ගුවන් යන්තරේ හසුරවන හැටි

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,879
    11,627
    113
    ගුවන් යන්තරේ හසුරවන හැටි

    Galair_Cessna_152.jpg


    මචන්ලා ඔන්න අදත් ගුවන් යානා ගැන ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියල දෙන්න හිතුව. සමහර විට මේක ගොඩක් අය දන්නවත් ඇති. කමක් නෑ නොදන්නා අයට වැදගත් වෙඉ කියලා හිතනවා.

    ගුවන් ගත වෙච්ච ගුවන් යානයක් අහසේදී පාලනය කරන්නේ කොහොමද කියලා කවදාවත් කලපනා කරලා බැලුවද? මෙන්න මෙහෙමි වැඩේ වෙන්නේ

    මේ සදහා පාලකයන් කිහිපයක් නිවමුවා විසින් භාවිතා කරනු ලබනවා. එම පාලකයන්ට අනුව ප්‍රතිචාර දැක්වීමට කොටස යානයේ තටු අතර සවි කොට ඇති අතර ඒ මගින් යානය පාලනය කරනු ලබනවා.

    පෙර පරිදි නොව මේවන විට ඉලෙක්ටොනික පාලක සංජා වලට අනුව හැසිර විය හැකි පද්ධති සෑම ගුවන් යානයකම සතු වනවා. ඒවා ක්‍රියාත්මක වන්නේ හයිඩ්‍රොලික(Hydrolic) හෝ නියුමැටික්(Pneumatic) බලයෙනි.

    මුලින්ම සලකා බැලිය යුත්තේ පාලනයය යොදා ගන්නා කොටස් මොනවාද යන්නයි. ඊටත් ප්‍රථම ගුවන් යාන හැසිරවිය හැකි අක්ෂ පිලිබද දැන ගැනීම වැදගත්. පහත් රූප සටහනේ දැක්වෙන්නේ ගුවන් යානයක් හැසිරවිය හැකි අක්ෂයි. එමෙන්ම පාලක කොටස්ද පෙන්වා තිබෙනවා.

    airplane-controls.gif


    හරි දැන් බලමු කොහොමද මේ පාලක වැඩ කරන්නේ කියලා.
    මේ අක්ෂ තුනම හමු වෙන ස්ථානයෙහි තමා ගුවන් යානයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටා තිබෙන්නේ.

    1. Rudder – මෙම කොටස හැරවීම මගින් ගුවන් යානය Vertical අක්ෂය වටා හැරවිය හැකිවනවා.
    2. Elevators – මෙම කොටස් මගින් Lateral Axis වටා හැරවිය හැකියි.
    3. Aileron – මෙම කොටස් මගින් Longitudinal Axis වටා හැරවිය හැකියි.

    Flaps – මෙමගින් ගුවන් යානය අහසට ගැනීමට හා පහතට ගැනීමේදී භාවිතා කරනවා (Take off and Landing).

    මෙලෙස එක් එක් පාලකය මගින් අක්ෂ මත පිහිටා හැරීම සිදුකලද එක් විට පාලක කිහිපයක් භාවිතා කොට අක්ෂ කිහිපයක් තුල පාලනය ක්අල හැකියි. ගුවන් කරනම් වලදී මේවා ඉතාමත් බහුලව භාවිතා වනවා.

    ඉතින් මෙම පාලක භාවිතා කොට ගුවන් යානය හැසිරවීම සිදු කරනවා. මේ පිලිබද පහත Flash ආධාරකය මගින් නියමාකාරව පෙන්වා තිබෙනවා.

    http://static.howstuffworks.com/flash/airplane-parts.swf

    තව ඕනෙනං කියන්නකෝ


    සිංහල ජාතියට ජය වේවා!