සූකරමුඛ_පේ‍්‍රත_වස්තුව

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සූකරමුඛ_පේ‍්‍රත_වස්තුව

    මචන්ලා මම මේක ගොඩාක් කල් ඉදලා හෙව්වා දෙයක්.... අපි මියගිය කට්ටියට දෙන පින් ගන්න පුළුවන් කොහොමද..?? මොන ආත්ම වල ඉන්නවනම් කියන එක...... මට පොඩි බ්ලොග් එකක තිබිලා හම්බුනා.. ඔයාලටත් වැදගත් වෙයි කියලා මේ දාන්නේ......


    අපත් සමඟ එකට ජීවත්වෙලා මියගොස් නැවත පේ‍්‍රත ලෝකයේ උපදින අපේ ඤාතීන් තමාට පින් අනුමෝදන් කරාවි යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ජීවත්ව සිටින්නන් ආර්ය මහා සංඝරත්නයට දන් පැන් පූජාකර ‘මේ පින අපගේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා! ඔවුන් සුවපත් වේවා!‘ යි පින් අනුමෝදන් කළ පසු ඒ පින අනුමෝදන් වන පේ‍්‍රතයෝ පී‍්‍රතියට සොම්නසට පත්වන බවත් ‘අපේ නෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වා‘යි පතන බව ද භග්‍යවතුන් වහන්සේ වදාළා.
    මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට පළමුව පේ‍්‍රත වස්තුවත්, ඉන්පසු විමාන වස්තුවත් දේශනා කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. පේ‍්‍රත වස්තුවෙහි විශේෂයෙන් සඳහන් වන්නේ මිනිස් ලොව ජීවත්ව සිටිත්දී සමහර පුද්ගලයන් විසින් ලෝභ ද්වේෂ, මෝහය, හේතුකොට ගෙන විවිධ අකටයුතුකම් සිදු කර මරණෙන් මත්තේ පේ‍්‍රත ලෝකයේ ඉපදෙන ආකාරයයි.
    ඒ වගේම පේ‍්‍රත ලෝකයේ උපදින බොහෝ පේ‍්‍රතයන් අපමණ දුක්පීඩා විඳිමින් ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන ආකාරය ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙන ගත හැකියි. ඒවා කියවන විට හද කම්පා කරවන සුළුයි. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ.
    පේ‍්‍රතාත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහිදී කරන ලද බලවත් අකුසල කර්ම හේතු කොටගෙනයි. ඇතැම් විට ඉතාමත් බලවත් අකුසල කර්ම සිදු කර මරණින් පසු සමහරු නිරයේ බොහෝ කල් දුක් විඳ එයින් චුතව පේ‍්‍ර‍්‍රත ලොව උපදියි. ඒ වගේම ඇතැම් අකුසල කර්ම හේතුකොට ගෙන සමහරු මිනිසත් බවින් චුතව ඊළඟ භවය පේ‍්‍රතාත්මයක් ලබයි.
    පේ‍්‍රත ලෝකය තුළ තිරිසන් සතුන්ට මෙන් වෙන් වූ වෙනත් ලෝකයක් නැහැ. ඔවුහු අරණ්‍ය, පර්වත, හිස් ගොඩනැගිලි තමා ජීවත් වූ නිවාසවල ආදී අහුමුලුවල පවා උපදිනවා. පේ‍්‍රතයන්ට උපදින්නට නිශ්චිත තැනක් හෝ ස්ථානයක් ද නැහැ.
    අභිජ්ජමාන පේ‍්‍රත වස්තුවේ තිබෙන කථාවල සඳහන් වන පේ‍්‍රතයෝ ආහාර සොයා යොදුන් ගණන් යන බව සඳහන් වෙයි. එයින් පැහැදිලි වන්නේ ඔවුන් එකම ස්ථානයක නොසිටින බවයි. ඇතැම් පේ‍්‍රතයෝ තමා ජීවත්ව සිටියදී සිටි නිවාස්ථාන අසළට ගොස් තම ඥාතීන් දන් දී පින් අනුමෝදන් කරතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් තම නිවසේ දොරමුළුවල, බිත්ති මුළු, කවුලුවල හෝ කලුවර ස්ථානවල සිටින බවද සඳහන් වෙනවා. ඒ වගේම සතරමං හන්දිවල තුන්මං හන්දිවල ජීවත් වෙනවා. මෙයින් අපට පැහැදිලියි පේ‍්‍රතයන්ට ස්ථිර ස්ථානයක් නොමැති බව.
    සාමාන්‍ය අපට පියවි ඇසින් මේ පේ‍්‍රතයන් දැකගත නොහැකියි. නමුත් පේ‍්‍රතවත්ථුවෙහි සඳහන් වන පරිදි ඔවුන් ගේ ස්වරූපය පොදු ලක්ෂණ වලින් යුක්තයි. බොහෝ විට ඔවුහු නිරුවත්, විරූපි, කෙට්ටු, නහරවැල් ඉලිප්පී තිබෙන පිරිසක් ය. ඉතාමත් දුර්වර්ණ යි. සමහර පේ‍්‍රතයන්ගේ සිරුරෙන් අධික දුගඳක් හමයි. සමහර පේ‍්‍රතයෝ සිරුර ඇට සම් නහර සහිත ඇටසැකිල්ලක් පමණයි.
    මේ පේ‍්‍රත ලෝකයේ ඉපදෙන්නන්ට මුහුණ පාන්නට තිබෙන ප්‍රධාන ගැටලුව නම් පිපාසය හා බඩගින්නයි. ඔවුන් ඉඳුල් බත්, වැමෑරූ බත්, ගැබ්බල, සෙම්, සොටු, සැරව, මිනිස් සිරුරෙන් පිටවන නොයෙක් අපද්‍රව්‍ය ආදිය සොයා යොදුන් ගණන් දුර යනවා. නමුත් ඔවුන්ට රිසි සේ කුස පිරෙන්නට ආහාර නො ලැබේ. අධික පිපාසයෙන් පිරිසුදුව ගලා යන ගංඟාවක් අසල දිය බීමට ගිය විට ඒ සියලු ජලය ලේ බවට හැරෙයි. බීමට කිසිවක් නොමැතිව අනන්ත වූ දුක් විඳිනවා.
    ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, මසුරුකම, බොරුවට දිව්රීම, ගබ්සා කිරීම ආදී පාප කර්ම මිනිස් ලොවදී සිදුකර මරණින් මතු බොහෝ අය පේ‍්‍රත ලෝකයේ උපදින බව සඳහන් වෙනවා.
    ඒ වගේම මසුරුකම, දන් නොදීම, අනුන් දෙන දානයක දී පවා නොසතුටු වීම, අන් අයගේ දානය තමා සතු කර ගැනීම, දන් දෙන අයට පරිභව කිරීම හා දානය දීම වැළැක්වීම ආදී නොයෙක් පාප කර්ම නිසා ද බොහෝ පිරිස් මිනිස් ලෝකයෙන් චුත වෙද්දී පේ‍්‍රත ලෝකයේ උපදින බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළා.
    අපත් සමඟ එකට ජීවත්වෙලා මියගොස් නැවත පේ‍්‍රත ලෝකයේ උපදින අපේ ඤාතීන් තමාට පින් අනුමෝදන් කරාවි යැයි බලාපොරොත්තුවෙන් සිටිනවා. ජීවත්ව සිටින්නන් ආර්ය මහා සංඝරත්නයට දන් පැන් පූජාකර මේ පින අපගේ මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා ඔවුන් සුවපත් වේවා පින් අනුමෝදන් කළ පසු ඒ පින අනුමෝදන් වන පේ‍්‍රතයෝ පී‍්‍රතියට සොම්නසට පත්වන බවත් අපේ නෑයෝ බොහෝ කලක් ජීවත් වෙත්වායි පතන බවද භග්‍යවතුන්වහන්සේ වදාළා. මිනිස් ලොව ජීවත් වූ අපගේ ඥාතීන් මියගිය පසු පේ‍්‍රත ලෝකයේ ඉපදුනි නම් ඔවුන්ට දිය හැක්කේ පින පමණයි. අප දෙන පින අනුමෝදන් වන ඒ පේ‍්‍රතයෝ දිවසැප ලබන අයුරුත් පේ‍්‍රත වස්තුවේ සඳහන් වෙනවා.
    අද සිට අප ඔබට පේ‍්‍රතවස්තුවේ සඳහන් වන පේ‍්‍රත ලෝකයේ තිබෙන දුක් ගැහැට “දුකසේ විඳින කර්ම විපාක’’ නමින් ලිපි පෙළක් ඉදිරිපත් කරනු ලබනවා. තථාගතයන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති කරගෙන මෙම ලිපි කියවා පාපයට බියවන්න. පිනට කැමැති වන්න. නිතර නිතර පින්දහම් කරමින් සිල් රැකගෙන ලැබූ මිනිසත් ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට උත්සාහ කරන්න.
    භාග්‍යවතුන් වහන්සේ වේළුමනාරාමයේදී වැඩ සිටින කාලයේ සූකර මුඛයක් ඇති පේ‍්‍රතයකු අරබයා මේ දේශනාව වදාළා.
    අතීතයේ වැඩසිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ වැඩ විසූ එක් භික්ෂුවක් කයින් සංවර වූවා. එහෙත් වචනයෙන් අසංවර වූවා. තමා සමඟ සිටින පිරිසට අපහාස කරමින් නින්දා කරමින් නපුරු වචන කිව්වා. ඒ භික්ෂුව කලුරිය කර මරණින් පසු නිරයේ ඉපදුනා. බොහෝ කාලයක් නිරයේ දුක් විඳ පසුව නිරයෙන් චුතව ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර අසල පිහිටි ගිජ්ඣකූට පර්වතය පාමුල පේ‍්‍රතයකු ලෙස ඉපදුනා. බොහෝ කුසගින්නේ පිපාසයෙන් පෙළෙන ඒ පේ‍්‍රතයාගේ සිරුර රන්වන් වුවද මුහුණ ඌරෙකුගේ මුහුණට සමාන වුණා.
    ඒ කාලයේ නාරද හිමියන් ඒ ගිජුකුළු පර්වතයේ වැඩ වාසය කළා. උන්වහන්සේ උදෑසන රජගහ නුවරට පිඬුසිඟා වඩින අවස්ථාවේදී මේ සූකර මුඛ පේ‍්‍රතයා දැක ඔහු කළ කර්මය කුමක්දැයි විමසුවා.
    ඔබේ ශරීරය මුළුමනින්ම රන්වන්. දස දිසාවම බබලනවා. ඒ වුණාට ඔබගේ මුඛය ඌරෙකුගේ වගෙයි. ඔබ කලින් ජීවිතයේ දී මොන වගේ කර්මයක්ද කළේ යැයි තෙරුන් විමසන විට පේ‍්‍රතයා මෙසේ පැවසුවා.
    ස්වාමිනි, මම මිනිස් ලොව සිටිද්දී කයින් සංවර වෙලා හිටියා. (කයෙන් සිල් රැක්කා) නමුත් වචනයෙන් අසංවර වෙලයි හිටියේ. (වචනයෙන් සිල් රැක්කේ නැහැ) පින්වත් නාරද ස්වාමින් වහන්ස ඔබට පෙනෙන මේ ලස්සන පැහැපත් ශරීරය ලැබුණේ කයෙන් පින් කිරීම නිසයි.
    පින්වත් ස්වාමින් වහන්ස, දැන් ඔබ වහන්සේ මේ ශරීරය දැක්ක නෙව. මං දැන් කියන්නේ මේකයි. වචනයෙන් පව් විතරක් කරන්න එපා! ඌරු කටක් තියෙන කෙනෙක් වෙන්න නම් එපා
    !
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පට්ට මචන්.. මම සුකර මුඛ ප්‍රේතවත්තුව මුලින්ම ඇහුවේ බෞද්ධයා නාලිකාවේ දිව්‍ය විමාන කියන වැඩසටහනේ, ඒකේ හැමදාම හවසට විමාන වත්තුවෙන් කථාවක් අරන් විස්තර කරලා දේශනාවක් පවත්වනවා.. පුලුවන් අය අහන්න. සිත පිනට නැඹුරුවෙයි.

    මචන් ඔයා මේ කරගත්ත ධර්ම දානමය පින්කමේ ආනිසංසයෙන් ඉක්මනින්ම උතුම් නිර්වානය අවබෝධ කරගත හැකි බුද්ධිමහිමයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නැකැත් රාල;17080965 said:
    පට්ට මචන්.. මම සුකර මුඛ ප්‍රේතවත්තුව මුලින්ම ඇහුවේ බෞද්ධයා නාලිකාවේ දිව්‍ය විමාන කියන වැඩසටහනේ, ඒකේ හැමදාම හවසට විමාන වත්තුවෙන් කථාවක් අරන් විස්තර කරලා දේශනාවක් පවත්වනවා.. පුලුවන් අය අහන්න. සිත පිනට නැඹුරුවෙයි.

    මචන් ඔයා මේ කරගත්ත ධර්ම දානමය පින්කමේ ආනිසංසයෙන් ඉක්මනින්ම උතුම් නිර්වානය අවබෝධ කරගත හැකි බුද්ධිමහිමයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..
    ඔබටත්,,....

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.:confused:

    රත්තරං;17080981 said:
    BOHOMA PIN

    rep15+

    thanks machan
    rep++++++

    You must spread some Reputation around before giving it to siripaala again.:confused:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හැම ප්‍රේතයාටම පින් ගන්න බෑ මචන් පරදත්තූප ප්‍රේතයන්ට විතරයි මන් දන්න විදියට පින් අනුමොදන් වෙන්නේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මරුසිරා;17081019 said:
    බොහොම පින් ..හෙරුවන් සරණයි .

    රේප් +5
    ඔබටත්
    rep++++++
    හැම ප්‍රේතයාටම පින් ගන්න බෑ මචන් පරදත්තූප ප්‍රේතයන්ට විතරයි මන් දන්න විදියට පින් අනුමොදන් වෙන්නේ

    මචන්.. මේක කියවන්නකෝ... මේකේ තවත් තේරුම් කරලා දෙනවා... මම දැම්මේ ටිකක් කෙටියෙන්.... http://buddhistlk.weebly.com/3508353835053530-351735103505-349235353501353935053530.html
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Mama gali gamuwe gnaanda deepa hamuduruwan ge bana ahanna godak kamathi... e hamduruwo lassata oya de bana wala kiyanawa. aththata ma api karana dewal ekka labana aathme nam manushya aathmayak labanawa boru.... :(

    :yes: දැන් ඉදලා හදියන් බන්... මමනම් පැලෙන්න හැදිලා ඉන්නේ... හැමදෙයින්ම......... ඕවා කියවහන් පොඩ්ඩක් හරි හිත ඒ පැත්තට හැරෙනවා.... ඊට පස්සේ ඕවා තව කියවන්න පුළුවන්....

    rep+++++++
     
    • Like
    Reactions: C h o p p e

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mama gali gamuwe gnaanda deepa hamuduruwan ge bana ahanna godak kamathi... e hamduruwo lassata oya de bana wala kiyanawa. aththata ma api karana dewal ekka labana aathme nam manushya aathmayak labanawa boru.... :(
    එහෙම කියන්න එපා චුතිසිත බලවත් වුනොත් දේව ආත්මයක් වුනත් ලබන්න පුලුවන්.. හැබැයි ඉතින් ඉඳලා හිටලවත් පින් අතේ වැඩ කරන්න ඕන..
     
    Feb 28, 2010
    1,145
    26
    0
    නැකැත් රාල;17080965 said:
    පට්ට මචන්.. මම සුකර මුඛ ප්‍රේතවත්තුව මුලින්ම ඇහුවේ බෞද්ධයා නාලිකාවේ දිව්‍ය විමාන කියන වැඩසටහනේ, ඒකේ හැමදාම හවසට විමාන වත්තුවෙන් කථාවක් අරන් විස්තර කරලා දේශනාවක් පවත්වනවා.. පුලුවන් අය අහන්න. සිත පිනට නැඹුරුවෙයි.

    මචන් ඔයා මේ කරගත්ත ධර්ම දානමය පින්කමේ ආනිසංසයෙන් ඉක්මනින්ම උතුම් නිර්වානය අවබෝධ කරගත හැකි බුද්ධිමහිමයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..

    kytda yanne
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නැකැත් රාල;17081080 said:
    එහෙම කියන්න එපා චුතිසිත බලවත් වුනොත් දේව ආත්මයක් වුනත් ලබන්න පුලුවන්.. හැබැයි ඉතින් ඉඳලා හිටලවත් පින් අතේ වැඩ කරන්න ඕන..

    :yes: දැන් ඉදලා හදියන් බන්... මමනම් පැලෙන්න හැදිලා ඉන්නේ... හැමදෙයින්ම......... ඕවා කියවහන් පොඩ්ඩක් හරි හිත ඒ පැත්තට හැරෙනවා.... ඊට පස්සේ ඕවා තව කියවන්න පුළුවන්....

    rep+++++++
    eeka aththa sahoo... mama nam ehema Loku pawu karala na. eeth ithin chuty chuty euwa wenawa ne. ada me Diyunu thaakshanaya ekka idiriyata yana lookaya me dewal pili banda kisima thakeemak na... mamath puluwan tharam hondin innai balanne saho. aththtama thanks me thread ekata. molayak thiyena ekek ta therum aran hadenna hari puluwan. mageth aasawak thiyenawa asarana ayata udawu karanna.. isarahata mama kohomath eeka aniwarryen karnawa... kiuwath wage api marunama geniyanne karapu honda naraka witharai....

    Budu hamuduruwo Niya pidata pas chuttak aran kiwuwalu me pas pinda ha samanai Sugathiyata yana aya.... me mahaaa polawe athi pas pramaanaya samanailu Dugathiyata yana aya.... mata ooka ahala sahenna baya hithuna ban. oluwe wada karnawa nitharama...