WoodWorking With ජොනී බට්ට -- Drilling A to Z
Power tools (ඩ්‍රිල්, ජිග් සෝ, ඇන්ගල් ග්‍රයින්ඩර්) ගැන සම්පුර්ණ A-Z කියල දුන්නොත් හොදයි කියල හිතුන 
ඒ හින්ද අද මන් උබලව ඩ්‍රිල් එක්ස්පර්ට් කෙනෙක් කරන්නයි යන්නේ

ඉස්සෙර්ලම කියන්න ඕනේ ප්‍රධාන වශයෙන් ඩ්‍රිල් වර්ග තුනක් තියනව.
1) Corded Drills (කොඩඩ් ඩ්‍රිල්)
වයර් එක ප්ලග් එකට ගහල බාවිතා කරන ඩ්‍රිල්.
2) Cordless Drills (කෝඩ්ලස් ඩ්‍රිල්)
වයර් නැත, බැටරි බලයෙන් ක්‍රියාත්මක වේ.
3) Pneumatic Drills (නියුමැටික් ඩ්‍රිල්)
වයර් නැත, බැටරි නැත, එහෙනම් අතින්ද කරකවන්නේ?
නෑ නෑ, මේව වැඩ කරන්නෙ සම්පීඩනය කරන ලද හුලන් (compressed air) බලයෙන්
සාමාන්‍ය එලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක කොටස් හදුනා ගමු.
(1) -- Keyless Chuck (කීලස් චක්)
(2) -- Keyed Chuck (කීඩ් චක්)
(3) -- Switch (ස්විචය)
මීට අමතරව ඩ්‍රිල් වල තියනව හැම(ර්) on/off ස්විචයක්, කැරකෙන පැත්ත මාරු කරන ස්විචයක්, ස්පීඩ් එක මාරුකරන ස්විචයක් සහ ස්විච් ලොක් එකක්. මේ දේවල් ඩ්‍රිල් එකෙන් ඩ්‍රිල් එකට වෙනස් වෙනවා. ඒ නිසා අපි ඕනෑම ඩ්‍රිල් එකක තියන දේවල් ගැන කතා කරමු.
ඩ්‍රිල් එකේ චක් එක කියන්නේ අපි ඩ්‍රිල් බිට් එකක් දාල හිර කරන කෑල්ලට. අපි බලමු දැන් මේ චක් වර්ග මොනාද කියල.
Keyed Chuck (කීඩ් චක්)
මේ ජාතියේ චක් තමයි ලංකාවේ අපිටනම් වැඩියෙන්ම දැකගන්න ලැබෙන්නේ. කීඩ් චක් එකකට "චක් කී" එකක් තියනවා (යතුරක්). මේ යතුර උපයෝගී කරගෙන තමයි අපි මේ චක් එකේ කට අරින්නේ සහ ඩ්‍රිල් බිට් එකක් දාල ලොක් කරන්නෙත්.
මේ පල්ලහ තියන පින්තුරේ තියනව චක් කී එකක් (චක් එකේ යතුර).
මේ පල්ලෙහ පින්තුර වලින් පැහැදිලි වෙනව අපි කොහොමද මේ යතුරෙන් චක් එක අරින්නේ සහ වහන්නේ කියල.
Keyless Chuck (කීලස් චක්)
කීලස් චක් එකක් යනු යතුරක් නැති චක් එකක්. මේවා අරින්නේ සහ වහන්නේ අපේ අත පාවිච්චි කරලා. කීලස් චක් වර්ග 3ක් තියනව.
1. Double-sleeve keyless chuck (කෑලි දෙකේ කීලස් චක්) -- මේක අරින්න අපිට අත් දෙකම පාවිච්චි කරන්න ඕන. එක අතකින් චක් එකේ යට කොටස අල්ලගෙන අනිත් අතින් උඩ කොටස කරකවල චක් එක අරින්න වහන්න පුළුවන්. පල්ලහ පින්තුරෙන් වැඩේ පැහැදිලි කරල තියනවා.
2. Single-sleeve keyless chuck -- මේකේ කෑලි දෙකක් නැ, single sleeve එකක්, ඉංග්‍රීසියෙන් කිව්වොත් එක කෑල්ලයි තියෙන්නේ
. මේක අපිට පහසුවෙන්ම තනි අතින් අරින්නත් වහන්නත් පුළුවන්. පහල පින්තුරයෙන් ඒ ගැන පැහැදිලි කරල තියනව.
3. SDS (Special Direct System) chuck -- මේ වර්ගය ගොඩක් බාවිත වෙන්නෙ rotary hammer ඩ්‍රිල් වලට (හැම(ර්) ඩ්‍රිල් ගැන ඉස්සරහට කියල දෙන්නම්). මේවට සාමාන්‍ය ඩ්‍රිල් බිට් පාවිච්චි කරන්නත් බැ, මේවටම විශේෂ වූ ඩ්‍රිල් කටු වර්ගයක් එනව. චක් එකේ උඩ කොටස පල්ලහට ඇදීමෙන් චක් එක ඇර ගන්න පුළුවන්. පහල පින්තුරයෙන් ඒ ගැන පැහැදිලි කරල තියනව.
අපේ ඩ්‍රිල් එකේ තියෙන්නෙ යතුරක් සහිත චක් එකක්නම්, අපිට කීලස් චක් එකකට මාරු වෙන්න ඕනෙනම්, ලේසියෙන්ම පරණ චක් එක ගලෝල අලුත් එකක් දම්මහැකි. ඩ්‍රිල් චක් එකේ සයිස් එක අනුව අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රිල් කටු සයිස් එකත් වෙනස් වෙනව.
සාමාන්යෙන් අපිට අගල් 1/4, 3/8, 1/2 සයිස් වලින් ඩ්‍රිල් චක් මිලදී ගන්න පුළුවන්. අගල් කාලෙ චක් එකකට අපිට බාවිතා කරන්න පුළුවන් ලොකුම ඩ්‍රිල් කටු සයිස් එක අගල් කාල. අගල් බාගෙ චක් එකකට අගල් බාගෙ කටුව. තේරුණා නේ?
දැන් අපි බලමු සාමාන්‍ය එලෙක්ට්‍රික් ඩ්‍රිල් එක හැර අනිකුත් ඩ්‍රිල් වර්ග මොනවද කියල
Hammer Drill (හැම(ර්) ඩ්‍රිල්)
පෙනුමෙන් සාමාන්‍ය ඩ්‍රිල් එකකට සමානයි. මේවා බාවිතා කරන්නේ බිත්ති විදින්න කොන්ක්‍රීට් විදින්න වගේ වැඩ වලට. hammer එකක් කියන්නේ මිටියකටනෙ, මේ ජාතියේ ඩ්‍රිල් වලින් වෙන්නේ මිටියකට සමාන දෙයක්. මේකට අපි කියනවා hammer action (හැම(ර්) ඇක්ෂන්) එක කියල. මේකෙදි වෙන්නේ චක් එක කැරකෙන ගමන් චක් එක ඉස්සරහට පස්සට යන එක. ඉතින් අපි මේකෙන් බිත්තියක් විදිනකොට ඩ්‍රිල් කටුව හයියෙන් කැරකෙන ගමන් බිත්තියට මිටියක් වගේ හයියෙන් වදිනව. එතකොට ඉතාමත් වේගෙන් අපිට බිත්තියක් කොන්ක්‍රීට් එකක් විදගෙන යන්න පුළුවන්.
සරලව කිව්වොත් අපි කටුවකුයි මිටියකුයි ගමු, කටුව එක විදිහකට තියාගෙන මිටියෙන් ගැහුවොත් බිත්තිය හිල් වෙනවද? ඔව් හැබැයි සැහෙන වෙලා යනව වගේම සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. කටුව අපි බිත්තියට තද කරන් කැරකුවොත් බිත්තිය හිල් වෙනවද? ඔව් හැබැයි සැහෙන වෙලා යනව වගේම සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. එත් අපි කටුව කරකවන ගමන් මිටියෙන් ගැහුවොත්? ඉක්මනට බිත්තිය කඩා ගන්න පුළුවන් නේද? අන්න ඒ විදිහටම තමයි හැම(ර්) ඩ්‍රිල් එකක් වැඩ කරන්නෙත්.
ගොඩක් ඩ්‍රිල් වල මේ හැම(ර්) ඇක්ෂන් එක තියනව. hammer action එක on/off කරන්න වෙනම ස්විචයක් එනව. අපි බිත්තියක් විදිනවනම් ඒක on කරන්නත්, ලීයක් විදිනවනම් off කරන්නත් අපිට පුළුවන්.
Rotary Hammer Drill (රොටරි හැම(ර්) ඩ්‍රිල්)
හැම(ර්) ඩ්‍රිල් එකක්ම තමයි හැබැයි මේක ක්‍රියා කරන විදිහ වෙනස්. සාමාන්‍ය hammer drill එකක hammer action එක සහ කැරකෙන සිස්ටම් එක එකක්.
රොටරි හැම(ර්) එකක hammer action එක සහ කැරකෙන සිස්ටම් එක දෙකක් . එම නිසා අපිට hammer action එක වෙනම පාවිච්චි කරන්න පුළුවන්. කොන්ක්‍රීට් තට්ටුවක් චිප් කරන්න කළු ගලක් චිප් කරන්න (කුඩා කෑලි වලට කඩාගන්න) අවශ්‍යනම් hammer එක විතරක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය හැම(ර්) drill එකකට වැඩ ගොඩක් වැඩ කරන්න පුළුවන් මේකට. මේක වැඩ කරන්නේ ලොකු බලයකින් නිසා තමයි මම අර ඉස්සරලා කියල දීපු SDS චක් පාවිච්චි කරන්නේ. SDS චක් හදල තියෙන්නේ ඔය වගේ බරපතල වැඩ වලට ඔරොත්තු දෙන්න. ඒවගේම මේවට ඔරොත්තු දෙන්න SDS ඩ්‍රිල් කටුත් වෙනම තියනව.
hammer drill සහ rotary hammer drill වල වෙනස හරියටම කිව්වොත්:
hammer drill එකක hammer action එක ක්‍රියාත්මක වෙන්නේ කැරකෙන cam plate වලින්. rotary hammer drill එකක hammer action එක ක්‍රියාත්මක වෙන්නෙ piston එකකින්.
මේ drill වර්ග ගොඩක් කොඩඩ්, කෝඩ්ලස් සහ නියුමැටික් කියන ජාති තුනෙන්ම ගන්න තියනව.
pneumatic drill වැඩ කරන්නේ හුලං වලින් කියල මම මුලදීම කිව්වනේ. නියුමැටික් ඩ්‍රිල් එකක් අවශ්‍යනම් අනිවාර්යෙන් air compressor එකකුත් ඕන වෙනව.
මේ තියෙන්නේ air compressor එකක්.
ඔය පල්ලහ තියන පොඩි video කෑලි දෙක බැලුවනම් තේරෙයි:
තව තියනව bench drill press (බෙන්ච් ඩ්‍රිල් ප්‍රෙස්) කියල එකක්.
මේව තියෙන්නේ ඉතින් ගානට මිම්මට හිලක් විදගන්න වගේ වැඩ වලට. මේකෙන් තිතට කෙලින් ඩ්‍රිල් කරන එක ගොඩක් ලේසියි. පින්තුරේ දැක්කහම තේරෙනවනේ.
අවසාන වශයෙන් drill bit (ඩ්‍රිල් කටු) ගැන කතා කරමු.
1) ඕනෑම දෙයක් drill කිරීමට බාවිතා කර හැක (කොන්ක්‍රීට් හැර), ලී/යකඩ/ප්ලාස්ටික් සදහා. වඩු වැඩ වලට හොදට ගැලපෙනව. ගන්නකොට high speed drill bit එකක්ම ගන්න. වඩු වැඩ වලදී ගොඩක් අවශ්‍ය වෙන්නේ නුල සහ නූල් දෙක සයිස් ඩ්‍රිල් බිට්. නුල නොර්මල් ඩ්‍රිල් බිට් එකක් රුපියල් 25ක් 30ක් වෙන්නේ. high speed එකක් රුපියල් 100ක් 120ක් වෙනව. නූල් දෙක high speed 150ක් වගේ වෙනව. high speed ඩ්‍රිල් කටු නොර්මල් එකකට වඩා ශක්තිමත්. ගොඩ කාලයක් පාවිච්චි කෙරුවකි. නොර්මල් ඩ්‍රිල් කටුවක් පොඩ්ඩ බැරි වෙද්දී කැඩෙනවා.
2) වඩු වැඩ වලටම හදපු කටු.
3) කොන්ක්‍රීට් ඩ්‍රිල් කටු -- හැම(ර්) drill වලට දාන්නෙ මේව. අග හයියට හදල තියෙන්නේ හැම(ර්) ඇක්ෂන් එකේදී ඔරොත්තු දෙන්න.
4) ලී වල ලොකු හිල් හදන්න.
5) screwdriver බිට් එකක් ඩ්‍රිල් එකට හයි කරලා අපිට පුළුවන් ඉස්කුරුප්පු ඇන ගලවන්න හා හයිකරන්න.
6) 4 වෙනියට තියන බිට් එකට වඩා ලොකු හිල් කපන්න පුළුවන් මේකෙන්.
තව මේ තියෙන්නෙ SDS bit සෙට් එකක්.
අම්මියෝ.... දැන්නම් ඇති වගේ තව බිට් ජාති 20ක් 30ක් තියනව. ඒවා පසුවට, මොකද එව ඉතින් අවශ්‍ය වෙන්නේ නැ ගොඩ වෙලාවට. ඩ්‍රිල් ගැන සැහෙන්න දේවල් දැනගන්න ඇති කියල හිතනව
අපැහැදිලි තැන්, මට අමතක වෙච්ච එහෙම තියනවනම් කියන්න. ප්‍රශ්න තියනවනම් අහන්න.