~~~අන්තිම කැමති පත්‍රය~~~
අන්තිම කැමති පත්‍රය යනු යම්කෙනෙකු මියයාමට පෙර තමාගේ මරණින් පසු දේපල බෙදියයුතු අන්දම ප්‍රකාශ කරමින් ලියා තබන ලියවිල්ලයි. එය නීතියෙන් පිළිගනු ලබන ලියවිල්ලකි ( නීතිඥයකු මගින් නියමාකාරයෙන් සදවගත හැක ).අන්තිම කැමති පත්‍ර පිළිබද නිතිය දක්වා ඇත්තේ 1884 /21 දරන අන්තිම කැමති පත්‍ර ආඥා පනතයි.
වයස අවු.18 ට අඩු පුද්ගලයකුට වලංගු අන්තිම කැමති පත්‍රයක් සැදිය නොහැක. නමුත් අවු.18 ට අඩු පුද්ගලයෙක් ජනාධිපතිවරයාගෙන් වයෝපුර්ණත්ව සහතිකයක් (venia aetatis) ලබාගෙන වලංගු අන්තිම කැමති පත්‍රයක් සාදව ගත හැක .
අන්තිම කැමති පත්‍රයක් ඕනෑම අවස්ථාවක අවලංගු කල හැක. අන්තිම කැමති පත්‍රයකට සංශෝදනයක් කිරීමට අවශ්‍ය නම් එය "කොඩිසිල්" පත්‍රයක් මගින් සිදු කල හැක .
අන්තිම කැමති පත්‍රයක තිබු පමණින් කිසිවකුට දේපල බෙදාගත නොහැක . අදාල පුද්ගලයාගේ මරණින් පසු අන්තිම කැමති පත්‍රය අධ්කරණයට ඉදිරිපත් කර නඩුකරයක් මගින් එය බෙදා ගත යුතුය .
බාලවයස්කරුවන් , සිහිවිකල පුද්ගලයින්,මන්ද බුද්ධික පුද්ගලයින් ලියන අන්තිම කැමති පත්‍ර වලංගු නොවේ .තවද යමෙක් මරණාසන්නව සිටින පුද්ගලයෙක්ගෙන් බලෙන් අත්සන් ලබාගන්න අන්තිම කැමති පත්‍රයක් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කල හැක .
අනිත්ම කැමති පත්‍රයක එම ඉල්ලීම් ඉටු කිරීමට විශ්වාසවන්ත අයකු පත්කළ තිබිය යුතුය . ඔහු "පොල්මක්කරු " ලෙස හැදින් වේ.අන්තිම කමතිකරු මියගිය පසු අන්තිම කැමති පත්‍රය උසාවියට ඉදිරිපත් කොට දේපල නිසි ආකාරව බෙදා දීප පොල්මක්කරු විසින් සිදු කල යුතුය .
යම් පුද්ගලයකු අන්තිම කැමති පත්‍රයක් නැතිව මියගිය විට. ඔහොගේ යම් කිට්ටු ඥාතියකු විසින් උසාවියට පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර " අද්මිනිස්ත්‍රති " බලපත්‍රයක් ඉල්ලාසිටිය යුතයි .
අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීම ක්‍රම දෙකකි :-
අන්තිම කැමති පත්‍රය , කොඩිසිල් පත්‍ර වැනි දේ වල සිදු කරන සියලු වෙන කිරීම්(කැපීම්, මැකීම් වැනි දෑ) අන්තිම කැමති පත්‍ර කරුගේ කෙටි අත්සනින් සහතික කලයුතුය
බ්ලොග් අඩවියකින් උපුටා ගන්නා ලද්දකි .

- සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරිය අන්තිම කැමති පත්‍රය සකස් කල එම 5 දෙනාම එයට අත්සන් කිරීම
- නොතාරිස් (නීතිඥ වරයකු නම් වඩාත් හොදයි ) වරයකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රය සකස් කර එයට සාක්ෂි කරුවන් දෙදෙනකු අත්සන් කිරීම

Last edited: