යැයි ඇදහිල්ල නිසා පිළිගත්තොත් මොකද වෙන්නේ? එහෙමත් නැත්නම් වෙන යම් ලස්සන කාන්තාවක් දැක මේ මගේ අම්මා නම් හොදයි, ඒ නිසා මම මෙයා අම්මා කියා සලකනවා යැයි පිළිගත්තොත් හරියයිද? එහෙමත් නැත්නම් ලොව සෑම කාන්තාවක්ම අම්මා කෙනෙකි යැයි කෙනක් කුමන හෝ ආකාරයකට හිතන්න ගත්තොත් වෙන කාන්තාවක් දුටු විට මේ මගේ අම්මා යැයි පිළිගත්තොත් හරියයිද?

    ඉතින් තර්කයත් අපව පටලනවා, ඒ නිසා තර්කයෙන් ඇත්ත කුමක්දැයි දකින්න බැහැ. ඇත්ත දැක්කොත් ඒ නිසා සිදුවන වෙනත් දේ නම් තර්කයෙන් වටහා ගන්න පුළුවන් වේවි. හැබැයි ඇත්ත නොදැක තර්ක කරන්න ගියොත් බොරුව මූලාශ්‍රයෙන් තර්ක කරන නිසා වැරදීමමයි සිදුවන්නේ.

    ඔබම හිතා බලන්නකෝ, බුදු පියානන් බොහෝ තැන්වල පවසා තියෙනවා තර්කයෙන් දහම් අවබෝධ වන්නේ නැති බව. ඉතින් එහෙමත් පවසා තියෙන එකේ අපි උත්සාහ කරන්න ඕනෑ අඩු තරමින් බුදු පියානන් එසේ පැවසුවේ ඇයි කියා වත් තේරුම් ගන්න. එහෙම නැතුව කල යුත්තේ විදර්ශනා ප්‍රඥාව පහල වීම තර්කයෙන් යම් කරුනක් වටහා ගැනීම යැයි තේරුම් ගන්න උත්සාහ කිරීම හෝ, එහෙම යැයි ඔප්පු කරන්න උත්සහ කිරීම නොවෙයිනේ.

    > එවගෙම තමයි,කොච්චර තර්කිකව බුදුදහම ගෑලපුවත් ඒ දේ ප්‍රcටිකලි කරන්නෙ නත්නම් වඩක් ඈත්තෙ නෑ නේද ?

    ඉතින් ඒකමනේ මමත් ඔබට පවසන්නේ. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් පවසා ඇති මේ කාරණාවන් බොහෝම නිවැරදියී. එලෙසමයි ත්‍රිපිටකයේ ඇත්තේත්. සතර සතිපට්ඨානය ඕනෑමයි. එතුලින්මයි විදර්ශනා ප්‍රඥාවක් උපදවා ගත හැක්කේ. නමුත් විදර්ශනා ප්‍රඥාව උපදවාගන්නේ මේ යැයි කියා තර්කයෙන් යම් කරුනක් පෙන්වා දුන්නොත් කුමක්ද සිද්ධවන්නේ? එය පිළිගන්නා අය විදර්ශනාව ලෙස තර්කයෙන් යම් මතයකට තමන් පැමිනියාද එය විදර්ශනා ප්‍රඥාව යැයි පිළිගන්නවා. අන්තිමට මෙසේ හිතාගත්තොත් බුදු පියානන් පැවසූ තර්කයෙන් අවබෝධ කරන්න බැහැ කී ධර්මය තමන් අවබෝධ කලා යැයි වැරදීමෙන්ම හිතා ගන්නවා. මෙහෙම උනහම තර්කයෙන් තමන් පටලවා ගත් කාරනාව නිවන් දැකීම යැයි හිතාගෙන අන් අයටත් එම ආකාරයට කරන්න යැයි පවසනවා. තර්ක කිරීම විදර්ශනා භාවනාව යැයි පවසනවා. මේ මෝඩ හිස් පිරිස් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය විනාස කරනවා. එය අපැහැදිලි කරනවා. එය අවබෝධයට ඇති මං අහුරනවා. ධර්මය යැයි වෙන දෙයක් පෙන්වා දෙනවා. අන්තිමට බුදු පියානන් පැවසූ දේ තර්කයෙන් අවබෝධ කල හැකියැයි බුදු පියානන් නොපැවසූ කාරනාවක්ම (එයට ප්‍රතිවිරුද්ධ දේම හරියැයි බුදු පියානන් පවසා තිබුනත්) සමාජ ගත කරනවා.

    ඉතින් ඔහොම සමාජගත උනහම මොකද වෙන්නේ? ඕකට කියන්නේ සද්ධර්මයේ පරිහානිය කියලා. බොහෝ පිරිස් නොමගටම යනවා. වැරැද්ද හරි යැයි සිතනවා. අන්තිමට "උඹ ආර්යය අපවාදයක් කලේ, මේ විදිහට කරපන්" යැයි පවසමින් ආර්යයන්ටම අපවාද කරනවා. නොදැනුවත්කම නිසා හෝ තමන්ව බොරුවෙන් මුලා කල අනාර්යයන්වම පසසනවා. මෙවන් අනුවන කම් කරන පිරිස් ඉතින් ආර්යය අපවාදයේ විපාකය කෙතරම්ද එයම බලාපොරොත්තු විය යුතුයි. මේ ගැන ත්‍රිපීටකයේත් සදහන්. උදාහරණයකට බුදු පියානන් හා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ අතර ඇතිවූ කතා බහ වලදී මහා කාශ්‍යප හිමියන් එකල (බුදු පියානන් බුදු වීමෙන් සෑහෙන කලක් ගිය පසු එහෙත් බුදු පියානන් ඉන්නා කාලයේ) නොහික්මුණු භික්ෂූන් ගැන "මෙකල භික්ෂූන් අවවාදයත් නුහුරට ගන්නවා" යැයි පවසා තිබෙනවා. බුදු පියානන් එය එසේම බව අනුමත කරත් තිබෙනවා. මෙකල ගැන කවර කතාද? අන්තිමට මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ කියලා ඇගිල්ලෙන් ඇනලා පෙන්නුවත් හරි වැරැද්ද කෙසේ වෙතත් තියෙන්නේ එහෙමයි කියලා පිළිගන්නේත් නැති, අඩු තරමින් එහෙමද තියෙන්නේ කියලා බලන්නවත් හිතන්නේ නැති හිස් පිරිස් තමයි දැන් ඉන්නේ. ඉතින් මොන අවබෝධයක්ද?

    මෙහෙම හිස් බවින් හැසිරුනාම තමන් හරිද, වැරදිද කියලා තෝරාගන්නේ කොහොමද? බුදු පියානන් පවසා තියෙන්නේ යමෙක් සද්ධර්මය වෙනයම් ක්‍රමයකට කීවොත් හරි අරුත් ගැන්වුවොත් හරි එය එකවර පිළිගන්නත් එපා, ප්‍රතික්ශේප කරන්නත් එපා කියලා. පිළිගත්තොත් වැරදි දෙයක් පිළිගන්න පුළුවන්. ප්‍රතික්ෂේප කලොත් හරි දෙයක් ප්‍රතික්ෂේප කෙරෙන්න පුළුවන්. ඒ නිසා පවසා ඇත්තේ සූත්‍රයෙහි, විනයෙහි සසදා බලන්න කියලා. මෙච්චර සරලව මේ කාරනය කියා තියෙන එකේ (විදර්ශනා ප්‍රඥාව පැත්තක තියමුකෝ, මේක සරලව තේරුම් ගන්න පුළුවන් කරුනක්නේ) ගත් කටටම "උඹ මහ ලොකු පණ්ඩිතය වගේ හෙන හෑල්ලක් ලිව්වට උඹ දන්න මගුලක් නෑ" කියලා කෙනෙක් කිව්වොත් කුමක්ද ඒකෙන් අපට දැන ගන්න පුළුවන් වන්නේ? එසේ කියන කෙනා බුදු පියානන් පැවසූ ආකාරය නම් සසදා බලා තීරනය කරන්න යැයි කීම එක්කෝ දන්නේ නැහැ. එක්කෝ පිළිගන්නේ නැහැ. නුවනින් සසඳා බැලීමත් පැත්තකින් තියමුකෝ, අඩු තරමින් ත්‍රිපිටකයේ අකුරු, වචන තියෙන්නේ යම් ආකාරයකට කීවාම ඒකත් බලන්නේ නැතිව ප්‍රතික්ශේප කරනවා නම් නුවනින් සැසදීම ගැන මොන කතාද? එතනින්ම තමන්ගේ දහම් අව

    අත්තටම මම මේ ත්‍රේඩ් එකේ තිබුන එම්පි 3 දේවල් අහුවෙ නෑ.මම ගොඩක් ආස කියවන්නයි.මම හිතුවෙ ඔයා ටොපික් එකටයි එහෙම කමෙන්ට් කලෙ කියල.මම හිතනව ඔයට මට වඩා ලොකු දෑනුමක් තියෙනව කියල.මේ ටික තෙරුම් කරල දුන්නට ඔබට පින් !!

    +3 rep
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    > kash123
    > මම ගොඩක් ආස කියවන්නයි.

    ත්‍රිපිටකය කියවන්න. වෙන හැම කියවීමකටම වඩා ඒක වටිනවා. සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ පළමු පොතෙන් පටන් ගන්න. එය බොහෝ දිගත් නැති කොටත් නැති එකක්. හැබැයි එකකට වඩා අනෙක හොදයි කියන්න බැහැ. මොකද කෝක බැලුවත් නොදන්නා නමුත් හරවත් දේවලින් පිරිලා. ඒ නිසා මජ්ජිම නිකායෙන් පටන් ගන්න කීවේ පොඩ්ඩක් පුරුදු වෙනන්. ඒත් මම අතනින් මෙතනින් බල බලා ඉදලා දීඝ නිකායේ මුල ඉදන් කියවන්න ගත්තා. දීඝ නිකායේ පළමු පොතේ පළමු සූත්‍රයම ඇති බුදු පියානන්ගේ විශ්මය ජනක බව තේරුම් ගන්න. හිතාගන්නවත් අමාරුයි මෙහෙම කෙනෙක් මේසා දැඩි උත්සාහක් අරන් අපේ යහපත පිනිසම ක්‍රියා කර ඇති ආකාරය.

    කියවන්න ටිකක් අමාරු උනත් මගේ දැනට ඇති දැනුමේ හැටියට මම පවසන්නේ සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව බලන්න කියලා. වෙනත් සිංහල පරිවර්තනත් ප්‍රයෝජනවත් වේවි සමහර තැන් තේරුම් ගන්න.

    ඉතින් මේ මට මහ ලොකු දැනුමක් තියෙනවා කියලා හිතන්න එපා. මම මේ ධර්මය වටහා ගන්න උත්සාහ කරනවා. මගේ දැනුමේ තරම මමනේ දන්නේ. සරලව කීවොත් මම හරියට හොදින් කතා කරන්න පුළුවන් අය ඉන්නා අතර ගොත ගහන අයෙක් වගේ මට දැනෙන්නේ. මේ සූත්‍ර කියවන කොට බුදු පියානන් පැත්තක තියා අනෙත් රහතන් වහන්සේලා කියා ඇති දේ විමසනකොටත් මම ඉන්නේ මොන තරම් අවුලකද කියා හිතෙනවා. මම නොදන්න දේ එමටයි. ඒ නිසා මගේ හිස් බව, මෝඩ කම නසන්න බුදු පියානන්ගේ පිහිට ලැබීම බොහෝම වටිනා දෙයක් ලෙසයි මම සලකන්නේ. අපේ මේ හිස් බව, මෝඩ බව මොනවා නිසා ඇතිඋනාද මම දන්නේ නැහැ. එනමුත් අවබෝධයෙන් හරි, අනවබෝධයෙන් හරි මෙච්චර වටිනා ධර්මයක් අපට මෙහෙම හෝ රැකදුන් භික්ෂූන් වහන්සේලා බොහෝ උත්සාහ කර වැරදියට හෝ පැවසුවත් මෙතරම් පිරිසක් තවම ඉන්නා එකත් අපට භාග්‍යයක්. එහෙමත් නොවන්න මට මේ තරමින්වත් මේ ධර්මය මුන ගැහෙන්න ඉඩක් නැහැ. ඒ අය මේ ඇතිවී ඇති අපැහැදිලි කම නැතිකරගන්න උත්සාහ කලොත් කොච්චර හොදද? නමුත් බොහෝ ස්වාමීන් වහන්සේලා මෙකල දහම් අවබෝධය පැත්තක දාලා වෙන වෙන දේවල් කරන්න යන නිසා මතු කාලය නම් බොහෝ අවාසනාවන්ත වේවී. එක වචනයක් ධර්මයේ වැරදුනොත් අපි හැමෝම මහත් කරදරයකට පත්වෙනවා. හරිම අමාරුයි ඉන් පස්සේ තේරුම් ගන්න. ඒ නිසා ගහ බැනගෙන හරි අපි හැමෝම මේ ධර්මයම තේරුම් ගන්න, මේකම පවත්වාගන්න උත්සාහ කරන්න ඕනෑ (ගහ බැන ගන්න ඕනෑ නැහැ ඇත්තටම, එහෙම මේක රැක ගන්න බැහැ. අවබෝධයටම යොමුවෙලා තමයි වැඩේ කරන්න ඕනෑ. මම එහෙම කීවේ මේක රැක ගැනීම අන් සියළු අපි නිකරූනේ ගහ බැනගන්නා කරුණු වලට වඩා වටිනා නිසා).

    මේ MP3 වල බණ කියා ඇති ස්වාමීන් වහන්සේත් බොහෝ උත්සාහ කරන්න ඇති දහම් අවබෝධ කරගන්න. මහන කම පහසු දෙයක් නොවෙයිනේ. මාස කීපයකට පෙර එක් බණක් අහන්න ගියාම එක භික්ෂූන් වහන්සේ කෙනක් පටන් ගත්තේ "මම නම් දන්න නිවන් මගක් නැහැ, මම ඔයාලාට ගිහි ගෙයි ඉන්න හැටි කියා දෙන්නම්" කියලා. නමුත් මේ ස්වාමීන් වහන්සේ හරයේ ඇති දේවල් පෙන්වා දෙන්න උත්සාහ ගන්නවා. ඒත් කෙතරම් විපතකට පත්වෙනවාද තමන් නිවන් අවබෝධ කලායැයි සිතාගෙන හිටියොත්? අන්තිමට උත්සාහ ගන්න ඉතුරු වෙලා තියෙන කාලයත් අපතේ ගොස් මේ වාසනාවන්ත මිනිස්කම ලැබුවත් ඉන් ඵල නොලබා දුකේ වැටෙනවා. භික්ෂූන් වහන්සේලා අපහසුවන්ම මහන කම් කරගෙන ඵලත් නොලබා මිය යෑම බොහෝ අභාග්‍යයක්. අනික දැන් ඉන්න සමහර භික්ෂූන් වහන්සේලා හරිම සැහැල්ලුවට ගත්තාට බුදු පියානන්නම් පවසා තියෙන්නේ සද්ධර්මය අවුල් කලොත් එසේ කරන අයට ඉතින් හිතා ගන්න බැරි තරම් දුක් වෙදනා විදින්න තමයි සිදුවන්නේ කියලා. ඒ නිසා භික්ෂූ බව ලැබුවා වගේ නොවෙයි පැටලුනොත්!

    මේ පරණ බණ කියා පවසා තිබුනානේ. ඒ නිසා සමහරක් විට මේ ස්වාමීන් වහන්සේ මේ වන විට වෙනස් ආකල්ප වලින්, අවබෝධයකින් ඉන්නවාද දන්නේ නැහැ. MP3 වල ඇති බණ නම් අවුල්. අදුනන කෙනෙක් මේ ස්වාමීන් වහන්සේගේ යහපත පිනිස හෝ තමාගේම වැඩි අවබෝධය පිනිස මේ ස්වාමීන් වහන්සේ සමග කතා කර බැලුවොත් වටිනවා. කිනම් හේතු මතද මේ ආකාරයට පවසන්නේ, මෙහෙම කීවාම නාම/රූප සමුදය සහ නිරෝධය පනවන්න බැහැ නේද, නාම/රූප නිරෝධය පනවන්න බැරි උනහම නාම/රූප නිරෝධ නැති නිවනක් ගැන නේද කියන්න ඉතිරිවන්නේ,  එනිසාම නිවන් අවබෝධ කර ඇතැයි හිතාගෙන ඉන්නවානම් ඒ නාම/රූප නිරෝධයෙන් තොර නිවනක් නේද? එසේනම් වෙනත් අයුරකින් පවසන්නේ ආත්ම දෘෂ්ඨිය, පැවැත්මක්ම නේද? ඉතින් එය බුදු පියානන් පැවසූ නිවන නොවෙයි නේද, එතනින්ම කියන දේ අවුලක් ඇති බව පෙනෙනවා නේද, ඉතින් ඔහොම පැවසුවාම අන් අයත් නාම/රූප නිරෝධයෙන් තොර නිවනක් ගැනම නේද හිතන්න යන්නේ, ඔක්කෝම පටලැවෙනවා නේද, පටිච්ච සමුප්පාදයට මොකද වෙන්නේ, ආදී දේ ගැන තමයි විමසා බලන්න ඕනෑ. යහපත් අරමුනින් යම් සාකච්චාවක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උත්සාහ කර බලන්න. හැබැයි ඉතින් මේ සියුම් දේවල්, කෙස් ගහේ පරතරයෙන් එක්කෝ ප්‍රශ්නය ඇසීම වැරදෙන්න පුළුවන්, එක්කෝ උත්තරය දීම වැරදෙන්න පුළුවන්, එක්කෝ උත්තරය තේරුම් ගැනීම වැරදෙන්න පුළුවන්.

    දැනුම, අවබෝධය කාලයත් සමග වෙනස් වෙනවා. ඒ නිසා සමහරක් විට මේ ස්වාමීන් වහන්සේ මේ MP3 වල ඇති දේට වඩා විරුද්ධ දෙයක් දැන් පවසන්න හැකියාවකුත් තියෙනවා. මොකද මම උනත් ඉස්සර හිතන් හිටපු හැටි සහ දැන් හිතන් ඉන්න හැටි බොහෝ වෙනස්. ඉදිරියට තවත් වෙනස් වේවි. ත්‍රිපිටකය කියවන්න ගත්තායින් පසු අවුල්ව හිතාගෙන හිටි බොහෝ දේවල් නැතුව ගියා. හැබැයි තවත් නොතේරෙන දේ එමටයි.

    අවබෝධය ඇති හෝ නැති හෝ පටලැවී ඇති හෝ නැති හෝ බොහෝ පිරිස් වලට තව තවත් අවබෝධයටත්, පැටලුම් ලිහා ගැනීමටත් හැකිවේවා! එය අප හැමෝටම යහපතක්.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    වචනයක්...
    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ ධර්ම දේශනා ගැන ,උන්වහන්සේ නිර්මල බුදු දහම දේශනා කරන බව මට කිසිදු සැකයක් නැත. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දේශනා කරන දේවල් ඇතැමුන්ට තේරුම් ගත නොහැකිය..

    තර්ක විතර්ක නොකරමි
    ඉහතින් දක්වන ලද ධර්ම දේශනා මාලවට අදාල දහම් පොත..:)

    නාම-රූප දැක නිවනට...

    https://archive.org/download/Sinhal...deDhammaratanaThero-nama-rupaDekaNivanata.pdf

    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ දහම් පොත් එකතුව

    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Ebooks-venDankandeDhammarathanaThero.zip

    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ සියලුම ධර්ම දේශනා

    https://archive.org/details/VenDankandeDhammaratanaThero
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    වචනයක්...
    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ ධර්ම දේශනා ගැන ,උන්වහන්සේ නිර්මල බුදු දහම දේශනා කරන බව මට කිසිදු සැකයක් නැත. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් දේශනා කරන දේවල් ඇතැමුන්ට තේරුම් ගත නොහැකිය..

    තර්ක විතර්ක නොකරමි
    ඉහතින් දක්වන ලද ධර්ම දේශනා මාලවට අදාල දහම් පොත..:)

    නාම-රූප දැක නිවනට...

    https://archive.org/download/Sinhal...deDhammaratanaThero-nama-rupaDekaNivanata.pdf

    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ දහම් පොත් එකතුව

    https://archive.org/download/VenDankandeDhammaratanaThero/Ebooks-venDankandeDhammarathanaThero.zip

    අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ සියලුම ධර්ම දේශනා

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    ඔබ ප්‍රත්‍යක්ෂ අවබෝධය අගය කරන නමුත් හුදෙක් පිළිගැනීමෙන් ක්‍රියා කරන බවක් පෙනෙනවා. ඉහත ඇති කරුණු ලියුවේ ඔබේම ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් නම් කමක් නැහැ (එසේ නොවේයැයි කියන්න මම ඔබ ගැන දන්නෙත් නැහැනේ). නමුත් කිසිම හේතු විස්තරයක් නැතිව "උන්වහන්සේ නිර්මල බුදු දහම දේශනා කරන බව මට කිසිදු සැකයක් නැත." යැයි ඔබ පවසා ඇති නිසා මම අනුමාන කරනවා ඔබ බුදු පියානන් පැවසූ "යමෙක් කියන දේ කියන පමනින් පිළිගැනීම කරන්න එපා" යැයි යන්න නොසලකා හැර හුදෙක් පිළිගැනීම නිසාම "උන්වහන්සේ නිර්මල බුදු දහම දේශනා කරන බව මට කිසිදු සැකයක් නැත." යැයි ප්‍රකාශ කරන්න ඇති බව.

    මගේ අනුමානය හරි හෝ වැරදි විය හැකියී. එනමුත් මම බුදු පියානන් පැවසූ ආකාරයට දහම් වටහා ගන්න උත්සාහ ගන්නා නිසා හුදෙක් අන් අය පිළිගත්තාට මේ දන්කන්දේ ධම්මරතන හිමියන් පවසන දහම් නිර්මල බුදු දහමයැයි මම පිළිගන්නේ නැහැ. මම ගලපා බලා තමයි තීරනය කරන්නේ.

    ඉතින් මේ නිසා මම මේ හිමියන් විසින් රචිත ඔබ ගෙන හැර දැක්වූ "නාම - රූප දැක නිවනට" යන 2008 වසරේ මුද්‍රිත පොත මුල සිට අගටම කියවා ත්‍රිපීටක දහම් සමග ගැලපේදැයි බැලුවා. මම මේ පොතට වඩාත් ගැලපෙන නමක් ලෙස "නාම - රූප නොදැක නිරයට" යන නම වඩා උචිත බව කියන්න කැමතියී.

    මේසා බොරු සාගරයක් සදහන් පොතක් කියෙව්වාමයි. මේක හෙන ගහන අපරාධයක්. මම "හෙන ගහන අපරාධයක්" ලෙස කියන්නේ මේ විපතට පත් හිමියන්ට හෙන ගැසියන් යන අදහසින් නොවෙයි. විපතට පත් වූවන් ඉන් මුදවා ගන්නවා විනා බුදු පියානන්ගේ දහම් වෙන කුමකටද? යම් දවසක මේ හිමියන් තමනුත් පටලවාගෙන සද්ධර්මය මේ ආකාරයට ප්‍රකාශ කොට අන් බොහෝ හුදෙක් තර්කයෙන් හෝ පිළිගැනීමෙන් හෝ සත්‍ය සත්‍ය ලෙස දැකිය හැකියැයි හිතනා පිරිසක් හෝ ත්‍රිපිටකයේ කුමක් ඇත්දැයි නොදන්නා අයට ධර්මයය යැයි අධර්මයයක්ම ප්‍රකාශ කිරීම තමන් කර ඇතැයි තේරුම් ගත්තොත් මේ හිමියන්ම තමන් කර ඇති දේ බරපතල කම දැක හෙන ගැසීමෙන් යම් දුකකට පත්වෙයිනම් එය නිරයේ වැටී මහත් දුක් විදීමට වඩා සැපක්මයැයි සිතාවි.

    හැබැයි මේ වසර 2008 ටේ මුද්‍රිත පොතක්. ඉතින් මේ හිමියන් මෙකල නිවැරදි බවකට පැමිණ ඉන්න පුළුවන්. ඒ නිසා කරුණු හරි හැටි නොදැන චෝදනා කිරීම සුදුසු නැහැ. හැබැයි කලින් දැක්වූ නාම - රූප ගැන MP3 එක අවුල් (ඒකත් පරණ එකක්). මේ "නාම - රූප දැක නිවනට" යන පරණ පොතේ ඇති කරුණු ඊටත් වඩා අවුල්. මම අවුල් කියන්නේ මේ පොතෙත් ඇත්තේ ත්‍රිපිටක ධර්මයට පටහැනි සහ පටලැවීමෙන් හිතා ගත් බොහෝම ලාමක කාරනාවන් වල එකතුවක් නිසා. සමහරක් තැන් වල ත්‍රිපිටක දහමට ගැලපෙන සහ පටලැවීමක් නැති දහම් කරුණු අඩංගුයි. හැබැයි මේ පොතේ ඇති බොහෝ කරුණු ලාමක, අවුල්, පටලවාගත් නිසා කියන කරුණු. ලියා ඇති ආකාරයට මේ හිමියන් නිවන් අවබෝධ කලා යැයි ඇති හැගීමකින් ලියා ඇති බවක් පෙනනවා. එහෙම හිතුවානම් ඉතින් විපතකටම තමයි පත්වී ඇත්තේ. එය එසේ යැයි විමසීමක් නොකර පිළිගන්නා අයත් අධර්මයක්ම තමයි ඉතින් ධර්මය යැයි පිළිගන්නේ.

    කැමති කෙනෙක් විමසීමක් නොකර හුදෙක් පිළිගැනීම සුදුසු යැයි සිතනවා නම් එය කර ගත්තාට මට කරන්න දෙයක් නැහැ. නමුත් කැමති කෙනෙන් බුදු පියානන් පැවසූ ආකාරයට විමසා බලන්න උත්සාහ කරනවා නම් මේ හිමියන් කලකට පෙර (වසර 6 කට පමණ පෙර) පවසා ඇති මේ දහම් කරුණු කිනම් හේතු නිසා ලාමක දැයි පෙන්වා දීම සුදුසු යැයි මම සිතනවා. පංච උපාදාන ස්කන්ධය අවුල්ව දේශනා කර ඇති නිසා නිවන් අවබෝධය කෙසේ වෙතත් සෝවාන් ඵලයවත් මෙම හිමියන් ලබා නොගෙන ඇති බව මම කියන්න කැමතියී. මේ අවුල්කර ගැනීම ප්‍රත්‍යක්ෂ අවබෝධය යැයි සිතන අයට හුදෙක් පිළිගැනීමෙන් මිසක් අවබෝධයෙන් එසේ කියන්න හැකියාවක් නැහැ.

    මනා සේ බුදු පියානන් දේශනා කර ඇති සද්ධර්මය පටලවාගත්විට සිදුවන එක දෙයක් තමයි පැටලීම නිසා තමන් එක ආකාරයකට කියන දේ තමන් විසින්ම වෙනත් ආකාරයට ප්‍රතික්ෂේප කිරීම. බොහෝ විට සිදුවන්නේ යම් කරුණක් යම් වචන ගොන්නක් පාවිච්චි කර යම් අරුතක් ඇති ලෙස පැවසීමත්, එම කරුණම අනවබෝධය නිසා වෙනත් වචන ගොන්නක් පාවිච්චි කර කලින් පැවසූ අරුත නැතිවී යන ලෙස පැවසීමත්. අනවබෝධය නිසා තමන් විසින් හරි යැයි කී දේම තමන් විසින්ම වැරදියැයි කියන බවක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. පටලවා ගත් අරුත් ඇති වචන හරබයක් පමණයි සිදුවන්නේ. පැහැදිලි අවබෝධයක් හෝ විමසා බැලීමක් නොකර කියන කොයි දේත් හරියැයි සිතන අය ඉතින් ඒ පටලැවිල්ල ප්‍රත්‍යක්ෂ අවබෝධය ලෙස පිළිගන්නවා. ඉතින් ඒ අයත් පටලැවෙනවා.

    හැබැයි අරුත් පැත්තක තිබ්බත් මේ පොත කියවන විට වචනයෙනුත් පටලැවීම් දකින්න පුළුවන්. මේ බලන්න:

    පිටු අංක 33 (PDF 20): ඒ නිසා සංඥාව පහළ වීමට හේතු පාදක වන ප්‍රධානතම කරුණ තමයි අවිද්‍යාව. ඵස්ස ඒකට ළඟින්ම හේතු වන උපකාර වන ධර්මය.
    පිටු අංක 46 (PDF 26): සංඥාවත් හේතූන් නිසයි හට ගන්නේ. ප්‍රධාන වශයෙන් ඵස්ස තිබෙන්න ඕනෑ. අවිද්‍යාව තිබෙන්න ඕනෑ කියලා කලින් මං කීවා.

    යමෙක් මෙසේ සදහන් කරන විට ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් කියන්නේ යැයි කෙනෙක් හිතනවා නම් මුළාවක්මයි. මොකද උඩ ප්‍රකාශය හරිනම් යට ප්‍රකාශය වැරදියී. යට එක හරිනම් උඩ එක වැරදියී. ඉතින් මේවාට ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන අය තේරුම් ගන්න ඕනෑ යතාභූත ඥානය කෙසේ වෙතත් සාමාන්‍ය අවබෝධයෙන්වත් දහම් ගලපා බලා සුළුවෙන් හෝ නිවැරදි බුදු දහම කුමක්දැයි වටහාගන්න. තේරෙනවා ඇතිනේ කියන්නන් කියන පමනින් පිළිගන්න ගියාම සිද්ධ වෙන දේ. නුවනැත්තෝ වචනයක් වැරදුනොත් බුදු දහමට සිදුවන්නේ කුමක්දැයි මේ උදාහරනය දැක හෝ අවබෝධ කර ගනිත්වා! පටලැව්වොත් අමිල බුදු දහම තමන් විසින් නසනවා පමණක් නොවෙයි අන් අයට එය අවබෝධයට ඇති මාර්ගයත් අවුල් කර දමනවා. ක්‍රියා කරන්නේ තමන් අන් අයට හොදක් කරනවා කියලා හිතාගෙන තමයි. නමුත් නොදැනුවත්කම නිසා වෙන්නේ කුමක්ද? තමනුත් විපතේ, අන් බොහෝ අයත් විපතේ.

    මේ හිමියන් මහා හෑල්ලක් ප්‍රකාශ කරලා තියෙන්නේ පිටු අංක 33නේ ආකාරය පදනම් කරගෙන. එනම් සංඥාවට ප්‍රධාන හේතුව අවිද්‍යාව යැයි ඉදිරිපත් කිරීමෙන්. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පහල කතාව (පිටු අංක 46) මුද්‍රණ දෝෂයක් නිසා වෙන්න ඇතී කියලා. එය විය හැකියී තමයි. නමුත් බුදු පියානන් දක්වන්නේ යට එකම තමයි නිවැරදි කියා (එනම් යට එක නොවෙයි වැරදි වාක්‍යය). ත්‍රිපිටකයේ සූත්‍ර බොහෝ ගනනක (සමහරක් විට තැන් 50-100කටත් වඩා ඇති) දැක්වෙන්නේ සංඥාවට හේතුව නම් ඵස්ස ලෙස. සංඥාවට හේතුව ලෙස අවිද්‍යාව යැයි ප්‍රකාශ කිරීම වැරදියැයි මට හිතෙන්නේ නැහැ. ඒ පටිච්ච සමුප්පාදයේ පුරුක් ස්වභාවය නිසා (එකකට එකක් හේතු ලෙස පෙළ ගැසුනු කරුණු ගනනාවක් දක්වන නිසා - transitive dependency නිසා). බොහෝ සූත්‍ර වල මුල ඇත්තේ අවිද්‍යාව (අවිද්‍යාවටත් හේතු දක්වන සූත්‍ර තියෙනවා). නමුත් පංච උපාදාන ස්කන්ධයේ සංඥාවට හේතුව ඵස්ස යැයිද හේතු ඵල ලෙසින් පංච උපාදාන ස්කන්ධය නුවනින් විමසීමේදී එසේ විමසන්න යැයි බුදු පියානන් සදහන් කොට තියෙනවා. මෙතන පැටළුනොත් නාම/රූප සහ විඥානය ගලපාගන්න අපහසු වෙනවා. සංඥාවට සමුදය වන කරුන පටලවා ගත්තාම ඵස්ස නිරෝධයෙන් සංඥාව නිරෝධය වන බවත් පටලවා ගන්නවා. ඉතින් සද්ධර්මයේ නැති කාරනාම ගැන හෑලි ලිවීම තමයි සිදුවන්නේ. අන්තිමට නාම/රූප ක්‍රියා කාරිත්වය මේ යැයි පටලැවිල්ලක්ම ප්‍රකාශ කරනවා. අන්තිමට අපට තේරුම් ගන්න ඉතිරි වන්නේ අවිද්‍යාව නිසා තමයි ඔක්කෝම වන්නේ, හැබැයි ඒ කියන අවිද්‍යාව මොකක්ද කියලා අපට කියා ගන්න, හිතාගන්න, අවබෝධ කරගන්න බැරිවෙනවා. මොකද බුදු පියානන් මනා සේ දේශනා කල සද්ධර්මය අනවබෝධය නිසා විහින් විනාස කර ගැනීම හේතුවෙන්.

    මේ උඩ කාරනාව හරි යැයි හිතාගෙන මේ හිමියන් රහතන් වහන්සේට සංඥාව නැතය (මොකද අවිද්‍යාව ප්‍රහානය කර ඇති නිසා), නමුත් උත්සාහයක් ගත්තොත් සංඥාව ඇති කර ගත හැකියැයි පවසා තියෙනවා. ඒ කියන්නේ මෙතුමන් කියන ආකාරයට අවිද්‍යාව නැති කරගත් කෙනෙක් උත්සාහ කලොත් නැවත අවිද්‍යාව ඇතිකරගෙන සංඥාව ඇතිකර ගන්න පුළුවන් වෙන්න ඕනෑ - මොකද මේ හිමියන් කියන්නේ සංඥාව පහළ වීමට ප්‍රධානම කාරනය අවිද්‍යාව කියලානේ. මේ පටලවාගෙන කියන ආකාරයට බුදු පියානන් ඇතුළු රහතුන් වහන්සේලා පළමුව අවිද්‍යාව ප්‍රහානය කරලා ඊට පසුව නැවත අවිද්‍යාව ඇතිකරගෙන තමයි දහම් දෙසලා තියෙන්නේ! පුළුවන්ද මෙහෙම ලාමක කතා ගොතාගෙන මනා සේ බුදු පියානන් දෙසා ඇති සද්ධර්මය පවතිත්දී ඊට ප්‍රතිවිරුද දේවල් පවසන්න? පටලවා ගත්තෝ පටලවාගැනීම ප්‍රකාශ කරද්දී බුදු පියානන්ම පැවසූ ආකාරයට විමසා බලන අයටම තමයි මේ පටලවාගැනීමක් කරගෙන ඇත්තේ කියලා දකින්න පුළුවන්. ඉතින් පෙර ඔබ හිතුවානම් කියන්නෝ කියන්නන් වාලේ පිළිගත්තොත් හරි කියලා, දැන්වත් තේරුම් ගන්න ඇයි බුදු පියානන් එසේ නොකරන්න යැයි පවසා ඇත්තේ කියලා. මේ මම කියන දේවලුත් එලෙසම ඔබ විමසා බැලුවේ නැත්නම් මම හරිද, වැරදීද කියලා තේරුම් ගැනීම කෙසේ වෙතත් තමන්ට සද්ධර්මය අවබෝධ කර ගන්න නම් බැහැ. මොකද නුවනින් විමසීම ඕනෑමයි තමන් ගොඩ යන්න නම්. බුදු පියානන් පැවසූ නිවැරදිම දේ උවත් හුදෙක් පිළිගත්තාට තමන් ගොඩ යන්නේ නැහැ. විමසීමෙන්ම තමන් විසින් දැක්කොත් තමයි, අඩු නැතිව අවබෝධ කලොත් තමයි ගොඩ යන්න පුළුවන් වන්නේ.

    මේ අවුල් සහගත නාම/රූප කතන්දරේ සත්වයන්ගේ සලායතනයන්ගේ අන්තිම ආයතනය වන මනායතනයේ ස්ඵර්ෂය හැර දමා දහම් විස්තර කර ඇත්තේ. මොකද පටලැවීම නිසා මනායතනයේ ස්ඵර්ෂය නිසා හටගන්නා කරුණුත් ස්ඵර්ෂය නැතිව ඇතිවන ලෙසට මේ හිමියන් දේශනා කර ඇත්තේ. උදාහරනයකට මේ හිමියන් පවසනවා විඥානය නිසා සංඥාව ඇතිවන බවත්, එම සංඥාවට අනුව වේදනාව ඇතිවන බවත්, එම වේදනාව නිසා ආපහු සංඥාව ඇතිවන බවත් (මෙන්න සංඥාවට ඉහත හේතු වලට අමතරව තුන් වන හේතුවකුත් මේ හිමියන් දක්වනවා - එනම් වේදනාව නිසා සංඥාව ඇතිවන ලෙස) ආදී ලෙසින්. අහෝ පටලවා ගත් නිසා මේ අන්තිමට කියා ඇත්තේ (එනම් වේදනාව නිසා සංඥාව ඇතිවන බව පැවසීම) මුල පැටලීම නිසා ඉන් පසුවත් පටලැවීමක්! මේ ගෞතම බුදුන් දෙසූ සද්ධර්මය නම් නොවේ!

    එමපනක්යෑ... මේ පටලැවිල්ලට මේ හිමියන්ට පටලවා ගත් සාක්කිත් ඉදිරිපත් කර තියෙනවා. පිටු අංක 30 (PDF 19) හි මෙසේ තියෙනවා: "යං වේදේති, තං සඤ්ජානාති" ලෙස. මේ හිමියන් මේ ගෙන හැර දක්වන්නේ මජ්ජිම නිකායේ පළමු පොතේ මධුපිණ්ඩික සූත්‍රයේ වදන් පෙලක්. මෙතන වේදනාව සහ සංඥාව අතර ඇති හේතු ඵල ස්වභාවය දැක්වෙන්නේ නැහැ. එනම් මේ වදන් පෙලින් වේදනාව නිසා සංඥාව ඇතිවන බව නොවෙයි කියවෙන්නේ. මේ කියවෙන්නේ වේදනාවක් ඇත්නම් සංඥාවක් ඇති බව (වේදනාවේ පැනවීමක් ඇති විට සංඥාවේ පැනවීමක් ඇති බව). උපමාවක් දෙන්නම්: ඔබ පුතා යැයි සංකල්පයක් ඇතැයි සිතුවොත් ඔබට පියා යැයි සංකල්පයකුත් උවමනා වෙනවා. එනම් පුතෙක් පනවනවාද, පියෙකුත් පනවනවා (මව ගැන උනත් හිතන්න පුළුවන්). ඉතින් වචන මෙහෙම පිළිවෙලට කිව්වා කියලා, මෙසේ පැනවීමක් කල පමනින් කෙනෙක් හිතුවොත් මේ කියන්නේ පුතා නිසා පියා හටගන්නවා කියලා ඒ මොන මුලාවක්ද? මේ හිමියන් වේදනාව නිසා සංඥාව ඇතිවන බව මේ පටලවාගැනීම නිසයි පවසා තිබෙන්නේ.

    මජ්ජිම නිකායේ පළමු පොතේම මහා වේදල්ල සූත්‍රයේත් මේ වදන් වලට ආසන්න වදන් පෙළක් පවතිනවා. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ පාලියෙන් එය සදහන්ව ඇත්තේ "යඤ්චාවුසෝ වෙදෙති තං සඤ්ජානාති, යං සඤ්ජානාති තං විජානාති" ලෙසින් (ආමන්ත්‍රනයක් සමගයි "යඤ්චාවුසෝ" යන වචනය සැකසී ඇත්තේ යැයි මගේ වැටහීමයි. මගේ පාලි අවබෝධය සුළුයි). මෙතන සාකච්චා වන්නේ වේදනාවත්, සංඥාවත්, විඥානයත් කෙසේ වටහා ගත යුතුද යන කරුනයි. මෙය සිංහල අරුතින් "යමක් විදීද එය හඳුනයි, යමක් හදුනයිද එය දැනෙයි" ලෙසින් වටහා ගත හැකියී (එනම් යම් අරමුණක් වේදනාවෙන් විදීද එම අරමුණ සංඥාවෙන් හඳුනා ගනී, යම් අරමුණක් සංඥාවෙන් හඳුනා ගනීද විඥානයෙන් එම අරමුණ දැනෙයි).

    මහා වේදල්ල සූත්‍රයේ එම ස්ථානයේම තවත් සදහන් වෙනවා මේ කාරනා තුන (වේදනා, සංඥා, විඥාන) එක්වයි පවතින්නේ (සංසට්ඨා), වෙන්ව (විසංසට්ඨා) නොවෙයි කියලා, එසේම වෙන්කොට වෙනස පනවන්නත් බැරි බව සදහන්. කාරනා තුන වෙන් කරන්න බැරිනම්, එක්ව පවතින්නේ නම්, ඉතින් කොහොමද එකකට පස්සේ අනික ඇතිවෙනවා කියන්නේ? ඉතින් වේදනාවට පස්සේ සංඥාව ඇතිවෙනවා කීම හරියන්නේත් නැහැ (මේ වේදනාව නිසා සංඥාව ඇතිවනවා කියා කීමට අමතරව මේ හිමියන්ගේ පොතේ කියා ඇති කරුනක්).

    පංච උපාදාන ස්කන්ධය ගැන සූත්‍ර වල ඇත්තේ වේදනා, සංඥා සහ සංකාර තුනටම ඵස්ස හේතුය කියලා, ඊට අමතරව විඥානයට හේතුව නාම/රූප කියලා. මේ ස්වාමීන් වහන්සේ විඥානය නාම/රූප වලට දාලා කියන නිසා මේ හිමියන්ට ඒ කරුනින් ඉතින් ත්‍රිපිටකයේ ඇති ලෙස විඥානයට හේතුව නාම/රූප කියලා කියන්නත් බැහැනේ (මේ හිමියන් ඒ කාරනය ගැන සදහනක්වත් කරලා නැහැ - පටලවාගෙන ඉන්නා නිසා කියුවොත් පටලැවීමට ප්‍රතිවිරුද්ධ වනවා). එලෙසම මේ හිමියන්ට සද්ධර්මයේ සදහන් ලෙස නාම/රූප වලට හේතුව විඥානය කියා කියන්නත් බැහැ.

    ඉතින් නාම කියන්නේ සිත ලෙස හිතාගෙන, නාම තුල විඥානය ඇතැයි කියාත් හිතාගෙන, තවත් බොහෝ තැනුන් පටලවාගෙන නාම/රූප ක්‍රියාකාරිත්වය යැයි මහත් පටලැවිල්ලක් තමයි මේ පොතේ සදහන් වන්නේ. අරෙහෙන් මෙහෙන් පටලවලා වචන හරභයක් කරලා පැහැදිලි කරගන්න උත්සාහ කරන කෙනාත් නන්නත්තාර වෙන කතාවක් තමයි මේ හිමියන් තමනුත් පටලවාගෙන නාම/රූප ක්‍රියා කාරිත්වය ලෙස අන් අයට පවසන්නේ. දහම්හි අරුත් තේරුම් ගන්න අපහසු අයට මම මේ ස්වාමීන් වහන්සේගේම චවන වලින් එතුමන්ම තමන් කියූ දේට ප්‍රතිවිරුද්ධ දේ ප්‍රකාශ කරනවා කියාත් පෙන්වා දුන්නානේ. ඉතින් කවුරුහරි හිතුවානම් ප්‍රත්‍යක්ෂ අවබෝධය මෙයයි කියලා මම නම් මේකට කියන්නේ ප්‍රත්‍යක්ෂ පටලවාගැනීම කියලා. ඉතින් ඔහොම ප්‍රත්‍යක්ෂ පටලවාගැනීම කරගන්නා අය නිවන් දැක්කාය, මෙයයි නිවන් මග කියලා හිතුවානම් ඒ පාරේ ගියහම යන්නේ කොහාටද? යන අය හැමෝම යන්නේ වල පල්ලට තමයි.

    මේ හිමියන් අවිද්‍යාව ප්‍රහානයෙන් විද්‍යාව අවබෝධ කලා යැයි පවසා ඇති තවත් බොහෝ කරුණු හරිම ලාමක කරුණු. උදාහරනයකට "කෙස් ගත්තොත් එහෙම, සත්‍ය වශයෙන් කෙස් කියලා දෙයක් නැහැ" ආදී ලෙසින් පටන් ගෙන නාම/රූප සියල්ල සංඥා ලෙස ශූන්‍යතාවය තෙක් විස්තර කරගෙන ගොස් එසේ දැකීම (එනම් සියල්ල සංඥා ලෙස තේරුම් ගැනීම) අවබෝධය ලබා ගැනීමයි යන ආකාරයට තමයි පවසා තියෙන්නේ. ලොව සියළු දේ සත්වයින් වටහා ගන්නේ සංඥා වලින් බව ඇත්ත. නමුත් එයයි බුදු පියානන් පැවසූ සතයය, එයයි බුදු පියානන් අපට අවබෝධ කරගන්න කියා පෙන්වා දුන්නේ, එයයි අවබෝධ කල යුත්තේ කියා හිතුවොත් ඒ නම් උත්තරීතරම ලාමක කාරනාවක්. මොකද ඔය කාරනාව සරල අවබෝධයක් තියෙන අයට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුළුවන් කරුනක්. ඕකට ආර්යය අෂ්ඨාංගික මාර්ය වඩන්න ඕනෑ නැහැ. හැබැයි ඔය කරුනවත් තේරුම් ගන්න බැරි අයනම් සමාජයේ ඉන්නවා.

    තව නම් මට මේ පොතේ සදහන් පටලැවිලි බොහෝ පෙන්වා දිය හැකියී. සැකෙවන් තවත් කරුණු කිහිපයක් පෙන්වා දෙන්නම්.

    ශූන්‍යතාවය ගැන සදහන් කිරීමේදී එය කරා යන ගමනේදී රූපයේ නිවීම සහිත, නමුත් පසුව නාමයේ නිවීමක් මේ හිමියන් පවසනවා. සද්ධර්මයේ සදහන් වන්නේ නාම/රූප යන යුගලයේ නාම සහ රූප එකිනෙකට ප්‍රත්‍ය ලෙස, අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින බව. එසේම එකක් නැතිවුවොත් අනික පවතින්නේ නැතැයි පවසා තිබෙනවා. ඉතින් මේ හිමියන්ගේ රූපයේ නිවීම පළමුව කර පසුව නාමයේ නිවීම කරගැනීම සද්ධර්මය සමග ගැලපෙන්නේ නැහැ.

    එසේම ත්‍රිලක්ෂනය ගැන සදහන් කරුණු වලදී මේ දුක යන වචනය ගැන පැහැදිලි අවබෝධයකින් නොවෙයි ලියලා තියෙන්නේ. සිංහෙලෙන් අපි දුක යැයි එක වචනයක් භාවිතා කලාට සද්ධර්මයේ දුක්ඛ ආර්යය සත්‍යය, දුක්ඛ ලක්ෂණය (ත්‍රිලක්ෂණයේ සදහන් ලෙස), දුක් වේදනාව ආදී ලෙසින් දැක්වෙනවා. මේ කාරනා තුන එකිනෙකට වෙනස් අරුත් තුනකින් යුක්තයි. පටලවා ගැනීමෙන් ප්‍රකාශ කරන නිසා මේ හිමියන් දුක්ඛ ආර්යය සත්‍යය සහ දුක්ඛ ලක්ෂණය පැහැදිලි කිරීමත් වචන හරභයක් පමණයි. අරකත් මේක, මේකත් අරක ආදී ලෙසින් තමයි මේ කරුණු තුන විස්තර කර ඇත්තේ. බුදු පියානන් මනා සේ බෙදා වෙන්කර ගැලපුම් සහිතව උදාහරන සහිතව, උපමා සහිතව දේශනා කර ඇති මේ කාරනාවන්හි වෙනස තේරුම් නොගත්තාද, එකක්ම ලෙස දැක්කාද, එසේ අවුලක් ප්‍රකාශ කරාද, ඉතින් මොන ප්‍රත්‍යක්ෂ අවබෝධයක්ද? ඉතින් දුක්ඛ ආර්යය සත්යය අවබෝධ කලා යැයි කෙසේ සිතන්නද? දුක්ඛ ලක්ෂණය පැහැදිලිව දන්නේ යැයි කෙසේ සිතන්නද? දුක් වේදනාවත් මම මීට ඉහත කී අයුරින් පටලවාගෙන ඇති බවක්මයි පෙනෙන්නේ. ඉතින් අනවබෝධය තුලින් අවුලක් තමයි ප්‍රකාශ කරන්නේ.

    තවත් කරුනක් නම් සිතුවිලි යන වචනය භාවිතා කර ඇති ආකාරය. විටෙක එය සංඥා යන අරුතින් භාවිතා කර තිබෙනවා. තව අවස්ථාවක එය සංකාර ලෙස හඳුන්වා තිබෙනවා. තවත් අවස්ථාවක එය නාම ලෙස හඳුන්වා තිබෙනවා. නාම තුල සංස්කාර (චේතනා) ඇතිබව කියා තියෙනවා (එනම් වාක්‍ය ගලපපුවාම සිතුවිලි තුල සිතුවිලි ඇතිබව බව කියා ඇත්තේ). නාම යනු සිත ලෙස දක්වා තිබෙනවා. එතකොට කුමක්ද සිතුවිලි කියන්නේ? ඔන්න ඔය විදිහට කුමකින් කුමක් දැක්වේදැයි පැහැදිලිව නොදැන ඔක්කෝම පටලවාගෙන අධර්මයක්ම දේශනා කරනවා. උපමාවකින් පැහැදිලි කොලොත් හිතන්නකෝ බුදු පියානන් ජලාශයක පතුල දැකිය හැකි පරිදි ජලයේ පැහැදිලි බව ඇතිකරගත හැකි ක්‍රමයක් කීවා කියා. මේ සිදුවන්නේ එම පැහැදිලි ක්‍රමය තිබියදී බුදු පියානන් පැවසුවේ මෙය යැයි ජලය බොර කර දැමීම. පෙනෙයිද පතුල? ජලය බොර කර එයයි අවබෝධය ලෙස දැක්වුවොත් පතුල ගැන බුදු පියානන් පවසා ඇත්තේ යම් ආකාරයකටදැයි නොදන්නා අය බොර දියේ විනිවිද නොපෙනීම (එනම් අවිද්‍යාව) අවබෝධය ලැබීම (එනම් විද්‍යාව) යැයි වරදවා වටහා ගන්නවා. ඔන්න ඔහොමයි කියන්නන් කියන වාලේ පිළිගන්න යන අයට වෙන්නේ. අන්තිමට ඔවුන් විද්‍යාව යැයි අවිද්‍යාවක්ම පිළිගන්නවා.

    තවත් නම් මට ලියන්න පුළුවන්. නමුත් මේ ප්‍රමානවත් යැයි මම හිතනවා. ඉතින් අනවබෝධයෙන් මේ පොත කියවන අයටත්, MP3 අසන අයටත් සොරි තමයි ඉතින්. වැඩි අවබෝධයකින් නොවේ නම් ඔබ කියවන්නේ ඔබ මේ අවුල් ලෙස සද්ධර්මය යැයි දේශනා කර ඇති අධර්මයේ පැටලෙනවාමයි. ඔබේ යම් හැකියාවක් තිබුනාද දහම් අවබෝධයට එය මොට්ට වීමක් තමයි සිද්ධ වෙන්නේ. එනිසා කියවීම නම් සුදුසු නැහැ. නමුත් විමසන නුවනින් යුතුනම් ත්‍රිපිටකයත් භාවිතා කර අන් අවබෝධයක් ඇතැයි ඔබ හිතන අයගේත් උපකාරය ඇතිව පවසා ඇතිදේ නිවැරදිදැයි විමසාම අවබෝධකරගන්නවා යැයි හිතනවා නම් කියවන්න. නැත්නම් ඔබත් මේ අනවබෝධයේ පැටලෙනවා.

    ඉතින් මේ නිර්මල බුදු දහම යැයි පටලවා ගැනීමක් අන් අයටත් පෙන්වා දෙය අයට අනාගතයේ තමන්ව දුකේ වැටුනාම තරුම තමයි පෙනෙන්නේ :)

    විමසීමෙන් දහම් අවබෝධයට යොමුවන්න. මේ හිමියන් ගැනත් වෛරී සිත් ඇතිකරගන්න එපා. සද්ධර්මය සියුම්. මෙකල්හි අවබෝධයක් ලබා ගැනීමට දැඩි උත්සාහ කරන්න ඕනෑ. බොහෝ තැන් වල පැටලෙනවා. ඒ නිසා මේ හිමියනුත් සද්ධර්මය අවබෝධ කර ගැනීමට ගත් දැඩි උත්සාහයකදී විපතට පත්වී ඇති බව දකින්න. විපතට පත්වූවන්ට වෛර කිරීම නොවෙයි සුදුසු. ඔවුන්ට සද්ධර්මය ගෙන හැර පෑමමයි කල යුත්තේ. එතුලින්ම ඔවුන් අවබෝධය කාරා යනවා. විපතින් මිදෙනවා. එසේ මිදුනොත් අන් බොහෝ දෙනාත් විපතින් මුදවා ගන්නවා.

    නුවනැත්තෝ අවබෝධ කරත්වා!

    තෙරුවන් සරණයි!
     
    Last edited: