තමාගේම නිවසක සිහින දකින ඔබට - 2
ඔන්න ආයෙමත් ගෙවල් හදන්න ඉන්න අයට සහ ගෙවල් හදාගෙන යන අයට වැදගත් වෙයි කියල හිතෙන කරුණු ටිකක් ලියන්නයි හදන්නේ.අද කියන්නේ නිවාස තැනීමට ගන්නා අමුද්‍රව්‍ය නිසි ලෙස තෝරා ගන්නා ආකාරය ගැනයි.මොකද කියනවනම් වෙළඳ පොලේ හොඳ බඩු මෙන්ම තත්වයෙන් බාල හොර බඩුත් අනන්තවත් තියනවනේ.බොහෝ දෙනෙක් කාර්ය බහුලත්වය නිසා තමාගේ නිවාසය තැනීමට වෙනත් කොන්ත්‍රාත් සමාගමකට බාර දෙනවා.ඒකත් ආකාර 2 කට සිදු වෙනවා.එකක් තමයි අමුද්‍රව්‍ය නිවැසියා ලබා දී කම්කරු ශ්‍රමය පමනක් අදාල සමාගමෙන් හෝ කොන්ත්‍රාත් කරුගෙන් ලබා ගැනීම.අනෙක තමයි සියලුම අමුද්‍රව්‍ය සහ ශ්‍රමය අදාල සමාගමෙන් හෝ කොන්ත්‍රාත් කරුගෙන් ලබා ගැනීම.දෙවන ක්‍රමයේදී නම් අප වඩාත් සැලකිල්ලක් දක්වන්න ඕනි අනෙක් පාර්ශවයෙන් නිසි ප්‍රමිතියට අනුව අමුද්‍රව්‍ය යොදාගන්නවාද යන්න පිලිබඳව.සාමාන්‍යයෙන් ටිකක් යහමින් මිල මුදල් තියන පිරිස තමයි හුඟක් වෙලාවට පෙර මම කියපු ක්‍රම දෙකට යන්නේ.බොහෝ විට අප වැනි සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින් කරන්නේ සල්ලි ටිකක් එකතු කරගෙන එකෙන් ගල් ටිකක්,වැලි ටිකක්,සිමෙන්ති මිටි කීපයක් ගෙනත් මේසන් මහතෙක් අල්ලගෙන වැඩේ කරගන්න එකනේ.ඔය කොයි කොයි විදිහට නිවාසය හැදුවත් බාස් ගෙ කීමටවත්,කොන්ත්‍රාත් කරුගෙ කීමටවත්,වෙලෙන්දාගෙ කීමටවත් රැවටෙන්නෙ නැතුව බුද්දිමත්ව අමුද්‍රව්‍ය ටික ගන්න ඕනි.
1. සිමෙන්ති
=======================
නිවසක් ඉදිකිරීමේදී අතිශයෙන්ම වැදගත් අමු ද්‍රව්‍යකි.ගඩොල් හෝ කලුගල් හෝ කොන්ක්‍රීට් එකකදී නම් කුඩා ගල්,කම්බි සහ වැලි එකිනෙක ශක්තිමත්ව බඳවා තබීමට ප්‍රධාන වන්නේ සිමෙන්තිය.සිමෙන්ති වර්ග ගනනාවක් තිබේ.නමුත් ලංකාවේ අප සාමාන්‍ය ඉදි කිරීම් සඳහා යොදා ගන්නේ පෝට්ලන්ඩ් වර්ගයේ සිමෙන්තිය.නොයෙක් නම් වලින් වෙලඳ පොලට එන්නේ මේවාය.සිමෙන්ති මිලට ගනීමේදී අනිවාර්යයෙන් තත්ව සහතිකය තිබේදැයි බලන්න.එය මනාව පෙනෙන පරිදි පිට කවරයේ මුද්‍රනය කර තිබිය යුතුය.දැනට වෙලඳ පොලේ ඇති බොහෝ සිමෙන්ති වලට SLS සහතිකය තිබුනත් මා නම් පුද්ගලිකව අනුමත කරන්නේ සෑම විටම සංස්ථා සිමෙන්ති මිලදී ගන්න ලෙසයි.ඇතැම් විට මේසන් මහත්වරුන් සංස්ථා සිමෙන්ති වලට වැඩි කැමැත්තක් නොදක්වයි.ඒ සංසිතා සිමෙන්ති සවි වීමට තරමක් වැඩි වේලාවක් ගතවන නිසා සහ දෑත් හම යන ස්වභාවය වැඩි නිසාය.නමුත් ක්ෂනිකව සවිවන සිමෙන්ති වලට වඩා ක්‍රමානු කූලව සවි වන සිමෙන්ති වල ශක්තිය වැඩිය.හැකි සෑම විටම සංස්තා සිමෙන්ති යොදා ගන්න. එකවර වැඩි සිමෙන්ටි මිටි ප්‍රමානයක් මිලදී ගන්නේ නම් (25 ට වඩා) ඔබ වෙසෙන ප්‍රදේශයේ නියොජිත මහතා මගින් වෙලඳ සැල් වලට දෙන මිලටම නිවසටම ප්‍රවාහනය කරව ගන්න පුලුවන්. කඩේ මිලට වඩා රුපියල් 15ක් පමන අඩුවට ගන්නත් පුලුවන්.
2. වැලි
======================== ඉදි කිරීම් ක්ෂේස්ත්‍රයේ අත්‍යාවශ්යම අමු ද්‍රව්‍යකි.පිරිසිදු ගංගා වැලි ඉදිකිරීම් සඳහා යොග්‍ය වේ. ඉතා කුඩා ප්‍රමානයේ සහ විශාල ප්‍රමානයේ වැලි,අදික බොරලු ඇති වැලි මිලදී ගැනීමෙන් වලකින්න.සෑම විටම මධ්‍යම ප්‍රමාණයේ මඩ ගතිය අවම වැලි මිලදී ගන්න.අදික වැසි සමයන්හිදී ගංගා වැලි වලට රොන් මඬ මිශ්‍ර වේ.එවැනි කාල වලදී සැලකිලිමත්වන්න.ගංගා වැලි වලට අමතරව වැලි නිධි වලින්ද වැලි ගොඩ ගනු ලැබේ.නිධි වැලි බොහෝ විට ඉතා කුඩා වේ.කපරාරු කිරීම් ආදිය සඳහා තරමක් සුදුසුවේ.මුහුදු වැලි කිසි විටෙකත් ඉදිකිරීම් සඳහා කවුරු කිව්වත් යොදා ගන්න එපා.
3. ගල්
=========================
ගල් ප්‍රධාන වශයෙන් ගන්නේ අත්තිවාරම් දැමීමට සහ කොන්ක්‍රීට් දැමීමටයි.අත්තිවාරමට ගන්නේ 9″x 12″ පමන විශාල ගල් සහ කුඩා සක්ක කැබලිය.ගල් වල පැහැය සුදට හුරු නම් හෝ,ගල් හරහා සුදු පැහැති වයිරම් විශාල වශයෙන් තිබේනම් ඒවා ශක්තිමත් බවෙන් අඩු ඒවා ය.තද අලු පැහති කලු පාටට හුරු ගල් ශක්තිමත් බවෙන් වැඩිය..කොන්ක්‍රීට් සඳහා යොදා ගනේ 3/4″ප්‍රමානයේ කලුගල් ය.පෙර කී කරුණු මෙයටද අදාල වේ.විශාල කැට සහ කුඩා කැට බහුල මිශ්‍ර කොන්ක්‍රීට් ගල් වලට වඩා එකම ප්‍රමානයේ කුඩා ගල් (3/4″) මිලදී ගන්න.ඇතම් ගල් මෝල් කරුවන් බාල කලුගල් වලට ජලය ඉස කලු පැහැයට හරවා පාරිභොගිකයා රවටන අවස්ථා තියනව.ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.(අනිත් ගල් වගේ නෙමේ…ගෙවල් හැදිල්ලෙදි සුදු ගල් වලට රැවටෙන්න එපා…!!!)
4. කම්බි
========================
කොන්ක්‍රීට් එකක් දැමීමේදී ශක්තිමත් භාවයට ප්‍රධාන වේ.නානාප්‍රකාර කම්බි වර්ග වෙලද පොලේ තිබුනත් සංස්ථා කම්බි ඒ සැමට වඩා ශක්තිමත් බවෙන්,ආතතියෙන් සහ නිමාවෙන් අවිවාදයෙන් ම ඉදීයෙන් සිටී.මේ බව එකම ප්‍රමානයේ සංස්ථා කම්බියක් සහ වෙනත් වර්ගයක කම්බියක් සැසඳීමෙන් ඔබටම පෙනේවි.සංස්ථා කම්බි අනෙක් කම්බි වර්ග වලට වඩා තරමක් මිලෙන් වැඩි නිසා කොලම්,බීම් සහ ඉහත මාලය සඳහා පමනක්වත් අඩුම් තරමේ සංස්ථා කම්බිම යොදා ගන්න.ඒ හැරුනු විට බියගම කම්බි තරමක් ප්‍රමිතියෙන් ඉහලය
5.ගඩොල්
========================
නිවසක බිත්ති බැඳීමට යොදා ගැනේ.ගඩොල් වර්ග 2ක් තිබේ.ඒවා නම් ඉංජිනේරු ගඩොල් සහ පිලිස්සූ මෝඩ ගඩොල්ය.ඉංජිනේරු ගඩොල් ප්‍රමානයෙන් කුඩාය.කුඩා ගඩොල් විශාල ගඩොල් වලට වඩා ඉක්මනි,හොඳින් පිලිස්සේ.නමුත් සමහර විට පිටතින් ඉතා හොඳින් පිලිස්සී ලෙස පෙනුනද ඇතුලතින් පිලිස්සී නැති ගඩොල් තිබේ.මේවා “දඹු ගඩොල්” වේ.ගඩොල් ගැනීමේදී කැඩී ගිය ගඩොල් කැබලි පරීක්ෂා කරන්න.එවිට දඹු ගඩොල් බහුල බව පෙනේ නම් මිලදී ගැනීමෙන් වලකින්න.හොඳින් පිලිස්සුනු ගඩොල් කැට දෙකක් එකිනෙක ගටුනු විට නැවුම් පැදිලි ශබ්දයක් නැඟේ.එය ටයිල් කැට දෙකක් එකට වදින විට නැගෙන හඬ මෙන් වේ.තවද බාහිරින් නිසි ලෙස පිලිස්සේ නැති,පැත්තක් රතු පැහැයටත් තවත් පැත්තක් කහ පැහැයටත් ඇති ගඩොල් බහුල නම් එම ස්ථානයෙන්ද ගඩොල් මිලදී ගැනීමෙන් වලකින්න.හොදින් පිලිස්සුනු ගඩොල් රත් පැහැති වේ. ===============================================================================================================
ගල්,වැලි,සහ ගඩොල් නම් එකවර විශාල ප්‍රමානයක් ගැනීමෙන් තරමක ලාබ දායී වෙන්න පුලුවන්.ඒත් ඒවා ගේන්න කලින් ඉඩකඩ පහසුව ගැනත් හිතන්න ඔනි.වැලි එහෙම ගෙනත් නිකම් ගොඩ ගහල තිබුනොත් එක වැස්සක් වැහැපු ගමන් බඩුම තමයි.ඒ නිසා ඒවටත් පිලියමක් යොදාගන්න.වැලිගොඩ වටේ ගල් වැටියක් දාන්න.වැස්සක් එනවනම් පුලුවන්නම් ටෙන්ට් රෙද්දකින් හරි පරණ ගෝනි ටිකක් දාල හරි,ඉටි කොල ටිකක් දාල හරි ආරක්ශා කරගන්න.සිමෙන්ති සහ කම්බි ගේනවනම් වැඩේ පටන් ගන්න කිට්ටු කරලම ගේන්න.ගෙනත් නොතෙමෙන ස්ථානයක අනිවාර්යයෙන්ම තියන්න.නැතිනම් සිමෙන්ති හයි වෙනවා.කම්බි මලකඩ කනවා.
තමන්ට වැඩක් නැතත් තව කෙනෙක්ට වැදගත් වෙඉ කියල හිතෙනවනම් නිකන්ම යන්නේ නැතුව BUMP එකක්වත් දාල යන්න. කැමති අය මට REP දෙන්න. ඉස්සරහට තව වැදගත් පෝස්ට් දාන්නම්
සිංහල ජාතියට ජය වේවා!

Last edited: