ඉඩමක් මිලදී ගැනීමේදී මේවා වැදගත් වේවි 2
ඉඩමක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු
ඉඩමක් මිළදී ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබ දේපළ වෙළදාම් ආයතනයකින් ඉඩම් කොටසක් මිළදී ගත්තත් කිසියම් පුද්ගලයෙකුට හිමි ඉඩමක් මිළදී ගත්තත් මේ කරුණු ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතයි. එසේ නොවුණොත් ඔබට ඇතැම් විට ඔබ නොසිතූ කරදරවල පැටලීමට සිදුවිය හැකියි.
ඔබ ඉඩමක් මිළදී ගැනීමේදී මුලින්ම අවධානය යොමු කළ යුත්තේ ඔබ ඒ සඳහා වියදම් කරන මුදල සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. නීතිමය තත්ත්වයක් නැතත් ඉඩමක් මිළදී ගෙන එහි නිවසක් ගොඩනගන්නේ නම් ඒ සඳහා ඔබට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවෙයි. ඒ නිසා වඩාත් සුදුසු වන්නේ ඔබට මුදල් අඩුපාඩු ඇත්නම් යම්කිසි මූල්‍ය ආයතනයක් සමග එක්‌ව එම ගනුදෙනු සිදුකර ගැනීමයි. ඒ සඳහා සුදුසු තත්ත්වයක් ඔබ යොදා ගත යුතුයි.
ඉඩමක් මිළදී ගැනීමේදී මුදල් අතේ තිබූ පමණින් ගනුදෙනු කිරීමට නොයා යුතුයි. ඔබ ඉඩමක් තෝරා ගත්තට පසු එම ඉඩමේ අයිතිකරුවන් හා ඉඩමේ නිරවුල් බව සොයා බැලිය යුතුයි. එකී ඉඩමේ නිරවුල් බව ඔබට ප්‍රදේශයේ ඉඩම් කාර්යාලයෙන් විමසා දැන ගත හැකියි.
ඉඩම් හිමිකම් කියන පාර්ශ්වයට එහි ඉඩමේ අයිතිය කොපමණ කාලයක් නිරවුල්ව හිමි වී ඇත්ද යන්න ඉඩම් කාර්යාලයේ ලේඛන පරීක්‍ෂාවෙන් දැන ගත හැකියි.
ඒ අනුව ඉඩම හිමිකරුට එහි නිරවුල් අයිතිය වසර 30-35 ක් හිමිකම ආ පස්‌සට තිබිය යුතුයි. එමෙන්ම එය දීර්ඝ කාලීනව එකී ඉඩමට හිමිකරුවකු සිටියත් එයට පිරිසිදු ඔප්පුවක් ඇද්ද යන්න ද විමසා බැලිය යුතුයි. එමෙන්ම එය මීට පෙර යම්කිසි ආයතනයකට පවරා හෝ මූල්‍ය ගනුදෙනුවක් කර තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
තමන් මිළදී ගැනීමට තෝරාගත් ඉඩමට තවත් පුද්ගලයකු හෝ මූල්‍ය ආයතනයක් යම්කිසි ආකාරයකින් හිමිකම් කියන්නේ නම් එය නීත්‍යානුකූලව නිරවුල් කරගත යුතුයි.
ඔබ මිළදී ගන්නා ඉඩම යම්කිසි මූල්‍ය ආයතනයකට උගසට තබන්නේ නම් ඔබට යළි එම ඉඩම බේරා ගැනීමට ඇති හැකියාව විමසා බලනවා. එහිදී ඔබගේ ආදායම් මාර්ගය,
රැකියාව, විශ්‍රාම යන කාලසීමාව ආදිය සලකා බැලීමක් සිදු කරනවා.
සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනයකින් ඔබ ඉඩම උගසට තබා ලබා ගන්නා මුදල වසර පහළොවකින් පමණ ගෙවා නිම කළ යුතුය. එහිදී ඔබ ලබා ගන්නා මූල්‍ය පහසුකම අනුව වාරිකයකට ඔබේ ආදායමෙන් සියයට 40 ක් ගෙවිය යුතු වෙයි.
එහිදී එම ආයතනයේ නීතිඥ මණ්‌ඩලය අවශ්‍ය කටයුතු සඳහා මැදිහත්ව ක්‍රියා කරනු ඇති. නැතිනම් වසර දහයක වෘත්තීය අත්දැකීම් ඇති නීතිඥයකුගේ සහය ලබාගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය.
ඉඩම මුල්ම හිමිකරු නැතිනම් විකුණුම්කරුගෙන් මිළදී ගැනීමේදී නීතිඥ මහතකු ළඟ සාක්‌ෂිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් සහිතව එකිS ගනුදෙනුව කළ යුතු අතර විකුණුම් කරු ගැනුම්කරු හෝ සාක්‌ෂිකරුවන් එකී නීතිඥවරයා හඳුනන අය වීම ද අතිශය වැදගත්ය.
ඔබ මිළදී ගැනීමට තීරණය කළ ඉඩම හිමිකරුට හිමිව ඇත්තේ තෑගි ඔප්පුවකින් නම් එය එහි මුල් අයිතිකරුවන්ට ජීවිත භුක්‌තිය ඇද්ද යන්න පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. එසේ වී නම් එය ද නිරවුල් කරගත යුතුයි.
ඒ කොහොම වුණත් ඔබ ඉඩමක් මිළදී ගැනීමේදී මුල් අයිතිකරුට අදාල ඉඩම වසර 30-35 ක් නිරවුල්ව හිමිකම් ඇද්ද යන්න ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි.

Last edited: