ඔබටත් සීනි අමාරුවද?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඔබටත් සීනි අමාරුවද?

ඔබටත් සීනි අමාරුවද?......ඉතින් මොකද කරන්නේ.????

diabetes_symptoms.jpg



දියවැඩියාව කියලා කට වහරේ එන මධුමේහය කියන්නේ අපි කාටත් මේ කාලයේ නිතර නිතර අහන්න ලැබෙන රෝග තත්වයක්.ආයුර්වේදයේ හැටියට මධුමේහය අයිති වෙන්නේ ප්‍රමේහ කියන රෝග වර්ගය යටතට.

"ප්‍රකර්ෂේණ ප්‍රභූතං ප්‍රචූරං වාරං වාරං වා මේහති මුත්‍රාභ්‍යං කරෝති"

වැඩියෙන් හෝ වරින්වර මුත්‍ර පහකරන රෝග අවස්ථා තමයි ප්‍රමේහ රෝග කියලා හඳුන්වන්නේ.ඒ අතරිනුත් සුව කිරීමට අපහසු රෝගයක් හැටියට තමයි ආයුර්වේදයෙත් මධුමේහය ගැන තොරතුරු දක්වලා තියෙන්නෙ.ඒ විතරක්ද .සියළුම ප්‍රමේහ රෝග කාලය හා නොසලකා හැරීම මත මධුමේහය බවට පත්වෙන්න පුලුවන් කියලයි ආයුර්වේදයේ දැක්වෙන්නේ.මේ තත්වයම සමහර ආයුර්වේද ග්‍රන්ථ වල ක්ෂෞද්‍ර මේහය කියලත් හඳුන්වන අවස්ථා තියෙනවා. ඒ මධුමේහය මී පැණි වගේ, ඒ කිව්වේ මධුර ගුණයෙන් වැඩි මුත්‍රා පිටකරවන රෝග තත්වයක් නිසා.


මධුමේහ රෝගීන් අපට පැහැදිලිව ම කොටස් දෙකක් හඳුනා ගන්න පුලුවන්.

1. ස්‌ථුල බලවත් පුද්ගලයන්

2.කෘෂ, දුබල පුද්ගලයන්

රෝගය ඇති වෙන්න ප්‍රධානම හේතු දෙකක් බලපානවා.

එකක් තමයි අපේ ආහාර රටාව සහ දිවි පැවත්මේ තියෙන අඩු ලුහුඬුකම් .අනිත් කාරණාව තමන්ගේ පරම්පරාවේ මධුමේහ රෝගීන් සිටීම නිසා එම රෝගය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම.

පරම්පරගතව මධුමේහ රෝගයට ගොදුරු වුණ අයගේ ස්වභාවය බැළුවම වැඩි දෙනෙක් කෘෂයි .රළු ශරීර දරන අය.ආහාර රුචිය බොහෝ විට අඩුයි.නිතරම පිපාසාවෙන් ඉන්නේ.බැලු බැල්මට හරිම නොසන්සුන් .

කෑමෙන් බීමෙන් ,දිවි පැවැත්මේ දොස් වලින් රෝගයට ගොදුරු වුණ අය ආහාරවලට බොහොම ගිජු බව බැලු බැල්මටම පේනවා.ශරීර බොහොම මට සිළුටුයි.වැඩියෙන් කය වෙහෙසන්න එහෙම කැමැත්තක් නැහැ.පහසුවෙන් ආහාරයෙන් වත් සැප පහසුකම් වලින්වත් සැහීමකට පත් වෙන්නේ නැහැ.

නිතර නිතර ශීත/සිනිඳු/මිහිරි ආහාර පාන, කෘත්‍රිම/ක්‍ෂණික ආහාර වර්ග,දීකිරි/එළකිරි, හකුරු/සීනි/පැණි යෙදූ ආහාර වැඩියෙන් ගැනීම ,අසම්පූර්ණව වරින්වර ආහාර ගැනීම, දවල් නිදීම, ව්‍යායාම නොකිරීම, අලසකමින් කල්ගෙවීම කියන කාරණා ඔබටත් අදාල නම් ප්‍රවේශම් වීම නුවණට හුරුයි.

රෝගාරම්භයේදි පහත ලක්ෂණ මතුවෙන්න පුළුවන්.

*නිතර පිපාසය ඇති වීම
*දත්වල මැලියම් ,නාසයේ කබ ,කඳුළු,සෙම් පදාර්ථ වැඩි බව
*දිවට නිතර පැණිරස ස්වභාවයක් දැනීම
*කන් වල කලාඳුරු ලෙස හඳුන්වන මල කොටස් වැඩි වීම
*ශරීරය ඇලෙන සුළු ගතියෙන් යුක්ත වීම
*වරින්වර වැඩි වැඩියෙන් මුත්‍රා පිට වීම
*අත් පා දැවිල්ල
*තමන්ගේ ශරීරය තමාටම දුගඳ බව දැනීම

මේ අතරින් ප්‍රධානම ලක්ෂණය තමා වරින්වර වැඩි වැඩියෙන් මුත්‍රා පිට වීම.ගොඩක් වෙලාවට මෙහෙම පිටවෙන මුත්‍රා බොරපාටයි.පැසුනු පලතුරු සුවඳක් වහනය වෙනවා.ඇසිටෝන් ගන්ධය කියලයි ඒක රසායනිකව හඳුනා ගන්නේ.

ඒ වාගෙම අත් පා හිරිය,මස්‌පිඬු වේදනාව, සුව වීම ප්‍රමාද තුවාල, අධික තරබාරු බව හෝ ඉතාම කෙට්ටු ස්වභාවය,කැස්ස සහ සෙම සහිත බව කාලයක් පැවතීම,ශරීරයේ මොනයම් හෝ තැනක පවතින දැවිලි ස්වභාවය, විවිධ දන්ත හා මුඛ රෝග පිලිබඳ ඉතිහාසය වාගේ ලක්ෂණත් කල්යාමේදී හඳුනා ගන්න පුළුවන්.

සැකයක් තියෙනවා නම් හිත හිතා ඉන්න උවමනාවක් නැහැ.ඉතා පහසුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමෙන් අපට වෛද්‍ය උපදෙස් කරා යොමුවෙන්න පුලුවන්.

රෝග තත්වය ස්ථිරවම හඳුනා ගත්තා කියමු.එතකොට ප්‍රථිකාර කරන්නේ කොහොමද?කල් ගත වෙනවද?නිට්ටාවටම සුව කරන්න පුලුවන්ද?ඊළඟට හිතට නැගෙන්නේ ඔහොම ප්‍රශ්ණ ටිකක්.

වෙනත් රෝග වගේ නෙවෙයි.දිය වැඩියාව එහෙම නැත්නම් මධුමේහයේදී බෙහෙත විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.ඖෂධමය ප්‍රතිකාර ,ආහාර පාන වගේම නිවැරදි විහරණ කියන කාරණා තුනම නිවැරදිව පවත්වාගෙන යන්න ඕන. මොකද තවමත් මේ රෝගය නිට්ටාවටම සුව කරන්න පුළුවන් ක්‍රමයක් සොයාගෙන නැති නිසා සහ,නිවැරදිව ආහාර,විහරණ සහ ඖෂධ භාවිතාවෙන් සාමන්‍ය පුද්ගලයෙක් වගෙම වැඩකටයුතු කරගෙන යාමේ හැකියාව ලබාගනන් පුළුවන් නිසා.

වැඩි දෙනෙක් අහන දෙයක් තමයි දියවැඩියාවෙදි කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්නේ කොහොමද කියන එක.

මුං ඇට, හැටදා හැල් වගේ රළු හාල් වර්ගවලින් හැදූ ආහාර, තල ,අබ, දිවුල් ,මාදම්,
කුරක්‌කන් ආහාර වර්ග, කැඳ වර්ග , කරවිල, කෙසෙල්මුව, පතෝල, ඇඹරැල්ලා, රතු ළුණු, සුදු ළුණු, නෝකෝල්, හතු, වැටකොළු, බෝංචි, කොහිල අල, කැකිරි, එළබටු වගේ ආහාර වලින් රෝගයට අයහපත් බලපැමක් වෙන්නේ නැහැ.

හැබැයි පොළොස්‌, කොස්‌, වට්‌ටක්‌කා, කැරට්‌, බීට්‌රූට්‌, මෑකරල්, අර්තාපල්, කිරි අල, ඉන්නල, අළු කෙසෙල්, බතල වගේ පිටි සහිත ආහාර නම් පරිස්සමකින් යුතුව ගන්න ඕන.

ඒ වගේම ආහාරයට දුරු වර්ග වැඩියෙන් එකතු කර ගැනීම,බත් වේල් වලදී බත් ප්‍රමාණය අඩුවෙන් සහ ව්‍යංජන වැඩියෙන් ගැනීම,දළු කොටස් වැඩියෙන් යෙදූ පලා මැල්ලුම් ලෙස ආහාරයට එක් කර ගැනීම ඉතා හොඳයි.

ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වගේ ව්‍යායාම ,පිරිසිදු කම,පාද වල තුවාල පවතිනවා නම් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වීම,පෙනීම පිලිබඳ ගැටලුකාරි තත්වයක් තියෙනවා නම් ඇස්‌ පරීක්‍ෂා කරවා ගැනීම හොඳයි.ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ගැනත් අවධානයෙන් ඉන්න ඕන.

දහවලට නිදා ගැනීම ,අලස කමින් ඔහේ කාලය ගත කිරීම නම් සුදුසුම නැහැ.


ධනුෂ්කා නිෂාදි කුලරත්න​


------------------------------------------------------

අපේ crazyasa සහෝදරයාත් තවත් වැදගත් විස්තර ගොඩක් එක්ක (කියවනකොට ටිකක් බයත් හිතෙනවා) දියවැඩියාව ගැන ත්‍රෙඩ් එකක් දාල තියෙනව මීට කලින්. ඒකත් බලන්න අමතක කරන්න එපා.

http://www.elakiri.com/forum/showthread.php?p=17108695

එළකිරියන් හැමෝම ලෙඩ නැතිව, නිරෝගීව ඉමු.
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බොහොම ස්තුතියි එළකිරියන් හැමෝටම. හැමදේනාටම නිරෝගිමත් ජීවිතයක්ම වේවා.