නවාතැන හැරයන්නට
අදුර අමතයි මට
වැලලෙන්නට පොලවයට
හයක් යට හතරැස් කොටුවකට
දුවේ නුබ උපන් විට
ලැබුණි සක්විති රජවරම් මට
ලොබ උනේ අතිකාලයට
නුබට හිණිමන් තැනුමට
නුබ කදුළු හෙලනවිට
රිදුනා මගේ කැවුත්තට
පත පොතේ යෙදෙනවිට
වැරුවේ නිදි තනියට
අසුදහසක කැටයමින්
විසිතුරු වටින පෙට්ටියෙන්
සියනමක පාන්ශුකුලයෙන්
චුතව යන්නට මේ පිනෙන්
නම්බුව රකින්නට
හිර කර කුනුගද කුටියකට
ඉල්ලා නොදුන් බත් කට
අද ඇයි කදුළු සට සට
ප්රශස්ති වර්ණනා එමටයි
සුගුණ පින්වත් වදන් බෝමයි
ඇගේ කිතුගොස වපුරවයි
මලේ මම දැයි මට සැකයි
ප්‍රේතයෙක් වී එන්නට
පුළුවන් වෙයිද තාත්තට
මුට්ටි වලලෑමට
කහවණු කට්ටඩිකුට
මන් ගිහින් එන්නයි
අම්ම ගාවට යන්නයි
හිතට තේරුම් යන්නයි
මතු මතු මගේ දූ වෙන්නයි
අදුර අමතයි මට
වැලලෙන්නට පොලවයට
හයක් යට හතරැස් කොටුවකට
දුවේ නුබ උපන් විට
ලැබුණි සක්විති රජවරම් මට
ලොබ උනේ අතිකාලයට
නුබට හිණිමන් තැනුමට
නුබ කදුළු හෙලනවිට
රිදුනා මගේ කැවුත්තට
පත පොතේ යෙදෙනවිට
වැරුවේ නිදි තනියට
අසුදහසක කැටයමින්
විසිතුරු වටින පෙට්ටියෙන්
සියනමක පාන්ශුකුලයෙන්
චුතව යන්නට මේ පිනෙන්
නම්බුව රකින්නට
හිර කර කුනුගද කුටියකට
ඉල්ලා නොදුන් බත් කට
අද ඇයි කදුළු සට සට
ප්රශස්ති වර්ණනා එමටයි
සුගුණ පින්වත් වදන් බෝමයි
ඇගේ කිතුගොස වපුරවයි
මලේ මම දැයි මට සැකයි
ප්‍රේතයෙක් වී එන්නට
පුළුවන් වෙයිද තාත්තට
මුට්ටි වලලෑමට
කහවණු කට්ටඩිකුට
මන් ගිහින් එන්නයි
අම්ම ගාවට යන්නයි
හිතට තේරුම් යන්නයි
මතු මතු මගේ දූ වෙන්නයි
Last edited:


