බඳිමු බඳිමු... අතු බඳිමු

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    බඳිමු බඳිමු... අතු බඳිමු

    අතු බැඳීම (layering)[

    බීජ මගින් නව පැළ නිපදවා ගැනීමට අපහසු ශාක වලින් නව පැළ ලබාගැනීම සඳහා භාවිතා කරන ක්‍රමයක් තමයි "අතු බැඳීම" කියල කියන්නේ.බීජ මගින් නැතුව ශාකයේ වෙනත් ඕනෑම වර්ධක කොටසක් මගින් නව පැළ නිපදවා ගැනීම අපි "වර්ධක ප්‍රචාරණය"(vegetative propagation ) කියල හඳුන්වනවා.ඒ අතරින් අදාළ වර්ධක කොටස මව් ශාකයට සම්බන්ධව පවතිද්දීම එම වර්ධක කොටසින් මුල් ඇද්දවීමට සළස්වා නව ශාකයක් ලෙස වෙන් කරගැනීම තමයි අතු බැඳීමේදී වෙන්නේ.
    අතු බැඳීමේ ක්‍රම කීපයකි.

    1) Simple layering
    2) Compound layering
    3) Serpentine layering
    4) Air layering
    5) Mound layering
    6) Trench layering

    විවිධ අතු බැඳීමේ ක්‍රම පුහුණු කළ හැකි ශාක විශේෂ එකිනෙකට වෙනස්.ඕනෙම අතු බැඳීමේ ක්‍රමයක් ඕනෙම ශාක විශේෂයකට පුහුණු කරන්න බෑ.මේ ක්‍රම අතරින් බොහෝ වෙලාවට භාවිතා කරන වායව අතු බැඳීම(Air layering) ගැන බලමු.​
    වායව අතු බැඳීම (Air layering)

    මෙහිදී වෙන්නේ ශාකයේ පොළවෙන් ඉහළ තියෙන අත්තක කොටසක් මුල් ඇද්දවිය හැකි මාධ්‍යයකින් (rooting media) වටකරලා තියලා මුල් අද්දවාගෙන නව පැළයක් ලබාගැනීමයි.

    මේ ක්‍රමය පුහුණු කළ හැකි ශාක-:දෙළුම්,ජම්බු,දොඩම්,ලෙමන්,දෙහි(පොදුවේ Cittrus spp.),ඇපල්,පෙයාර්ස්,පේර,රබර්,රෝස,climb roses,මිදි,camellias (නුවරඑළියේ පැත්තේ tea rose කියන්නේ),අමතරව ගෙවත්තේ තියන විවිධ මල් පැළ වලටත් කරන්න පුළුවන්.

    අවශ්‍ය ද්‍රව්‍යය-:

    1) හොඳට කැපෙන/තියුණු/මුවහත් කළ පිහියක්
    2) ඝන cotton නූල්
    3) පිරිසිදු පොලිතීන් කවරයක් / reflective කවරයක් / කළු පොලිතීන්
    4) Rooting media
    a. කොහුබත්
    b. සිනිඳු වැලි +දැව අළු+පස්
    c. sphagnum moss
    d. peat moss

    ***Rooting media එකේ පොඩි තෙතමනයක් තියෙන්න ඕනේ.කොහුබත් ගන්නවනං පළවෙනියට ජලයෙන් තෙත් කරලා අතින් මිරිකලා ගන්න ඕනේ.අතින් මිරිකුවාම කැඩෙන්න බෑ.අන්න ඒ තරමට තමයි තෙතමනය තියෙන්න ඕනේ.ගොඩක් ජලය තියෙන්න හොඳ නෑ.කොහුබත් ගන්න එක ලේසියි.ඕනෙනං rooting hormone එකක් apply කරන්න පුළුවන්.ප්‍රමාණය ගන්න කඩෙන්ම අහගන්න.ගොඩක් apply කරන්න එපා.
    5) අමතරව අවශ්‍ය නම් rooting hormone වර්ගයක්

    LwSlBQ.jpg


    පියවර (1)

    පළවෙනියට හොඳ අත්තක් හොයාගන්න ඕනේ:P.අත්තට අවුරුද්දක් විතර වයස වෙනවනං සහ විෂ්කම්භය අඟල් භාගයක් විතර වෙනවනං හොඳයි. කෘමි උවදුරු,වසංගත රෝගී තත්ත්ව වලින් තොර හොඳ නීරෝගී අත්තක් වෙන්නත් ඕනේ.ශාකයේ අලුතෙන් කොළ එන අවස්ථාවක් air layering සඳහා වඩාත් සුදුසු වෙනවා.

    cvvMQx.jpg


    පියවර (2)

    තෝරගත්ත අත්තේ පොඩි කැපුමක් යොදන්න ඕනේ.අත්තට වැවෙන්නත් ඉඩ තියලා අත්ත කෙලවරේ ඉඳල අඟල් කීපයක් අතඇරලා කැපුම දාන්න.අඟලක් හෝ අඟල් එකහමාරක් විතර දිග මැනලා අත්ත වටේට දෙපැත්තෙන් සමාන්තර කැපුම් දෙකක් දාන්න.ගොඩක් යටට කපන්න එපා.පොත්ත විතරක් අයින් වෙන විදිහට කැපුම යොදන්න.කැපුම් පැහැදිලි සහ තියුණු විය යුතුයි:yes:.
    KQLFBE.jpg


    පියවර (3)

    කැපුවනන් ඉතිං දැන් බලන් ඉන්නැතුව පොත්ත අයින් කරන්න:P.
    LeW8Hi.jpg
    zGYzDl.jpg


    නැත්තං තවත් කැපුම් වර්ගයක් තියෙනවා:eek:.එකේදි අඟල් එකහමාරක් විතර දිග කැපුමක් අත්තේ පහළ සිට ඉහළට ඇත්තේ මැද හරියට වෙන්න දාන්න ඕනේ.ඉතිං ඊට පස්සේ:dull: ,
    ඊට පස්සේ toothpick කෑල්ලක් හරි වෙන මොකක්හරි කෑල්ලක් හරි අර කැපුම වැහෙන්නේ නැති වෙන විදිහට එතන හිරකරන්න ඕනේ

    uuSSAS.jpg
    YZVD8R.jpg


    පියවර (4)

    කැපුම වටේට ඉහත සඳහන් කළ තමන් හදාගත්ත rooting media එක තියලා cover කරන්න.rooting media එක හොඳින් අතින් තද කරලා පොලිතීන් කවරෙන් ආවරණය කරලා දෙපැත්ත cotton නූල් වලින් තදින් ගැටගහන්න(බාහිරින් වාතය සහ ජලය ඇතුළු නොවන පරිදි).

    IInTeD.jpg
    XkYKkN.jpg

    පියවර (5)

    ඉවසන්න:dull:.layer කරානං දැන් සති 8-10 ත් අතර කාලයක් බලාගෙන ඉන්න වෙනවා මුල් අදිනකන්.තමන් භාවිතා කරේ පාරදෘශ්‍ය පොලිතීන් එකක්නං මුල් ඇද්දද කියල කලින්ම බලාගන්න පුළුවන්.

    පියවර (6)

    මුල් ඇද්දට පස්සේ layer කරපු තැන පහළින් අත්ත කපලා වෙන් කරගෙන අලුත් පැළයක් විදිහට එයාට සළකන්න.
    HeUlKe.jpg

    PylFMM.jpg


    පියවර (7)

    තමන්ගේ air layering එක සාර්ථක උනොත් මෙතන ෆොටෝ එකක් දාන්න:D.

    අනිත් ක්‍රම ටික පසුවට!:cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එල එල සහෝදරි
    O/L කරන කාලේ ඔය වැඩේ හරි අසාවෙන් කළා මතක් උනා
    අපිට agri කරපු ගුරුතුමිත් මතක් උනා
    රේප් +
     
    • Like
    Reactions: Good Heart

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපි ඇපල් පලයක් වගේ පිට රටකින් ගෙනාවොත් ලංකාවේ වවල සාර්ථක කරගන්න පුලුවන්ද කියල දන්නවද. මට හරිම ආසාවක් තියනවා ඇපල් , පෙයාර්ස් වගේ පැල ටිකක් ලංකාවට එන වෙලාවක ගෙනල්ල වවල බලන්න.
     
    • Like
    Reactions: Good Heart