San1020 ගේ පියතුමන් හට නිවන් සුව පතමු!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    San1020 ගේ පියතුමන් හට නිවන් සුව පතමු!!

    එළකිරි පවුලේ උද්යෝගීමත් සාමාජිකයෙකු වන San1020 සහෝදරයා ගේ පියතුමන් අද දින අභාවප්‍රාප්ත වී ඇති බව එළකිරියේ සියළු ම සාමාජිකයන් වෙත සංවේග පූර්වකව දැණුම් දෙනු ලැබේ.

    එතුමන් ගේ දේහය පිළිබදව අවසන් කටයුතු 21වන බ්‍රහස්පතින්දා සවස හොරණ පාදුක්ක පාරේ පිහිටි නිවසේ දී ආගමික කටයුත් වලින් පසුව සුදකරනු ලබන බවද මෙසේ දැණුම් දෙමු.

    හොරණ අවට සිටින එළකිරියන් අවමංගල්‍ය නිවස වෙත ගොස් හැකි පමණින් එතුමා ගේ දේහයට අවසන් බුහුමන් දක්වන ලෙස ද අප ඉල්ලා සිටිමු.

    මේ සංවේගදායක අවස්ථාවේදී අපේ සහෝදරයා ගේ දුක තුනී වනු පිණිස එසේ කිරීම එළකිරි පවුලේ ඔබේත්,මගේත් වගකීම බව ද මතක් කොට සිටිමු.

    එතුමන් ට අජරාමර නිවන් සුව ම අත්වේවා!!!!!!!