දෙවිනුවර පෙරහැරේ කරඬුව

signshop

Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    දෙවිනුවර පෙරහැරේ කරඬුව

    දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර පසුගිය පොහෝදා(10) වීදි සංචාරය කරද්දී එහි ප්‍රධාන හස්තිරාජයා මත වැඩමවමින් තිබූ ශ්‍රී සධාතුක කරඬුව දෙනෝදාහක් මහ සෙනග බලා සිටියදී බිම ඇද වැටීම පිලිබඳව මේවනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇත.

    මෙසේ ශ්‍රී සධාතුක කරඬුව ඇලවී ඇද වැටෙන අවස්ථාවේ හස්තිරාජයා දෙපසින් ගමන් ගත් පරිවාර හස්තියෙකු මත සිටි තේනබදු කපු මහතා එය අල්ලා වලක්වා ගැනීමට යාමේදී පරිවාර හස්තියා මතින් ඇද වැටී තුවාල ලබා ඇත.

    මෙම ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ධූරය හොබවන්නේ ජනාධිපතිවරයාගේ සමීප ඥාතියෙකු වන පතල් හා කැණීම් කාර්ය්‍යංශයේ සභාපති ඩිෂාන් ගුණසේකර මහතාය.

    දේවාලය අවට විෂ්ණු දෙවියන්ගේ රුවටත් වඩා උසින් ජනාධිපතිවරයාගේ හා බස්නායක නිලමේවරයාගේ කටවුට් සිය ගනණක් ප්‍රදර්ශනය කර තිබීම දෙවියන් හෑල්ලුවට ලක් කිරීමක් බවත් සධාතුක කරඬුව බිම වැටීම එහි ප්‍රතිඵලයක් විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.

    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී දෙවිනුවර දේවාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ, ඇත්ගොව්වාගේ නොසැලකිල්ල නිසා මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවූ බවයි.

    එදින හස්තිරාජයා මත ශ්‍රී සධාතුක කරඬුව තැන්පත් කිරීමේදී ඇත්ගොව්වා මත්පැන් පානය කර, ගංජා මත්ද්‍රව්‍ය ද පාවිච්චිකර සිටි බව මේවනවිට අනාවරණයවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසිය.
    :baffled:

    source; mirror

    මේ වගේ දෙයක් සිද්ද උනේ අසුබ සිදුවීමක පෙරනිමිත්තක් නිසාද?:eek:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :baffled: වැරැද්ද ඇත්ගොව්වගේ නොවුනත් අන්තිමට වැරදිකාරයා වෙයි වගේ.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    vo4o02.jpg

    ලංකා මෙහෙම තමයි දාල තිබුනේ .

    කොහොමත් සධාතුක කරඩුව පොලවට වැටෙන එක නම් එච්චර හොද දෙයක් නෙවි .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    vo4o02.jpg

    ලංකා මෙහෙම තමයි දාල තිබුනේ .

    කොහොමත් සධාතුක කරඩුව පොලවට වැටෙන එක නම් එච්චර හොද දෙයක් නෙවි .

    අනිවා මචන්.. පරම්පරා ගානක් සැදැහැවත් මිනිස්සුන් මිලියන ගනනක ගෞරවයට වැදුම් පිදුම් වලට ලක් උන මේ වගේ සාධු කරඩුවක් ඇතගේ පිටෙන් වැටෙන්නේ ලොකු ව‍යසනයක පෙරනිමිත්තක්ද දන්නෙ නෑ. කවදාවත් අහපු දැකපු දෙයක්ද සිද්ද උනේ..මේ වගේ දෙවල් සැදැහැ සිතින් සැදැහැවත් කෙනෙක් අතින් විය යුත්තක් නොගැලපෙන අතකින් සිද්ද උන එකයි වරද
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අනිවා මචන්.. පරම්පරා ගානක් සැදැහැවත් මිනිස්සුන් මිලියන ගනනක ගෞරවයට වැදුම් පිදුම් වලට ලක් උන මේ වගේ සාධු කරඩුවක් ඇතගේ පිටෙන් වැටෙන්නේ ලොකු ව‍යසනයක පෙරනිමිත්තක්ද දන්නෙ නෑ. කවදාවත් අහපු දැකපු දෙයක්ද සිද්ද උනේ..මේ වගේ දෙවල් සැදැහැ සිතින් සැදැහැවත් කෙනෙක් අතින් විය යුත්තක් නොගැලපෙන අතකින් සිද්ද උන එකයි වරද

    ඔව් මචන් . එක සම්පුර්ණ ඇත්ත .

    සමහර විට වෙන්න පුළුවන් . දෙවිනුවර මහදේවාලේ පුදුම විදියට අනුහස් තියන තැනක් .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේවාලය අවට විෂ්ණු දෙවියන්ගේ රුවටත් වඩා උසින් ජනාධිපතිවරයාගේ හා බස්නායක නිලමේවරයාගේ කටවුට් සිය ගනණක් ප්‍රදර්ශනය කර තිබීම දෙවියන් හෑල්ලුවට ලක් කිරීමක් බවත් සධාතුක කරඬුව බිම වැටීම එහි ප්‍රතිඵලයක් විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.

    අනේ මන්දා බන් ඔය විශ්වස නම්.
    මොකක් හරි භෞතික හේතුවක්ත් ඇති
    එත් ඕක කරන මිනිස්සු වගකීමක් ඇතුව කරන්න එපයි

    මිනිස්සුන්ගේ බක්තිය බම දාලා පාගල වගේ වැඩක් නේ

    අනික බන් මුන් කරන වැඩ වල හැටියට ඕක බිම වතිඅ නවතින්නේ නැහැ
    එහෙනම් පොලව පලාගෙන මුන්ව යයි අපායට
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මාතර පෙරහැරවල් ඔක්කොටම අපල වගෙයි කඹුරුපිටිය සපුගොඩ පෙරහරෙත් ඔය සිද්දියම වෙලා මාසයක්වත් නැහැ , ලොකු අනතුරක් අතළඟ වගේ පේනවා ...............
     
  • Jul 6, 2012
    10,686
    2,908
    113
    ඔය සිද්ධිය මෙහෙත් කතාවට ගියා. මහින්දයගෙ දෙවනිය ද මහින්ද විජේසේකරගෙ පුතෙක් ද කියල ෂුවර් නෑ. ඒත් දෙවුන්දර පෙරහැරේ සම්ප්‍රදායන් ගොඩක් තියනවා. මහින්ද ජනාධිපති උනාට පස්සෙ ගොඩක් දේවල් වෙනස් උනා. අපේ අම්මලගෙ මහ ගෙවල් තියෙන්නෙ දේවාලෙට ගෙවල් 6ක් විතර ඇතුලට වෙන්න. පොඩි කාලෙත් එහේ හිටිය නිසා සාමාන්‍යයෙන් දෙයක් දන්නවා.

    මාතර කුඩු මර්වින් ගෙ පුතාට භාර දෙන්න යනව් අකියල කතාවක් තිබුනා. කෙල්ලෙක් පාරෙ බැහැල ගිහින් හමාරයි. ඔය වගේ ඈස්චර්යවත් යුගයක ආරම්භය පෙන්නන්න ද දන්නෙ නෑ මේ
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    දේවාලය අවට විෂ්ණු දෙවියන්ගේ රුවටත් වඩා උසින් ජනාධිපතිවරයාගේ හා බස්නායක නිලමේවරයාගේ කටවුට් සිය ගනණක් ප්‍රදර්ශනය කර තිබීම දෙවියන් හෑල්ලුවට ලක් කිරීමක් බවත් සධාතුක කරඬුව බිම වැටීම එහි ප්‍රතිඵලයක් විය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.

    අනේ මන්දා බන් ඔය විශ්වස නම්.
    මොකක් හරි භෞතික හේතුවක්ත් ඇති
    එත් ඕක කරන මිනිස්සු වගකීමක් ඇතුව කරන්න එපයි

    මිනිස්සුන්ගේ බක්තිය බම දාලා පාගල වගේ වැඩක් නේ

    අනික බන් මුන් කරන වැඩ වල හැටියට ඕක බිම වතිඅ නවතින්නේ නැහැ
    එහෙනම් පොලව පලාගෙන මුන්ව යයි අපායට

    දෙයියෝන්ගේ උස දන්නේ කොහොමද බන් මිනිස්සු ,අනික විශුනු දෙවියෝ කියන්නේ හින්දු ආගමේ ප්‍රදාන දෙවියෝ නේ?