වලාකුළු පලාගිය අහසයට
ගෙන්දගම් පොලවේ
ගිනිකාෂ්ට දුලිපාර දිගේ
පියමං කලා
මතකයි
කැලෑ මල් පිපෙන
සිනාවෙන් වලගැහෙන
මලානික ඔබේ කොපුල්
තව තවත් වියැකි කළු උනා
මතකයි
ලැමක සිරියක් නැති
කෙඩෑරි ඔබේ ගත
සුළගට පාව යයි
මගේ උර වැලද සිටියා
අද ඊයේ වාගෙයි
ඔබේ නියෙ පහුරුගා
මගේ ලේ රස බලා
සිනාසුන දසන්
තාමත් විකසිතයි
කවදා කොහේ යයිදැයි නොදැන
අහසේ ඇගිල්ලෙන්
කවි ලියු අපි
කෙස් ගහෙන් රුවල් වියා
සිහිනයට
නැව් නැගී අපි
කණාමැදිරි එළියෙන්
හිරු
අදුරු කල අපි
දෙවයට සරදම් කර
වෙන්වී
වෙන් නොවූ අපි
ඔබත් සිහිකරනු ඇති
නෙතට හොරෙන් අඩනු ඇති
මට සාප කරනු ඇති
විදවමින් තැවෙනු ඇති
ගෙන්දගම් පොලවේ
ගිනිකාෂ්ට දුලිපාර දිගේ
පියමං කලා
මතකයි
කැලෑ මල් පිපෙන
සිනාවෙන් වලගැහෙන
මලානික ඔබේ කොපුල්
තව තවත් වියැකි කළු උනා
මතකයි
ලැමක සිරියක් නැති
කෙඩෑරි ඔබේ ගත
සුළගට පාව යයි
මගේ උර වැලද සිටියා
අද ඊයේ වාගෙයි
ඔබේ නියෙ පහුරුගා
මගේ ලේ රස බලා
සිනාසුන දසන්
තාමත් විකසිතයි
කවදා කොහේ යයිදැයි නොදැන
අහසේ ඇගිල්ලෙන්
කවි ලියු අපි
කෙස් ගහෙන් රුවල් වියා
සිහිනයට
නැව් නැගී අපි
කණාමැදිරි එළියෙන්
හිරු
අදුරු කල අපි
දෙවයට සරදම් කර
වෙන්වී
වෙන් නොවූ අපි
ඔබත් සිහිකරනු ඇති
නෙතට හොරෙන් අඩනු ඇති
මට සාප කරනු ඇති
විදවමින් තැවෙනු ඇති
Last edited:

ela |