පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය
මැදමූලන පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය මුත්‍රා සමග රුධිරය වහනයක්: හූස්ටන් රෝහලේ පැය 24 පුරා දැඩි අවධානයෙන්----(ලංකා ඊ නිව්ස් -2014.අගෝ.25,ප.ව.6.35)
මැදමූලන පර්සි මහේන්ද්ර රාජපක්ෂට වැළඳී ඇත්තේ මුත්රා සමග රුධිර වහනය වීම බව ලංකා ඊ නිව්ස් හූස්ටන් තොරතුරු සේවය වාර්තා කරයි.ලංකාවේදී පසුගිය සිකුරාදා(22) සිට මඳ වශයෙන් මතු වූ අභ්යන්තර රුධිර වහනය මඳින් මඳ වැඩිවීම නිසා වෛද්ය උපදෙස් අනුව රාජපක්ෂ පෙරදී ප්‍රතිකාර ලැබූඇමරිකාවේ හූස්ටන් 'එම්.ඩී. ඇන්ඩර්සන් කැන්සර් සෙන්ටර්' රෝහල කරා රැගෙන ගොස් තිබේ.මේ වන විට 'එම්.ඩී. ඇන්ඩර්සන් කැන්සර් සෙන්ටර්' රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පර්සි මහේන්ද්ර රාජපක්ෂ පැය 24 පුරා පරීක්ෂාවෙන් සිටිය යුතු රෝගියෙකු ලෙස දැඩි වෛද්ය අවධානය යටතේ ප්රතිකාර ලබමින් සිටී. ඔහු සමග ශ්රී ලංකාවේ වෛද්යවරුන් කණ්ඩායමද සිටිති. 2011 දී රාජපක්ෂ මෙම රෝහලෙන්ම ප්රතිකාර ලැබූ අතර එහිදී ඔහුගේ මෞත්ර ලිංගික පද්ධතියට අයත් ප්රොස්ටේට් ග්රන්ථීයේ පිලිකාවක් වර්ධනය වෙමින් තිබීම නිසා එම ග්රන්ථීය සැත්කමක් මගින් ඉවත් කරන ලදී. බොහෝ පිරිමින්ට වියපත් වෙද්දී මෙකී ග්රන්ථීයේ විවිධ ආබාධ හටගන්නා අතර එවිට එම ග්රන්ථීය ඉවත් කරනු ලබයි. එය මාරාන්තික තත්ත්වයක් නොවේ. චමල් රාජපක්ෂද මෙම සැත්කම සිදුකරගෙන සිටින අයෙකි. කෙසේ වෙතත් 2011 දී පර්සි මහේන්ද්රට මෙම රෝහලේ සැත්මක් කළා යැයි මෙතරම් විස්තර රහිතව පවා ලංකා ඊ නිව්ස් කරන ලද වාර්තාවෙන් පසු ලංකා ඊ නිව්ස් කාර්යාලය සම්පූර්නයෙන්ම ගිනි තබා විනාශ කෙළේය.පර්සි මහේන්ද්ර රාජපක්ෂගේ ආරක්ෂක අංශ අද දක්වා එම ගිනි තැබීම සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තේ නැත. සිකුරාදා(22) පර්සි මහේන්ද්ර රාජපක්ෂට මුත්රා සමග රුධිර වහනය ඇති වීමට පෙරදා රාත්රී නාමල් රාජපක්ෂ සමග ආරෝවක් ඇතිවී තිබේ. විශ්ව විද්යාලයට හොරපාරෙන් සිසුවියක් ඇතුළු කිරීමට නාමල් විසින් දෙන ලද ලිපිය මාධ්ය මගින් හෙළිදරව් වීම නිසා පර්සි මහේන්ද්ර, නාමල් රාජපක්ෂට බැන වැදී තිබේ. නාමල්ද එකට එක කියා ගනිමින් හැසිරී ඇති අතර ඉන් දැඩි හිත්වේදනාවට පත් පර්සි මහේන්ද්ර වෙනදාට ගන්නවාට වඩා වැඩියෙන් මත් පැන් පානය කර ඇත. පසුදින මුත්රා සමග රුධිරය පහවීම ආරම්භ වී තිබේ. මේ අනුව නාමල් නිසා පර්සි මහේන්ද්රගේ රෝගී තත්ත්වය උත්සන්න වූයේ යැයි පවුලේ අය නාමල් සමග දැඩි කෝපයකින් පසුවෙන බවද ලංකා ඊ නිව්ස් අභ්යන්තර තොරතුරු සේවය වාර්තා කරයි. රටේ පාලකයාගේ සෞඛ්ය තත්ත්වය කුමක්දැයි මහජනතාවට දැන ගැනීමට අයිතියක් ඇත
Source:SL Machan

)