රාවණාලා ගැන දොඩවමින් නෝ ජොබ් කොම්පැනියේ ක
ඕනෑම විනාශකාරී පාලන කාලයක පවා පුද්ගලික ජයග්‍රහන දිනා ගැනීමේ හැකියාව නැත්තේම නැත. එබැවින් ෆේස් බුක් ආදියෙහි රැකියාව ලෙස 'නෝ ජොබ් කොම්පැනි' ලෙස සඳහන් කර ආගමික අන්තවාදයේ ගිලෙමින්, රාවණාලා ගැන දොඩවමින් කාලය කා දමන තරුණයන්ගේ අවධානය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් අප වෙත එවන ලද ප්‍රවෘත්තියක් මෙසේ පළ කරමු.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලීය කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ LED බල්බ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින නවක ව්‍යවසායකයින්හට න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම වැඩසටහනින් පුහුණු වන්නන් හට, LED බල්බ වල වැදගත්කම, මූලික ඉලෙක්ට්‍රොනික දැනුම, බිත්ති/තාප්ප සඳහා සුදුසු බල්බ නිෂ්පාදනය, ආලින්ද/විසිත්ත කාමර සඳහා බල්බ නිෂ්පාදනය, ලෙඩ් ඩ්‍රයිවර්ස් යොදා බල්බ නිෂ්පාදනය කිරීම, ත්‍රීරෝද රථ සඳහා ආලෝකකරණ උපාංග නිෂ්පාදනය කිරීම, උත්සව සඳහා වන බල්බ නිෂ්පාදනය කිරීම, විවිධ වර්ගවල බල්බ් වැල් නිෂ්පාදනය කිරීම ආදි කරුණු ආවරණය කරනු ලැබේ.
එමෙන්ම අමුද්‍රව්‍ය ලබා ගත හැකි ස්ථාන පිළිබඳ විස්තර ලබා දෙනු ලැබේ.
වැඩසටහන සාර්ථකව අවසන් කරන අය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර පසුවිපරම් සේවාවන්ද ලබා දෙනු ලැබේ.
වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009, 0713660033 යන දුරකථන අංකවලට අමතා හෝ idbcolombo@gmail යන ලිපියනයට ඊමේල් පණිවුඩයක් ලබා දීමෙන්ද ලබා ගත හැකි වේ.