:::✈ ✈මුලින්ම ෆ්ලයිට්/ප්ලේන් එකක යන්න ඉන්න අ&#

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    :::✈ ✈මුලින්ම ෆ්ලයිට්/ප්ලේන් එකක යන්න ඉන්න අ&a

    මේක මම ලිව්වේ මුලින්ම ප්ලේන් එකක රට රැකියාවක් සඳහා යන අපේ යාළුවන්ට පොඩි අදහසක් ගන්න. අඩු පාඩු ගොඩක් ඇති. හැබැයි ෆ්ලයිට් එකකට විහිළුවටවත් නැගල නැති මුකුත් නොදන්නා අයට උදවුවක් වෙයි කියල හිතනවා.අත්දැකීම් තියෙන අනිත් යාලුවොත් තමන් දන්නා වැදගත් විස්තර දාන්න. එහෙනම් පටංගමු


    ==\\\\\\\\\\\\\\\\\\\\\\\ෆ්ලයිට් එකට නගින්න කලින්\\\\\\\\\\\\\\\\\\\\\\\

    එයාපෝට් එකට යන්න(කටුනායක) පාස්පෝට්, බෝඩින් පාස් (ඔන්ලයින් ලැබුනනම්.නැත්නම් ඊ ටිකට් පෙන්නලා ගන්න ඕනේ.ට්‍රැවල් ඒජන්ට්ගෙන් දැනගන්න අහලා), පෑනක් එහෙම ගෙනියන්න

    බඩු ටික (මේන් ලගේජ්(ලේසියෙන් හොයාගන්න ටැග්,රිබන් හැඩ වැඩ දාල), හෑන්ඩ් ලගේජ්, ලැප්ටොප් බෑග්)ට්‍රොලියක දාගෙන ඇතුලට යන්න(තමන් එක්ක ආපු අනික් අයටත් ඇතුලට යන්න පුළුවන් එක්කෙනාට 300ගානෙ ටිකට් අරන් .ඒ ගියත් ගොඩක් දුර යන්න බැ.ඒ උනාට මම නම් යද්දී ජයග්‍රාහි ලීලාවෙන් අපේ නෑදෑ සනුහරේම එක්ක ගියා :P:P. ඊට පස්සේ ගැලරි එකට ගිහින් ප්ලේන් යන හැටි බලන් ඉන්න පුළුවන් එයාලට.ගැලරි ටිකට් එකක් මට මතක විදියට 100ක් විතර වෙනවා(හරියටම ගැන මතක නැත.:sorry:))
    ගැලරි එකේ ඉඳන් ප්ලේන් පේන හැටි​
    photo.jpg


    චෙකින් ෆ්ලයිට් මොනවාද කියල ඩිස්ප්ලේ වෙයි

    තමන්ගේ ෆ්ලයිට් නම්බෙර් එකත් දැන් චෙකින් නම් පෝලිමේ යන්න

    පොලිමේදී පොඩ්ඩක් අතපත ගාල චෙක් කරයි

    ඊට පස්සේ ට්‍රේ එකට බෑග් දාන්න ඕනේ.එතනින් ස්කෑන් වෙනවා

    ඊට පස්සේ ඒ ටිකත් අරගෙන ඉස්සරහට යන්න ඕනේ

    ඉස්සරහ තියෙන කවුන්ටෙර් එකෙන් බර මනිනවා (බර ශ්‍රී ලන්කන් එකේ මේන් ලගේජ් එක කිලෝ 30.එකක් දෙකක් නම් වැඩි උනාට කමකුත් නෑ.හෑන්ඩ් ලගේජ් එක වෙනම කිලෝ 7ක් පුළුවන්.ඔක්කොම කිලෝ 37ක්,ඒවාට අමතරව ලැප්ටොප් එක) ඊට පස්සේ මේන් ලගේජ් එක උන් ගන්නවා.(ෆ්ලයිට් එකට පටවනව.ආයෙත් එක දකින්න ලැබෙන්නේ බැහැල තමයි.)

    ඉස්සරහට යන්න

    ඉමිග්රේෂන් කවුන්ටෙර් එකෙන් අහන දේවල් වලට උත්තර දීල එයාල පාස්පෝට් එකේ සීල් එහෙම ගැහුවට පස්සේ එයාල කියන ටර්මිනල් එකට යන්න.කටුනායකින් නම් උඩ තට්ටුවට ගිහිල්ලා (11,11බී....විදියට ගොඩක් තියෙනවා)සිකියුරිටි මාමෙක්ගෙන් හරි අහන්න ඕනෙනම්.

    ඊටපස්සේ එතනට යද්දී ආයෙත් සපත්තු, ඔරලෝසු, බෙල්ට් එහෙම ගලවල ආයෙත් චෙක් කරනවා

    ඊලගට ඇතුළුවෙද්දී මොනවාද කාඩ් එහෙම දෙනවා.(ෆෝන් කාඩ් එකක් එහෙම මට ලැබුනා.පිට රටදී කතා කරන්න)

    ඊලගට ටර්මිනල් එකේ පුටු තියෙනවා වාඩිවෙලා ඉන්න

    ෆ්ලයිට් එක නග්ගන්න පැය බාගෙකට විතර කලින් අපිව ෆ්ලයිට් එකට නග්ගනවා.(මුලින් එයා හොස්ටස් ලා, පයිලට් එහෙම යනවා.ඊට පස්සෙයි පසෙන්ජර්ලා ගන්නේ)

    බෝඩින් පාස් එක පෙන්නන්න

    කට්ටිය එක්ක පෝලිමේ ඇතුලට ගිහින් සීට් අංකෙ බලල (අර අක්කිලා උදවු කරනවා)(ටිකට් බුක් කරද්දී වින්ඩෝ සීට් බුක් කලේ නැත්නම් වටපිට බලන්න ආස එවුන්ට සොරි තමයි.)

    වාඩි වෙලා බෙල්ට් එහෙම දාගන්න නග්ගන වෙලාවට.
    ඇතුලේ වාඩිඋනාම ගැලරි එකේ තමන්ගේ පවුලේ අය ඉන්නවද කියල හරියට පැහැදිලිව පේන්නේ නැ:sorry::sorry:
    CAM00207.jpg


    නග්ගලා ටිකකින් ලංකාවේ සිරිය බලන්න පුළුවන්.ආඅහාආ(රෑට ලයිට් නම් ඇත්තමයි පට්ට ලස්සනයි)

    \\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\ෆ්ලයිට් එකේදී\\\\\\\\\\\\\\\\


    ලංකාවෙන් නග්ගලා මුල් ටිකේ තමයි ලස්සන.පස්සේ ඉතින් වලාකුළු තමයි.වින්ඩෝ සීට් ගාව හිටියොත් මේ වගේ දර්ශන බලන්න පුළුවන්
    CAM00219.jpg


    බෙඩ් ශීට් එකක් වගේ රෙද්දක් තියෙනවා සීතල නම් පෙරව ගන්න.

    කන්න දෙන වෙලාවට කන්න(ආ කන්න කලින් රිෆ්රෙෂ්මන් කියල කූල් ටිෂු එකක් දෙනවා අත මුහුණ එහෙම පිහිද ගන්න. පොඩි ජෑම් පැකට්, බටර් පැකට් එහෙම කඩල බනිස් වගේ ඒවා එක්ක ගාගෙන කන්න.)

    කඩ්ඩෙන් අහන්නේ එයාහොස්ටස්ලා. ඒ උනාට අපි සිංහලෙන් උත්තර දුන්නම උනුත් සිංහලෙන් කියනවා.අපරාදේ කියන්න බෑ මට සෙට් උණු අක්කි නම් හරිම සෝක් සිරියාවන්ත අක්කි. කෑම එහෙම හොදට විස්තර කරලා කිව්වා. ඉතින් කෑම කිව්වම අපිට වෙන මොනවාද....

    බොන්න දෙන වෙලාවට බොන්න(ඇපල් ජූස්, ඔරේන්ජ් ජූස්, ටී.ආ ටී එහෙම අපි සීනි පැකට් කඩල දාගන්න ඕනේ)

    සීට් එකේ ඉස්සරහ ෆිල්ම් (හින්දි ඉංග්‍රීසි,දෙමල,ඇනිමේෂන්) එහෙම තෝරලා බලන්න පුළුවන්.ටච් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ.
    CAM00213.jpg

    අලුත් හෙඩ්සෙට් එයාහොස්ටස් ලා බෙදද්දී ගන්න.පැකින් කඩල පාවිච්චි කරන්න.

    එහා පැත්තේ එවුන් කරන හැටි බලන් ඉදල හෙමිට කරන්න

    සමහර එවුන් හුලන් පුම්බන නෙක් රෙස්ට් එහෙම ගේනවා සැපට නිදා ගන්න.ගොඩක් වෙලා යනවනම් එකක් එද්දී ගෙනත් හෑන්ඩ් ලගේජ් එකේ දාගෙන ඉන්න.

    පොඩි කාඩ් වගේ කොළ දෙකක් දෙනවා ෆිල් කරන්න. බෑග් එකේ තියෙන දේවල්, පොඩි විස්තර එහෙම අහල.ඒවා බැස්සට පස්සේ ඒ රටේ එයාපෝට් එකට දෙන්න ඕනේ.ඒ හින්ද ඒවා පුරවන්නයි පෑනක් ගෙනියන්න කිව්වේ මුලදීම.

    බහින්න කිට්ටු වෙද්දී හෙඩ් සෙට් එහෙම එකතු කරනවා (නැතුව ගෙදර ගෙනියන්න දෙනවායැ)

    බෙඩ් ශීට් එක එහෙම ටිකක් නවල තිබ්බොත් හොදයි(නැතත් කමක් නැතුව ඇති. ඔන්න ඔහේ නවමු)

    ඊලගට බස්සද්දී පොඩ්ඩක් හද ගැහෙනවා.ගණන් ගන්න එපා.ගැහුනේ නැත්නම් තමයි අවුල (එහෙනම් යකෝ උඹ මැරිලා හෙහෙහ්.....කට කට කට...මුස්පේන්තු කතා කියනවා නේද).

    /////////බැස්සට පස්සේ

    ඉස්සරහට යන්න
    IMG_0601.jpg

    IMG_0600.jpg

    එහෙ ඉමිග්රේෂන් එකෙන් සමහර විට එලිජිබිලිටි ලෙටර් එහෙම අරන් රෙසිඩන්ට් කාඩ් එහෙම ඉෂු කරන්න පුළුවන්.(දිගටම ඉන්න යනවනම්)

    ෆ්ලයිට් නම්බර් එකට අනුව ලගේජ් ක්ලියරන්ස් කොතනද හොයල එතනට යන්න

    ට්‍රේ එකේ ලගේජ් ටික පෝලිමට එනකොට නටල කරලා තමන්ගේ බෑග් එක ඇදලා ගන්න ඕනේ (මුලින් කිව්වේ හොදට ලේසියෙන් අදුර ගන්න මේන් ලගේජ් එකට මොනවා හරි කරන්න කියල.කෝ ඇහුවද)

    ඊලගට ඇග්රිකල්චර් දෙපාර්තමේන්තුවේ කවුන්ටර් එකකින් සමහර විට අහයි පලතුරු, ඇට වර්ග එහෙම තියෙනවද කියල(කියපන් " හු#$@% කාපිය මගේ @ දෙක එනවා මෙතන..." . කාලකන්නි.. මගේ රබුටන් ටික ,අලිගැට පේර, මන්ගුස් ඔක්කොම ගත්ත. තොපිලට හෙනම ගහපිය) මිරිස් කුඩු එහෙම මම ලේබල් කල ස්පයිසිස් කියල. ඒක ගත්තේ නැ.පොඩි ලේබල් එකක් උන් අලෝල ආයෙත් දැම්ම.

    බොරු කියල පච උනොත් අවුල් ඇති බන්. සමහර වෙලාවට එහෙම චෙක් කරන්නේ නැ.කරුමේ තමයි ඉතින් සෙට් උනොත්(අපි වගේ කරුමේ උරුම එවුන්ට සදා සොත්ති)

    එතනින් එලියට එද්දී අර ෆ්ලයිට් එකේ එද්දී දීපු පුරවපු කාඩ් එහෙම ඉල්ලයි.ඒවා දීල අහන පාස්පෝට් පෙන්නලා එන්නයි තියෙන්නේ.

    ඔන්න දැන් ඉතින් අලුත් රටක. කුම්බලා මාළු කෑවනම් විදෝපන් බලලෝ. එහේ කවුරු හරි ඉන්නවනම් උන් එක්ක යන්නයි තියෙන්නේ.සිරිලකේ වටිනාකම ටික ටික තේරෙන්නේ ඔන්න දැන් ඉඳල.:D:D


    ප.ලි: මේ තියෙන්නේ මම ගිය ෆ්ලයිට් එකේ සීට් වල සැකැස්ම. ඕකේ K56 සීට් එකේ ඉදන් තමයි සිරි නැරඹුවේ:D:D
    A330-1.jpg



    බෝඩින් පාස් එක කියන්නේ මෙන්න මෙහෙම එකකට.ඉස්සර නම් මේක එයාපෝට් එකේ චෙක් ඉන් කවුන්ටර් එකෙන් විතරලු ගන්න පුළුවන්.දැන් නම් ඊමේල් කරනවා.මට ඊමේල් කරන්නම් කියල ට්‍රැවල් ඒජන්ට් මුල්ම දවසෙම කිව්වා :yes::yes:

    එතකොට එයාපෝට් එකේදී කරන්න තියෙන එක වැඩක් අඩුවෙනවා :yes::yes:

    BoardingPass.jpg
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    uba giya rata mokakda ?

    tawa details daapan.continue karapan :)

    +7

    ස්තුතියි මචං. ඔන්න මගෙනුත් ආපහු රෙප්8++:yes::yes:

    මම ජපානයට ආවේ. Narita international Airport එකේම ඉදන් එලියට එද්දිම ස්ටේෂන් එක තියෙනවා.ඒකෙ 1500yen දීලා ටිකට් එක ගත්තා.මෙහෙ ටිකට් පන්ච් කරන්න ඩයල් එකක් නැ.ගේට් එකට ටිකට් එක දැම්මම ඒක පන්ච් වෙලා ගේට් එක ඇරෙනවා.ඊලගට ට්‍රේන් එක එන එනවෙලාවට (පොඩ්ඩක් වත් පරක්කු වෙන්නේ නැ) නගින්නයි තියෙන්නේ.

    එළකිරි තව විස්තර දාන්නම් :yes::yes::D
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    pattai watina post eka ban ,thawa wisthara dapan japane gana ehemath,photos ehema dapan api kohe gihin balannada ban anisa photos dapan ++7

    ස්තුතියි බම්පියටයි රෙප් වලටයි
    ඔන්න උඹටත් 8++
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,051
    5,816
    113
    canada
    නියමයි.
    ජපානෙට ලංකාවේ ඉදන් එක flight එකක් (පැය කීපයයි යන්නේ). සමහර වෙලාවට පැය 24 විතර යනවා සමහර රටවල්වලට. එතකොට පුළුවන්තරම් සැහැල්ලු ඇදුමක් ඇදගෙන යනේ එක හොදයි.
    ඉස්සර වගේ රට යනකොට ටයි කොට් ගෙන යන්න ඕන නැහැ.

    (1) ඇගට හිරවෙන්නේ නැති සැහැල්ලු ඇදුමක් හොදයි
    (2) sweater එකක් අරගෙන යන්න. පට්ට සීතලයි. පෙරවන රෙද්ද මදි
    (3) කෑම බිම - flight දෙන හැම මගුලම කලා දන්න. මම අරව කන්නේ නැහැ; මේවා කන්නේ නැහැ. කියල හිතන්න එපා. බඩ පිරුනහම හොදට නින්ද යනවා. (sleep is very important to reduce jet lag)
    (4) රත්තරන් බඩු, බෙල්ට් වගේ දේවල් ඇදගෙන යන එක අඩු කරන්න. නැතිව නම් හොදයි. රත්තරන් කෙහෙම්මල් වැඩක් නැහැ. ලංකාවේ කාට හරි දීල දාන්න. පුළුවන්තරම සරල විදියට ඇදගෙන එන්න
    (5) security checking වලදී සිහි කල්පනාවෙන් වැඩ කරන්න. ඔරලෝසු, ticket, කාසි, purse වගේ දේවල් එක බෑග් එකකට දාන්න

    security checking තමයි වාතම. ඔය අස්සේ check කරනකොට බීප් බීප් වැදුනහම හුගක් දෙනෙක් කලබල වෙනවා.
     
    • Like
    Reactions: kat4ever