මදුරුවො එලවන සද්ද

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මදුරුවො එලවන සද්ද

    rMLNl6izw21YzjT1LYpuuwD8RSVYkrAkMsxZ4crKtwTSDU58jVeuUv4p6riYh7viEY3Y=w300

    මදුරුවො එලවන්න කොයිල් පත්තුකරනවා:yes:, තව එක එක කොමිකල් වර්ග පාවිච්චි කරනවා:yes:. හැබැයි මේ එක දෙයක්වත් මදුරුවන්ට කෙසේවෙතත් අපිටනම් හොද නෑ :oo: ඒ නිසා අපේ සමහර අය මදුරුවො එලවන්න පොඩි ගැජට් ඊබේ එකෙන් ගන්නවා. :eek: ඒවයින් වෙන්නේ මදුරුවන්ට දරාගන්න අමාරු වැඩි සංඛ්‍යාත ශබ්ධයක් නිකුත් කරන එක. :yes: ඉතින් ඔය සව්න්ඩ් එක අපි ස්පීකර්වලින් දාගත්තනම් වෙනම ගැජට් ගන්න ඕනෙ නෑ.;)
    මේකනම් ගොඩක් අය දන්න දෙයක් ඒ තමයි ඇන්ටි මොස්කිටෝ සව්න්ඩ්. මේ පෝස්ට් එක දාන්නේ දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල හිතලා. :yes: ඇන්ටි මොස්කිටෝ සව්න්ඩ් කියන්නේ 100% සාර්ථක ක්‍රමයක් නම් නෙවෙයි. ඒත් කොයිල් වලට වැඩිය සාර්ථකයි කියල මට හිතෙනව. :D කොයිල් වගේ නෙවෙයි අපිට හානියකුත් නෑනේ. :cool: ගොඩක් දෙනෙක් ඇන්ටිමොස්කිෙටෝ සව්න්ඩ් තියන ඇප් ෆෝන් වලට දාගන ඉන්නවා. ඒ වගේම සොෆ්ට්වෙයා කම්පිටුයර් වලට දාගන ඉන්නවා. අද ඔයාලට දෙන්න යන්නේ ඇට්යි මොස්කිටෝ සව්න්ඩ් ක්ලිප් එකක්. :D මේක ඩව්න්ලෝඩ් කරගෙන ප්ලේයර් එකේ දාලා නැවත නැවත වාදනය වෙන්න සලස්වන්න.
    හැබැයි ඕකෙ සද්දේ අපිට දැනෙන්නේ නෑ. මොකද ඒ වැඩි සංක්‍යාත අපිට ඇහෙන ඒව නෙවෙයි. මදුරුවන්ටයි ඇහෙන්නේ.
    මේක දාලා ටිකක් වැඩි කරල තිබ්බනම් හොදයි කියලයි මට හිතෙන්නේ. ඒවගේම හෙඩ්ෆෝන් එකේ දාලා කනේ ගහගන ඉදල වැඩක් නෑ. මොකද අපිව නෙවෙයිනෙ එලවන්න ඕනේ :P


    මේ පහල තියන ලිංක් වලින් සව්න්ඩ් ක්ලිප් එක ඩව්න්ලෝඩ් කර ගන්න
    http://www.allmosquitos.com/soft/anti.mosquito.sound.wav (filesize: 3,6 MB; do not convert to mp3)

    http://www.allmosquitos.com/soft/mosquito.repellent.ultra.sound.mp3 (filesize: 2 MB)
    ඔටෝ ප්ලේ වෙන අය ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා Save link As ගන්න

    කලින් දන්නව වුනාට කමක් නෑ මචංලා අනිත් අයටත් දැනගන්ට එක්ක බම්පියක් වත් දාගනම යන්ට හොදේ..
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචං මේක ටෙස්ට් කරලා බැලුවද? මම android app එකක් පාවිච්චි කරා අනේමන්ද බං ඔය ඇන්ටි මොස්කිටෝ මගුල හරියට වැඩ කරනවද කියල තේරෙන්නේ නැහැ.
    මගේ සබ්වුෆර් එක ගලවල තියෙන්නේ. හෙඩ්ෆෝන් එකට දාල සද්දේ වැඩි කරලා තිබ්බම හරියයිද?

    ඔකේ හයි ෆ්රිකන්සි එකක් එනවා උනාට මාරුවට දරාගන්න බැරි එකක් නෙමෙයි ඕකෙන් එන්නේ මං හිතන්නෙ පිරිමි මදුරුවා අත්තටු ගහනකොට එන හීනි සද්දේ තමයි ඕක. ගැහැණු මදුරුවෝ පිරිමි මදුරුවන් ඉන්න තැන ඉන්නේ නැතුව යනවලු එතකොට. මං දන්නේ නෑ ඇයි කියල නිකං උන් නෙමෙයි එත් ලේ බොන්න එන්නේ පැටව් හම්බෙන්න එන ගැහැණු මදුරුවොනේ, එහෙම එවුන් අකමැති ඇති සමහර විට එහෙම එනකොට. කොහොම උනත් මට මේක හරියටම සාර්ථක ප්‍රතිපලයක් කියල තවම අත්දැකීමක් නැහැ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මේක ටෙස්ට් කරලා බැලුවද? මම android app එකක් පාවිච්චි කරා අනේමන්ද බං ඔය ඇන්ටි මොස්කිටෝ මගුල හරියට වැඩ කරනවද කියල තේරෙන්නේ නැහැ.
    මගේ සබ්වුෆර් එක ගලවල තියෙන්නේ. හෙඩ්ෆෝන් එකට දාල සද්දේ වැඩි කරලා තිබ්බම හරියයිද?

    ඔකේ හයි ෆ්රිකන්සි එකක් එනවා උනාට මාරුවට දරාගන්න බැරි එකක් නෙමෙයි ඕකෙන් එන්නේ මං හිතන්නෙ පිරිමි මදුරුවා අත්තටු ගහනකොට එන හීනි සද්දේ තමයි ඕක. ගැහැණු මදුරුවෝ පිරිමි මදුරුවන් ඉන්න තැන ඉන්නේ නැතුව යනවලු එතකොට. මං දන්නේ නෑ ඇයි කියල නිකං උන් නෙමෙයි එත් ලේ බොන්න එන්නේ පැටව් හම්බෙන්න එන ගැහැණු මදුරුවොනේ, එහෙම එවුන් අකමැති ඇති සමහර විට එහෙම එනකොට. කොහොම උනත් මට මේක හරියටම සාර්ථක ප්‍රතිපලයක් කියල තවම අත්දැකීමක් නැහැ.

    සබ්වූෆර් එකට දාලා ඊයෙ රෑනම් බැලුව මචං. එකෙක් වත් කූං කූං ගාන්න හිටියෙ නෑ. ඒවගේම ඕක දාපු ගමන් මේසෙ යට හිටපු මදුරුවො දෙන්නෙක් විතර ඉගිලිලා යනවා දැක්කා. ඒ නිසා මට ඕක සාර්ථකයි කියල හිතෙනවා. ෆ්‍රීක්වන්සි එකක් නිසා හෙඩ් ෆෝන් එක දාලා වැඩි කරලා තිබ්බත් හරියයි මගේ හිතේ.
    ඔයා කියපු කාරනය වෙන්න ඇති එහෙනම් මේකෙන් වෙන්නේ. පිරිමි මදුරුවෝ රෑනක් පස්සෙන් එනව කියලා හිතලා බිත්තර දාන්න ඉන්න ගෑනු මදුරුවෝ දුවනව ඇති. කිව්ව වගේ මචං ඇප් වලින් නම් හරි ප්‍රථිපලයක් ලැබෙන්නෙ නෑ. මම කලින් ෆෝන් එකට දාලා බැලුවා ඒත් මේ වගේ යහපත් ප්‍රථිපලයක් ලැබුනෙ නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    math android app ekak use kala ban. eth maduruwo awilla phone eketh wahanawa samahara welawata :rofl:

    නිකමට මේක බලපංකෝ ඇප්වලට වැඩිය හොදයි වගේ තමයි දැනෙන්නේ. මට නම් හොද ප්‍රථිපල තියනවා. මම හිතන්නේ ෆෝන් එකේ ස්පීකර් එක මේ වැඩේට මදි ඇති.
    කොම් එකට දාලා ටිකක් වැඩිකරලා බලන්න
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    bamp මචං. මමත් ඔය එක එක sounds/apps test කරලා බලල හියෙනවා. ඒත් ප්‍රතිඵලයක් නම් පේන්න නෑ.. බලමු මේකත් try කරලා :yes:

    එලස්....
    වේසා මදුරුවෝ දුටු තැන මරමු

    :rofl: ඔව් මේක තමයි මගෙත් තියරිය. ඒත් අපේ ගෙදරට එන මදුරුවෝ දැන් මරන්න පට්ට අමාරුයි. උන් random විදිහට පියාබන්නේ. අවුරුදු ගානක් මැරුම් කාල දැන් evolve වෙලාද කොහෙද :rofl: :rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    කො බන් මේක Download වෙන්නේ නෑනේ? Online Play වෙනවා විතරයිනේ :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද බන් මේක download කරගන්නෙ...?:confused::confused::confused:

    ඇයි බං අර මම යටම දාලා තියන ලිංක් දෙකෙන් එකක් ක්ලික් කරපන්. එතකොට ඩව්න්ලෝඩ් වෙනවා
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    ඇයි බං අර මම යටම දාලා තියන ලිංක් දෙකෙන් එකක් ක්ලික් කරපන්. එතකොට ඩව්න්ලෝඩ් වෙනවා

    එහෙම වෙන්නෙ නැ බං.... autoplay වෙනවා එච්චරයි නෙ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කො බන් මේක Download වෙන්නේ නෑනේ? Online Play වෙනවා විතරයිනේ :baffled:

    ආ මචං එහෙනම් ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් Save link As ගන්න
     
    • Like
    Reactions: signshop

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම වෙන්නෙ නැ බං.... autoplay වෙනවා එච්චරයි නෙ...

    මචං එහෙනම් ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් Save link As ගන්න