සත්බුද්ධ නමස්කාරය !
සත්බුද්ධ නමස්කාරයෙන් ඔබේ සියලු උවදුරු දුරුවේවා!
ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ගුණය අපි කාටවත් ප්‍රමාණයක් කරන්න පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ ගුණයෙන් අප්‍රමාණයි. ඒ වගේම බුදු කෙනෙක් තවත් කිසිම කෙනෙක් හා සම වන්නේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අසමසමයි.
මේ අසමසම වූ අප්‍රමාණ වූ ගුණයන්ගෙන් සුපෝෂිත වූ බුදු කෙනකුගේ ආනුභාවය දස දහසක් සක්වළටම පොදු වූ දෙයක්. මේ දස දහසක් සක්වළ සියලුම සත්ත්වයන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයට අයත් වෙනවා. අපට නොපෙනෙන ලෝකය තුළ ජීවත් වන අප්‍රමාණ වූ සත්ත්වයන් සියලු දෙනාම බුදුන්වහන්සේගේ බුද්ධ දේශනාවට යටත් වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ පිහිට සරණ කොටගත් අයට බයක්, තැතිගැනුමක් ඇතිවෙන්නේ නෑ කියන එකයි බුදු පියාණන් වහන්සේගෙත් දේශනාව
ඉතින් හැම කෙනකුටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වන විදියේ් බුදු මුවින්ම දේශනා කරපු සත් බුද්ධ නමස්කාරය සිදුකරන හැටි මෙවර ලිපියෙන් දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ නමස්කාරය මන්ත්‍රයක් වගේම තමයි. මේක මේ විදියට කරන්න කියල කිව්වෙත් බුදුරජාණන් වහන්සේම තමයි.
මිනිසුන්ට ඇතිවන විවිධ ව්‍යසන පීඩාවන්ගෙන් ඒ අයට ආරක්‍ෂාව ඇතිකර ගන්න ආරක්‍ෂක මන්ත්‍රයක් වගේ දෙයක් හැටියටයි මේ සත් බුද්ධ නමස්කාරය බුදුන් වහන්සේ දේශනා කළේ. එදා අතීතයේ අපේ මුතුන් මිත්තන් මේ ක්‍රමය අනුගමනය කළා විතරක් නෙවෙයි ඒ තුළින් විශාල ශක්තියකුත් ලබාගත්තා.
නමුත් පසුකාලය වන විට මේ ක්‍රමය අභාවයට පත්වෙලා ගිය නිසා එයින් පිහිට ලබාගන්න ක්‍රමයක් නැතිවෙලා ගියා. මේ ක්‍රමය නැවත ඔබට මතක් කර දෙන්නෙ මෙම නමස්කාර ක්‍රමය තුළ තිබෙන සුවිශේෂී ලක්‍ෂණ කීපයක් නිසයි.
මේ ක්‍රමය දේශනා කළේ බුදුන් වහන්සේමයි. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ලෞකික ගැටලු දුරු කරගන්න ගාථා වැනි ක්‍රම දේශනා කරන අවස්ථා ඉතාම අඩුයි. බුදු කෙනෙක් ලෝකයට පහළ වන්නේ ඉතාම කලාතුරකින්. ඉතින් ආධ්‍යාත්මික දියුණුව උදෙසා මිනිසුන් උනන්දු කිරීම තුළින් ලෝකයාට සේවයක් කිරීම තමයි උන්වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ.
නමුත් යම් යම් අවස්ථාවලදී මෙවැනි ගාථාවන් ඉතාම දුර්ලභ ලෙස හමුවන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ විදියට දේශනා කරන්නෙත් නිකම්ම හිතු මනාපෙට නෙවෙයි. මේ ක්‍රමය තුළින් සත්‍ය වශයෙන්ම මිනිසුන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියල උන්වහන්සේ සර්වඥ ඥානයෙන්ම දැකල අවබෝධ කරගත්ත නිසයි.
ඒ නිසා සෘෂිවරුන් ලියපු මන්ත්‍ර දහසක් එකතු කළත් ඊට වඩා බලයක් මෙවැනි ක්‍රම තුළින් මිනිසුන්ට ලබාගන්න පුළුවන්කම තිබෙනවා.
ඒ වගේම මේ ක්‍රමය තුළින් යක්‍ෂ දෝෂ, ග්‍රහ දෝෂ ආදී මෙලොව වශයෙන් ඇතිවන සියලු දෝෂ දුරුකරගන්න පුළුවන් කමක් මේ ගාථාව නිතර මෙනෙහි කිරීමෙන් ලැබෙනවා. වැඩෙන බුද්ධානුස්වෘතියෙන් නිවන් මඟට අවතීර්ණ වෙන්න වුණත් පුළුවන්.
ඉතින් මේ විදියට ඕනෑම කෙනකුට ප්‍රයෝජන ලබාගන්නට පුළුවන් මේ ක්‍රමයේ ඇතුළාන්තය දිහාවට අපි නැවත වරක් අවධානය යොමු කරල බලමු. මෙම නමස්කාරයට අයත් වන්නේ බුදුවරු සත්දෙනකු පමණයි. ඒ තමයි
විපස්සී බුදුරජාණන් වහන්සේ
සිඛී බුදුරජාණන් වහන්සේ
වෙස්සභු බුදුරජාණන් වහන්සේ
කකුසඳ බුදුරජාණන් වහන්සේ
කෝණාගම බුදුරජාණන් වහන්සේ
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ
ගෞතම බුදුරජාණන් වහන්සේ
කියන මේ නම් සඳහන් බුදුවරුන් වහන්සේ.
බුදුවරුන් සත් දෙනෙක් වෙනමම තෝරල ගන්න ඉතාම වැදගත් හේතුවක් තියෙනවා. අපගේ මිනිස් ලෝකයට අෑතින්ම තියෙන්නේ අකනිටා කියන බ්‍රහ්ම ලෝකය විතරයි. එතැනින් එහාට ලෝක නැහැ. ඒ ලෝකයේ ආයුෂ ඉතාම දිගයි. නමුත් මේ සත් බුදුවරුන් අතර මුලින්ම නම කියැවෙන විපස්සී කියන බුදුන් වහන්සේ පහළ වෙලා දැනට ගතවෙච්ච යම්කිසි අවුරුදු ගණනක් තියෙනවානේ.
ඒ අවුරුදු ගණනට තමයි අන්තිමට තියෙන ලෝකය වුණ අකනිටා බ්‍රහ්ම ලෝකේ ආයුෂ තියෙන්නේ. එතකොට විපස්සී බුදුන් වහන්සේව දැකපු බ්‍රහ්මයෝ අදටත් ඒ ලෝකවල ඉන්නවා. හැබැයි ඊට පෙර බුදුවුණු කිසිම බුදුවරයෙක් දැකපු බ්‍රහ්මයෙක් නෑ. මේ දේ තවත් තේරෙන්න කියන්න පුළුවන්. අපි හිතමුකෝ උදාහරණයක් හැටියට විපස්සී බුදුහාමුදුරුවෝ බුදු වුණේ මීට අවුරුදු දාහකට කලින් කියල. එතකොට අකනිටාක බ්‍රහ්ම ලෝකේ ආයුෂ ඒ කියන්නේ උපරිම ආයුෂ තියෙන්නෙත් ඒ ගණනම තමයි.
මෙන්න මේ විදියට අකනිටා බඹ ලොව උපන්න බ්‍රහ්මයෝ නිතරම හිතනව අපට මේ වගේ ශාන්තියක් ලැබුණේ ඒ කාලේ අපි බණ අහපු විපස්සි බුදු හාමුදුරුවෝ නිසානේ නේද කියා. ඉතින් මේ විදියට සිඛී බුදු හාමුදුරුවන්ගෙන්, වෙස්සභු බුදු හාමුදුරුවන්ගෙන් ආදී වශයෙන් ඒ ඒ සත් බුදුවරුන්ගෙන් බණ අහපු විවිධ බ්‍රහ්මනයෝ අදටත් ඒ අයට මේ බ්‍රහ්ම සම්පත්තිය ලැබෙන්නට උදව් වුණු බුදුවරුන්ට පුදුම විදියට ගරු කරනවා.
ඉතින් මේ ගාථාවේ තියෙන්නේ ඒ ඒ බුදුවරුන්ට නමස්කාර කරන එකනේ. අපි මේ විදියට නමස්කාර කරන කොට ඒක අර බ්‍රහ්මයන්ට ඇහෙනවා. එතකොට ඒ අය හිතනව අපට මේ තරම් ශාන්තියක් සලසපු බුදුරජාණන් වහන්සේගේ නම කියනවා අපි ඒ නිසා එහෙම කරන අයට ආරක්‍ෂාව සලසමු කියලා.
ඉතින් මේ සත් බුද්ධ නමස්කාරය කරන අයට ඒ ඒ බ්‍රහ්මයන් ඇවිත් විවිධ ආකාරයෙන් ඇතිවෙන්න තියෙන උවදුරු නැතිකරල ආරක්‍ෂාව සලසවනවා. ඉතින් විසි අටක් හිටිය බුදුවරුන්ගෙන් විපස්සී බුදු හාමුදුරුවන්ට කලින් හිටිය බුදුවරුන්ගෙන් බණ අහල දැනට ජීවත් වන බ්‍රහ්ම පිරිසක් නැති නිසා මේක දිවැසින් දැකපු අපේ ගෞතම බුදු හාමුදුරුවො මේ සත් බුද්ධ නමස්කාරය කාගෙත් ආරක්‍ෂාව පිණිස දේශනා කළා.
බුදු කෙනකුගේ ඥානයට ගෝචර වුණු මේ මහා බලසම්පන්න ගාථාව උදේ හවස බුදුන් වැඳල නිතර ගෙදර හැමෝම හරි එක්කෙනෙක් හරි කියනවා නම් කිසිම කොඩිවිනයකට, හූනියමකට වත්තට ඇතුළු වෙන්න බැරි මහා ආරක්‍ෂාවක් ඉබේටම නිර්මාණය වෙනවා. ඒ ආරක්‍ෂාව බිඳින්න කිසිම ගුරුකමකට පුළුවන් වෙන්නේ නෑ.
ඉතින් මේ වෙසක් මාසේ බුදුන් වහන්සේ ඉපදුණ මාසේ ඔබට දෙන තිළිණයක් හැටියට මේ ගාථා රත්නය මේ විදියට පළකරනවා. සෑම බෞද්ධයකු විසින්ම මේක කට පාඩම් කරල නිතර භාවිත කරන්න කියල තමයි බුදුහාමුදුරුවොත් දේශනා කළේ.
ඒ නිසා මෙලොව පරලොව දෙලොවම යහපත උදාකරගන්න පුළුවන් මේ සත් බුද්ධ නමස්කාරය කටපාඩම් කරගෙන භාවිත කරනවා නම් ඕනෑම සුබ කරුණකට පෙර කියනවා නම් මෙයින් ලබාගන්න පුළුවන් ආනිශංස අප්‍රමාණයි.
ඕනෑම නඩුවක් දිනීමටත්, විරුද්ධකාරයකු හමුවන්න යන්න පෙරත්, සියලු වශීයටත්, ග්‍රහ අපල දුරුකර ගන්නත්, සූනියං ආපසු යවන්නත්, සිහිනයෙන් බියවීම් අදිය දුරු කරගන්නත් ආදී වශයෙන් සුබ කාරණා රාශියකට අද්දුටුවයි සත්තයි කියලයි පැරැණි පුස්කොළ පොත්වල ලියල තියෙන්නේ. ඉතින් එහෙනම් මෙන්න ඒ උතුම් වූ ගාථා රත්නය.
විපස්සිස්ස නමත්ථු
චක්ඛුමන්තස්ස සිරීමතො
සිඛිස්සපි නමත්ථු
සබ්බ භූතානු කම්පිනෝ
වෙස්සභුස්ස නමත්ථු
නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස
මාරසේනා පමද්දිනෝ
කෝණාගමනස්ස නමත්ථු
බ්‍රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු
විප්පමුත්තස්ස සබ්බධී
අංගීරසස්ස නමත්ථු
සක්‍ය පුත්තස්ස සිරීමතෝ
යෝ ඉමං ධම්ම මදේසේසී
සබ්බ දුක්ඛා පනූදනං
මේ උතුම් ගාථාවෙන් ඔබට සියලුම ආරක්‍ෂාව, යහපත, අභිවෘද්ධිය උදාවේවා! එම පින් සදා කල් 'තරුපතිට' බුද්ධාශීර්වාදයක් ලෙසම පිහිටා දිනෙන් දින දිනේවා! තෙරුවන් සරණයි
ඒ සුමනවංශ හිමි
071-8241354
උපුටා ගත්තේ මවුබිමෙනි ( 'තරුපති' ) ...

Last edited: